අනු බුදු මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනය අනුස්මරණය කෙරෙන පොසොන් පුර පසළොස්වක් පොහොය නිමිති කරගෙන අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා දාන, ශිල, භාවනා වැඩ සටහන් ක‍්‍රියාත්මක කරනවා වෙනුවට, අනුරාධපුර මහ නගර සභාව සංවිධානත්වයෙන් පූජා නගරය අසල වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයේ ‘‘පුරවර උදානය’’ නමින් සැණකෙළියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙය පූජා නගරය අසළ පැවැත්වීමට කටයුතු කිරීම නගරවාසීන්ගේ මෙන්ම බැතිමතුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
දින 6ක් පුරා පැවැත්වෙන මෙම සැණකෙළියේ සෑම දිනකම රැුය පහන්වන තුරු සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙන අතර, එහි ගැයෙන බයිලා සින්දුවලට රංගනයේ යෙදෙන නළඟනන් ශ්‍රී මහා බෝධියට පිටුපා සකස් කොට අති දැවැන්ත වේදිකාවේ රංගනයේ යෙදෙති. සැණකෙළි භූමියේ සූදූ ක‍්‍රීඩාවලට සමාන ක‍්‍රීඩාද පැවැත්වීමට නියමිතව ඇතැයි ද ඒ සඳහා නීත්‍යානුකූලව මුදල් ගෙවා බිම්කඩවල් වෙන්කරගෙන ඇති බවද සඳහන් කෙරේ.
මේ උද්‍යානයේ ඉදිරිපසින් පිහිටා ඇත්තේ අනුරාධපුර යුද හමුදා රෝහලය. පසුගිය යුද සමයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා හේතුවෙන් ප‍්‍රහාරවලට ලක්ව ප‍්‍රථිකාර ලබන සෙබළුන්ට අවශ්‍ය මානසික සුවය පවා මෙම සැණකෙළියෙන් පිටවන කර්කෂ ශබ්ද හේතුවෙන් නැතිව යනු ඇත.
පොසොන් සතිය නිමිති කරගෙන අනුරාධපුර නගරයේ සුරාසැල් වසා තිබුණත් එම සතිය පුරාවට නගරයේ දුම්වැටි අලෙවිය පවා නතර කිරීමට බලධාරීන් තීරණය කර තිබුණත්, පසුගිය වසරේ මෙන් මෙහි පැමිණෙන බොහෝ දෙනා මත්පැන් හා දුම්වැටි පානය කර සැණකෙළි භූමියේ සැරි සැරීම නතර නොවනු ඇති බව නගර වාසීන්ගේ මතයයි.
බොහෝ දෙනෙක් අනුරාධපුරයට පැමිණෙන්නේ මහ මෙවුනා උයනේ සිල් සමාදන් වී ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමටය. මෙම සැණකෙළියෙන් ලැබෙන ආදායමෙන් නගරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලීමට යැයි සඳහන් කරමින් නගර සභාව මඟින් පුවරු ප‍්‍රදර්ශනය කළත් නගර වැසියන් පවසන්නේ පූජා නගරය අසල මෙවැනි දේ අනුමත නොකරන බවය. එය අපේ ආගමික වටිනාකමට සංස්කෘතියට කෙතරම් ගැලපෙනවාද? යන්න ඉහළ අංශවල නිලධාරින් තවදුරටත් සිතා බැලිය යුතු නොවේද?
