IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශ්‍රීලනිපය නව මඟකට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය අදට (2) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1956 දී මෙරට සිව්වන අගමැතිවරයා ලෙස පත් වූ සොලමන් වේස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (එස්.ඩබ්.ආර්.ඩී.) මහතා ලංකා දේශපාලනයේ එතෙක් පැවති ප්‍රධාන දේශපාලන දහරාවට විකල්පීය ලෙස, නවමු දේශපාලන චින්තනයකින් සවිමත් මැද මාවතේ ජාතික හා ජාත්‍යන්තර දේශපාලනයක් හඳුන්වා දෙමින් 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේය.

නිදහස් ලංකාවේ ප්‍රධාන දේශපාලන දහරාව තුළ එක්සත් ජාතික පක්ෂයට ද හිමිවනුයේ දීර්ඝ ඉතිහාසයකි. 1936 දී තමන්ගේ නායකත්වයෙන් බිහි වූ ‟සිංහල මහ සභාව ” නියෝජනය කරමින්,1947 දී තමන්ගේ ද දායකත්වයෙන් නිර්මාණය වූ රජය තුළ ඇතිවූ දේශපාලන විසංවාදය බණ්ඩාරනායක මහතා විකල්පීය දේශපාලන ගමන් මඟකට යොමු කළේය.

බණ්ඩාරනායකයාණන් සිය ‍නව දේශපාලන ගමනේ ආරම්භය සනිටුහන් කරනුයේ එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකුව සිටිමින්ම, ආණ්ඩු පක්ෂයට සමු දී විපක්ෂයේ අසුන් ගැනීමෙනි. අනතුරුව 1951 සැප්තැම්බර් 02 වැනිදා  ශ්‍රී.ල.නි.ප. ය පිහිටුවා ගන්නා එතුමා, 1952 පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දී ආසන 09 ක් දිනාගෙන විපක්ෂ නායක ධූරයට ද පත් වූයේය.
1956 පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයට ශ්‍රී.ල.නි.ප. මෙහෙය වූ ආකාරය, බණ්ඩාරනායක මහතා සතු වූ කෘතහස්ත හා ප්‍රායෝගික දේශපාලන පරිණතභාවය මැනවින් පිළිබිඹු කරන්නකි.

සිංහල භාෂා පෙරමුණ හා විප්ලවකාරී සමසමාජ පක්ෂය සමග එතුමා මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ගත් අතර එවකට පැවති ප්‍රධානතම වාමාංශික දේශපාලන පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය සමග නිතරග දේශපාලන ගිවිසුමකට එළඹියේය.

මෙම මැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගනිමින්,අප මාතෘ භූමිය තුළ දේශපාලන පෙරළි රැසක් සිදු කරමින්,නව පොදු ජන යුගයක් උදා කරලීමට එතුමා ගත් ප්‍රගතිශීලි පියවරයන් දේශීය මෙන්ම විදේශීය බලවේග වලටද මරු පහරක් විය.

අවසානයේදී 1959 සැප්තැම්බර් 25 වෙනිදා එනම් ශ්‍රී.ල.නි.ප.ය පිහිටුවා හරියටම වසර  අට (08) කුත් දින විසිතුන (23) ක් ගතවන දා චීවරධාරියකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එකී දේශපාලන කුමන්ත්‍රණයේ කූට ප්‍රාප්තිය සනිටුහන් කළේය. බණ්ඩාරනායකයාණන් රටම පමණක් නොව ලොවම කම්පනයට පත් කරමින් ජීවිතයෙන් සමුගත්තේය.

බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු භාරකාර රජයේ අග්‍රාමාත්‍ය ධූරය විජයානන්ද දහනායක මහතාට හිමිවුව ද ඔහුට පක්ෂය එක්සත්ව තබා ගැනීමට නොහැකිවූවා පමණක් නොව ඔහු පක්ෂයට සමු දුන්නේ ‘‘ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’’ නමින් නව පක්ෂයක් පිහිටුවා ගනිමිනි.

