IMG-LOGO

2024 ජුනි මස 29 වන සෙනසුරාදා


වැටුණු වලෙන් ගොඩ එන ආර්ථිකයක්

ජනපතිවරණ සූදානම, රට බංකොලොත්භාවයෙන් මිදීම, අලු‍ත් බදු යනාදී දේශපාලන කාරණා සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.

 

ප්‍රශ්නය:- ජනපතිවරණයට අනෙක් දේශපාලන පක්ෂ සැරසෙන මොහොතක එ.ජා.ප යේ සූදානම කොහොමද? අනෙක් පක්ෂ කරළියේ සිටියත් එ.ජා.පය කරළියේ නැහැ කියන මතයක් තිබෙනවා නේද?

පිළිතුර:- එවැනි මතයක් යම් යම් අය කියන්න පුළුවන්. මොකද පසුගිය ඡන්දයේදී අපේ පක්ෂය සෝදාපාළුවට ලක් වුණා. තිබුණු වැරැදි හදාගෙන සියලු‍ දෙනාගේ හදවත් දිනාගත හැකි ස්වරූපයකින් නව දර්ශනයක් සහිතව යථා තත්වයට පත්කර එ.ජා.පය ඉදිරිපත් කරනවා මිස බොරුවට එන්න අපි කැමැති වුණේ නැහැ. අද ඒ ස්ථාවරයට ඇවිත් පිළිගැනීමක් සහිතව ජන හදවත් දිනාගත හැකි පක්ෂයක් හැටියට ඇවිත් සිටිනවා. ඒක දැන් හැමෝටම පේනවා. පාක්ෂිකයන් දැන් අවදි වී සිටිනවා. එ.ජා.පය අනෙක් පක්ෂත් සමග ඉදිරියට එන්න අපේක්ෂා කරනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා තවමත් තම ස්ථාවරය රටට ප්‍රකාශකර නැහැ. අනෙක් අපේක්ෂකයන් සටන පටන් අරන්. එවැනි පසුබිමක ඉදිරියට යන්නේ කොහොමද?

පිළිතුර:- අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් ඔක්තෝබර් මාසයේදී පවත්වනවා. හැබැයි මැතිවරණයක් ප්‍රකාශයට පත්නොවී අපේක්ෂකයන් දුවන එකේ තේරුමක් නැහැ. ඔහොම දිව්වාම හති වැටෙනවා. අනෙක් අය හති ඇරලා වෙලාවට එනවා. කවුරුත් වගකීම බාරගන්න බිය වූ අවස්ථාවක රනිල් බංකොලොත් වූ රටක් බාරගෙන නොහිතූ වෙනසක් කර තිබෙනවා. ජන ජීවිතය තවමත් ලෙහෙසි නැහැ. එහෙත් එදා පෝලිම් තිබුණා. ලයිට් තිබුණේ නැහැ. අත්‍යවශ්‍ය බඩු තිබුණේ නැහැ. අද වනවිට ඒ තත්වය වෙනස් වී තිබෙනවා. නිර්භීතව පැමිණි ඒ ගමන ඉදිරියට යායුතුයි කියන අදහසේ අද බොහෝ දෙනා සිටිනවා. රට දැන් බංකොලොත් නැති බව හෙට (26) ප්‍රකාශ වේවි. ඒක ප්‍රකාශ වූවාට පසු ජනාධිපතිතුමා නිර්පාක්ෂිකව ඉදිරිපත් වේවි. තමන්ට දුන් අභියෝගය ජයගත් බව කියාවි. රට ඉදිරියට ගෙනයන්න එතුමා ඒවි.

ප්‍රශ්නය:- රට බංකොලොත් බවෙන් මිදෙන බව ඔබ කියනවා. තිබෙන වාතාවරණය යටතේ ඇත්තටම එවැන්නක් වෙන්න පුළුවන්ද?

පිළිතුර:- රට මෙතැනට ඇද දැම්මේ එතුමා නෙමෙයි. බංකොලොත් වූ පසු එයින් මිදීම හරිම වේදනාකාරීයි. හරිම අමාරුයි. බංකොලොත් වූ පසු එයින් මිදෙන්න වෙන්නේ මූල්‍ය අරමුදලේ විශ්වාසය මතිනුයි. අර්බුදයෙන් මිදීමට කරන කැප කිරීම ලෝකයා පිළිගෙන තිබෙනවා. ඒ කැප කිරීම කරන්නේ රටේ ජනතාව. ඒ කැපකීරීමේ ප්‍රතිළුල දැන් ලැබෙමින් තිබෙනවා. පැරිස් සමාජය, ඉන්දියාව, චීනය අපේ ක්‍රමය අනුමත කරමින් ප්‍රකාශ කරාවි. එයින් කියන්නේ ලංකාව බංකොලොත් බවින් මිදෙන බවයි. එවිට නැවත ලෝකයත් සමග ගනුදෙනු කිරීමේ අවස්ථාව උදාවෙනවා. කවුරු මොන චෝදනා කළත් ජනපති රනිල් මේ රට ගොඩගත්බව බහුතරයේ මතය වී තිබෙනවා.

