IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ශ්‍රී ලංකන් ගුවන් සේවා බර ජනතාව පිට පටවනු එපා

ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව මේ නොබෝදා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවාව ඇතුළු ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන ගණනාවක්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව ආර්ථික විද්වතුන් පෙන්වාදී තිබුණේ මීට අවුරුදු කිහිපයකට පෙර සිටය. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඒවා කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව දැන් පැන නැගී තිබේ. මේ බව ජනාධිපතිවරයා අයවැය කතාවේ දී අවධාරණය කළේය.

ආර්ථික අර්බුදය උත්සන්න වී රට වළපල්ලට යන තුරුම එකී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පසුගිය ආණ්ඩු උත්සුක නොවූයේ තමන්ගේ ඡන්ද පදනම දෙදරා යාමට එය රුකුලක් වේ යයි බියෙනි. ආර්ථික අර්බුදය උත්සන්නවීමත් සමග සියලු සම්ප්‍රදායික පක්ෂවල ඡන්ද පදනම දෙදරා ගොස් ඇති බව රහසක් නොවේ.

අවසාන වශයෙන් බිහිවූ පොදුජන පෙරමුණ (පොහොට්ටු) පක්ෂය බිහි කළ රජයේ අගමැති, ජනාධිපති, මුදල් ඇමැති ආදීන්ට ඉල්ලා අස්වන්නට සිදුවූ පසුබිමක එම පක්ෂයේ ඡන්ද පදනමට වී ඇති හදිය පසුගිය ජනතා අරගලයෙන්ද පැහැදිලි විය. දැන් සියලු පක්ෂ එකතුවී තමන්ගේ ඡන්ද පදනමට වඩා ජාතියේ ආර්ථිකය ගොඩනැගීම ගැන සිතිය යුතුව තිබේ. ඒ සඳහා සම්ප්‍රදායික චින්තන රටාවෙන් මිදී ආර්ථිකය ගොඩනගන ආකාරය දෙස අලුත් ඇසකින් බැලිය යුතු වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන් පමණක් නොවේ. රටේ සියලු බුද්ධිමත් ජනතාවත්, වෘත්තීය සමිතිත් එම කාර්යයට හවුල් විය යුතු වේ.

ලංකා විදුලිබල මණ්ඩලයත්, ඛනිජ තෙල් සංස්ථාවත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් මේ ආකාරයට කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇති ආයතන තුනකි. මෙම ආයතන තුනෙන් ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම (එයාර් ලංකා) අසාර්ථකත්වයට පත්ව ඇත්තේ ඒවා ආරම්භ කරනු ලැබූ පදනමේ පටන්මය. තෙල් සංස්ථාව ආරම්භ කරනු ලැබුවේ විදේශ තෙල් සමාගම් ජනසතු කිරීමත් සමගය. එම වැරැද්දේ ප්‍රතිඵල දැන් අපි නොඅඩුව බුක්ති විඳිමින් සිටින්නෙමු.

එයාර් ලංකා සමාගම ආරම්භයේ පටන්ම වරද්දාගත් අයුරු ලී ක්වාන් යූ සිය තුන්වැනි ලෝකයෙන් පළමු ලෝකයට (From Third World to First)  නම් පොතේ පිටු දෙකක් පුරා විස්තර කොට තිබේ. ඔහු එයාර් ලංකා සමාගමේ ආරම්භක චේතනාවේ පටන්ම විවේචනයට හසුකර දක්වයි.

1979 එයාර් ලංකා සමාගම ආරම්භ කරනු ලැබුවේ ව්‍යාජ මහේශාඛ්‍ය බවක් ප්‍රදර්ශනය කිරීමටය. එවකට ඊට වඩා ප්‍රමුඛතාව දිය යුතු කටයුතු රටේ තිබුණු බව ලී ක්වාන් යූ කියයි. ගුවන් නියමුවකු එහි පළමු සභාපතිවරයා කිරීම ද හෙතෙම වරදක් සේ දකී. ගුවන් සමාගමකට අවශ්‍ය වන්නේ ව්‍යාපාර කළමනාකරණයේ කෘතහස්ත අත්දැකීම් සහිත කළමනාකරුවෙකි. කෙසේ වුවද එයාර් ලංකා සමාගම ආරම්භයේදී මාස හයක් පුරා සිංගප්පූරු ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ උදව් ඊට ලැබිණි.

