IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වූහාන් නුවරුන්ගේ ළසෝව

'නිහඬ නුවරක හුදකලාවක' ලිපියේ දෙවන කොටස...


ජනවාරි 26 - අපි අපේ ම හඬට සවන් දෙමින්

වූහාන් නගරයේ විතරක් නෙමෙයි මිනිස්සු අතරත් කතාබහ නතරවෙලා.

වයිරසය නිසා නගරයේ සංචාරය කරන්නෙපා කියලා රජය දැනුම්දුන් පළවෙනි දවසෙදි මට සමාජ මාධ්‍යවලට කිසිවක් ලියාගන්න බැරිවුණා. ඒවෙද්දි අන්තර්ජාල වාරණය කරලයි තිබුණේ. අඩුම තරමේ ‘වීචැට්’ වලින්වත් මට මගේ අදහසක් පළකරන්න බැරිවුණා.  චීනය අන්තර්ජාල වාරණය පටන් අරන් ගොඩක් කල්. ඒත් මේ මොහාතෙදි ඒ දේ දැනුණෙ බොහොම නපුරු දෙයක් හැටියටයි.

මනුස්සයෙක්ගේ මුළු ජීවිතය ම උඩු යටිකුරු වුණාම, ආයෙමත් ඒක සාමාන්‍ය මට්ටමට රැගෙන එන එක අභියෝගයක්. මම හැම උදෑසනකම අමතක නොකර ශාරීරික අභ්‍යාසවල යෙදුණු බව ඇත්ත. ඒත් මගෙ හිතේ තිබුණෙ ඒක නෙමෙයි, නොපැහැදිලි සංකීර්ණ අදහස් ගොඩක් විතරයි.

මම අදත් පාරට බැහැලා ටිකක් එහා මෙහා ඇවිදින්න හිතුවා. එහෙම යද්දි පාර දිගට හමුවෙන මිනිස්සු එකින් එක ගණන් කරන්න පටන්ගත්තා. නිවාස සංකීර්ණයේ ඉඳන් නූඩ්ල්ස් වෙළඳසැල වෙනකම් මීටර් 500ක් දුරකට මට මුණගැහුනෙ 8දෙනායි.

ආයිමත් නිවාස සංකීර්ණයට යන්න හිතන්නවත් මට ඕනෙ වුණේ නැහැ. මං ආස කළේ එළියට බැහැලා තවදුරටත් මේ ගැන හොයාබලන්නයි. මම වූහාන්වලට ඇවිත් තවම මාස දෙකයි. ඒනිසා මේ නගරයේ ගොඩක් යාලුවො මට හිටියෙ නැහැ. මම තවම නගරය ගැනවත් හරියට දන්නෙ නැහැ.

අද මිනිස්සු 100දෙනෙක් විතර මගේ අවට ඉන්නවා මම දැක්කා. මම මීට වඩා මාව  සවිමත් කරගන්න ඕනේ කියලා මම දන්නවා. සියලු විලංගු බිඳින්න ඕනෙ.

වයිසරයෙන් මිදිලා නගරය පණගැහෙනකම් හැමෝම බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා. මින් ඉදිරි කාලෙකදි මට පුලුවන්වේවි යහලුවන් මුණගැහිලා ටිකක් කතා කර කර ඉන්න.

රෑ 8.00ට විතර මිනිස්සු නිවෙස්වල කවුළුවලින් පිටතට හයියෙන් කෑගහනවා මට ඇහුණා.

‘වූහාන්- ඉදිරියටම යමු!’

‘වූහාන්- ඉදිරියටම යමු!’

ඒ වචන මන්තරයක් වාගේ පටන් අරගෙන, ලොකු හඬක් බවට පත්වෙමින් හැමපැත්තෙන් ම ඇහෙන්න ගත්තා. ඒ වෙනකොටත් මිනිසුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනංවන්න ඒ වචන ලොකු දෙයක් කරමින් හිටියා.

ජනවාරි 28- අන්තිමේදී හිරුකිරණක්

වයිරසය නිසා ඇති වුණු කලබලය මිනිස්සු අතර කූඤ්ඤක් ගැහුවා වගේ හරහට හිටලයි තිබුණේ.

නගර ගණනාවක මිනිස්සු හිටියේ මුඛ ආවරණ පැළඳගෙන. ඔවුන්ට එහෙම ඉන්නයි උපදෙස් දී තිබුණේ.

