2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ගෙනය.එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික පොලිස් කොමිසම ද පිහිටුවනු ලැබීය.
18, 19, 20, 21 ව්‍යවස්ථා සංශෝධන යටතේ ජාතික පොලිස් කොමිසමට බලය ව්‍යවස්ථාමය සංයුතියේ වෙනස්කම් අඩු වැඩි වෙමින් ලැබුණි. මේ වන විට ක්‍රියාත්මක 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික පොලිස් කොමිසමට පූර්ණ බලතල හිමිව තිබේ. ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන පෙන්වා දෙන්නේ මෙසේය.
“ජාතික පොලිස් කොමිෂන් සභාව සභාපති ඇතුළුව සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත වන අතර තවත් සාමාජිකයන් දෙදෙනකු පත්කිරීමට නියමිතව ඇත.ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම ස්වාධීන කොමිෂන් සභා නමයෙන් එකක් වන අතර ශ්‍රි ලංකා පොලිසිය සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පුළුල් බලතල සහිත අධීක්ෂණ කාර්යභාරයක් ඊට පැවරේ. පොලිස් සේවාව වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වනුයේ පොලිස් දෙපාර්තමේන්තුව හෝ පොලිස් සේවය නිර්දේශපාලනීකරණය කර රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමයි. 21 වැනි සංශෝධනය යටතේ අභිනවයෙන් ස්ථාපිත කෙරුණු ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලාධිකාරයට අනුව පොලිස් සේවාවේ පොලිසිය සම්බන්ධයෙන් පුළුල් බලතල හිමිවේ. එනම්, පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන් පත් කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් සහ විනය පාලන කටයුතු සහ පොලිස් නිලධාරීන් හෝ පොලිස් සේවයට එරෙහිව මහජනතාව විසින් සිදු කරන මහජන පැමිණිලි භාර ගෙන විමර්ශනය කිරිම සහ සහන සැලැස්වීම් කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම්ය. මීට අමතරව ඉහත කාර්යයන් සඳහා කාර්ය පටිපාටි සැකසීම, පුහුණුව සහ පොලිස් සේවයේ කාර්යක්ෂමතාව හා ස්වාධීනත්වය වැඩි දියුණු කිරීම, ජාතික හා පළාත් අංශයේ අවි ආයුධ, වෙඩි ද්‍රව්‍ය සහ වෙනත් උපකරණවල ස්වභාවය සහ වර්ගය නිශ්චය කිරීම, චර්යා සංග්‍රහ සහ විනය පටිපාටි ඇතුළු පොලිස් නිලධරයන් සම්බන්ධයෙන් සියලු කාරණා සඳහා කටයුතු සැලසීම ද කොමිෂන් සභාවේ විෂය පථයට ඇතුළත් වේ” යනුවෙන් ජාතික පොලිස් කොමිසමේ පනත් සංයුතියේ පෙන්වා දී ඇත.
ජාතික පොලිස් කොමිසමේ බලතල අනුව “155 ජී” වගන්තියෙන් පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකා පොලිසියේ පත් කිරීම්, මාරු කිරිම්, විනය ගැන තීන්දු තීරණ ගැනීමට ජාතික පොලිස් කොමිසමට බලය ඇති බවකි.එසේම ක්‍රියාන්විතයක් හෝ යම් වැටලීමක් ගැන තීන්දු තීරණ ගැනීමට ජාතික පොලිස් කොමිසමට බලය නැත.ඉහත කී මාරුවිම්,විනය ගැන තීන්දු ගැනීමේදී පොලිස්පතිවරයාට මැදිහත්වීමේ භැකියාව පොලිස් කොමිසමේ “155 ජී” බලතල අනුව පෙන්වා දෙයි.තවද පොලිස්පතිවරයාට කොමිසමේ ක්‍රියාකාරම්වලදි ඊට සහභාගි විය හැකි අතර කොමිසමේ තීන්දු ගැනීමේදී ජන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව නැති බව ද පෙන්වා දී ඇත.