එම බෙදීමත් සමගම සී.පී. ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වූ අතර වරක් විප්ලවකාරී සම සමාජ පක්ෂයට නායකත්වය දුන් පිලිප් ගුණවර්ධන මහතා ‘මහජන එක්සත් පෙරමුණ’ නමින් නව දේශපාලන ගමනක් ආරම්භ කළේය.

නායකයාගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු බෙදීම සනිටුහන් කරන්නේ එස්.ඩී. බණ්ඩාරනායක මහතාය. ඔහු ‘බෝසත් බණ්ඩාරනායක’ පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කර 1960 මාර්තු මැතිවරණයට ඉදිරිපත්වී ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත්වූයේය.

නායකයාගේ අභාවය නිසා ඇති වූ ජන අනුකම්පාව ශ්‍රී.ල.නි.ප.ය.ට හිමි වුවද 1960 මාර්තු මැතිවරණයේදී පැහැදිලි ජයක් ලබා ගැනීමට නොහැකි වූ අතර,එ.ජා.ප. රජයක් බලයට පත්විය. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි නොවීම මත 1960 ජුලි මාසයේ දී නැවත මැතිවරණයකට මුහුණ දීමට සිදුවිය.

එහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් එම මැතිවරණයට මුහුණ දුන් ශ්‍රී.ල.නි.ප.ය පැහැදිලි ජන වරමක් ලබා ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහිකිරීමට ද සමත් වූවාය. එතුමිය ස්වකීය ධූර කාලය තුළ විශිෂ්ට ප්‍රගතිශීලි පරිවර්තන රැසක් සිදු කළාය.

එම කාලය තුළ එනම් 1962 දී හමුදා කුමන්ත්‍රණයකින් ද ඇය ගැලවුණ නමුත් 1964 දී සී.පී.ද සිල්වා මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මැති ඇමතිවරු පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීම තුළ රාජාසන කථාව සඳහා වූ ජන්ද විමසීමේ දී රජය පරාජයට පත්විය.

1965 දී සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ සමග සන්ධානගත වී මැතිවරණයට තරග කළ ද අපේක්ෂා කළ ජයග්‍රහණය නොලැබිණි.

1970 දී සමගි පෙරමුණ ලෙස තරග කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) ජනවරමක් හිමිකරගත් රජයට, 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දීමට සිදුවිය. ජාතික හා ජාත්‍යන්තර පැසසුමට ලක්වෙමින් මැතිණිය එම තරුණ කැරැල්ල මැඩ පැවැත්වීමට සමත් වූවාය.
1972 දී ශ්‍රී ලංකා ජනරජය බිහිකිරීම, රන්පවුම්  වතු රජයට පවරා ගැනීම වැනි ප්‍රගතිශීලි වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක විය.1975 දී ල.ස.ස.ප. රජයෙන් ඉවත්වීම නැවතත් දේශපාලන අර්බුදයක ආරම්භය සනිටුහන් කළේය.1976 දී පැවැත්වූ නොබැඳි සමුලු‍ව තුලින් වූ ප්‍රතිලාභ අද ද අපි භුක්තිවිඳිමින් සිටිමු.
1977 දී තනිවම මැතිවරණයට මුහුණ දුන් ශ්‍රී.ල.නි.ප.යට උරුම වූ පරාජය පක්ෂය තුළ ගැටලු‍ හා අර්බුද රැසක් නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවක් විය. මැතිවරණ ප්‍රතිඵල තුලින් අත්වූ පරාජයෙන් නොසැලු‍නු මැතිණිය  ශ්‍රී.ල.නි.ප.ය ඉදිරියට ගෙන යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ ද එතුමියගේ ප්‍රජා අයිතිය නැති කිරීමට එ.ජා.ප. රජය ගත් තීරණය අවස්ථා දෙකක දී අනුර - මෛත්‍රී සහ විජය - චන්ද්‍රිකා කණ්ඩායම් පක්ෂයෙන් ඉවත්වීම ශ්‍රී.ල.නි.ප.යට එල්ලවූ ප්‍රධානතම අභියෝග විය.