ප්‍රශ්නය:- බංකොලොත්බවෙන් මිදුණා කියන ප්‍රකාශයෙන් පමණක් ජන ජීවිතය, රට මුහුණ දෙන ප්‍රශ්න විසදෙයිද?

පිළිතුර:- කෙනකුගේ ලෙඩක් සුවකරන්න ඔපරේෂන් එකක් කරන්න වෙනවා. ඔපරේෂන් එක සාර්ථකව කළාම ලෙඩා නොමැරී ජීවතුන් අතර සිටිනවා. ඔපරේෂන් එක සාර්ථක වුණාට පසුව යථා තත්වයට පත්වීමට යම් කාලයක් ගතවෙනවා. හෙට සිට උදාවෙන්නේ එම කාලයයි. ලෙඩේ ඉක්මනට සුව කරගන්නේ කොහොමද කියන එක ඉතිරිවී තිබෙනවා. ඉදිරියට කළ යුතු කාර්යය මොකද්ද කියා දැන් තේරෙනවා ඇති. අඳුරට ශාප කර කර සිටීමෙන් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. මේ කාලයේ කැපවීමෙන් කටයුතු කළොත් ලෙඩා සුවකරගන්න පුළුවන්. ඒ ටික කරන්න අභියෝග ජයගත හැකි නායකයෙක් අවශ්‍යයි.

ප්‍රශ්නය:- එ.ජා.පය ඡන්දයට බොහොම සූදානමින් සිටින බවක් ඔබේ කතාවෙන් පෙනෙනවා. එහෙම නම් ජනමත විචාරණයකින් කාලය දිගු කරගැනීමේ කතාවක් ගෙනැවිත් මුට්ටිය දමා බැලු‍වේ ඇයි?

‍පිළිතුර:- කිසිම මුට්ටියක් දැම්මේ නැහැ. ඒක එක පුද්ගලයකුගේ මතයක් වෙන්න ඇති. ඔයවගේ කතා විවිධ අය කියනවා. එහෙත් එ.ජා.පය එවැනි තීන්දුවක් කිසිසේත්ම ගත්තේ නැහැ. අනිවාර්යයෙන් ඡන්දයක් තියනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ජනතාවගේ විශ්වාසය දිනාගෙන වැඩකරනවා මිස තනි පුද්ගල මතයට වැඩකරන්න බැහැ. ජනපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. යුද්ධයක් තිබෙන වෙලාවක හෝ ලෝකයේ කඩාවැටීමක් තිබෙන අවස්ථාවක හෝ එවැනි දෙයක් කරන්න පුළුවන්. කඩා වැටී තිබෙන රට ටිකෙන් ටික නැගිටින වෙලාවක ඒවා අවශ්‍ය නැහැ. අවුරුදු පහකට ජනවරමක් ගැනීමට හැකි වෙලාවක අවුරුද්දකින් කාලය දිගු කරගන්නේ මොකටද?

ප්‍රශ්නය:- ගම් මට්ටමේ දේශපාලනයේදී ස.ජ.බ සහ ජා.ජ.බ ඉදිරියෙන් සිටින බව කියැවෙනවා. එ.ජා.පයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- එළිවුණාම රෑවෙන බව හැමෝම දන්නවා. ඡන්දයක් නැති වෙලාවක ඡන්දයක් ගැන කියමින් මේ අය කෑගසමින් යනවා. ඡන්දය හරියට ප්‍රකාශ වුණාම හරි කට්ටිය සටනට එනවා. මේ අය සිතාගෙන ඉන්නේ රනිල් ඡන්ද කරන්නේ නැහැ කියලයි. රනිල් ඡන්දෙ කරනවා කිව්වාම සමහරවිට ඔය අය ඡන්දෙ කරන එකක් නැහැ.

ප්‍රශ්නය:- ජනපති රනිල් එ.ජා.ප අපේක්ෂකයාද? පොදු අපේක්ෂකයාද? ඒන්නේ කොහෙන්ද?

