IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ශ්‍රී ලංකා ක‍්‍රිකට් මෙතනින් කොතැනටද ?

dgs

21-Nim-P1-01 

 

1996 මැදින් මහේ 16 වැනිදා ශ්‍රී ලංකාව ලෝක ක‍්‍රිකට් කුසලානය දිනා ගත්තේය. එදා සියලූ ලක්වැසියෝ කඳුළින් මේ මාතෘ භූමිය තෙත බරිත කළෝය. ඒවා දුක් කඳුළු නොවීය. සතුටු කඳුළුම වීය. ඒ සතුට මොන තරම් නම් ආශ්චර්යවත්වීද? මොන තරම් නම් හැඟුම්බරවීද?

 


ලෝක ජයග‍්‍රහණයක උරුමයේ හැටි එහෙමය. ඊටත් වඩා සමස්ත ශ්‍රී ලාංකිකයින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව තම ආත්මයට බද්ධ කරගෙන තිබීම ඊට හේතුව වීය. එලෙසින් ජයග‍්‍රහණයක අසිරිය රිසිසේ බුක්ති විඳි අප එතැන් සිට තව තවත් ලෝක කුසලාන ජයග‍්‍රහණ අපේක්ෂා කළ බව රහසක් නොවේ. 2015 වසරේ තවත් මැදින් මහක් උදාවුණි. ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයට මුහුණ දුන්නේ පසුගිය 18 වැනිදාය. මව්බිමෙහි මෙන්ම ලෝකය පුරා විසිරී සිටින ආදරණීය ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ලෝලීහු මෙදින තරම් වික්ෂිප්තවූ, මෙදින තරම් අතිශයින්ම හැඟුම්බර වූ පපුවට දරාගත නොහැකිවූ වේදනාවක් අත්විඳි දිනක් තවත් නැති තරම්ය. ඒ දකුණු අප‍්‍රිකානුවන් හමුවේ ප‍්‍රතාපවත් සිංහයා අන්ත පරාජයකට පත්වීම සිදුවූ හෙයිනි.


2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව අවතීර්ණ වූයේ ඊට පෙර මුහුණදුන් අමිහිරි පරාජ රැුසක් කරපින්නාගෙනය. එම පරාජයන්ට අමතරව ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් පරිපාලනය හා ගැටුණු විවේචන වලට මුහුණදුන් අවස්ථාද තිබිණි. සියල්ල කෙසේ වෙතත්, 2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සූදානමකින් කණ්ඩායම පෙළ ගැස්වුවාද යන්න විමසා බැලූ විට පෙනී යන්නේ නැත, යන්නය. ලෝක කුසලානයකට කණ්ඩායමක් පෙළ ගැස්වීම එක් දිනෙකින්, එක් රැුයකින් කළ යුතු දෙයක් නොවේ. ඒ සඳහා නිසි සැලසුමක්, දැක්මක්, ක‍්‍රමයක් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය වෙතින් එවැනි සැලසුමක්, දැක්මක්, ක‍්‍රමයක් සකසා තිබුණාදැයි යන්න නිකම්ම ප‍්‍රශ්නයකට වඩා හෘද සාක්ෂියෙන් විමසිය යුතු ප‍්‍රශ්නයක් වන්නේය.

 