සමහර අවස්ථාවල විසඳුම් ලබා ගැනීමට අධිකරණයේ පිහිට පවා පතන්නට සිදු විය.

පක්ෂය බිහි කළ ප්‍රතාපවත් නායක යුවළගේ දියණිය වූ චන්ද්‍රිකාත්, උරුමයේ ඔටුන්න හිමි කුමරා ලෙස විරුදාවලියලත් අනුරත්, පක්ෂය හැර දා ගිය ද ශ්‍රී.ල.නි.ප.යේ ඉදිරි මඟ ඒ කිසිවක් නිසා නතර නොවීය.
මේ සියලු‍ තත්ත්වයන් හමුවේ 1988 ජනාධිපතිවරණයට මැතිණිය ඉදිරිපත්වුව ද එහිදී එතුමිය රණසිංහ ප්‍රේමදාසයන් ඉදිරියේ පරාජයට පත්විය.

චන්ද්‍රිකා මැතිණිය යළි ශ්‍රී.ල.නි.ප.යට එක්වීමත්, ප්‍රගතිශීලි පක්ෂවල එකමුතුවෙන් බිහි වූ පොදු ජන එක්සත් පෙරමුණත් නිසා 1993 දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය පක්ෂයට නව ජීවයක් එක් කළේය.1994 මහ මැතිවරණ ප්‍රතිඵලයත්, 1994 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිධූරයට පත්වීමත් තුළින් ඉදිරියට ගමන් කළ දේශපාලන ප්‍රවණතාව 2001 මැතිවරණයේ දී එ.ජා.ප. ජයග්‍රහණයත් සමඟ අතරමඟ නතරවිය.

පරාජයේ පන්නරය තුළින් අත්දැකීම් ලබන ශ්‍රී.ල.නි.ප.ය 2004 දී පොදු ජන එක්සත් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ එක්වී බිහිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004 පැවති මහ මැතිවරණයෙන් ජයගෙන මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වූයේය. පසුව 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධූරයට පත් වූයේය.

වසර 30ක් පැවති කුරිරු යුද්ධයෙන්, කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කරමින් දේශයට යළි නිදහස ලබා දෙන්නේ ද ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ රජයකිනි. එය අප පක්ෂය ප්‍රමුඛ සන්ධානය දේශයට ලබා දුන් ඓතිහාසික ජයග්‍රහණයකි.

දෛවයේ සරදමක් ලෙස 2015 ජනාධිපතිවරණ තරගයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ  ශ්‍රී.ල.නි.ප.යේ සභාපතිවරයා හා ලේකම්වරයා වීම ලාංකික දේශපාලන ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී සිද්ධියකි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගනිමින් ජනාධිපති ධූරයට පත් වූ අතර ඒ සමඟම ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් සන්ධාන රජයක් බිහිවිය.

2015 දී නිර්පාක්ෂිකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන මෛත්‍රීපාල සිරිසේනයන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා විධායක සභාවේ ඉල්ලීම පිට මහින්ද රාජපක්ෂයන්ගේද ආශිර්වාදයෙන්  ශ්‍රී.ල.නි.ප.යේ සභාපති ධූරය භාර ගත්තේය.

කෙසේ නමුත් ඉතා කෙටි කලක් තුළ ශ්‍රී.ල.නි.ප.යේම ප්‍රබලයන් රැසකගේ දායකත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් බිහිවීම ශ්‍රී.ල.නි.ප.යට එල්ල වූ ප්‍රබලම අභියෝගයක් විය. බිහි වූ නව පක්ෂයේ සභාපති ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් හා ලේකම් ධූරයට නීතිඥ සාගර කාරියවසම් පත්වුව ද එහි පූර්ණ මෙහෙයවී‍ම සිදුවූයේ රාජපක්ෂවරුන් විසිනි.