පිළිතුර:- පාර්ලිමේන්තුවේදී තනි පුද්ගලයකු වශයෙන් ජනපති ඡන්දයට ආවේ අනෙක් සියලු‍ දෙනාගේ සහයෝගයෙන්. එතැනදී එතුමා සිතුවේ තමන් ආවේ නිර්පාක්ෂිකව රටට වැඩක් කරන්න කියලයි. එක පක්ෂයකට සීමාවී කටයුතු කරන්න සිතුවේ නැහැ. රට ගොඩගැනීමට ස්වාධීනව කටයුතු කිරීමට එතුමා තීරණය කළා. රට බංකොලොත් භාවයෙන් මුදාගැනීමට එතුමා ක්‍රියා කළා. ඉතිරි වැඩ ටික කරන්න එතුමා සියලු‍ දෙනාගේ අපේක්ෂකයා හැටියට තරග කරන්න අදහස් කරනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය වන පොහොට්ටුව ජනපති සමග ගැටුමක බව කියැවෙනවා. රනිල් - බැසිල් ගිවිසුම කැඩී ඇති බවත් කියැවෙනවා. සහාය දෙන ප්‍රධාන කණ්ඩායම වෙනත් අතක් බැලු‍වොත් පොදු අපේක්ෂක කතාවට වෙන්නේ මොකද්ද?

පිළිතුර:- මේ අවස්ථාවේ සියලු‍ දෙනාගේ සහයෝගය ගන්නවා. සමාජ මාධ්‍යයේ විවිධ කතා යනවා. ඕවා විශ්වාස කරන්න පුළුවන්ද?මාධ්‍යයේ හැමදේම ඇත්තද? හරි වෙලාවට හරිදේ වේවි. පක්ෂ ගණනාවක් එක්ව රට සහ ජනතාව ඉලක්ක කර කරන වැඩපිළිවෙළක් තිබෙනවා. එකට සිතිය හැකි ජනතාවගේ අභිලාස ඉටුකළ හැකි එකමුතු භාවයක් ඇති වෙනවා. හැම පක්ෂයක්ම එකතු කිරීම අපේ අපේක්ෂාවයි.

ප්‍රශ්නය:- සන්ධාන පක්ෂ එකතු කිරීම් මේ වන විට සිදුවෙමින් තිබෙනවා. හැබැයි එ.ජා.පය එවැනි සන්ධානයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළක මූලිකත්වය ගෙන නැහැ නේද?

පිළිතුර:- ප්‍රධාන කර්තව්‍යය කරන්නේ එ.ජ.ප යයි. යම් පිරිස් අමනාපවී සිටියා. ඒ අය එකතු කරගෙන කටයුතු කරගෙන යනවා. අනෙක් පක්ෂ සමග මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. ජනපතිත් සමග ඒකට සිතිය හැකි පිරිස් එකතු කිරීමේ වැඩපිළිවෙළ දියත්කර තිබෙනවා.

ප්‍රශ්නය:- ඔය මොනවා කිව්වත් ජනතාවට දරාගත නොහැකි ජීවන බරක් තවමත් තිබෙනවා. සහන නැති තැනක ඡන්ද දිනන්න පුළුවන්ද?

