ශ්රී ලංකික ජනතාව වසර 443ක පමණ පැවැති අධිරාජ්‍යවාදී වහල් පාලනයෙන් මිදී නිවහල් දේශයක අභිමානවත් වැසියන් කොටසක් බවට පත්වුයේ 1948 පෙබරවාරි 04 දින බැව් ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එනම් 1505 සිට පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන්ගේ පාලනයට නතුව පැවති කාලය නිමවී අදට වසර 73 ක් පිරේ. ඕනෑම රටක, ජාතියක මෙවන් වූ අභිමානවත් දිනයක් සැමරීමේදී නිරායාසයෙන්ම සිහියට නැගෙන්නේ ඒ රටේ අනන්‍යතාව හුවා දක්වන වැදගත් සාධකය. ඒ අතර ජාතික ගීය, ජාතික ධජය පමණක් නොව එරටේ වැසියන්ගේ මාතෘ භාෂාව ද ඉතා වැදගත් වේ.
ලක් වැසියන් වන අපි ද අනාදිමත් කාලයක සිට ජාතියේ විශිෂ්ටත්වය කියාපාන්නට ධජ භාවිත කළ ජාතියක් වෙමු. ශ්‍රී ලාංකීය ජාතික කොඩිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ කොටසක් ලෙසද සැලකේ. ජාතියක ප්‍රබලත්වය, එක්සත්කම හා ස්වාධීනභාවය නිරූපණය කරන කැඩපතක් බඳු ජාතික කොඩිය කිසියම් ජාතියක ප්‍රබල සාධකයක් ලෙස මහජනයාගේ ගෞරව බුහුමානයට ලක් වන්නකි.
දැනට ශ්‍රී ලංකාවේ පැරණිතම කොඩිය ලෙස හැඳින්වෙන්නේ දඹුලු විහාරයේ චිත්‍රයක දක්වා ඇති කොඩියකි. එහි දැක්වෙන්නේ දුටුගැමුණු රජතුමා ඉර, හඳ සමඟ දිවෙන කඩුවක් දකුණු අත දරා සිටින තේජාන්විත සිංහයා සහිත කොඩිය රැගෙන සටනට යෑමේ අවස්ථාවකි. එදා සිට අද දක්වාම අප ජාතික කොඩියේ අන්තර්ගත ප්‍රධාන සංකේතයක් ලෙස සිංහයා හැඳින්විය හැක. මෙම සිංහ ලාංඡනය සිංහල රාජ වංශය ආරම්භයේ පටන් භාවිතයට ගත්තකි. සිංහයා සහිත කොඩි, ලාංඡන මෙරටදී භාවිත කළ බවට හමුවන අප්‍රකාශිත සාක්ෂි බොහෝය. ශ්‍රී ලංකාවේ පළමු රජු ලෙස හැඳින්වෙන විජය රජතුමා ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විට සිංහ සංකේතය සහිත කොඩියක් රැගෙන ආ බවට මතයක් පවතී. අතීත රජ දරුවන් ස්වකීය රාජකීය මුද්‍රාව සහ කාසි හැඳින්වීමටද සිංහ රුව යොදා ගෙන තිබේ. මහා පැරකුම් රජුගේ මාළිගා මණ්ඩල ද්වාරයේද, නිශ්ශංකමල්ල රජු තම රාජකීය සිංහාසනයේද කාශ්‍යප රජු සීගිරි ද්වාරයටද සිංහ රුව යොදාගෙන ඇත්තේ සිංහල ජාතියේ අනන්‍යතාව ලොවට විදහා පෑම උදෙසා බව නොරහසකි. මිහින්තලයේ නිර්මාණය කර ඇති සිංහ රුව සිහිත සිංහ පොකුණ, අනුරාධපුර සහ පොළොන්නරු යුගයේ සිංහ රුව සහිත සඳකඩපහණ පිළිබිඹු කරන්නේ හෙළ කලාකරුවාගේ නිර්මාණාත්මක කෞෂල්‍යය සඳහා සිංහ රුව පාදක කර ගත් අයුරුයි. සිංහල ජාතියේ අනන්‍යතාව මනාව විදහාපාන සිංහ ලකුණට දිගු ඉතිහාසයක් පවතින බව මේ සියල්ලෙන් තහවුරු කෙරේ.
වර්තමානයේ අප භාවිත කරන ජාතික කොඩියට පෙර මෙරට ජාතික කොඩිය වූයේ කන්ද උඩරට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිත කළ සිංහ කොඩියයි. සිංහල රාජ්‍ය ඉංග්‍රීසීන්ට යටත් වීමත් සමඟ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය, පාදස්ථලය, රාජ්‍ය මුද්‍රාව පමණක් නොව සිංහ කොඩියද ඉංග්‍රීසීන් යටතට ගැණුනි. එම සිංහ කොඩිය ඉංග්‍රීසීන් විසින් එංගලන්තයට රැගෙන ගොස් රාජ්‍ය ආරෝග්‍යශාලා භූමියේ තැන්පත් කළා යැයි සැලකේ. 1815 මාර්තු 02වන දා සිංහල රාජ්‍ය ඉංග්‍රීසීන් විසින් පවරා ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ මහනුවර මඟුල් මඩුවේ දී ඔසවන ලද්දේ ඉංග්‍රීසීන්ගේ යුනියන් ජැක් නමින් හැඳින්වෙන කොඩියයි. ඒ හැරුණුවිට ශ්‍රී ලංකාවට වෙන් වූ යටත් විජිත කොඩියක් ද ඉංග්‍රීසීන් විසින් භාවිත කර ඇත.