ශ්‍රී.ල.නි.ප. නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතුන්  සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගය ඒකරාශී කරගනිමින් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් නිර්මාණය කළ අතර එහි උරුමය සඳහා අග්‍රගණ්‍ය දේශපාලන පෙළපතක් ද නිර්මාණය කළ නායකයෙකි. 1951 සිට 2005 දක්වාත් 2005 සිට 2015 දක්වාත් ක්‍රියාත්මක වූ එම ක්‍රියාදාමයේ  වෙනසත්  ඉන් අනතුරුව සිදුවූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වීමෙන් පසුවය.

නවීන ප්‍රබුද්ධ ලෝකය, සාම්ප්‍රදායික  පෙළපත් දේශපාලනය අගය නොකරන බැවින් වර්තමාන ඩිජිටල් යුගයේ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන්නා වූ නවීන විද්‍යාත්මක ප්‍රවේශයක් සඳහා ද ශ්‍රී.ල.නි.ප.ය යුහුසුලු‍ව යොමු විය යුතුය.

වර්තමානයේ දී ශ්‍රී.ල.නි.ප. නායකත්වය පෙළගැසෙමින් සිටිනුයේ රටට අවැසි ඒ දේශපාලන මෙහෙයුම හඳුන්වා දීමටය. එය එතරම් පහසු කටයුත්තක් නොවන බව අපි දනිමු. එහෙත් එය සිදු කරලීමට අවැසි ශක්තිය හා දැනුම ශ්‍රී.ල.නි.ප.ය සතුව ඇත. ඒ සඳහා අවශ්‍ය නව දේශපාලන විධික්‍රම සොයා යමින් පක්ෂය හෙටට ගැලපෙන ලෙස යළි නිර්මාණය කිරීම වත්මන් පක්ෂ නායකත්වයට පැවරී ඇති අත්හල නොහැකි වගකීමකි.

1951 වසරේ සැප්තැම්බර් 02 වනදා ශ්‍රී.ල.නි.ප.ය බිහි වී හෝරා කිහිපයක් ගතවී යාමත් සමඟම ඓතිහාසික පුලතිසි පුරවරයේ ගොවි ගෙදරකින් බිහි වූ මෛත්‍රීපාල සිරිසේනයන් අද එම දුෂ්කර කාර්යයට සාර්ථකව උර දී සිටියි.

එම දුෂ්කර කාර්ය ඉටුකරලීම වත්මන් යුගයේ ප්‍රබලතම අවශ්‍යතාව මෙන්ම ජාතියේ ද සුවිශේෂී කාර්ය භාරය ලෙස මම දකිමි. ඒ වෙනුවෙන් හෘදයාංගම සුබ පතමි.


(***)
ශ්‍රී.ල.නි.ප උප සභාපති/
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ෂාන් විජයලාල් ද සිල්වා

 



අදහස් (3)

ශ්‍රීලනිපය නව මඟකට

gamunu Friday, 03 September 2021 04:16 AM

නවීන ප්‍රබුද්ධ ලෝකය, සාම්ප්‍රදායික පෙළපත් දේශපාලනය අගය නොකරන තත්වයට ඔබලා විසින් ලංකාවේ පක්ෂ දේශපාලනය පත්කර තිබේ. ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී බලලොබිත්වය නිසාම පක්ෂ මාරු කරමින් කරනු ලබන දේශපාලනය නිසා තාරුණ්‍යයට ලංකාවේ වර්තමාන දේශපාලනය කලකිරී තිබේ. එයට වගකිවයුතුවන්නේ ඔබල මිස වෙන කිසිවකු නොවේ.

:       0       2

S.W Sampath Pradeep Kumar Thursday, 16 December 2021 12:00 AM

අපි දැන් ගමන අරඹමු. ගම් මට්ටමෙන් වෘර්තීය සමිති මට්ටමේ අපි නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නගමු.

:       0       0

S.W Sampath Pradeep Kumars Thursday, 16 December 2021 12:03 AM

අපි නැවත ගමෙන් සහ වෘත්තිය සමිති මට්ටමින් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 666 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 322 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 117 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4221 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12646 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 679 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site