ලී ක්වාන් යූ එයාර් ලංකා සමාගමට ලබා දුන් උදව් නවතා දැමුවේ, ඔවුන්ගේ උපදෙස් නොපිළිගෙන අලුත පත් කළ සභාපතිවරයා ගුවන් යානයක් මිලට ගන්නට තීරණය කළ අවස්ථාවේ බව ඔහු කියයි. එයාර් ලංකා සමාගම අසාර්ථක වන්නට බලපාන හේතු 5ක් ලී ක්වාන් යූ ඔහුගේ පොතේ 464 පිටුවේ කල් තියා කියා සිටී.

මෙකී ජාත්‍යන්තර උපදෙස් ලැබී තිබියදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආරම්භයේදී දණගාමින් කළ වැරදි පසු කාලයේදී උඩ පනිමින් කර තිබේ. පසු කාලීනව එහි සභාපති ධුරය ඇතුළු තනතුරුවලට ඥාති සංග්‍රහය මත පත් කිරීම් කරනු ලැබුවේය. ආන්දෝලනයට තුඩු දුන් එයාර් බස් ගනුදෙනුවට ද මෙම දේශපාලන පත්වීම් දැඩි ලෙස බලපෑවේය. රටත් ගුවන් සමාගමත් දැඩි අර්බුදයට යමින් තිබියදී ශ්‍රී ලංකන් සමාගම ගුවන් යානා මිලදී ගන්නට සූදානම්ව සිටි අයුරු කෝප් කමිටුවේ හෙළිදරව් විය.

1998දී ඩුබායි එමිරේට්ස් සමූහයට කොටස් සියයට 40 ක් පමණ විකුණා කරන ලද නිවැරැදි කිරීම්, අහෝසි කරමින් 2008දී එමිරේට්ස් සමාගම සමග තිබූ කළමනාකරණ ගිවිසුම අහෝසි කරන ලදී.

ඇමැතිවරයා පවසන පරිදි පසුගිය වසර දහයේ පාඩුව රුපියල් කෝටි 16473කි. ගෙවීමට ඇති ණය කන්දරාව රුපියල් කෝටි 40100කි. තත්ත්වය මෙසේ තිබියදී සමාගම ගොඩගන්නට වාර කිහිපයකදී අයවැයෙන් මුදල් වෙන් කරනු ලැබීය.

මේ කාබාසිනියා වී ඇත්තේ රටේ ජනතාවගේ බදු මුදල් විනා කාගේ මුදල්ද? මෙරට පනවා ඇති බදුවලින් සියයට 70 කට වටා වක්‍ර බදු ය. වක්‍ර බදු බරෙන් කොටසක් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා රටේ මහජනතාව, ඒ අනුව උසුලති.

යම් ආයතනයක් හරහා ජනතා සම්පත් නැති නාස්ති වේ නම් එය ජාතික සම්පතක් ලෙස තවදුරටත් සැලකිය යුතු නැත. වහාම වඩාත්ම සුදුසු ආකාරයට ජනතාවට සිදුවන අසාධාරණය වැළැක්විය යුතුය. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ජනතාවගේ පූර්ණ සහාය ලැබිය යුත්තේ ඒ නිසා ය.

(***)



අදහස් (2)

ශ්‍රී ලංකන් ගුවන් සේවා බර ජනතාව පිට පටවනු එපා

sena Saturday, 03 September 2022 12:08 PM

කතාව සම්පූර්ණ ඇත්ත. නමුත් සිද්දවෙන්නේ පාඩු ලබන ආයතන කියලා, ලාබ ලබන ආයතන තමන්ගේ ගජමිතුරන්ට දීමනේ...

:       3       3

sisira Saturday, 03 September 2022 06:46 PM

තිබෙන ණය ප්‍රශ්නත් එක්ක මෙයාට කසාදයක් සොයන එක පහසු දෙයක් නම් නොවනු ඇත.

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1853 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10737 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 512 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 883 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 941 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 480 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site