සහල් ප්‍රශ්නය තාම විසඳා ගැනීමට ආණ්ඩුවට නොහැකිවීමෙන් කියා පාන්නේ තමන්ට කොතරම් විසිල් පුළුවන් වුවද බල්ටි නම් බැරි බවයි. පසුගිය දා පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ පොදු සමාජයේ භාෂාවෙන් කිවහොත් හොඳටම නාගත්තේ ය. එය එක් ඇමැතිවරයකුගේ නාගැනීමට පමණක් සීමා නොවී සමස්ත ආණ්ඩුවේ සියලු කරුණු ගැන නාගැනීමක් වුවද, එහි දී වූ සහල් ප්‍රශ්නය ගැන නාගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
වැඩසටහන මෙහෙයවන්නා ඇමැතිවරයාගෙන් අසන්නේ, ආණ්ඩුවට තාමත් මෙරටට සහල් ඇටයක්වත් ආනයනය කිරීමට නොහැකි වූයේ ඇයි ද හා ආණ්ඩුවේ සහල්වලට බාලගිරි දෝෂය වැළඳී ඇත්තේ ඇයිදැයි යන්නයි. ආණ්ඩුව ලෙස මෙහි දී අදහස් වූයේ සතොසට හා රාජ්‍ය වෙළෙඳ නීතිගත සංස්ථාවට ය. මෙම ආයතන දෙකම සහල් ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවූව ද ඔවුන්ට තාමත් මෙරටට එකදු සහල් නැවක් හෝ ගෙන්වා ගැනීමට සමත් වී නැති බව සමරසිංහ පිළිගත්තේ ය. මේ, ඇමැති සමරසිංහගේ යටතේ ඇති ආයතන දෙකකි. එහි සභාපතිවරුන් හා සියලු අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කර ඇත්තේ ඔහුගේ හිතවතුන් ය. එවන් පසුබිමක ඔවුන්ට තාමත් සහල් ටික ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත. ඒ පෞද්ගලික ආනයනකරුවන් සැලකියයුතු තොග ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් තිබිය දී ය. ඇමැතිවරයා කියන්නේ ආණ්ඩුව දැමූ ටෙන්ඩර් දෙකම දෙවරක්ම අසමත් වූ බවයි. පළමු අවස්ථාවේ දී සිදු වූයේ රජයේ ටෙන්ඩර් පරිපාටිය ගැනුම්කරුවන් විසින් නොසපිරූ බවයි. දෙවැනි අවස්ථාවේ දී ටෙන්ඩර්වල ගැනුම්කරුවන් ඉදිරිපත් වී නොමැත.
වසන්ත සමරසිංහලා ඉගෙන ගන්නේ දැන් ය. විපක්ෂයේ සිටින විට නම් ඔවුන් කීවේ රජයේ ආයතන තියෙද්දී කොමිස් ගැනීමට පෞද්ගලික ආනයනකරුවන් හරහා සහල් ආනයනය කරන බවයි. එක් අතකින් දැන් වසන්ත සමරසිංහලා ද එය ම කරමින් සිටිද්දී, කිසිවකු ඔවුන්ට එසේ චෝදනා කරන්නේ නැත. සෙසු දේශපාලන පක්ෂවල නායකයන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ සහල් හිඟය නැති කර ජනතාව අතට සහල් යෑම ය. පොදුවේ ගත්කල පොදු දේශපාලන ප්‍රවාහය තුළ සිටින දේශපාලකයන් අන් අයගේ කකුලෙන් අදින්නේ නැත. කොටින්ම දුෂ්කර අවස්ථාවක එය කොහොමත් කරන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා දේශපාලකයන් මේ ශිෂ්ටත්වය හඳුනාගත යුතුව තිබේ. ඔවුන් එම ශිෂ්ටත්වය වැළඳගත යුතුව තිබේ. තමන් මේ තාක් කොතරම් අශිෂ්ට ලෙස ව්‍යාජ චෝදනා මත රැඳෙමින් අන් අයට ගල් ගැසුවේ ද යන්න දැන්වත් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත යුතුව තිබේ. මෙම දේශපාලන බලවේගය පසුගිය කෝවිඩ් සමයේ ඩොලර් හිඟ වී අත්‍යවශ්‍ය ආනයන ගැටලු මතුවෙද්දී ප්‍රසිද්ධ වේදිකාවට විත් කීවේ ලංකාවට ඩොලර් නොඑවන ලෙස ය. ඒ තරම් කුරිරු මනසකින්ය මොවුන් කටයුතු කළේ.
