IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විහාර මහා දේවි උයනේ සක්මන් මළුව

 

දහවල් විහාරමහා දේවී උද්‍යානය

.

ශ‍්‍රී ලංකාවේ කාර්ය බහුලම නගරය කුමක්දැයි ඇසුවහොත්  ඕනෑම කෙනකු දෙන පිළිතුර කොළඹ යන්නයි. දිනකට වාහන විශාල ප‍්‍රමාණයක් කොළඹට ඇතුළුවන අතර විවිධ රාජකාරි සඳහා විවිධ ප‍්‍රදේශවල සිට විශාල පිරිසක්ද කොළඹට පැමිණෙති.  

දිවා කාලයේ කොළඹවිත් නැවත රාත‍්‍රී අටට නවයට පමණ කොළඹ ආ කෙනකුට තමන් මේ දවල් පැමිණි කොළඹ නගරය දැයි දෙවරක් සිතෙනු ඇත. ඒ දිවා කාලයේ මෙන් විශාල වාහන තදබදයක් නැතිව, විදුලි බුබුලූවලින් ආලෝකමත් වී,  නිස්කලංකව තිබෙන බැවිනි.

ගෝෂාකාරී හා කලබලකාරී කොළොම්පුරයේ දිවා කාලයේ පවා තරමක් නිවුණු පරිසරයක් ඇති තැන් කිහිපයක් ද නැතුවාම නොවේ. ඉන් එක් ස්ථානයකි කොළඹ පුරහල ඉදිරිපිට පිහිටි විහාර මහා දේවී උද්‍යානය.

රාත‍්‍රී කොළඹ වටා අප යන ගමනේ මුලින් ගොඩ වැදුණේ විහාර මහා දේවි උද්‍යානයටය.

විහාර මහා දේවී උද්‍යානය වට කරගෙන කොළඹ පුරහල, නෙළුම් පොකුණ රඟහල, මහජන පුස්තකාලය පිහිටා ඇත. දිවා කාලයේ පෙම්වතුන්ගේ හා ළමයින්ගෙන් ද, විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් ද ගහන විහාර මහා දේවි උද්‍යානය රාත‍්‍රියට අමුතුම සිරියක් ගෙනෙයි. බැලූ බැලූ අත විදුලි බුබුලූය. ගන

ඇවිදින මාර්ග දහවලට

අන්ධකාරය මකාලන්නට එවා සමත්ව ඇත.

දිවා කාලයේ බංකු උඩ, ගස් යට පෙම්සුව විඳින ජෝඩු රාත‍්‍රියට නැත. දුව පැන ඇවිදිමින් සෙල්ලම් කරන ළමෝ රාත‍්‍රියට නොවෙති. ගන අන්දකාරය මකාලන්නට සමත් විදුලි බුබුලූ නිසාම රාත‍්‍රී කාලයේ දැනෙන පාළුව මූසලකම උද්‍යානයේ නොදැනේ.

දුර බැහැර සිට කොළඹට පැමිණ ගිමන් නිවාලන්නට උද්‍යානයට එන්නෝ දිවා කාලයේ බොහොමයකි. පන්ති යන ගමන් උද්‍යානයට එන පෙම්වතුන් රැුසකි. රාත‍්‍රී කාලයේ ඊට හාත්පසින් වෙනස්ය. බසයෙන් විත් පුරහල අසලින් බැස එන පෙම්වත්තු නැත. රාත‍්‍රියට ඇත්තේ හොඳ හොඳ වාහනවලින් එන තරුණ තරුණියෝය.

කලකට පෙර උද්‍යානය වටකර වැට බැඳ දෙතැනකින් පමණක් ඇතුළුවීමට විවර තිබුණත් චෝගම් ප‍්‍රතිසංස්කරණත් සමග දැන් උද්‍යානයය හතර වටින්ම විවෘතව ඇත.  ඕනෑම කෙනකුට  ඕනෑම තැනකින් ඇතුළු වී උද්‍යානයේ එහා මෙහා යා හැකිය. උද්‍යානය වටා තැනින් තැන කාර්, ජීප් ආදී වාහන කිහිපයක් නවතා තිබේ. නිතරම ඒ අසල දක්නට ලැබෙන ත‍්‍රිරෝද රථ කිහිපයක් ද තැනින් තැන ඇත.ඇතැමෙක් ඇවිදිමින් හා දුවමින් ව්‍යායාම කරති. තවත් පිරිසක් බංකුවලට වී කතා බහකරමින් සිටිති. තැනින් තැන තනිවම දෙකනේ ”හෑන්ඞ් ෆ‍්‍රී” ගසාගෙන සිටිනා තරුණයෝ ද වෙති.

චීන ජාතික යුවළක් විහාරමහා දේවී උද්‍යානයේ කතාබහක නිරත වෙමින් ඇවිද ගිය අතර තවත් විදේශිකයන් තිදෙනෙක් බංකුවක් මත කතාබහකය. ඔවුන්ගෙන් එක් අයෙක් දුම්වැටියක් උරමින් සිටියේය.