පොලිස් නව තනතුරු සඳහා පත් කිරීමක් කරන විටකදී එම කාර්යය පොලිස්පතිවරයාගෙන් විමසිමක් අවශ්‍ය නැති බව පනතේ “155 ජී ” වගන්තියෙන් පෙන්වා දී ඇත.එහෙත් සෙසු කාර්යයන් සඳහා එනම් විනය ක්‍රියාමාර්ගයක් හෝ මාරුවීමක් ලබාදීමේදි එය පොලිස්පතිවරයාගෙන් විමසිය යුතුය.ලංකාවේ පොලිස් ස්ථාන 607ක් තිබේ. මේවායේ සිදුවන කාර්යය සහ එහි සේවය කරන නිලධාරින් ගැන ශ්‍රි ලංකා පොලිස් කොමිසම දන්නේ නැත.එවන් පසුබිමක වාර්ෂික ස්ථාන මාරු ලබාදීමේදී පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් නිර්දේශ ලබා ගනී. ඒ තම නිලධාරින් ගැන දැනුමැති නිලධාරියා වන්නේ පොලිස්පතිවරයා නිසාය.
එහෙත් මෙවර වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ නිර්දේශ මත බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට ඉල්ලීම් කර ඇත. එහෙත් එම මාරුවීම් සඳහා කර ඇති ඉල්ලීමට හේතු දක්වන ලෙස පොලිස් කොමිසම (NPC) ඉල්ලා සිටි බව ජනවාරි 19 වැනි දින සන්ඩේ ටයිම්ස් පුවත්පත ද වාර්තා කොට තිබුණි. අදාළ ස්ථාන මාරුවීම් ලැයිස්තුවට කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පොලිස් ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන්ගේ නම් ඇතුළත් වී ඇත. පොලිස් කොමිසම වෙත වැඩබලන පොලිස්පතිවරයා යවන ලද නම් ලයිස්තුවේ ඇති පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවෙන් 17 දෙනකු “අතිරික්ත පදනමක්” හෝ පොලිසියේ “සාමාන්‍ය රාජකාරි” ලෙස හඳුන්වන පරිදි මාරු කිරීමට නියමිත බව සඳහන් වී ඇත.
එහෙත් අවස්ථා බොහොමයක මෙම ස්ථාන මාරුවීම්වලට හේතු ලෙස දක්වා ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පැත්තෙන් සිදු වූ බව කියන විසමාචාර සම්බන්ධ “බුද්ධි වාර්තා” බවද දැනගන්නට තිබේ. පොලිස් කොමිසමට ලබා දී ඇති එම වාර්තාවල සඳහන් චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ ආරම්භ කර ඇති විනය පරීක්ෂණයක් හෝ අපරාධ නඩු විභාගයක් පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති බව ද වාර්තා වේ. ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් සඳහා දක්වා ඇති හේතු පැහැදිලි නැති බවත්, ස්ථාන මාරුවීම් නිසි ක්‍රියා පටිපාටි අනුගමනය නොකරන බවත් ජාතික පොලිස් කොමිසම නිරීක්ෂණය කර ඇති බව අප කළ විමසීමකදී ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයකු ද සනාථ කළේය.
අතිරික්ත පදනමක් මත ස්ථාන මාරු කිරීමට නියමිත ස්ථානාධිපතිවරුන් 17 දෙනා වෙනුවට ආදේශකයන් ලෙස නිර්දේශ කර ඇත්තේ පහළ නිල හොබවන අය බව ජාතික පොලිස් කොමිසම නිරීක්ෂණය කර ඇති බවද එම සාමාජිකයා අප වෙත තහවුරු කළේය.
මේ අතර 2024-12-02 දින වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ අත්සනින් යුතුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 36කට සහ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක තතුරු දැරූ 5දෙනකු සදහා ස්ථාන මාරු වීම් ලබා දී ඇත.ඒ ජාතික පොලිස් කොමිසමේ ලේකම්ගේ 2024-12-02 දිනැති අංක NPC/ED/11/TRN/SSP/2024 සහ NPC/ED/11/TRN/DIG/2024 දරන ලිපිවල සඳහන් එම කොමිසමේ අනුමැතිය පරිදිය.එම ස්ථාන මාරුවීම් 2924-12-19 දින සිට ක්‍රියාත්මක බවද පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියේ සඳහන් වෙයි.