ජාතික නිදහස උදෙසා යුහුසුලුව ක්‍රියා කළ පෙරටුගාමීහු සිංහලයේ පැරණි ජාතික කොඩිය සෙවීමේ උත්සාහයක නිරත විය. ඒ සඳහා මූලික වූයේ අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා ප්‍රමුඛ කණ්ඩායමයි. එංගලන්තයේ තිබී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කොඩිය ඒ අයුරින්ම පිටපත් කරවා වර්ණ ගන්වා මෙරටට ගෙන්වා ගනු ලැබුවේ ඩී. ආර්. විජයවර්ධන මහතායි. 1815 මාර්තු 02වන දා බිම හෙළුෑ සිංහලයේ පැරණි ජාතික කොඩිය ඉන් වසර 133කට පසු එනම් 1948 පෙබරවාරි 04 දා දිවයින පුරා යළි ලෙළ දෙන්නට විය. 1948 මෙරට ඉංග්‍රීසීන්ගෙන් ඩොමීනියන් නිදහසක් හිමි කර ගත් අතර ලාංකිකයන්ගේ මංගල නිදහස් උලෙළේදී එවකට අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා විසින් ඔසවන ලද්දේ මෙකී අප සතු වූ පැරණි සිංහ කොඩියයි. මෙරට සඳහා නිල වශයෙන් ජාතික කොඩියක් තෝරා ගැනීම සඳහා ජාතික ධජ කමිටුව නමින් විශේෂ කමිටුවක් 1948 වසරේදීම පත් කරන ලදී. එහි සාමාජිකයන් වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක, සෙනරත් පරණවිතාන, ජේ. ආර්. ජයවර්ධන, ජී. ජී. පොන්නම්බලම්, ටී. බී. ජයා, කර්නල් ජේ. ඇල්. කොතලාවල, එස්. නඩේසන් සහ එල්. ඒ. රාජපක්ෂ යන මහත්වරුන්ය. 1950 දී ධජ කමිටු වාර්තාව රජය වෙත බාර දුන් අතර 1951 දී එම වාර්තාවේ සඳහන් ජාතික කොඩිය මෙරට නිල ජාතික කොඩිය වන බව පිළිගන්නා ලදී.
නිර්දේශයන්ට අනුව මෙරට සුළු ජාතිකයන් නියෝජනය සඳහා කොළ සහ තැඹිලි පැහැති වර්ණ තීරු 02ක් එක් කරමින් නැවත ප්‍රති නිර්මාණය කළ ජාතික කොඩිය ප්‍රථම වරට පාර්ලිමේන්තුව අභියසදී ලෙළ දෙන්නට විය. 1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව ජාතික කොඩිය කහ පැහැති වර්ණයෙන් වට කර සතර කොන බෝපත්‍ර නිරූපණය කරනු ලැබීය.
හෙළ ජාතියේ මාතෘ භූමියේ ඓතිහාසික ප්‍රෞඪත්වය ස්වෛරීභාවය මෙන්ම ස්වාධීනත්වය පිළිබිඹු කරන ජාතික කොඩියේ ඇති සෑම සංකේතයකටම පාහේ විශේෂ අර්ථයක් ඇත. ඍජුකෝණාස්‍රාකාර හැඩයකින් සමන්විත මෙරට ජාතික කොඩියේ දිග / පළලෙහි අනුපාතය 1ථ2 කි. එනම් උස ඒකක 1ක් වන විට දිග ඒකක 2ක් වන පරිද්දෙනි. 1985 අංක 693 දරන ශ්‍රී ලංකා ප්‍රමිතිකරණයේ සඳහන් පරිදි කොළ, තැඹිලි, ලෝහිත යන ජාතික කොඩියේ වර්ණ සහිත පෙදෙස් පිළිවෙළින් 1:1:5 යන අනුපාතයට සකස් විය යුතුය.
ජාතික කොඩිය මධ්‍යයේ දකුණතින් කඩුවක් අමෝරා ගත් සිංහයෙක් වේ. සිංහයා කහ පැහැති වන අතර සිංහයා වටා පසුබිම ලෝහිත පැහැයෙන් යුතුය. සිංහයා සහිත චතුරස්‍රාකාර පසුබිමේ කොන් සතරෙහි එක හා සමාන වූ කහ පැහැ ගත් බෝ පත්‍ර 4ක් වේ. සිංහයාට ඉදිරිපසින් තැඹිලි සහ කොළ පැහැයෙන් වර්ණ ගැන්වූ එකම ප්‍රමාණයේ සිරස් තීරු 02කි. කොඩිය වට කොට කහ පැහැති බෝඩරයක් වේ. ශ්‍රී ලාංකික ජාතික කොඩිය ඔස්සේ නිරූපිත වන අරුත සරලව ගෙන හැර දැක්වුවහොත් ලාංකික උරුමයන් ඔප් නංවමින් සුළු ජනයා හා එක්ව බහුතර ජනයාද ජීවත්වන ප්‍රතාපවත් දේශයක්ය යන්නයි. නමුත් ජාතික කොඩියේ එක් එක් පැහැයන් සහ සංකේත සඳහා නියමිත අරුත් වේ.