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක‍්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්රී මහා බෝධිය පේන මානයේ නළගනන් රඟ දෙන මහා මේලාවක්
සෙනරත් Friday, 05 June 2015 03:16 PM
ඉදිරියේදී බුදු දහමට දෙවි පිහිට ඉල්ලන්ට සිදු වෙයිද?තිබිය යුත්තේ නම් දෙවියන්ට බුදු දහමේ පිහිටයි. (කේ)
ඉන්දික Sunday, 07 June 2015 07:32 AM
බුදුදහමින් කියලා දුන්නේ සතුටින් ජීවත්වෙන්න ක්‍රමයක්. සම්ප්‍රදායන් වලට කොටුවෙලා අපේ මිනිස්සු පටලවාගෙන ඉන්නේ. බුදු දහම දන්නා මිනිසුන්ගේ හිතේ දුකක්වත් සැළීමක්වත්, භෞතික දේවල් නිසා කම්පනයක්වත් ඇතිවෙන්න විදිහක් නැහැ. (නි)
අශෝක රළපනාව Saturday, 06 June 2015 12:05 PM
අනුරාදපුරයේ ඉන්නේ දුප්පත් අය කියල කිව්වාම මටත් දුක හිතුනා කියපු කෙනා ගැන. ලංකාවේ කොහෙද ඉන්නේ පොහොසත් අය. එංගලන්තෙත් දුප්පත් අය ඉන්නකොට ඔය කියන කෙනා ඉන්නේ අනුරාදපුරේමද කොහේදෝ. තරහ වෙන්න එපා මිනිස්සුන්ට හෝ ජාතියකට අපහාස කරලා කතා කරන්න එපා. අපේ රටේ ප්‍රදාන පුරවැසියත් එහෙ එක්කෙනක්.(නදී)
චන්ද්‍ර වීරසිංහ Friday, 05 June 2015 10:46 PM
තණ්හා රති රඟා තුන්දෙනාටම බැරිවුණ එක මේ කානිවල් අය කොහේ කරන්නද? (නි)
නිමල් Friday, 05 June 2015 10:51 PM
දැන් මිනිසුන්ට වටින්නේ සල්ලි පමණයි (නි)
ලෙස්ලි ජයවර්ධන Friday, 05 June 2015 10:52 PM
අනේ! තණ්හා, රතී, රගා පෙන්වනවා ඇති (නි)
නුවරඑළියේ වසන්ත Friday, 05 June 2015 10:24 AM
බැලූ බැල්මට නම් මෙහි වැරැද්දක් පෙන්න නෑ. නගරයට ටිකක් වැඩිපුර ජනතාවක් එක රැස් වෙන අවස්තාවක අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ වගේ දෙයක් කළාට ඒ හැටි වරදක් කියන්න බෑ. (ම)
සුද්දා Friday, 05 June 2015 10:27 AM
මේක ඇත්තටම අවුරුද්දට එක වතාවක් පවත්වන කානිවල් එකක්. 99% ක් ම දේවල් තියෙන්නේ ළමයින්ට විනෝද වෙන්න. එකම වැරැද්ද තමයි, අතුල්වෙන්නත් රු 100 දීල ඊට පස්සේ ඇතුලේ තියෙන දේවල් වලිනුත් ටිකට් කඩන එක. එක අනුරාධපුර වගේ දුෂ්කර පළාතක ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට කරන අසාධාරණයක්. (ම)
ශාන සෞදි Saturday, 06 June 2015 04:15 AM
මේකේ කොහෙද නළඟනන් රඟන වේදිකාවක් හෝ මඩුවක් වෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔක්කොම තියෙන්නේ ළමයින් ක්‍රීඩා කරනවිට විනෝදවෙන ඒවානේ. එතකොට දළදා මාළිගාව ඉස්සරහා නටපු කාලේ මෙයාල කොහෙද හිටයේ? අනෙක මේක තියෙන්නේ පූජා නගර සීමාව ඇතුළත නෙමෙයි නම් මොකක්ද ප්‍රශ්නය? (නි)
නිමල් ලාලිත Saturday, 06 June 2015 05:23 AM
1975- 1978 අතරදී මා සේවය කළේ විශේෂ කොමසාරිස්වරයෙකුගේ පාලනය යටතේ පැවති නගර සභාවක. සැණකෙළි හිමියෙකු පැමිණ බදු මුදලට, අමතරව ලාබයෙන් කොටසක්ද දෙන බවට පොරොන්දු වී , සැණකෙළියක් පැවැත්වීමට අවසර ඉල්ලුවා(පොහෝ දිනවල නොවේ). නිර්භීත කෙළින් වැඩකරන පරිපාලන සේවයේ නිලධාරියෙකු වූ අපේ කොමසාරිස්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර අවසර දුන්නේ නැහැ. එදත් අදත් වෙනස! අඩුම වසයෙන් පොසොන් දිනවත් මෙය වසා තැබීමට මේ සිංහල බෞද්ධ රටේ බැරි වුවාද? (නි)