එහෙත් අප වෙත තොරතුරු ලබා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස් පරීක්ෂකවරු පිරිසක් පෙන්වා දුන්නේ එම ස්ථාන මාරූවිම් ද දේශපාලන පළිගැනීම් මත සිදු කර ඇති බවය.මේ හේතුවෙන් තමන්ගේ දක්ෂතා හෝ හැකියාව රාජකාරියේදි දක්වපු දක්ෂතා ද මගහැර මෙම මාරුවීම් ලබා දී ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.පැවති රජයේ ආණ්ඩුවල ජනාධිපතිවරු සහ පොලිස්පතිවරු යටතේ ශ්‍රි ලංකා පොලිසියට ඉතා හොද සේවාවක් ලබා දුන්නද වත්මන් රජය යටතේ එම සේවාව ලබා නොගන්නා බවටද ස්ථාන මාරුවීම් ලද උසස් පොලිස් නිලධාරිහු පෙන්වා දෙති. මේ හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව එම නිලධාරිහු පෙන්වා දෙති.
මෙම ස්ථාන මාරුවීම් ගැන විවිධ පැමිණිලි කොමිසම ශ්‍රි ලංකා පොලිස් කොමිසම වෙත ලැබී ඇති බවද එහි ප්‍රකාශකයෙක් පෙන්වා දෙයි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ නියෝජ්‍ය පොලිස් පරීක්ෂකවරුන්ගේ මාරුවිම් ලබා දුන්නේ පොලිස්පතිවරයා විසින් එවන ලද නිර්දේශ මත කිසිවකුටත් හානියක් නොවන පරිදි යැයි එම සාමාජිකයා පෙන්වා දෙයි. එහෙත් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම්වල ගැටලු ඇති බව එම ප්‍රකාශකයා පෙන්වා දෙයි.පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම්වලදී ඒ ඒ නිලධාරියා මාරු කරන හේතු ගැන පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් විමසනු ලබයි. එහිදී එම ස්ථාන මාරුවීම් ගැන සාධාරණීකරණයක් කිරීමක් සිදුවන්නේ නැත්නම් එම ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිසම සිදුකරන්නේ නැත. නිර්දේශ කරන්නේ නැත.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් හෝ නියෝජ්‍ය පොලිස් පරීක්ෂකවරුන්ට වඩා බිම් මට්ටමේ සිට නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන්ය. එම නිසා ඒ ගැන මූලික අවධානය යොමුකළ යුතු බව එම ප්‍රකාශකයා කීය.
බලයට පැමිණි පසු දේශපාලකයන්ට ඕනෑ පොලිස් ස්ථානාධිපතිවරුන් හැසිරවීමක් අතීතයේ තිබුණි.එහෙත් ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කළ පසු එලෙස දේශපාලන ඇගිලි ගැසීම් මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කීරිමට නොහැකි වී ඇත. ඊට හොදම නිදසුන වන්නේ වත්මන් පොලිස් කොමිසම පත් කළ පැවති ආණ්ඩුව ජනාධිපතිවරණය කැඳවීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරුන් 230කට පමණ ස්ථාන මාරුවීම් දීමට සුදානම් විය .එහෙත් ජාතික පොලිස් කොමිසම ඊට විරුද්ධ වීම නිසා එම ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට හැකි වී තිබේ.