ආණ්ඩුවේ අඳබාලකම්, අසමත්කම් දේශපාලනික ප්‍රශ්න ලෙස සලකා ජනතාව ඊට නිසි ප්‍රතිචාර දක්වනු ඇත. එහෙත් දැනට ආණ්ඩුව බාර මොවුන්ට රටේ සැබෑ ප්‍රශ්නවලින් පැනයා නොහැක. තාමත් කඩපොළේ වීදියේ ප්‍රශ්න විසඳී නැත. අවුරුදු සමයේ පරිධියේ නගරවල, ගම්තුලාවල පොඩි මිනිහාගේ කඩවල හාල් නැත. ආණ්ඩුව දැන් හැසිරෙන්නේ රටේ ප්‍රශ්නයක් නැති ගානට ය.
ප්‍රශ්නය නම් සහල් සඳහා පැනවූ තොග සහ සිල්ලර මිලේ ප්‍රශ්නයයි. මේ ආණ්ඩුව නිතර නිතර කීවේ තමන් පොඩි මිනිහා සමග සිටින නිර්ප්‍රභූ දේශපාලන බලවේගයක් බවයි. එහෙත් ප්‍රායෝගිකව නම් එය පට්ටපල් බොරුවකි. මැතිවරණයේ දී මුදල් වියදම් කළ මහාපරිමාණ මෝල් හිමියන් කී මිලට පාලන මිල තැබූ ජනාධිපතිවරයා, සහල් විකුණන කුඩා සිල්ලර කඩ හිමියා ගැන තැකුවේ නැත. තොග සහ සිල්ලර මිල අතර සහල් කිලෝවකට රුපියල් 5ක පරතරය සිල්ලර වෙළෙඳසල් හිමියාට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. සහල් ලබාදෙන බෑගයටම එම මිල කැපී යයි. මේ කිසිවක් නොදැන ආණ්ඩුව ගත් තීන්දුව නිසා බොහෝ සිල්ලර වෙළෙඳසල් දැන් සහල් වෙළෙඳාම නතර කර ඇත. පාඩුපිට සහල් විකුණන අතර පාරිභෝගික අධිකාරියෙන් රුපියල් ලක්ෂයක දඩ කෑමට ඔවුන්ට ඔළුවේ අමාරුවක් නැත. මේ සියල්ලෙන් අමාරුවේ වැටුණේ ජනතාව ය. කොතරම් කයිය ගැසුවද ඇත්ත වැඩට බැසගත් පසු ආණ්ඩුවේ නිරුවත හැම අතින්ම පෙනේ.
පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තම තුනෙන් දෙකේ බලය ගැන උද්දාමයට පත්වෙමින්, බදු සංශෝධනයක් කළේ ය. කොටින්ම එය සංශෝධනයක් නොව, තවත් පොඩි මිනිහාට ම තලා දමන බදු වැඩි කිරීමකි. අටුව කඩා පුටුව සෑදීමකි. ලංකාවේ බොහෝ පිරිසක්-ඇත්ත වශයෙන් ම ලක්ෂ 10කට ආසන්න පිරිසක් තමාගේ ජීවිත කාලය පුරාම සරිකරගත් මුදලක් බැංකුවේ තැන්පත් කොට ඉන් ලැබෙන මාසික පොලියෙන් ජීවත්වීමට පුරුදු වී සිටිති. මේ වැනි බොහෝ අය එක්කෝ විශ්‍රාමිකයෝය, නැතිනම් තරුණ හා මැදිවියේ දී ව්‍යාපාරයක් කොට විශ්‍රාම වසයට ගිය පසු නිදහසේ ඉන්නට ඉටාගත් පිරිස්ය. බොහෝ විට ඉන්නේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පසු ලැබුණු අර්ථසාධක දීමනාව බැංකුවේ දමාගත් අයයි. දැන් මේ පිරිසගේ පොලිය සියයට5 සිට සියයට 10 දක්වා වැඩි කිරීමට තීරණය කොට තිබේ. මෙය ඉතා පහසු බදු ක්‍රමයක් බව සැබෑය. එහෙත් පසුගිය ආණ්ඩුව පවා මෙයට අත නොතැබුවේ, එසේ කළහොත් මේ පිරිසගේ ජීවන තත්වය අවුල්වන නිසා