පැරැණි රුසියානු සාහිත්‍යය අපට කියවන්නට ලැබුණේ එක්සත් සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව පිහිටුවීමෙන් පසුව ය. එකී සාහිත්‍යය බොහොමයක්ම විප්ලවය සිදුවීමට පෙර රුසියාවේ තත්ත්වය පදනම්ව නිර්මාණය වූ ඒවාය. එසේම ඒවා විප්ලවයට සහය වූ සාහිත්‍යය ය. ඒ අතර කලා සාහිත්‍යය, ළමා සාහිත්‍යය සහ දේශපාලන සාහිත්‍යය සුවිශේෂීය.
කලා සාහිත්‍යය තුළ විශේෂ ලක්ෂණයක් වූයේ එවක රුසියානු අධිරාජ්‍යයේ පැවති සහ පොදු ජනයා මුහුණදුන් සහ පාලකයන් අත්පත් කරදුන් සාගත, දුර්භික්ෂ, පීඩා, මර්දන, සුරාකෑම්, ප්‍රචණ්ඩත්වය, සාහසික ක්‍රියා සහිත ප්‍රතිගාමිත්වය හෙළිදරව් කිරීමය.
එනම් පොදුවේ ගත් විට ආර්ථික, පාලන, සමාජ සහ සංස්කෘතික පීඩා හෙළිදරව් කිරීමය. දේශපාලන සාහිත්‍යය ගත්විට ඒ සියල්ල සමගින් න්‍යායික ඉදිරිපත් කිරීම්, විශ්ලේෂණ, යෝජනා, වැඩපිළිවෙළවල් සහ වාදවිවාද වලින් සමන්විත විය. ඒ අතුරින් “හෙළිදරව් කිරීමේ සාහිත්‍යය” ලෙස නම් කෙරුණේ ඉහත කී කලා සාහිත්‍යය සහ දේශපාලන සාහිත්‍යය භාවිතයයි. ලියෝ තෝල්ස්තෝයි යනු එහි පුරෝගාමියෙකි. ලෙනින් ට ඔහු විප්ලවයේ කැඩපත විය.
මෙවර ‘කිවි දා දැක්මට’ ඉහත පූර්විකාව යොදා ගනු ලැබූයේ එය මෙ රට මේ මොහොත ට අතිශයින්ම අදාළ නිසාය. එනම් ‘හෙළිදරව් කිරීමේ සාහිත්‍යය’ මෙරට බුද්ධිමතුන්ගෙන් සහ කලා සාහිත්‍යකරුවන්ගෙන් අවශ්‍ය පමණට නො සැකසෙන මොහොතක ඒ වගකීම ම නොවිහෙළිදරව් කිරීම’ සහ ‘හෙළිදරව් වීම’ වෙනත් පාර්ශව අතින් සිදුවන පසුබිමක් පවතින නිසා ය. මන්ද ලංකාවේ කලා සාහිත්‍ය ලෝකයේ සැප්තැම්බර්වරුන්ට සාපේක්ෂව ඔක්තෝබර්වරුන් ඉතා හිඟ ය.
පසුගිය දිනවල මාධ්‍ය වෙතින් ඉදිරිපත් වූ දෘශ්‍ය සහ වාචික එනම් රූප සහ හඬ ප්‍රවෘත්ති සත්‍ය නම් ‘හෙළිදරව් වීමේ’ කාර්යයේ ප්‍රමුඛත්වය ප්‍රියමාලි මහත්මිය ඇතුළු කණ්ඩායමට හිමි විය යුතු ය. එසේම ‘හෙළිදරව් කිරීමේ’ කාර්යයේ ගෞරවය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හිමිවිය යුතු ය.
