IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ශ්‍රී ලංකාවට ආදරය කළ ක්‍රිකට් ලොවේ සොඳුරු මිනිසා

අඩි හයකුත් අඟල් හයක් උසැති හේ කි‍්‍රකට් කී‍්‍රඩාවට බිහිවූ පතාක යෝධයෙකු විය. ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවට දායාද කළේ ඒ උත්තුංග දේශධාරිත්වය පමණක් නොවේ. ඒ සද්දන්ත බවට එහා ගිය බොහෝ දේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් දායාද කළේය. සමස්ත කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කළ කි‍්‍රකට් කී‍්‍රඩාවට ආලෝකයක් වූ ටෝනි ග්‍රෙග් නම් වූ ඒ අපූරු මිනිසා කිසිවෙකු නොසිතූ නොපැතූ මොහොතක ස්වකීය කි‍්‍රයාශීලී ජීවන චාරිකාවෙන් සදහටම සමු ගෙන යන්නට ගියේය. ඒ සමු ගැනීම ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවට කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය කි‍්‍රකට් කී‍්‍රඩාවට සිදුවූ දැවැන්ත හිඩැසකි. බලවත් පාඩුවකි. ටෝනි ශ්‍රී ලාංකීය කි‍්‍රකට් ආධ්‍යාත්මය හා එතරම්ම බැඳී සිටි චරිතයක් වීම ඊට හේතුවය. මීට මාස දෙක තුනකට පෙර දී ඔහුට පෙනහැල්ලේ පිළිකා රෝගී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වීමත් සමග බොහෝ ශ්‍රී ලාංකිකයෝ ටෝනි හට සෙත් පතා බෝධි පූජා පැවැත්වීමෙන්ම ඒ සමීපත්වයේ තරම පෙනී යයි.
ස්කොට්ලන්ත පියෙකු සහ දකුණු අපි‍්‍රකානු මවකට දාව ටෝනි ග්‍රෙග් උපත ලැබුවේ දකුණු අපි‍්‍රකාවේදීය. ඉන් පසු එංගලන්තයේ පුරවැසිභාවය ලද ටෝනි එංගලන්ත ජාතික පිලේ නායකත්වය ද දැරීය. එහෙව් වූ ටෝනි සිය බිරිය සහ දරුවන් සමග පදිංචිව සිටියේ  ඕස්ටේ‍්‍රලියාවේය. නමුත් ඔහුගේ ආධ්‍යාත්මික බැඳීම නම් තිබුණේ ශ්‍රී ලංකාව සමග බව කීමට බොහෝ දේ ඇත. මේ දැවැන්තයා ගැන ශ්‍රී ලාංකීය ජනතාව කතා කිරීමට පටන් ගත්තේ 1996 ලෝක කුසලාන තරග සමයත් සමගය. එවර ලෝක කි‍්‍රකට් කිරුළ අප දිනන බවට කල් තියාම අනාවැකි පළ කළ එකම ජාත්‍යන්තර විචාරකයා ඔහුම විය. බොහෝ සුදු ජාතික කි‍්‍රකට් දැවැන්තයින් ලිලිපුට්ටන් වූ ශ්‍රී ලාංකීය කී‍්‍රඩකයින්ට නිරන්තරයෙන් කෙණෙහිලිකම් කරමින් සිටිය දී ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් ගැන ප‍්‍රශංසාත්මකව සහ ගෞරවයක් ඇති වන පරිදි කටයුතු කළ පුද්ගලයා ද ඔහු විය. අපේ අර්ජුනට ”කැප්ට්න් කූල්”, සනත්ට ”මාස්ටර් බ්ලාස්ටර්”, කළුට ”ලිට්ල් කළු” යන ආකර්ශනීය නාමයන් පටබඳිමින් උත්තේජනයක් ඇති කළේ ද මේ ටෝනි ග්‍රෙග් මහත්මයාය. එකී සියල්ල අප දන්නා දේවල්ය.
ටෝනි ගැන කීමට ඔබ නොදන්නා තවත් බොහෝ දේ තිබේ. ශ්‍රී ලාංකීය කි‍්‍රකට් ආධ්‍යාත්මයට මෙතරම් සමීපව සිටි මේ ටෝනි ග්‍රෙග් කවු ද? ශ්‍රී ලාංකීය කි‍්‍රකට් කී‍්‍රඩාවට චමත්කාරයේ අසිරිය කැන්දු, කි‍්‍රකට් කී‍්‍රඩාවේ සුන්දරත්වය ජනගත කළ සොඳුරුතම සන්නිවේදක යුගලයෙන් ඒ ගැන අපි දැන ගනිමු. එනම් ප‍්‍රවීණ විචාරක පාලිත පෙරේරා සහ පේ‍්‍රමසර ඈපාසිංහ ප‍්‍රවීණයාට ටෝනි ගැන පවසන්නට ඉඩ හරිමු.