අරගලය අවස්ථාවේ දේපොළ බේරා ගැනීමට නොහැකි වූ පොලිස් ස්ථානාධිපතිවරුන් අනිවාර්ය නිවාඩු යැවීමක් කෙරුණි. ඉන්පසු එම නිලධාරින් අධිකරණයේ පිහිට පැතීය.අධිකරණයෙන් ඊට නියෝගයක් ලබා දුන් අතර එහිදි එම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නැවත සේවයේ පිහිටුවා ඔවුන් සේවය කළ තැනට සමාන තැනක් ලබ දෙන ලෙස නියෝගයක් ලබා දුනි. ඒ අනුව එම නිලධාරින්ව වවුනියාව, කිලිනොච්චිය, යාපනය වැනි A1 පොලිස් ස්ථානවල සේවයට අනුයුක්ත කර තිබුණි. එම ස්ථාන මාරු ජාතික පොලිස් කොමිසම වෙත එවා තිබුණේ ඊට අනුමැතිය ගැනීමටය.එම අවස්ථාවේදි ජාතික පොලිස් කොමිසම පෙන්වා දී තිබුණේ එම නිලධාරින්ට තවත් අපහසුතාවකට පත් කිරීමේ මාරුවීමක් සිදු නොකරන ලෙසය. පසුව එම තීන්දුව නොතකා ස්ථාන මාරු ලබා දීම නිසා අදාළ නිලධාරින්ට අසාධාරණයක් වන බව ජාතික පොලිස් කොමිසම පෙන්වා දී තිබුණි.
මෙම ගැටලුව විසදා ගැනීමට මෝසමක් ඉදිරිපත් කොට එම ස්ථානාධිපතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට සිදුවිය. ඒ අනුව ශේෂ්ඨාධිකරණය ද පෙන්වා දී තිබුණේ ජාතික පොලිස් කොමිසමේ මතය නිවැරැදි බවය.පසුව එම නිලධාරීන්ට සුදුසු ස්ථාන ලබා දීමට තින්දුවක් හිමි විය. වත්මන් ජාතික පොලිස් කොමිසම පත් කළ රජයේ තීන්දු පවා වෙනස් කිරීමට ජාතික පොලිස් කොමිසම ක්‍රියා කළේ පනතින් ඒ වෙත ලැබී ඇති බලතල අනුවය.
ජාතික පොලිස් කොමිසමට ඇති බලය මේ වන විට විමධ්‍යගත කිරිමක් කර ඇත. ප්‍රධාන පොලිස් පරීක්ෂක සිට පොලිස් කොස්තාපල් දක්වා ස්ථාන මාරුවීම් සිදු කරන්නේ ජාතික පොලිස් කොමිසම මගිනි. එම ස්ථාන මාරු ලබාදීමේදී ඊට අදාළ කටයුතු කිරීමට පොලිස්පතිවරයාට බලය විමධ්‍යගත කොට ඇත. එහෙත් මූලස්ථාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති ලා මාරු කිරීමේ බලය ජාතික පොලිස් කොමිසම වෙත තබාගෙන ඇත.
ඊට විශේෂ හේතුව වන්නේ ජාතික පොලිස් කොමිසමේ පනත අනුව පොලිස් ස්ථානාධිපති කෙනකු පත් කිරිම ජාතික පොලිස් කොමිසමට අයත් කාර්යයක් බව පෙන්වා දී තිබීමය. එම පත්වීම කිරීමේදි පොලිස්පතිවරයාගෙන් විමසිය යුතු නැති බව ජාතික පොලිස් කොමිසමේ මතයයි. නව පත්කිරීමක් සිදු වන විට එය සිදුවෙන්නේ පත්කිරිමේ ප්‍රතිපත්තිය අනුවය. විභාගයක් තිබීම, සම්මුබ පරීක්ෂණයක් කිරීම, සාක්ෂරතාව, දක්ෂතාව මතය. ඉංග්‍රිසි පාලන සමයේ නීතියට අනුව පොලිස්පතිවරයාට හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ස්ථානාධිපතිවරකු පත් කිරිමේ බලය තිබුණි. එහෙත් ජාතික පොලිස් කොමිසම බිහිවීමත් සමඟ එම ක්‍රියාදාමය නැවතුනි.