ප්‍රියමාලිලාගේ හෙළිදරව් වීම් ඔවුන් නොසිතූ මොහොතක සිදුවූ ඒවා ය. එහෙත් ඒ හෙළිදරව් වීම් මගින් මෙරට පාලනය, ආර්ථිකය, කලාව, සිවිල් සමාජය, සහ ආගම අත්පත්කරගෙන සිටින සහ ඒවාට මුවා වී සිටින ජාවාරම්කාර පිරිසක් අනාවරණය විය. විශේෂයෙන්ම ඇතැමුන්ගේ ආගමේ ආගම වෙළඳාම පමණක් නොව ජාවාරමාගම බව ඔප්පු විය. ආගම සහ සිවිල් සමාජ සංවිධානවල නියමුවන් ලෙස පෙනී සිටිමින් ඒවාට මුවා වෙමින් සහ ඒවායේ අව්‍යාජ අරමුණුවලට මුළුමනින්ම පරස්පර අයුරින් ජාවාරම්කාර සහ බිම්ගත ආර්ථික නඩත්තු කරන ආකාරය හෙළිදරව් විය. සියලු සත්වයෝ දුකින් පෙළෙද්දී තමන්ලා පමණක් සුවපත් වීම යනු කිසිම ආගමකට නො ගැළපෙන්නකි. එහෙත් මේ රට එවැන්නවුන්ට තෝතැන්නකි. රංග මණ්ඩපයකි.
ප්‍රියමාලි සිදුවීම් දාමය නිසා තවත් හෙළිදරව් වීමක් සිදු විය. එනම් ඒ රටේ නෛතික හෝ පිළිගත් මුල්‍ය ආයතන පද්ධතියට එපිටින් හෝ යටින් බලවත් වී ඇති රහස්‍ය මුල්‍ය වෙළඳාම ය. රටේ අභ්‍යන්තරික මුල්‍ය වෙළඳපොළ සහ මුල්‍ය සංසරණය රාජ්‍ය බල සීමාවෙන් පිටට ගොස් බලවත්ව ඇත්තේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වන්නන්ගේ ද උපකාරය සහ දායකත්වය සහිතව ය. එනම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන යහආණ්ඩුකරණය ගැන දෙසන පක්ෂ විපක්ෂ පාලක සුධීමතුන්ගේ දායකත්වය සහිතව ය. අවසානයේ දී කවුරු කවුරුත් එක කල්ලියක ය. ප්‍රියමාලිලා සහ තැන්පත්කරුවන්/කාරියන් යනු දෙගොල්ලක් නොව එකම කල්ලියක් ය. ඒ කල්ලිය දියකර ඇත්තේ මේ රාජ්‍යය ය.
එසේම මේ සා විශාල ධනස්කන්ධයක් තිකෝ සමාගමේ තැන්පත්කරුවන් සහ කාරියන් උපයාගත්තේ කෙසේ ද යන්න ගැන කිසිදු පරීක්ෂණයක් කෙරෙන බවක් පෙනෙන්නට නම් නැත. හෙළිදරව් වී ඇති කරුණු සත්‍ය නම් තැන්පත්කරුවන් මේ මුදල් උපයාගත් ආකාරය රටට හෙළිදරව් කිරීම විගණන කොමිසමේ වගකීමක් බව සිතෙන්නේ මගේ නොදැනුවත් කම නිසා නම් ඊට සමාව අයදිමි. ඒ කෙසේ වෙතත් ප්‍රියමාලිලාගේ හෙළිදරව් වීම් නිසා රටේ පාලනය, කලාව, ආගම, ආර්ථිකය, වෙළඳාම, සහ සිවිල් සමාජය දෙස බැලීමට අලුත් ඇසක් මෙරට ජනයාට ලැබී ඇත. ඒවායේ සළුපිළිවලට යටින් ඇති කැත සහ නිරුවත් පෘතග්ජන ආත්ම හඳුනා ගැනීමට ඒ ඇස භාවිතයට ගැනීම ජන සමාජයේ වගකීමක් ය.