පිළිතුර:- අවුරුදු හැත්තෑහයක් ඔවැනි විහිළු කතා කිව්වා. හදෙන් හාල් දෙනවා කිව්වා. තුනයි පනහට පාන් ගන්න ඡන්දය දුන්නා. නොයෙක් උප්පරවැට්ටි දැම්මා. අන්තිමට රට බංකොලොත් වුණා. ඒනිසා රටක් ඉදිරියට ගෙනයන්න පුළුවන් කතාවෙන්ද ක්‍රියාවෙන්ද කියා තේරුම් ගන්න අවශ්‍යයි. වැටී තිබූ රට මාස විසිහයකින් ගොඩගත්තේ ජනතාවත් කැපකිරීම් කළ නිසයි. රෑ වැටුණු වළේ දවාලෙත් නොවැටෙන ආකාරයට කටයුතු කළ යුතුයි. හැමදේම නිකම් ගන්නවාද නැතිනම් ස්වශක්තියෙන් නැගිටිනවාද කියා සිතිය යුතුයි. හැමදාම සහනාධාර හිඟමනේ යනවානම් ඒකට ගෙවන්නේ කවුද? එහෙම රටක් හදන්න බැහැ. සමහර පක්ෂ ෂර්ට් එක ඒක්කෙනකුගෙන් ගන්නවා. කලිසම තව කෙනකුගෙන් ගන්නවා. සපත්තු ගන්නේ තව කෙනකුගෙන්. මෙහෙම හිගමනේ යන පක්ෂ හිගමනේ නොයන ආකාරයට රට පාලනය කරන්න කතාකරනවා. මේවා විහිළු. ජනපති පොතක් දෙනවා කිව්වොත් තමන් පොත් දහයක් දෙනබව තව පක්ෂයක් කියනවා. රටම බංකොලොත් වුණේ මේ වගේ වැඩ නිසා නෙමෙයිද? විසි දහසක ආදායමක් ඇති තැනක ලක්ෂ දෙකක් වියදම් කරනවා නම් ඉතිරි ණය බරට ගෙවන්නේ කවුද? හැමදේම නිකම් අරන් රටක් හදන්න බැහැ. ඒ නිසා හැමදේම නිකම් ගන්න බලාගෙන ඉදලා අමාරුවේ වැටෙනවාද කියා සිතිය යුතුයි. ඇත්ත අමිහිරියි. ජනප්‍රිය කතා කියනවට වඩා ජනතාව පිළිගන්නේ රට හදන වැඩපිළිවෙළක්. අද අපට අවශ්‍ය විප්ලවකාරී වෙනසක්. ආයෙත් ණය ගන්නේ නැති රටක් හැදීම අවශ්‍යයි.  

ප්‍රශ්නය:- තිබෙන බදු බර මදිවට දේපල බද්දකුත් ගෙනැවිත් තිබෙනවා. මේ ආකාරයට ජනතාව පීඩාවට පත්කරන්නේ ඇයි?

පිළිතුර:- එක පක්ෂයක පුද්ගලයකු නොදන්නා කමට කතාවක් කියා තිබුණා. මෙයා යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයකු වශයෙන් සිටියා. ආරෝපිත බද්ද පනවා තිබූ එකක්. අලු‍ත් පනතක් ගෙනාපු නිසා අපි මේ බද්ද ඉවත් කළා. තමන්ට තිබෙන මුල් නිවස මාලිගාවක් වුවත් මේ බද්දෙන් නිදහස් කර තිබෙනවා. ඒ නිසා සමහරු බොරු බිල්ලො මවනවා. සමහරු ජනතාව කුපිත කරමින් ලාබාල දේශපාලනයක් කරන්න හදනවා. ආරෝපිත බද්ද අයකරන්නේ ගෙවල් තුන හතරක් තිබෙන අයගෙන් පමණයි. එනිසා සාමාන්‍ය ජනතාවට මේ බද්දෙන් බලපෑමක් වෙන්නේ නැහැ. මේ රටේ සමාගම් 2,35.000ක් තිබෙනවා. එයින් බදු ගෙවන්නේ 25000 යි. ලක්ෂ අසූවක් වන වැඩකරන ජනයාගෙන් බදු ගෙවන්නේ 70000 යි. බදු අය නොකර රටක් ගෙනයන්නේ කොහොමද? ජනතාව නොමග යවන ප්‍රකාශ ඇතැම් අය කරන්නේ ඔවුන්ට දේශපාලනය ප්‍රායෝගිකව නොතේරෙන නිසයි. රට වැටී ඇති අවස්ථාවක සමහරු බාල දේශපාලනයක් කරනවා. මේ අය මෙතෙක් කියපු කිසිදෙයක් වෙලා නැහැ. ඔය අය ඔතරම් දක්ෂ නම් අවස්ථාව ලැබුණු වෙලාවේ රට බාර නොගත්තේ ඇයි. අමිහිරි වුවත් ඇත්ත කියන කෙනා රටේ ප්‍රශ්න විසඳමින් සිටිනවා. හැබැයි වෙබ් අඩවි ආර්ථික විශේෂඥයන්ට සැබෑ ප්‍රශ්න විසඳන්න බැහැ.

ප්‍රශ්නය:- මූල්‍ය අරමුදලෙන් රටේ ප්‍රශ්න විසදෙයිද?