ය. වයස්ගතව සිටින ඔවුන්ට අන් පිළිසරණක් ද නැත. එවන් තත්වයක දී මොවුන් මත බර පැටවීම අයුක්තිසහගත ක්‍රියාවකි. ආණ්ඩුව එවක දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කළේ තමන් අලුතින් රාජ්‍ය ආදායම් වැඩි කරන්නේ බදු පනවා නොව, දූෂණය, නාස්තිය හා වංචාව නැති කිරීමෙන් බවයි. අද ආණ්ඩුවේ ඇමැති ධුර හොබවන කයියනායකලා ඒවා ගණන් හිලව් ඇතිව කීවා මතක ය. අප අසන්නේ දැන් දූෂණය හා වංචාව නැවැත්වීමෙන් කීයක් ඉතිරි කරගෙන තිබේ ද යන්නයි. එසේ ඉතිරි කරගෙන තිබේනම් දැන් පොඩි මිනිහාට ම අලුතින් බදු පනවන්නේ ඇයි ද යන්නයි.
සියලු බොරු පුරාජේරු ජනතාව ඉදිරියේ ඉතිරි නොකරම හෙළිවෙද්දී ආණ්ඩුව සිතන්නේ, තවදුරටත් පළිගැනීම හා වෛරය මතින් මේවා යටපත් කළ හැකි බවයි. මුළු රටම ත්‍රස්තවාදයෙන් බැටකමින් සිටිද්දී රටට සාමය ගෙන ආවා මතු නොව, රට සංවර්ධනයේ අලුත් තලයකට ඔසවා තැබූ මහින්ද රාජපක්ෂගේ පොලිස් හා හමුදා ආරක්ෂාව කපා දැමීම වැනි මජර වැඩ නම් යහමින් කරනු පෙනේ. ඒවාට නම් මොවුන් බොහෝ ඉක්මන් ය. ඒ සඳහා හේතුවක් ලෙස කියන්නේ, ඉන් අච්චර මෙච්චර මුදල් ඉතිරිකරගත හැකි බවයි. එය පල් බොරුවකි. මුළාවකි. මේ වියදම් ලෙස ඉදිරිපත් කළේ අදාළ හමුදා සහ පොලිස් නිලධාරීන් ගන්නා වැටුප් හා දීමනා ය. එම මුදල ඔවුන් කොතැන සේවය කළ ද ඔවුන්ට ලැබීමට නියමිත ය. මහින්දට ආරක්ෂාව දීම වෙනුවෙන් අමුතු මුදලක් වැය වන්නේ නැත. විවිධ හේතු ඉදිරිපත් කොට මේ කර ඇත්තේ පළිගැනීම ය. ආණ්ඩුව සිතන්නේ මහින්දගෙන් පළිගත් පසු ජනතාව අවුරුද්දේ කෑමට සහල් නැති වුවද තමා ගැන සතුටු වනු ඇති බවයි.
පසුගිය කාලයේ ආර්ථික අර්බුද සමයේ රාජපක්ෂවරුන් කෙරෙහි යම් විරෝධයක් තිබුණ බව ඇත්තකි. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුන් ජනතාවගේ මුදල් සොරකම් කළ බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් විපක්ෂයේ සිට ගෙතූ බොරු ය. “රාජපක්ෂලා උගන්ඩාවට සල්ලි ගෙනිච්ච නිසා තමා මේ සේරම” වගේ කතා රටපුරා පැතිරී ගියේ ය. දැන් ආණ්ඩුව බලයට පත් වූ පසු එම බොරුව වැපිරූ නොසණ්ඩාල මන්ත්‍රීවරියක්ම ප්‍රකාශ කළේ තමා එසේ කීවේ බොරුවට බවයි. මේ කාන්තාවම පසුගිය සතියේ තවත් එවැනි විලම්භීත කතාවක් කිවේ ය. ඒ ඕනෑම ඇත්තක් බොරුවක් බව කීමට ද ඕනෑම බොරුවක් ඇත්තක් බව කීමට ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙන බව ය. මේ නම් සහගහන ප්‍රජාතන්ත්‍රවාදයකි.