ආවරණ පළඳින්නේ නැතිව පොදු ප්‍රවාහන සේවාවල ගිය මිනිස්සු කිහිපදෙනෙක්ව ම ඒවායින් එළියට ඇදලා දාලා ලු. මම දන්නෙ නැහැ ඇයි ඔවුන් ආවරණ පළඳින්නෙ නැතුව එහෙම ගියේ කියලා.  සමහරවිට ඒ අයට මිලදීගන්න බැරිවෙන්නැති. නැතිනම් ඒ අය ආවරණ නැතිව නොයායුතුයි කියලා තියෙන දැන්වීම් ගැන දන්නෙ නැතුව ඇති. ඒ කොහොම වුණත් අවම වශයෙන් බාහිර ලෝකයේ සැරිසරන්න  ඔවුන්ට තියෙන අයිතිය අහිමි වෙලා නැහැ.

සමහර මිනිස්සු තමන් හිටපු නිවාසවල දොරගුළුවලට මුද්‍රා තියලා. ඔවුන් ම කැමැත්තෙන් එක්තරා නිරෝධායන කාලයක් ගතකරමින් හිටියා.

හුබෙයි ප්‍රාන්තයේ මිනිසුන්ව ඔවුන්ගේ නිවාසවලින් පිටතට එලවලා. යන්න තැනක් නැතිව ඔවුන් අසරණව බලාහිටියා. ඇතැම් අය හුබෙයිවලින් ආව ඒ පිරිසට නවාතැන් පහසුකම් දෙන්න තරම් පරිත්‍යාගශීලී වුණා.

චීනවැසියන්ව නිවාසවල රඳවගන්න තරම් මානසිකත්වය ගොඩනංවන්න ආණ්ඩුවට අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් ඇතිතරම් ක්‍රම තිබුණා. ඔවුන්ට පුලුවන් හැම පුරවැසියෙකුට ම මුඛ ආවරණය බැගින් දෙන්න. අඩු තරමින් නිවාසවලට ම වෙලා ඉන්න මිනිසුන්ට යම් කිසි දිරි දීමනාවක් කරන්නවත්.

දවස් ගාණකට පස්සෙ අන්තිමේදී හිරු කිරණ වැටෙන්න ගත්තෙ, මගෙ හිතේ තියෙන දේවල් එළියට ගලන්නා වගේ. මං හිටපු නිවාස සංකීර්ණයේ මිනිස්සු බොහෝදෙනෙක් රැඳී ඉන්නවා මම දැක්කා. සමාජ සේවකයො කිහිපදෙනෙකුත්. ඔවුන් අනේවාසික මිනිසුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරමින් හිටියේ.

මුළු නගරය ම තිබුණෙ දැඩි බරකින් හෙම්බත් වෙලා. නගරයක් මේ වගේ තත්වයක තියෙද්දි, මිනිසුන් අතර බැඳීම්, විශ්වාසය ගොඩනංවන එක අමාරු දෙයක්.

මේ දේවල් පත්තියං වෙලා ම,  මම හිටියෙ හැමදෙයක් ගැනම සැලකිල්ලෙන්. ජීවිතේ ආරක්ෂාකරගන්න එක ගැන මගේ කාංසාව හෙමින් හෙමින් අතුරුදන් වෙමින් තිබුණා.

වූහාන්වල ඉන්න මිනිස්සු එක්ක මම බැඳීම් ගොඩනගාන්නෙ නැතිව නගරයේ ඇවිදින එක කිසිම තේරුමක් නැති දෙයක්. සමාජයේ කොටස්කරුවෙක් වීම හරිම වැදගත්. හැම කෙනෙක්ම සමාජය ඇතුළෙ තමන්ට හිමි භූමිකාව හොයාගන්න ඕනෙ. ඒවගේම තවත් කෙනෙකුගේ ජීවිතය අරුත්බර කරන්න උත්සාහගන්න ඕනෙ.

මේ හුදකලා වූහාන් නගරයේ, මමත් මගේ භූමිකාව හොයාගෙන යන්න ඕනෙ.