මා කලක සිට මෙම ලිපි පෙළෙහිම මතු කළ කරුණු කීපයක් අපේ පාඨකයන්ට සිහිපත් කළ යුතු යැයි සිතමි. එනම් මේ රටේ ‘රාජ්‍යයක් නැත’ යන්න එක් කරුණකි. එසේම දේශපාලන පක්ෂ නැත, ඇත්තේ කල්ලි, රංචු, හවුල්, සහ පවුල් ය’ යන්න තවත් කරුණකි ආගමේ ආගම බවට වෙළඳාගම’ පත් වී ඇත’ යන්න අනෙක් කරුණය. ඇත්තටම න්‍යායික භාෂාවකින් කියනවානම් මේවා ප්‍රවාද නැතහොත් තීසිස තුනකි. ඇත්ත රාජ්‍යය ඇත්තේ රාජ්‍යය යැයි අපට පෙනෙන රාජ්‍යයට යටින් ය. පෙනෙන පාලකයන්ගේ සහ පරිපාලකයන්ගේ සැබෑ සම්බන්ධකම් ඇත්තේ ඒ නොපෙනෙන ඇත්ත රාජ්‍යය සමඟය. ඔවුන්ගේ නිවහන එතැනය. පෙනෙන රාජ්‍යයෙන් කරනුයේ අප රැවටීම ය.
දේශපාලන පක්ෂ නැත යන්න යළි පැහැදිලි කළ යුතු නැතැයි සිතමි. අපට ආගම දෙසන අයගේ ආගම වෙනත් ආගමක් බව කියාපාන උදාහරණ අපමණය. ඒවා මෙනෙහි කරන්න. එවිට ඔවුන්ගේ ආගම වෙළඳාගම හෝ ජවාරමාගම බව ඔබට පසක් වනු ඇත. එසේම පෙනෙන වෙළඳපොළට යටින් සමුද්‍ර ගැඹුරේ සැරිසරන මහා බියකරු දියවැල් සේ බලවත්, එසේම පෙනෙන වෙළඳපොළ හසුරුවන බලගතු ලීවර අපට නො පෙනේ. ඒවා ඉඳ හිට එළියට එන බවට සාක්ෂියකි ප්‍රියමාලි කතා වස්තුව.
ප්‍රියමාලිලාගේ හෙළිදරව් වීම අනපේක්ෂිතව සිදුවූවක් බව මුලින් සඳහන් කළෙමි. ඊළඟට මා අවධානය යොමු කරන්නේ දැනුවත් හෙළිදරව් කිරීමක් ගැනය. ඒ හෙළිදරව්ව කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ය. පාර්ලිමේන්තුවේ පමණක් නොව දේශපාලනයේ ඉන්නා “අප්පුහාමිලා” ගැන ඔහු කළ හෙළිදරව්ව වැඩි කතාබහකට ලක්විය යුත්තක් වුවත් එසේ වුණේ නැත. මා ඒ හෙළිදරව්වට සාධාරණයක් කළ යුතු යැයි සිතන්නෙකි. “මොන අප්පුහාමි ගියත් ඔය පාර්ලිමේන්තුවට ගිය එකා පගාව ගහන එක ගහනවාමයි. මේක තමයි ඇත්ත. කුමාර වෙල්ගම කියලා කුමාර වෙල්ගම පැත්තකට දාන්න එපා. අපි ඔක්කොම එක කණ්ඩායමේ එක අප්පුහාමිලා.” ඒ උපුටා දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය දිනෙක කළ කතාවක කොටසක් ය.
මෑත ඉතිහාසයේ මෙවැනි එඩිතර හෙළිදරව්වක් කිසිවකු විසින් වත් සිදුකොට නැත. වෙල්ගම ගේ හෙළිදරව්ව පුළුල් සමාජ කතාබහකට ලක් නොවුණේ, එක්කෝ පොදු ජනයාට මෙය අලුත් හෙළිදරව්වක් නොවන නිසා විය හැකිය. නැතහොත් සමස්ත සමාජය ම එවැනි පගා සංස්කෘතියක ගැලී සිටින නිසා විය හැකි ය.