ටෝනි ග්‍රෙග් ගැන පවසන ප‍්‍රවීණ විචාරක පාලිත පෙරේරා:
අවසන් වතාවට ටෝනි ග්‍රෙග් නමැති ඒ සොඳුරු මිනිසා මට හමු වුණේ පසුගිය විස්සයිxවිස්ස ලෝක කුසලාන තරගාවලියේදීය. එහි අවසන් තරගය පැවැත්වූ ආර්. පේ‍්‍රමදාස පිටියේ දී මට ඔහු හමු විය. මා ශ්‍රී ලංකා ගුවන් විදුලිය සඳහා විස්තර කථනය ගෙනා අතර ඔහු ජාත්‍යන්තර විස්තර විචාරක කුටියේ සිටියේය. නමුත් ලද විරාමයක දී මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දුගේ පොතක් පිළිගැන්වීම උදෙසා මා ටෝනි ග්‍රෙග් හමු වීමි. ඒ අපගේ අවසන් හමුව විය. ඔහුට මෙවැනි විපතක් වේ යැයි කියා එදා ඔහු සිතුවේත් නැත. මා සිතුවේත් නැත. නමුත් අනිත්‍ය ජීවිතයේ සියල්ල සිදුවී හමාර වීමට ගත වූයේ නිමේෂයකි.


කෙසේ වෙතත් ටෝනි ග්‍රෙග් යන චරිතය මා දකින්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහා විප්ලවීය චරිතයක් ලෙසය. කි‍්‍රකට් කී‍්‍රඩාව උඩු යටිකුරු කළ චරිතය ලෙසය. එසේ නොවන්නට අද ද කි‍්‍රකට් කී‍්‍රඩාව පවතින්නේ මහා ඇල්මැරුණු ස්වභාවයකිනි. මොකක් ද ඔහු කළ විප්ලවය? අපි ඒ ගැන විමසුම් කර බලමු.


එවකට එක් දින තරග සඳහා  ඕවර 60ක් ඇතුළත්වූ අතර එය එතරම්ම ආකර්ශනීය බවක් ගෙන දුන්නේ නැත. ටෝනි සාම්ප‍්‍රදායානුකූල වූ මේ ටෙස්ට්වලට සීමාව තිබූ කි‍්‍රකට්වලට එහා ගිය  ඕවර 50කට සීමාවූ කි‍්‍රකට් තරග බිහි කිරීමට මුල්වූ පුරෝගාමියාය.  ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන චැනල් නයින් ලෝ ප‍්‍රකට නාලිකාවේ හිමිකරු ධන කුවේරයකු වන කෙරී පැකර් සමග එක්වී මේ මෙහෙවර කිරීමට ටෝනිට හැකියාව ලැබිණි. අද අප දකින වෛවර්ණ ඇඳුම් රටා ද රතු පන්දුව වෙනුවට සුදු පන්ඳුව ද, දහවල කි‍්‍රකට් තරගවලට අමතරව රාති‍්‍රයේ පැවැත්වෙන තරග ආදී සියල්ලෙහි ආස්වාදය අප අත්විඳින්නේ මේ ටෝනිට හා කෙරී පැකර්ට ස්තුතිවන්ත වෙන්නටය.


විශේෂයෙන්ම මේ සංකල්ප කෙරී පැකර් වෙත දායාද කළේ මේ ටෝනිය. මේ විවිධ වර්ණ සහිත ඇඳුම් ආදිය හඳුන්වා දීමත් සමග සමහරු පිජාමා කි‍්‍රකට් නමින් ටෝනිට චෝදනා ද එල්ල කළහ. නමුත් ඒ විප්ලවීය ආකර්ෂණය ගෙනා චරිතය ඔහුමය. එලෙසින් කි‍්‍රකට් කී‍්‍රඩාවට කළ අසිරියට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ දේ කුමක් ද? ඊළඟට මම ඒ ගැන ප‍්‍රකාශ කරමි.