මතු සම්බන්ධයි

ඩිල්ෂානි චතුරිකා දාබරේ

 

 

(ලිපියේ පළමු කොටස සඳහානිහඬ නුවරක හුදකලාවක වෙත පිවිසෙන්න )

 



අදහස් (4)

වූහාන් නුවරුන්ගේ ළසෝව

ඩී.එන්.සී.එන්.තිලකරත්න Sunday, 09 February 2020 11:28 AM

හරිම කණගාටුදායක සිද්ධියක්... ඇය නොකීවාට ඔවුන්ව අත්හැරදා ඇති බව මට දැනෙනවා. මට මතකයි මොරගහකන්ද ව්‍යාපෘතියේ පස් කන්දකට යටවෙලා චීන ජාතිකයින් පිරිසක් මිය ගියා... චීනයේ ඔවුන්ගේ සිරුරු චීනෙට ගෙන්නාගැනීම ප්‍රතික්ෂේප කළා. ඒ තවදුරටත් ඔවුන්ගෙන් වැඩක් නැති නිසා... පම්පෝරි නැති වුණාට අපි චීනෙට ගිහින් අපේ ළමයින් අරගෙන ආවා. ඇත්තටම මට නම් දැනෙනවා චීනේ මිනිස්සු අසරණ වෙලා කියලා. මරණ ගණන 800ගාණක් නම් මිලියන ගාණක් ජනගහනය ඉන්න අපේ ලංකාව තරම් ලොකු වූහාන් ඇයි වහලා. මේ මිනිස්සුන්ට කන්න තියෙනවද, අතේ සල්ලි තියෙනවද, කඩවල්වල බඩු තියෙනවද, මේ දෙවල්වලට උත්තර හීන් සීරුවෙන් ලෙස්සලා ගිහින්. මට හිතෙන විදියට අපි කවුරුත් ඇත්ත දන්නේ නෑ. මොකද චීනේ කියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් පවා පාලනය කරන රටක්. සමහරු සමාජවාදය ගැන හීන මැව්වට සමාජවාදී පාලනයක ඇත්ත තත්වේ දන්නේ ඒක විඳින මිනිස්සු විතරයි. මොනවා වුණත් දුප්පත් නිර්ධන පංතියේ මිනිස්සුන්ට අන්තිමට ඉතිරි වෙන්නේ කණගාටුවයි, මරණයයි විතරයි.

:       0       111

lankaSunday, 09 February 2020 05:33 PM

හෙලෝ තිලකරත්න. ඔබ දන්නේ නැද්ද ලංකාවේ වැඩකරන චීනුන් ගොඩ දෙනෙක් හිරකරුවන් බව? ඔවුන්ගේ එම රටට සහ සමාජයට වැඩක් නැහැ. නමුත් ලංකාවේ සංවර්ධන යෝජනා ක්‍රමවලට ඔවුන්ව යෙදවීමෙන් චීනයට ඉතාම විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ඔවුන් කිසිවෙක් පරාද නැහැ. දෙගොල්ලන්ම දිනුම්... චීන ආණ්ඩුවත් දිනුම්, සිරකරුවනුත් දිනුම්... පරාදවෙන එකම කොටසයි ඉන්නේ. ඒ කවුද කියා ඔබම තීරණය කරයි කියා මම හිතනවා.

:       45       52

විජිත් Sunday, 09 February 2020 11:35 AM

"අපේ ජිවිතයේ යථාර්තය මෙන්න මේකයි.." කියලා ඇඟිල්ලෙන් ඇන ඇන අනිකාට කියන්න වෙලා තියෙන යුගයක දුකෙන්, පාළුවෙන්, බියෙන්, සන්තාපයෙන් ඒ වගේම තනිකම නමැති ජිවිතයේ තියෙන ලොකුම වේදනාවේ සිහින් කෙඳිරිය ...ටිකෙන් ටික අපේ හදවත්වලට කාන්දු කරන කඳුළු කතාවක්...

:       0       52

jayath Tuesday, 11 February 2020 03:11 AM

මේ පරිවර්තිකාවට මගේ ප්‍රණාමය. ඇය ඉතා විශිෂ්ඨ විදියට ඇයගේ කාර්ය ඉටු කරලා තියනවා. මට මතක් වෙන්නේ සරත්චන්ද්‍රගේ මලවුගේ අවුරුදුදා කෘති ද්විත්වයේ විලාපීය විලාසය

:       163       287

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 5 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 15 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 99 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 11 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1504 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 685 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38581 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25387 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 937 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site