රන්වන් පැහැති සිංහයා - ශ්‍රී ලංකා ජාතීන් හා එම ජාතීන්ගේ ශක්තියේ උදාරත්වය.
බෝ කොළ සතර - මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණ.
සිංහයා අතැති කඩුව -
ජාතියේ ස්වාධිපත්‍ය හා ජනතා එඩිතර බව.
සිංහ හිසේ කෙහෙරැලි -
ආගමික පිළිවෙත්, ප්‍රඥාව සහ ධ්‍යානය
සිංහ වලිගයේ කෙහෙරැලි -
ආර්ය අෂ්ටාංගික මාර්ගය
සිංහ නාසය -
බුද්ධිමත් බව
සිංහයාගේ ඉදිරි පාද දෙක -
සම්පත් පරිහරණයේ නිවරැදි බව
තැඹිලි වර්ණ සිරස් තීරුව - ද්‍රවිඩ ජනතාව
කොළ වර්ණ සිරස් තීරුව - මුස්ලිම් ජනතාව
වමේ කහ තීරුව - බර්ගර් හා අනෙකුත් ජනතාව
ලෝහිත පැහැති පසුබිම - සිංහල බහුතරය
සෑම විටම ජාතික කොඩිය කෙරෙහි ගෞරවයෙන් හා සංයමයෙන් යුතුව හැසිරීමට සැමදෙනා වගබලා ගත යුතුවන්නේ ශ්‍රී ලංකාවේ ම අභිමානය හා ගෞරවය විදහා දක්වනු ලබන සංකේතය ලෙස මෙම ජාතික කොඩිය හඳුන්වන බැවිනි.
(*** හෂිනි ඉරේෂා ගුණවර්ධන)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්රී ලාංකේය අභිමානය ලොවට කියාපාන සිංහ කොඩිය
ruwan - anuradhapura Thursday, 04 February 2021 12:12 PM
සිංහයා යනු වනාන්තරයේ සිටින කම්මැලිම සතා බව මේ උගත්තුන් කියන මෝඩයින්ට අමතකවෙලා. තමන්ගේ ගැහැණු සතා දඩයම් කර ගෙනෙන සතෙකුගේ මස් වලින් යැපෙන සිංහයා දැන් බලුවී අවසන්. ඒ වගේම සිංහයාගේ කොඩිය තියෙන අපිත් දැන් වැටී අවසන්...
menna Saturday, 06 February 2021 08:21 AM
වමේ කහ තීරුවක් පෙන්නෙන් නැහැ. අනික ජාතික කොඩිය පැහැදිලිවම නිල් සහ තැඹිලි පාට දෙක එකක් ලෙස ගෙන සිංහයා සිටින දකුණු පැත්ත සහ වෙන්වෙන් වශයෙන් පේනවා. හරියට වෙනවෙන රාජ්‍යයන් දෙකක් වගේ. සමහර විට ලංකාවේ ජාතිවාදී අරගලයක් ඇති කරන්න අවුරුදු ගණනාවකම පෙර සිට ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණයක් වගේ. ඉන්දීය කොඩියේ පාට දෙක ඉස්සරහට ගෙනැල්ලා ඉන්දියාවට යටත් කරලා වගේ තියෙන්නේ. සුළු ජාතින් නියෝජනයට වෙනම පාට අවශ්‍ය නොවේ. දියුණුයි කියන රටවලත් සුළු ජාතින් ඉන්නවා. නමුත් මේ විදියට වෙන් කර දක්වා නැහැ. මේ පාට දෙක සුළු ජාතින් කියලා පෙන්නලා වෙන අරමුණකට ඇතුල් කළ පාට දෙකක් ලෙස මට දැනෙන්නේ. 1948 සිට 1951 දක්වා තිබුණු කොඩිය යම්කිසි ගාම්භීර ගතියක් තියෙනවා. හතර කොනේ තියෙන කොත් වලින්ද අවශ්‍ය නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා කියා කියන්න පුළුවන්. ඇයි සතර බ්‍රහ්ම විහරණම කියා කියන්න ඕනේ? සතර ඉර්ධිපාද කියල කියන්න බැරිද? සිංහයාගේ අනික් කකුල් වලින් මොනවද කියවෙන්නේ? සිංහයාගේ අනෙකුත් කොටස් වලටත් වෙනම ආදර්ශ කියන්න බැරිද? ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සිංහයාගේ වලිගයට ගෙනිච්චේ...?