2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා සිට පෞද්ගලික මෝටර් රථ ආනයනය කිරීමට ඉඩ ලබාදෙන බවද ප්‍රකාශ කර තිබේ.
එසේ ප්‍රකාශ කිරීම නිසා රටේ වාහන වෙළෙඳපොළ තුළ සැළකිය යුතු කැළඹීමක් ඇතිව තිබෙන බව පෙනේ. වාහන අලෙවියට මෙන්ම මිලදී ගැනීම්වලට ද ඒ නිසා බලපෑම් ඇතිව තිබෙන අතර බොහෝ දෙනකු ආනයනය කරන වාහන මිලදී ගැනීමට ඇති අවස්ථා පිළිබඳව කථාබස් කරන බව පෙනී යයි.
පෙර පැවැති ආණ්ඩුව ප්‍රකාශයට පත්කර තිබූ ආකාරයටම අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට නව රජයද කටයුතු කර තිබේ. ඒ අනුව පෙබරවාරි පළමු වැනිදායින් ආරම්භ වන තුන්වැනි අදියර යටතේ පෞද්ගලික වාහන ආනයනය කිරිම සඳහා අවස්ථාව සැලසේ. කෙසේ වුවද ඒ පිළිබඳව රජය නිකුත් කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබු නියමාවලිය තවමත් නිකුත් කර නැත. එම නිසා විවිධ පුද්ගලයන් වාහන පිළිබඳව විවිධ මිල ගණන් ඉදිරිපත් කරමින් විවිධාකාරයේ ප්‍රචාර ගෙන යෑම නිසා මේ වන විට රට තුළ දැනට තිබෙන වාහන අලෙවිය හා මිලදී ගැනීම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබේ.
වාහන ආනයනය කිරීමේ ආර්ථික බලපෑම පිළිබඳව, විශේෂයෙන්ම දැනට රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇති කෙරෙන බලපෑම පිළිබඳව, මෙම තීරුවෙන් අපි මීට පෙරද සාකච්ඡා කළෙමු. රජය වාහනවලට අදාළව නිෂ්පාදන බදු ප්‍රමාණයන් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. එසේ වුවද අනෙකුත් බදු වාහන ආනයනයට බලපාන ආකාරය පිළිබඳව තවමත් විස්තර ඉදිරිපත් කර නැත. එබැවින් වාහන මිල ගණන් සහ අය කරන බදු ප්‍රමාණය පිළිබඳව විවිධ පුද්ගලයන්, වාහන අලෙවිකරුවන් මෙන්ම මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගම් විසින් ද විවිධ ප්‍රකාශ, විශේෂයෙන්ම මහජනතාව නොමග යවන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. ඇතැම් අය වාහන බදු අඩුවී මිල ගණන් විශාල ලෙස පහළ වැටෙන බව ප්‍රකාශ කරන අතර තවත් අය ප්‍රකාශ කරන්නේ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වූ අයගේ අපේක්ෂා සිඳ බිඳ දමමින් රජය බදු විශාල ලෙස වැඩිකර ඇති බවයි.
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් සහ පසුගිය කාලය තුළදී බිඳ වැටුණ සමහර ආර්ථික අංශ තවමත් ප්‍රකෘති තත්වයට පත්ව නැත. එවැනි තත්වයක් තුළ වාහන ආනයනය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රමවේදය ඉතා පරීක්ෂාවෙන් යුතුව තීරණය කළ යුතුව ඇත. ඉතා අඩු මිලකට වාහන මිලදී ගැනීමට හැකි තත්වයක් නිර්මාණය කිරීමට කිසිදු රජයකට හැකියාවක් නැත. 2023 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛ්‍යාව 8095224 කි. ඒ අතර පෞද්ගලික වාහන ලෙස සැලකෙන යතුරුපැදි 4899297 ක්ද, ත්‍රීරෝද රථ 1184405 ක්ද, කාර් රථ 903245 ක්ද වේ. මුළු ජන සංඛ්‍යාවෙන් විසිපහකින් එක් අයෙකුට මෝටර් රථයක් හිමිව තිබේ. මෝටර් රථ නිෂ්පාදනය කරන සහ අපට මෝටර් රථ අපනයනය කරන ඉන්දියාවේ එය විසිදෙනෙකුට එකකි. එමෙන්නම ලංකාවට මෝටර් රථ අපනයනය කරනු ලබන ඉන්දුනීසියාවේ එම අනුපාතය හතර දෙනකුට එකකි. අපට වැඩියෙන්ම මෝටර් රථ එවනු ලබන ජපානය එය තුන් දෙනෙකුට එකකි. සමහරු මෙම සංඛ්‍යාව ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ඇති වාහන සංඛ්‍යාව අනෙක් රටවල් හා සැසඳීමේදී අඩු මට්ටමක පවතින බව පෙන්වා දෙති.