වසර 17කට පමණ පෙර දී මුරලි පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයාර් අමූලික බොරු ජාත්‍යන්තරයට පතුරද්දී ඒ චෝදනාව එල්ල වූ මොහොතේ අපේ අර්ජුණ ඩැරල් හෙයාර් සමග පැටළුණේය. ඒ මොහොතේ මානසිකව වැටී සිටි අපේ කී‍්‍රඩකයින් හමු වීමට කී‍්‍රඩාගාරයට ගිය ටෝනි ඔවුනගේ මනස ශක්තිමත් වීමට බොහෝ දේ ප‍්‍රකාශ කළේය. ”උඹලා බය වෙන්න එපා. මේකට සටන් කරපල්ලා” යන්න දරාගෙන ඔහු අපේ ක‍්‍රීඩකයින් දිරිමත් කරන්නට ඇත. එතැනින් නොනැවතුණ ටෝනි රූපවාහිනී කැමරාව ඉදිරියට මුරලි කැඳවාගෙන විත් ස්වාභාවිකව පිහිටි අතේ ඇදය ගැන ලොවට කරුණු පැහැදිලි කර සිටියේය. එසේ නොවන්නට මුරලිට ලෝක වාර්තාවට කිසිදා යාමට ඉඩ නොතිබිණි.


අපි බොහෝ විට මේ දේවල්වලට වඩා ටෝනි දඹුල්ල ගැන අපේ රට ගැන වර්ණනා කළ දේ සහ කී‍්‍රඩකයින්ට යෙ¥ විවිධ ආකර්ශනීය නාමයන් ගැන කතා කරමු. නමුත් ඊට එහා ගිය ආධ්‍යාත්මයක් තිබූ මහා චරිතයක් ලෙස ඉහත කරුණු අනුව මම ටෝනි නම් කරමි. ඔහුගෙන් ඉගෙනීමට තිබූ දේ බොහෝය. මම ද ඒ නිහතමානී මිනිසාගෙන් යමක් උකහා ගෙන ඇතැයි සනිටුහන් කරමි.

 


ප‍්‍රවීණ විචාරක පේ‍්‍රමසර ඈපාසිංහ ටෝනි ගැන පවසන දේ:
ටෝනි මා හඳුනා ගත්තෙ වසර තිහකට පමණ පෙරදීයි. ඉන් පසු 1996 ලෝක කුසලාන තරග මාලාවේ දී අපි වඩාත් සමීප වීමු. එදා ලෝක කුසලාන අවසන් මහා තරගය පුරාවට අප කටයුතු කළ සුහද සමාගමය ගැන මතකය තවමත් රැුඳී ඇත.
මේ බැඳීම කෙතරම් ද යත් ”බ‍්‍රැඞ්මන් යුගය” නමින් මා ලියූ පොතෙහි පෙරවදන පවා ලියුවේ ඔහුය. මෙතෙක් මට ලැබුණු ඉහළම සහතිකය ලැබුණේ ඔහුගේ එම ප‍්‍රකාශයෙන් යැයි විශ්වාස කරමි.


සැබැවින්ම ටෝනි යනු නිකම්ම විස්තර ප‍්‍රචාරකයකු නොවිණි. කි‍්‍රකට් කී‍්‍රඩාවේ සිටි ගවේෂකයකු මෙන් විය. විස්තර විචාරයේ දී ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවට අපූරු ජිවගුණයක් රැුඳවූ ටෝනි පුද්ගලිකව ශ්‍රී ලංකාවේ කිතුගොස ලොව පුරා පැතිරවූ අපූරු මිනිසෙක් විය. එක්තරා මොහොතක ගාල්ලේ කි‍්‍රකට් තරගයක් පැවැත්වෙමින් සිටි අතරවාරයේ දී බෞද්ධ කොඩියක් දැක ගැනීම නිසා ටෝනි මගෙන් ඒ ගැන විමසීය.


”ඒ පාටවලින් (ෂඞ් වර්ණ) මොනවද පෙන්නුම් කරන්නෙ? ඇයි ඒ?” යනුවෙන් විමසීය.


ශ්‍රී ලංකාවේ පරිසරයට බොහෝ සෙයින් ආදරය කළ ටෝනි ඒ පළාත් ගැන ද මගෙන් බොහෝ දේ විමසා දැන ගත්තේය. සිංහල ආහාර පානවලට ද ඔහු දැක්වූයේ මහත් රුචිකත්වයක් බව මම පුද්ගලිකව දනිමි. ශාරීරිකව යෝධ පෞරුෂයක් තිබූ ටෝනි විස්තර විචාරයේ දී කාව්‍යමය බසකින් එය විචාළේය. එකී ගුණය වෙත ජාත්‍යන්තර විචාරකයින් කිසිවෙකුට හෝ තිබුණේ නැත. ඔහු සතු වූ ඒ ඔදවත්-තෙදවත් විචාරය කිසිවෙකුට සම කළ නොහැකිය. ඒ ඔදවත් මා මිත‍්‍රයා අප හමුවූ අවස්ථාවල දී රස කතා කීමට ද අමතක කළේ නැත. එලෙසින් වූ මේ සොඳුරු ආඥාදායකයා ගැන බොහෝ දේ පැවැසීමට හැකිය.