ජාතික පොලිස් කොමිසම බිහිවන්නේම පොලිසිය නිර්දේශපාලනය කිරීමටය. එහෙත් වර්තමානය වන විට පොලිස් නිලධාරින්ගේ ස්ථාන මාරු හේතුවෙන් ජාතික පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා අතර යම් මත ගැටුමක් ඇති වී තිබෙන බව ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශකයා පෙන්වා දෙයි.ඊට හේතු වී තිබෙන්නේ ජාතික පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයා වෙත පවරා ගැනීමට ගන්නා උත්සාහයක් නිසාය. ජාතික පොලිස් කොමිසම පත්කිරීම සිදුවෙන්නේ පාර්ලිමේන්තුවේ සැදුම්ලත් කමිටුවකිනි. එසේ නම් ජාතික පොලිස් කොමිසම වෙත බලය පැවරි ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත පනතක් මගිනි.එම බලතල විමධ්‍ය ගත කිරිමක් බලය උදුරා ගැනීමක් කාට හෝ කිරීමට බැරිය. එහෙයින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරිමේ බලය ජාතික පොලිස් කොමිසම වෙත පැවරි ඇති වගකීමක් බව ද පොලිස් කොමිසමේ ප්‍රකාශකයා පෙන්වා දෙයි.
ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ බලය ඇත්තේ කොමිෂන් සභාවට
- ශ්‍රි ලංකා පොලිස් කොමිසමේ සභාපති
මේ සම්බන්ධව කළ විමසීමකදී ජාතික පොලිස් කොමිසමේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්.ලලිත් ඒකනායක පෙන්වා දෙන්නේ මෙවැන්නකි.
පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ බලය වැඩබලන පොලිස්පතිවරයාට ලබා දෙන ලෙස ඉල්ලා ලිබිත ඉල්ලීමක් ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කළා.එහෙත් මේ වන විට පොලිස්පතිවරයාට ස්ථානාධිපතිවරුන් පත්කිරිමේ බලයට මැදිහත් විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ද තිබෙනවා. සමයවර්ධන විනිශ්චයකාරතුමා ලබා දී ඇති එම නඩු තීන්දුවෙන් ද පෙන්වා දෙන්නේ අයදුම්කරුවන් පත් කර ගැනීමට පොලිස්පතිවරයාට පනතින් ලබා දී ඇති බලතල අත්තනෝමතික යැයි කියාය. එනිසා වහාම එය ඉවත් කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති තීන්දුවේ සඳහන් වෙනවා. වත්මන් පොලිස්පතිවරයා ඉල්ලන ඉල්ලීම ලබා දුන්නොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවට පටහැණි යැයි සභාපතිවරයා පෙන්වා දෙයි.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය දක්වා බලය අඩු වැඩි වෙමින් ලබා දුන්නේ ජාතික පොලිස් කොමිසම වෙතය. එලෙස ලැබුණ බලය පොලිස් නිලධාරි කොට්ඨාසයක් සඳහා විමධ්‍ය ගත කිරිමේ හැකියාව පනතින් ලබා දී තිබෙනවා. ඒ නිසා පොලිස්පතිවරයා ඉල්ලා සිටින බලය ලබාදීම කළහොත් එය ජාතික පොලිස් කොමිසමේ ස්වාධීනතවයට ගැටලුවක්. පොලිස්පතිවරයා යනු රජයේ දෙපාර්තමේන්තුවක් බාර ප්‍රධානියෙකි. එම ප්‍රධානියා යටත් වෙන්නේ අදාළ රේබීය අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතටය. එම අමාත්‍යාංශයේ ඇමතිවරයෙක් ද සිටියි.එසේ නම් අපි බලය විමධ්‍යගත කරනවා කියා බලය දෙන්නේ ප්‍රියන්ත වීරසූරියට නොව පොලිස්පති තනතුරටය.එවිට එම තනතුර දරණ පුද්ගලයා රේබීය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ඇමතිවරයා කියන පරිදි වැඩ කළ යුතුය. එසේ නම් පොලිස්පති තනතුරට පත්වෙන පුද්ගලයා අනුව බලතල ක්‍රියාත්මක කිරීමට යාමෙන් ජාතික පොලිස් කොමිසමේ ස්වාධීනත්වය පිළිබද ගැටලුවක් විශ්වාසයක් ස්වාධීනත්වයක් නැති වෙන බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
ස්ථාන මාරු කිරීම් නව පත්වීම් ලබාදීම සිදු කරන්නේ පොලිස් කොමිෂන් සභාවයි.