එසේ වුවද එම සංසන්දනවලදී මෝටර් රථ භාවිත කිරීමට ඒ ඒ රටවල ඇති මාර්ග ඉඩකඩ ආදිය පිළිබඳව කිසිවෙක් සංසන්දනය නොකරති. 2014 දී ශ්‍රී ලංකාවේ වාහන ධාවනය කළ හැකි මාර්ගවල මුළු දිග ප්‍රමාණය කි.මී.31,378 ක් විය. 2021 වසර වන විට එම ප්‍රමාණය කි.මී.31,380 කි. ඉන් පැහැදිලි වන්නේ පසුගිය කාලය තුළ වාහන ධාවනය කළ හැකි මාර්ග ප්‍රමාණයේ වැඩිවීමක් නොව අඩුවීමක් සිදුව ඇති බවයි. මේ තත්වය රටේ ප්‍රධාන නගරවල කාර්යාල දිනවල උදේ සවස දැක ගැනීමට හැකි මාර්ග තදබදයෙන් අවබෝධ කරගත හැකිවන නිසා ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවෙමි.
වාහන ආනයනයට අදාළ නිෂ්පාදන බදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වාහන ආනයනකරුවන්ගේ සංගම් සහ වාහන වෙළෙඳාමට සම්බන්ධ ඇතැමුන් බදු ප්‍රමාණය ඉහළයෑමක් ගැනද වසර තුනකට වඩා පැරණි මෝටර් රථ ගෙන්වීමට ඉඩ නොදීම පිළිබඳව ද බලපෑම් කරන ආකාරය ද ඒ හා සම්බන්ධ ජනතාව අතර මතයක් ඇති කිරීමට උත්සාහ කරන ආකාරය ද දැකගත හැකි විය. මෝටර් රථ ආනයනය යනු මහජන ජීවිතය කෙරෙහි කිසියම් පහසුවක් ඇති කරන නමුදු පවතින වාතාවරණය යටතේ අත්‍යවශ්‍යම භාණ්ඩයක් නොවේ. සෑම දෙනකුටම මිලදි ගත හැක්කක් ද නොවේ. මෝටර් රථ සම්බන්ධයෙන් පමණක් නොව සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ ද සුඛෝපභෝගී ලෙස සළකා පසුගිය කාලය තුළදී බදු වැඩි කරනු ලැබීය.
ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායුසමීකරණ යන්ත්‍ර වැනි විදුලි උපකරණ බොහොමයක බදු වැඩිකිරීමෙන් බලාපොරොත්තු වූයේ ඒවාට ඇති ඉල්ලුම හා ඒවා ආනයනය කිරීම පිළිබඳ සීමා ඇති කිරීමට ය. මෝටර් රථවලින් ආර්ථිකයට එකතු කරන දේට වඩා ඒවා වෙනුවෙන් ආර්ථිකයට වැය කිරීමට සිදුවන දේවල් ඉහළ මට්ටමක පවතී. ආනයනය කරනු ලබන සෑම වාහනයක් වෙනුවෙන් වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවේ. ඒ අතරම අමතර කොටස්, ලිහිලි තෙල් ආදිය ආනයනය කිරීමට ද සිදුවේ. සෑම වාහනයක් ම රටට බරක් වන බව අප අමතක කළ යුතු නැත.
දැනට අවුරුදු 20ක පමණ සිට රටට වසර තුනකට වඩා පැරණි මෝටර් රථ ආනයනය කිරිම තහනම් කර තිබේ. රටට නිදහසේ වාහන ආනයනය කළ කාලපරිච්ඡේදය තුළදී වුවද එවැනි සීමා කිරීම් සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාව අබලි වාහන මධ්‍යස්ථානයක් බවට පත්වීම වළක්වා ගැනීමට ය. මෝටර් රථ විශේෂඥයන් විසින් එවැනි නිර්නායකයන් ඉදිරිපත් කරනු ලැබුවේ මෝටර් රථවල යෝග්‍යතාව ගැන පමණක් නොව වායු විමෝචනය වැනි හේතු මත පරිසරයට සහ ජනතාවට ඇතිවන බලපෑම් පිළිබඳව ද සළකා බැලීමෙන් පසුවය. අවුරුදු තුනකට වඩා පැරණි වාහන ගෙන්වීමෙන් ජපානය වැනි රටවලින් හොඳ වාහන අඩු මිලට ගෙන්වීමට අවස්ථාව සැලසෙතැයි ඔවුහු ප්‍රකාශ කරති. එහෙත් ඉන්දියාව වැනි රටවලින් නිෂ්පාදනය වර්ෂය පිළිබඳව ජපානය වැනි රටවලටත් ඉන්දියාව වැනි රටවලටත් වෙනස් නීති පැනවිය හැක්කේ කෙසේද යන්න එම සංගම් පෙන්වාදිය යුතුව ඇත.