ඔහුගේ අසනීප තත්ත්වය දැනගත් විගස මම විද්‍යුත් පණිවුඩ මගින් සැප-දුක විමසීමි. සුපුරුදු සුන්දරත්වයෙන්ම ඔහු මා ආමන්ත‍්‍රණය කළේය.


අවසන් වශයෙන් මට කිව හැකි වන්නේ ”ටෝනි ග්‍රෙග්” අඩුව පිරැුවීමට මේ සියවසේ කිසිවෙකුට නොහැකි වේවි කියාය. ඔහු නැති විස්තර විචාරක කලාව ඩෙන්මාර්කයේ රඟ දැක්වෙන හැම්ලට් නාට්‍යයක හැම්ලට් කුමරු නැති නාට්‍යයක් මෙන් යැයි මම හඟිමි.
ප‍්‍රවීණ විචාරක දෙපෙළ පාලිත පෙරේරා සහ පේ‍්‍රමසර ඈපාසිංහයන්ට මෙන්ම ටෝනි ග්‍රෙග් නමැති කි‍්‍රකට් කී‍්‍රඩාව පුරාවට සිටි ඒ මහා මිනිසා ගැන තවත් බොහෝ දෙනාට බොහෝ දේ පැවැසීමට පුළුවන. ඒ සියල්ල අතරින් අපි ටෝනිගේ පුද්ගලික ජීවිතය ගැනත් යමක් සටහන් කළ යුතු වෙමු. පළමු විවාහයෙන් වෙන්ව සිටිය ද ඒ විවාහයෙන් ලද දියණිය සමන්තා සහ පුතු මාක් ටෝනි හැර දමා ගියේ නැත. දෙවැනි විවාහයේ බිරියවූ විවියන්ට ටෝනිට දාව දරු දෙදෙනෙක් සිටිති. බි්‍යු සහ ටොම් ඒ දරු දෙදෙනාය. කලින් විවාහයේ වැඩිහිටි දරු දෙදෙනා මෙන්ම මේ සියලූ දෙනා එකට බැඳී සිටි පවුලකි.


දෙවැනි විවාහයේ බිරිය විවියන් යනු ටෝනිගේ සොඳුරුතම ගුණය හඳුනාගත් සොඳුරුතම බිරියකි.


ටෝනි ග්‍රෙග්ගේ ආත්මයේ තතු එලෙසින් සටහන් වුව ද අපට කිසි දාක අමතකම කළ නොහැකි දේ වන්නෙ අපට අපේ කි‍්‍රකට්වලට ඔහු දැක්වූ ආදරණීය බවයි. අපට එරෙහිව නැගෙන ජාත්‍යන්තර කි‍්‍රකට් කුමන්ත‍්‍රණ කෙණෙහිළිකම් හමුවේ ඊට එරෙහිව ඔහු මෙන් ජාත්‍යන්තරව පිටස්තරව වෙන කිසිවකු හෝ පෙනී නොසිටිනු ඇති. එය අපට බලවත් මදි පුංචිකමක් වේවි. හිඩැසක් වේවි.
ආදරණීය ටෝනි ග්‍රෙග් මිය යන තෙක් හැකි පමණින් අපේ කි‍්‍රකට් ආධ්‍යාත්මයට සමිපවී සිටි ඔබ උපන්නේ දකුණු අපි‍්‍රකාවේය. නියෝජනය කළේ එංගලන්තයයි. පදිංචිව සිටියේ  ඕස්ටේ‍්‍රලියාවේය. එහෙත් නුඹගේ ආදරය මෙහි තබා ගිය නුඹට අපි හැමදාමත් ආදරය කරන්නෙමු. ඉතින් සමු ගන්නට අවසරයි ටෝනි ග්‍රෙග් මහත්මයා !.

සටහන : සදුන් ගමගේ



අදහස් (0)

ශ්‍රී ලංකාවට ආදරය කළ ක්‍රිකට් ලොවේ සොඳුරු මිනිසා

කසුන් Monday, 07 January 2013 11:35 AM

ක්‍රිකට් වලට නැතිවම බැරි මිනිසෙකි ඔබ (දී)

:       0       0

වසන්ත Sunday, 06 January 2013 03:49 PM

සාමදානයේ සැතපෙන්න ටෝනි. (නි)

:       0       0

සසල Tuesday, 15 January 2013 08:26 AM

ටෝනි වෙනුවෙන් අපේ රටේ ක්‍රීඩාංගනයක් හෝ ක්‍රීඩාගාරයක් නම් කරමු (ස)

:       0       0

ගයාන් Monday, 07 January 2013 01:49 PM

අපි ඔබට සුභ පතනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 105 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5881 3

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 864 6

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1451 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 133 1

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 212 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site