පිළිතුර:- මූල්‍ය අරමුදල කියන්නේ හැමදේටම උත්තර සපයන ආයතනයක් නෙමෙයි. රටක් බංකොලොත් වුණොත් එයින් මිදෙන්න වෙන්නේ මූල්‍ය අරමුදලේ සහයෙන්. ඔවුන් කියන හැමදේටම අපි එකඟවෙන්න හොද නැහැ. රටට අවශ්‍ය දේ ලබා ගන්න සටන් කළ හැකි නිලධාරීන් අවශ්‍යයි. කරන්න ඕන මොකද්ද කියා සුද්දො අපට කියන්න අවශ්‍ය නැහැ. උපයන විට ගෙවීමේ බද්ද සුද්දන්ගේ කතා අසා අයකරන අසාධාරණ බද්දක්. ඉහළ ආදායම් ලබන අයගෙන් බදු අය කළාට කමක් නැහැ. මේවා වෙනස් වෙන්න ඕනෑ.

ප්‍රශ්නය:- පක්ෂයෙන් ආණ්ඩුවට එනව කිව්වත් තාම කවුරුත් ආවෙ නැහැ. හැබැයි ස.ජ.බට  ජා.ජ.බට නම් කට්ටිය යනවා නේද?

පිළිතුර:- වෙලාව එනතුරු කට්ටිය බලාගෙන ඉන්නවා. අන්දරේලාගේ කතා අහන්න ඕනතරම් අය යනවා. හැබැයි අන්දරේ රජ කරවන්න කවුරුත් යන්නේ නැහැ. කුහක දේශපාලනයක් කරන අයට රටක ප්‍රශ්න විසඳන්න බැහැ. ලංකාව කියන්නේ නිධානයක් උඩ ඉදගෙන හිගමනේ යන රටක්. මේක නිවැරැදි කරන්න අවශ්‍යයි. තරුණ තරුණියන්ට ගැළපෙන ආකාරයට මේ ප්‍රශ්න විසඳිය යුතුයි. ඩී.එස්.සේනානායක මේ රටට නිදහස දිනා දුන්නා. ජේ.ආර්. ආර්ථිකය විවෘතකර ලංකාව ලෝකයට එකතු කළා. බංකොලොත් වූ රට ඉන් මුදාගත්තේ රනිල්. සියලු‍ දෙනා එකතුවී රට හැදිය යුතුයි.

(*** සටහන- චමින්ද මුණසිංහ)



අදහස් (13)

වැටුණු වලෙන් ගොඩ එන ආර්ථිකයක්

sene Tuesday, 25 June 2024 10:42 AM

තමන්ගේ දේශපාලන දැක්මක් නැති අන්ත පරාජිත, හොර බොරු පිළිබඳ ජනතා චෝදනා, විවේචන වලට පත්වී සිටින මෙවන් ඈයෝ නැවත දේශපාලනය, බලය, රටේ ඉදිරි ගමන පිළිබඳ කතා පුවත්පත්වල පළකිරීම පවා හාස්‍යෝත්පාදකය, වැළකී සිටීම ඉතා නුවනැතිය.

:       102       35

AmaTuesday, 25 June 2024 05:21 PM

දීල කරන දේවල් මේවගේම දෙයක් අර කබ්රාලුත් කරානෙ ජනතාව හිතනව මේතමා විෂය දන්න විශේෂඥයො කියල. අනේ මන්ද මේව කවදා නතර වෙයිද

:       53       20

Nimal 1 Tuesday, 25 June 2024 04:51 PM

මෙයා බැංකු හොරා කියන කිසිම දෙයක් තබ දොයිදුවකට මායිම් කරන්න එපා

:       44       27

Rohana Tuesday, 25 June 2024 05:22 PM

මෙයාලගෙ දේශපාලනයෙන් මුළු රටම වැටුනත් ඔය කතාකරන අය නම් හොදටම ගොඩ ඇවිත් බව දන්නෝ දනිති.

:       52       21

Dhanushka Tuesday, 25 June 2024 07:37 PM

මට මහ බැංකුව මතක් වුනා

:       55       21

සමන්ත Tuesday, 25 June 2024 11:48 PM

අපි රවී ට කැමති වුණත් අකමැති වුනත් රවී කියන්නේ ඇත්ත. ඔහු මුදල් ඇමැතිකම දරද්දී කරලා පෙන්නුව කෙනෙක්. සජිත් වත් අනුරවත් ඇමැතිකම් කලාට කරපු බිබික්කමක් නෑ. බොරු කයිය විතරයි. අපේ රටේ ගොබ්බයන්ට ඇත්ත තිත්තයි. සුරංගනා කතා වලට තමයි කැමති. ඒ කරලා ගොටාබයගෙන් කෙලවා ගත්ත හැටි මතකද? රවී කියන්නේ රට දියුණු කරන වැඩ පිළිවෙලක්. වැරදි ඇති එත් ඒවා ඔප්පු වෙලා නෑනේ. වැඩ කරන්න පුළුවන් මිනිස්සු යි අපිට ඕනේ. නැතුව එලෝන් මස්ක් ටත් ආර්ථික ඝාතකයා කියන විදිහේ ජෝකර්ලා නෙමෙයි.