වාහන ආනයන තහනම ඉවත් කිරිම මගින් රජය අරමුණු දෙකක් සපුරා ගැනීමට බලාපොරොත්තු වේ. ආර්ථික අර්බුදයෙන් පසු ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ අවසන් සීමාවද ඉවත් කර නිදහස් වෙළෙඳපොළ ක්‍රමය තහවුරු කිරීම එක් අරමුණකි. රටේ තිබෙන අවුරුදු පහකට වැඩි පැරණි වාහන පද්ධතිය තුළට නව වාහන ඇතුළුවීමට ඉඩදීම තවත් අරමුණකි. ඒ අතරම රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමද ප්‍රධාන අරමුණක් වී තිබේ. මුදල් ඇති පිරිස් රටේ විදේශ විනිමය වැයකර අනාගතයට ද බරක් වන ආකාරයේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නේ නම් එම අය අඩුම තරමේ රටට අනාගතයේදී දැරීමට සිදුවන අවම පිරිවැයට සමාන හෝ බද්දක් ගෙවිය යුතුව ඇත. රටට වාහන ගෙන්වීම, ඉන්ධන හා අනෙකුත් ද්‍රව්‍ය ගෙන්වීම, මාර්ග ඉඩ ප්‍රස්ථා වැඩි කිරීමට සිදුවීම සහ මාර්ග තදබදය ආදිය මගින් ජාතික ආර්ථිකයට කෙරෙන බලපෑම වෙනුවෙන් එවැනි බද්දක් ගෙවීමට සිදුවේ.
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ දැනට මෝටර් රථ හිමිව සිටින පිරිස්වල වත්කමක් බවට ඒවා පත්ව ඇති බැවින් ඒ හා සම්බන්ධව වෙනස්කම් ඇති නොවන ආකාරයෙන් වාහන ගෙන්විය යුතු බවය. එම ප්‍රකාශය ඉතා වැදගත් වන්නේ බැංකු සහ මූල්‍ය පද්ධතියට බලපෑමක් ඇති නොවන ආකාරයට වාහන ආනයනය සිදුකළ යුතුව ඇති බැවිනි. ලීසිං පහසුකම් සපයන ආයතනවල ආදායම අඩුවන ආකාරයේ තත්වයක් ඇතිවීම තුළ සමස්ත මූල්‍ය පද්ධතියටම බලපෑම් ඇතිවිය හැකිය. පෞද්ගලික මෝටර් රථ ආනයනය හේතුවෙන් රටේ ජාතික නිෂ්පාදනයට අලුතෙන් කිසිදු අගයක් එකතුවේයැයි සිතිය නොහැක. ඊට හේතුව එකතුවන අගයට වඩා ඒ හා සම්බන්ධ යෙදවුම් වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය වැඩිවීම නිසාය. ආර්ථික සංවර්ධනය ඉහළ යෑමත් සමග සියලු දෙනාටම මෝටර් රථ මිලදී ගැනීමට මෙන්ම මෝටර් රථ අවශ්‍ය නොවන දියුණු පොදු ප්‍රවාහන පද්ධතියක් ඇතිකිරීමට ද ඉඩ ලැබෙනු ඇත.
එවැනි තත්වයක් යටතේ ආණ්ඩුවේ වගකීම මෝටර් රථ ආනයනයට අවසර ලබාදීමෙන් ආර්ථිකයේ බිඳ වැටීමක් නොවන ආකාරයට කටයුතු කිරීමට වගබලා ගැනීමය. එසේම ආනයනකරුවන් සහ තවත් පිරිස් ලාබයම සලකා ඉල්ලා සිටින නිෂ්පාදන වර්ෂ වෙනස් කිරීම වැනි තත්ව මත ශ්‍රී ලංකාව අබලන් වාහන අංගනයක් බවට පත් කිරීමද වළක්වා ගත යුතුව ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා
නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.
“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම
පොදු ප්‍රවාහනය යනුවෙන් හැඳින්වෙන්නේ රටක සංචලතා (mobility) අවශ්‍යතා පොදුවේ සපයනු ලබන ක්‍රමයකට ය. සරලව කිවහොත් පොදුවේ ලබා දෙන ප්‍රවාහන සේවා මෙයින් අදහස් වේ. එ
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වාහන ආනයනයේදී ආර්ථිකය
Andrew Wednesday, 22 January 2025 01:25 PM
වාහන ආනයනය කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ගුණදායක වන අතර, එය සේවා ආර්ථික කටයුතු, බදු එක්රැස් කිරීම්, නව තාක්ෂණ හා සුරක්ෂිතතා, පාරිභෝගික ජීවන තත්වය කිරීම, සහ ජාත්‍යන්තර වෙළඳාම හරහා ආර්ථිකය වර්ධනය කිරීමට, රැකියා ඇති කිරීමට, තරුණ වෘත්තිකයින් රටේ රඳවා ගැනීම සහ තරුණයින්ට ආදායම් මාර්ග සොයා ගැනීමට උපකාරී වේ. එසේම ගෙන්වන සියලුම වාහන එකවර මාර්ගවල ධාවනය නොවේ...