- පොලිස් මධ්‍ය ප්‍රකාශක
මේ සම්බන්ධව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් විමසුවිට වැඩබලන පොලිස්පතිවරයා සිටියේ රැස්වීමකය. ඒ අනුව මෙම කාරණා ගැන පිළිතුරු ලබා දුන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරින් පත්කිරීමට මාරුකිරිමට බලය ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවට. පොලිස් කොමිෂන් සභාවේ බලය මේවන විට විමධ්‍ය ගත කරලා තිබෙනවා පොලිස් ස්ථානාධිපතිවරුන් හැරෙන්නට අනික් නිලධාරින්ගේ ස්ථාන මාරු කිරිම් දක්වා. එසේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ මාරුකිරීම් පවා කිරිමට පොලිස්පතිවරයා වෙත බලය විමධ්‍ය ගත කරලා තියෙනවා. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ඉහළ නිලධාරින්ගේ ස්ථාන මාරු කරන්නෙත් පොලිස් කොමිෂන් සභාවයි.
එම මාරුවීම්වලදි පොලිස්පතිවරයා අදාළ නිර්දේශ ටික පොලිස් කොමිසම වෙත යවනවා. එම නිර්දේශ බලලා පොලිස් කොමිෂන් සභාව අදාළ ස්ථාන මාරුවිම් සිදුකරනවා. එසේ නොමැතිනම් නැවත අපෙන් පොලිස් කොමිෂන් සභාව විමසීමක් කරනවා. ඊට හේතු පොලිස්පතිවරයා දක්වනවා.එහි කිසිම ගැටලුවක් නෑ. ස්ථානාධිපතිවරුන් 17 දෙනා මාරු කිරිමේදි යවපු ලේබනවලට පොලිස් කොමිෂන් සභාවෙන් තවදුරටත් අපෙන් නිරීක්ෂණ ඉල්ලා තිබෙනවා. අපි ඒ නිරික්ෂණ යවනවා. මේක සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක්. අපි ස්ථාන මාරුවීම් කරන විට පොලිස් කොමිෂන් සභාවේ සැහීමකට පත්වෙන ආකාරයෙන් සිදු කරනවා.අපි සෑමවිටම ස්ථාන මාරුවීම් සිදුකරන්නේ කිසියම් හේතුවක් මතයි.දේශපාලන හෝ පෞද්ගලික පළිගැනිම් මත කිසිම ස්ථාන මාරුවක් වෙන්නේ නෑ. ඊට කුමන හෝ හේතුවක් බලපානවා. ඒක පොලිස් කොමිෂන් සභාවෙන් නැවත විමසීමක් කළාම අපි උත්තර දෙනවා.
අලුත් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේ පොලිස් කොමිෂන් සභාවයි. එම පත්කිරීමක් සඳහා පොලිස්පතිවරයා නිර්දේශ යවන එකයි සිදුකරන්නේ. එම පත්කිරීම් සඳහා සම්පූර්ණ බලය තියෙන්නේ පොලිස් කොමිෂන් සභාව වෙතයි. එතන ගැටලුවක් ඇති වෙලා නෑ. ඒ පිළිබඳ කොමිසමෙන් ඉල්ලීමක් කළ විට නිර්දේශ යවන එකයි සිදු කරන්නේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කීය.
(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ
2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ග
සියයට 20කින් විදුලි බිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට රටේ කාගේත් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ ස
2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා
නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය, දින සියයක් පැරැණි ජාතික ජන බලවේගය රජයට බලපා ඇති ගැටලුවලට වඩා බරපතළ අර්බුදයක ගිලී සිටියි.
“ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිබෙන්නේ දිළිඳු තත්වයකය. වෘත්තීය අභිමානයක් ඇත්තේම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වැඩි බලතල පොලිස්පතිටද? කොමිසමටද?