:       19       59

banku surakinnooThursday, 27 June 2024 08:41 AM

නොදකින් විතරක්

:       35       11

Perera Wednesday, 26 June 2024 12:19 AM

මූ රට හූරන් කාපු හැටි රටම දන්නවා

:       40       18

robert Wednesday, 26 June 2024 04:21 AM

ඇලෝසිය්ස්ගෙන් පගාවට ගෙයක් අරන්, තමන් ඉන්න ගේ ඇලෝසියස්ගේ කියලා නොදන්න මූ වගේ පල් හොරු, ආර්ථිකය ගැන කතා කරනවා. අඩුම ගානෙ හොර වැඩක්, හොර විධියටවත් කර ගන්න බැරි මූ වගේ මෝඩයෙක්, ආර්ථිකය හදන්නෙ කොහොමද ? ආණ්ඩුවෙ සල්ලි ටික මුන් සාක්කුවෙ දා ගන්න විතරයි දන්නෙ,

:       37       21

wedage Wednesday, 26 June 2024 12:13 PM

මහ බැංකුව ආයෙත් කඩන්න වගේ හදන්න නේද?

:       41       17

kamal Wednesday, 26 June 2024 04:19 PM

රට වලට තල්ලු කරලා, දැන් ගොඩ එන හැටි දේශනා කරනවා.

:       45       16

janahitha Thursday, 27 June 2024 08:39 AM

ශ්‍රීලන්කන් වන්දි ගෙවපු හැටි මහ බැංකුව සබීතාගේ මාලිගාව ඒකී නොකී වංචා මේවා අපිට අමතක වෙන්නේ නෑ ලොක්කා

:       37       12

wedage Friday, 28 June 2024 12:36 PM

තාමත් මේ ආර්ථික වලේ පරිගණක හොරු ඉන්නවානේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ශ්‍රී ලංකා ණය අභියෝගය
2024 ජුනි මස 29 91 0

මහජන මුදල් රුපියල් කෝටි ගණනක් මහජන මුදල් වියදම් කොට ‘‘ආරංචිය සුබයි’’ යනුවෙන් පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය කොට ඉකුත් බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිං


අධිවේගියේ වංචනිකයන්ට නීතිය දැඩිව ක්‍රියාවට නංවමු
2024 ජුනි මස 29 102 0

අධිවේගයේ අධිවේගියෙන් මුදල් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් විසි දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වා


අපේ කරුමේ අඬෝවැඩියාවයි
2024 ජුනි මස 28 186 0

ඔහු ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙනගිය එයින් ජාත්‍යන්තර සම්මාන දිනා ලංකාවට කීර්තිය අත්කර දුන් විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයෙකි. ලාංකේය සිනමා


දේශපාලනයේ ආර්ථිකයේ සුබ අසුබ
2024 ජුනි මස 28 128 0

මේ දිනවල රටේ සමහර තැන්වල ප්‍රදර්ශනය වූ පෝස්ටරයකින් කියවුණේ ‘සුබ ආරංචියක්’ එන බවයි. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ‘සුබ ආරංචි’ කතාව තිබුණේ කතෝලික දේවධර්ම ඉගැන


ගෙවල් කුලියට පොලු තබන මැති ඇමැතින්ට දඬුවම් නැද්ද?
2024 ජුනි මස 28 91 0

පෞද්ගලික නිවාස හිමි පුද්ගලයන්ට පවා බද්දක් පැනවෙන බවට තොරතුරු පළවෙන අතරේ මැති ඇමතිවරුන් 56ක් තමන් පදිංචිව සිටින නිල නිවෙස්වල කුලියට හිඟ තබා වාර්තා වී ත


ණය බරෙන් ගොඩ එන්න අලුත් බදු
2024 ජුනි මස 27 336 0

බදු පැනවීම් සම්බන්ධ කතා බහ සමාජය තුළ නැවත සාකච්ජාවට ලක්වෙමින් තිබෙන බව පෙනේ. මේ සම්බන්ධ මූලික සාකච්ජාවකට පෙර බදු ප්‍රතිපත්තිවල ආර්ථිකමය හා දේශපාලනමය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 407 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1514 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3319 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site