දිවා සංස්කෘතියට හාත්පසින් වෙනස් සංස්කෘතියක් රාත‍්‍රියට කොළඹ ඇත.

කොට ඇඳුම් ඇඳගෙන පෙම්වතුන් සමග උද්‍යානය වටේ ඇවිදිනා යුවතියෝ කිහිප දෙනෙක් ද තැනින් දැන සිටියහ.

විහාර මහා දේවී උද්‍යානය එතරම් කලබලකාරී තැනක් නොවුණත්, වැඩිපුර පිරිස් නොගැවසුනත් අඳුර වැටීගෙන එද්දී කාර්ය බහුල වන තැන් රැුසක් කොළඹ ඇත. දිවා කාලයේ සාමන්‍ය ආකාරයෙන් සිට සවස හත පසුවෙද්දී ඔවුහු වැඩ අරඹති. එවැනි ස්ථානවලට යන එන ගමන් විහාර මහා දේවී උද්‍යානයට ගොඩ වෙන්නන් ද නැතුවාම නොවේ.

රාත‍්‍රී කාලයේ කොළඹ වැඩිපුරම කාර්ය බහුල තැන් මොනවාද? එවාට යන්නෝ කවරහුද? ලබන සතියේ රසවිතෙන්.

 

ඇවිදින මාර්ග රාත‍්‍රියට
 
 
රාත‍්‍රියට විහාරමහා දේවී උද්‍යානය

 

 

 



අදහස් (0)

විහාර මහා දේවි උයනේ සක්මන් මළුව

අජිත් Tuesday, 10 December 2013 07:49 PM

මමත් ඒ කාලේ ආදරේ කළේ මේ කියන පාර්ක් එකේ ඉදලා තමයි. හරිම සුන්දරයි ඒ අතීතය. ඒ ආදරේ කරපු කෙනා තමා දැන් මගේ බිරිද. (නි)

:       0       0

ශානුක Sunday, 08 December 2013 04:50 PM

කොළඹ ලස්සන කරන්න නම් ත්‍රී රෝද රථ ඉවත් කරන්න ඕනෑ. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 24 December 2013 01:22 AM

වැසිකිළි කැසිකිළිත් හොදයි ද? (ත)

:       0       0

සතිෂ් Tuesday, 10 December 2013 09:42 PM

මෙම උද්‍යානය මේ ආකාරයෙන්ම තබා ගැනීමට නීති පමණක් පනවා බැහැ. මිනිසුන්ගේ චින්තනයද වෙනස් විය යුතුයි. (නි)

:       0       0

කුමාරන Tuesday, 10 December 2013 10:10 PM

දිස්ත්‍රික්ක 25 ම ප්‍රධාන නගර කොළඹ වගේ ක්‍රමවත්ව,පිරිසිදුව,පහසුකම් වලින් යුතුව සකසා දෙන්න.ඔබලාට අපේ මනාපය. (නි)

:       0       0

විජේ Tuesday, 10 December 2013 10:33 AM

ශානුක මහත්තයෝ ත්‍රීරෝද රථ ඉවත් කරාම ඒ අහිංසක ත්‍රීරෝද රථ කරුවන් ජීවත් වෙන්නේ කොහොමද ? (ස)

:       0       0

ශානු Wednesday, 11 December 2013 01:08 PM

උද්‍යානෙ ලස්සන කලාට විතරක් මදි. මිනිස්සුන්ගේ ආකල්පත් දියුණු කරන්න ඕනි.. (ස)

:       0       0

කමල් Tuesday, 10 December 2013 11:44 AM

ශානුක, ගොන් කතා කියන්න එපා. ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ කවුද?? පොලිසියෙන්ද?? (ස)

:       0       0

මොහාන් Thursday, 26 December 2013 03:24 PM

දැන් කොළඹ ලස්සන නගරයක් පිරිසිදුයි අපිට හරි ආඩම්බරයි(දිල්)

:       0       0

ලාල් කැන්ඩි Saturday, 14 December 2013 03:29 AM

ලස්සනයි .(නදී)

:       0       0

දිසානායක Monday, 09 December 2013 11:10 PM

බොරු කියන්න ඕනේ නැහැ මට ආදරේ කරන්න ඉස්සර තිබුනේ ඔතන විතරයි .ඒ අතීතය තවම මතකයි සුන්දරයි (දිල්)

:       0       0

නිමා Monday, 09 December 2013 09:01 AM

ලස්සනයි! මටත් යන්න හිතෙනවා.(නදී)

:       0       0

මාලී - ජා-ඇල Thursday, 12 December 2013 01:25 PM

මමත් ඒ කාලේ ආදරේ කළේ මේ කියන පාර්ක් එකේ ඉදලා තමයි. හරිම සුන්දරයි ඒ අතීතය. ඒ ආදරේ කරපු කෙනා තමා දැන් මගේ මහත්තයා. බැන්ඳට පස්සේම යන්න බෑරි වූනා. ඒකට නම් හරිම දුකයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 85 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 763 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1304 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 177 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 409 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 580 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site