මෙම හෙළිදරව්වීම්වලින් සහ හෙළිදරව් කිරීම් මත පදනම්ව පොදු ජන සමාජයට යම් මඟක් යෝජනා කිරීම අවශ්‍ය ව ඇතැයි මට සිතේ. ඒ මඟ අලුත් එකකි. එනම් මේ දක්වා අප නඩත්තු කර ඇත්තේ රට අගාධයට යවන ආර්ථික දේශපාලන වෙළඳපොළ සමාජ ආකෘතියකි.
පසු ගිය දශක හතරකට වැඩි කාලයක් තුළ මේ රට පාලනය කළ සියලුම දේශපාලන කල්ලි නඩත්තු කළේ ඒ ආකෘතිය ය. නොතේරෙන ජනයා ආකෘතිය නොව පාලකයන් ප්‍රතික්ෂේප කිරීම ආරම්භ කොට ඇත. කිසිදු පාලකයකු ගැන සමාජ විශ්වාසයක් ජනතාවට නැත. පෞද්ගලිකව යම් යම් විශ්වාස තිබිය හැකි වුවත් සමාජ දේශපාලන විශ්වාසයක් නම් ඇත්තේම නැත. එය හොඳ තත්ත්වයකි.
එහෙත් මේ දක්වා නඩත්තු කර ඇති ආකෘතිය ගැන අවබෝධාත්මක අවිශ්වාසයක් සහ විරෝධයක් ජන සමාජයෙන් තවම නිසියාකාරව මතු වී නැත. ඊට හේතුව වන්නේ පාර්ලිමේන්තු සහ ආණ්ඩු කේන්ද්‍රීය දේශපාලන කල්ලි මිස සමාජ කේන්ද්‍රීය සමාජ දේශපාලන ව්‍යාපාරයක් විධිමත්ව ගොඩනැගී නො තිබීම ය. එවැනි ව්‍යාපාරයක මූලික කටයුත්තක් විය යුත්තේ පාලකයන් කෙරෙහිවන අවිශ්වාසය සහ විරෝධය, නඩත්තු වෙමින් පවතින ආර්ථික දේශපාලන සමාජ ආකෘතිය කෙරෙහිවන අවබෝධාත්මක විරෝධයක් බවට ද පරිවර්තනය කිරීම ය.
රාජ්‍යයක් වැඩ කරනුයේ බහුතර පොදු ජනකායකගේ පැවැත්ම නොතකා සුළු පිරිසක් වන පෞද්ගලික අංශයේ පැවැත්ම වෙනුවෙන් නම්, එසේ කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදුවන බයාදු තැනකට රට පත් වී ඇත්නම්, ඒ වෙනුවෙන් මත සකසන අත් උදව්කාර උගතුනුත් සිටී නම්, රටට අත්වන ඉරණම අති භයානක ය. රාජ්‍යයක කාර්ය භාරය අතර ප්‍රමුඛ වන්නේ ජන සමාජයේ යහජීවනය සහ යහපැවැත්ම ය. ඒ පැවැත්ම ලබාදීමෙන් ගැලවෙන රාජ්‍යයක් යනු රාජ්‍යයක් නොව කොම්පැනියකි.
රාජ්‍යයක් එවන් තැනකට පිරිහෙළන පාලකයන් සමාජ නියෝජිතයන් නොව කොම්පැනි ඒජන්තයන් ය. ප්‍රියමාලි සහ වෙල්ගම කතා වස්තුවලින් හෙළිදරව් වන්නේ ඒ කොම්පැනි ඒජන්තයන්ගේ අශීලාචාර යටි බිම් ගත හැසිරීමය. අලුත් දේශපාලනයකට ප්‍රගතිශීලී අලුත් ආකෘති අවශ්‍යය ය. ඒ සඳහා ඉහතකී හෙළිදරව් කිරීම් මගින් පාඩම් උගත යුතු ය යන්න මෙවර මගේ ‘කිවි දා දැක්ම’ ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,ධම්ම දිසානායක
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශුද්ධ වූ සියල්ල කෙලෙසී යාම