ඒ කෙසේ වෙතත්, එවක රාජපක්ෂවරුන්ට මඩ ගැනීමට කී බොරු දැන් නිරුවත් වීම නිසා, පෙර ජනතාව රාජපක්ෂල ගැන තිබූ ආකල්පය දැන් දැන් වෙනස්ව ඇති සෙයකි. “අයියෝ අපි රට බේරාගත් මිනිහාට අපහාස කළේ මේ බේගලියන්ගේ කතා අසා නොවේදැයි” ඔවුන්ට පසුතැවිල්ලක් ඇති වී තිබෙන සෙයකි. ඒ අනුව, රාජපක්ෂලාගේ ආරක්ෂාව කපා දැමීම හරහා ආණ්ඩුවට සිදුවන්නේ තවත් ලකුණු කැපෙන එක මිස එකතු වෙන එක නම් නොවේ. රාජපක්ෂලා පරාජය කිරීමට නම් ආණ්ඩුව කළ යුත්තේ ඔවුන් ඉක්මවා රටට වැඩ කිරීම ය. එහෙත් එවැනි ලකුණක් හෝ තාමත් පෙනෙන්නට නැත.
මේ සියලු තත්වය හමුවේ දුක් විඳින මහජනයාගේ හඬට නියෝජනයක් දීමට විපක්ෂය අවශ්‍ය ප්‍රමාණයෙන් ඉදිරිපත්වන හැඩක් නොපෙනේ. ඔවුන් කලකිරීමට පත්ව තිබේ ද? මේ තරම් බොරුවලට හසුවන ජනතාවක් අතර දේශපාලනය කර වැඩක් තිබේ ද යන කල්පනාවට ඔවුන් ඇවිත් තිබේ ද? ඇතැමුන් එවැනි සිතුවිල්ලක සිටින බව අප අත්දැක තිබේ. එහෙත් සිහිපත් කළ යුත්තේ එය දේශපාලනය නොවන බවය. ජනතාව විසින් පාර්ලිමේන්තුව තුළ විපක්ෂය දුර්වල කර තිබෙන බව සැබෑ ය. එහෙත් දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුව අවශ්‍ය නැත. වත්මන් ආණ්ඩුව විසින්ම එය ඔවුන්ගේ විපක්ෂ කාර්යභාරය තුළින් පෙන්වා ඇත. ඒ අනුව, මේ මොහොතේ තිබෙන ජනතා ගැටලුවලට විසඳුම් දෙන ලෙස බලකරමින් වගේම, ජනතාවට පොරොන්දු වූ දේවල් ඉටුකරන ලෙස බලකරමින් ජනමතය ඉදිරියට ගැනීමට කටයුතු කළ යුතුව තිබේ.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච් හා මුඩීස් යන ආයතන ශ්‍රී ලංකාව තරමක් ඉහළ මට්ටමකට පසුගිය 20 වැනිදා හා 23 වැනිදා ශ්‍රේණිගත කළේය.
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට වසර 160 ක් සපිරෙයි. කොළඹ සිට අඹේපුස්ස තෙක් පළමු දුම්රිය ධාවනය වූයේ 1864 දෙසැම්බර් 27 වැනි දා ය. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ දුම්රිය සේ
සහල් ප්‍රශ්නය තාම විසඳා ගැනීමට ආණ්ඩුවට නොහැකිවීමෙන් කියා පාන්නේ තමන්ට කොතරම් විසිල් පුළුවන් වුවද බල්ටි නම් බැරි බවයි. පසුගිය දා පෞද්ගලික රූපවාහිනි ව
නත්තල යනු ජේසුස් වහන්සේගේ මොලොව ජනිත වීම සිහිපත් කරන අසිරිමත් අවස්ථාවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මීට අවුරුදු දෙදාහස් ගණනකට පෙර බෙත්ලෙහෙම් නුවර ගවල
ආර්ථික බංකොලොත්භාවයකට පත්ව සිටි ශ්‍රී ලංකාව ස්ථාවර තැනකට පැමිණ ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් අනුව දියුණුවකට හරවාගත හ
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
විපක්ෂයේ වර්තමාන කාර්යභාරය