21-Nim-P1-02


ලෝක කුසලාන තරගාවලියකට මුහුණ දිය හැකි සමබර කණ්ඩායමක් නිර්මාණය කිරීම වෙනුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය වෙතින් පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණේ නොයෙකුත් ගැටළුකාරී තත්ත්වයන්ය. විටෙක නිත්‍ය සභාපතිවරයකු නොමැති විය. බොහෝවිට සභාපති පුටුවට පැවැති ආණ්ඩුව විසින් පත් කරනු ලැබුවේද තම හිතෛෂිවන්තයෙකි. නමුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අවශ්‍යව තිබුණේ හොඳ පරිපාලකවරයකු මිස තවත් දේශපාලන හෙංචයියකු නොවේ. අපි මොහොතකට මෙවර අර්ධ අවසාන තරගයට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බලමු. මේ කණ්ඩායම සමබර එකක් වුණාද? කිසිසේත්ම එසේ නොවිණි. එය ක‍්‍රිකට් ගැන දන්නා  ඕනෑම පොඩි එකෙකුට පවා තේරුම්ගත හැකිව තිබූ දෙයකි. කණ්ඩායම වෙනුවෙන් කළ ක‍්‍රීඩක ආදේශ කිරීම දෙස බලද්දී එය සනාථ වෙයි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට පිටත්ව ගියේ නිත්‍ය ආරම්භක පිතිකරුවකු නොමැතිවය. ඩිල්ෂාන් සම`ග අනෙකුත් ආරම්භක පිතිකරු භූමිකාව සඳහා ආදේශ කොට තිබුණේ, පසුගියදා නවසීලන්තය සමග තරග වැදි කණ්ඩායමට ඇතුළත්වූ දිමුත් කරුණාරත්නය. නමුත් දිමුත් එලෙසින් ආදේශ කර තිබියදී ඔහු ලෝක කුසලානයේ ආරම්භක පිතිකරු භූමිකාවට යොදා ගත්තේ නැත. ඒ වෙනුවට ලහිරු තිරිමාන්න යොදා ගත්තේය. දිමුත් ආබාධයකට ලක්වීම නිසා මව්රටට ගෙන්වා ගත් අතර ඔහු වෙනුවට ආදේශ කළේ සීක්කුගේ ප‍්‍රසන්නය. ජීවන් මෙන්ඩිස්ද ආබාධයකට මුහුණදී නැවත ආවේය. ඔහු වෙනුවට පිටත්කර හැරියේ කුසල් ජනිත්වය. මේවා මහා පුදුමාකාර ආදේශ කිරීම්ය. මේ අතර වාරයේදී ඩිල්ෂාන් හැරුණු කොට ආරම්භක පිතිකරු භූමිකාවේ යෙදී පළපුරුද්ද ලබා සිටි උපුල් තරංගද ගෙන්වා ගත්තේය. හරි නම් මේ තේරීම් කමිටු නිලධාරීන් කළ යුතුව තිබුණේ උපුල් තරංගව මුලින්ම ලෝක කුසලාන සංචිතයට නම් කිරීමය. නමුත් ඔවුන් බොහෝ දේ කරන්නේ හිටි හැටියේය. නැතිනම් මුලදීම කළ යුතුව තිබුණු දේ ඔවුන් කරන්නේ අවසානයේදීය. ඒ වන විට සියල්ල සිදුවී හමාරය.


වඩා තීරණාත්මක වූ තරගයේදී ඒ වන විටත් ආරම්භක පිතිකරුවාගේ පළපුරුද්ද සහ විශ්වසනීයත්වය ලබා සිටි ලහිරු තිරිමාන්න වෙනුවට කුසල් ජනිත්ව ආරම්භක පිතිකරු හැටියට යොදා ගත්තේය. එනිසා ශ්‍රී ලංකා පිලට මුහුණදීමට සිදුවූයේ ඛේදවාචකයකටය. කුසල් ජනිත් යනු ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියකදී මෑත කාලයේදී යොදාගත් අතිශ්‍යයින්ම අසාර්ථක චරිතය වන්නේය. එය ඔහුගේ වරදක් නොවේ. ඔහු දේශීය තරග බිමේ දක්ෂයකු විය හැකිය. නමුත් ජාත්‍යන්තර තරග බිමේදී ක‍්‍රීඩා කළ යුතු මානසික ශක්තිය සහ කණ්ඩායමක ආරම්භක පිතිකරුවාගේ භූමිකාවේ වගකීම ඔහු තේරුම්ගෙන සිටියාද යන්න නම් බරපතල ප‍්‍රශ්නයකි.


එක් ශ්‍රී ලාංකීය විචාරකයෙක් පැවසුවේ ඔහු උඩ පන්දුව දී දැවී ගියේ හොඳ පන්දුවකට කියාය. එය මහා පුදුම ප‍්‍රකාශයකි. හොඳ පිතිකරුවකු නම් හොඳ පන්දුව තේරුම් ගෙන එයින් ආරක්ෂා විය යුතුය. සංගා - මහේල හොඳ පිතිකරුවන් වූයේ එවැනි දේ තේරුම් ගෙන ක‍්‍රීඩා කළ නිසාය. කෙසේ වෙතත් මේ හොඳ පන්දුව හමුවේ දැවී ගිය කුසල්ගේ දැවීයාම ශ්‍රී ලංකා පිලට ඇති කළේ මහා පීඩනයකි. ඩිල්ෂාන් ද එතරම්ම හොඳ නොවූ පන්දුවක් හමුවේ දැවී ගියේය. පීඩනය තවත් දෙගුණ තෙගුණ වී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව පවා වෙනස් කිරීමට ඊලඟට සිදුවිණි.


”මම ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට ආසයි” එලෙසින් කියා සිටි විශ්වාසවන්තයා ලහිරු ඔහු තුළ වූ විශ්වාසනීය බව යම්තාක් දුරකට සනාථ කළේය. ඒ හැරෙන්නට කිසිවෙකුට හෝ ස්ථාවර වීමට නොහැකි විණි. සංගාගේ උර මත මහා බරක් පැටවී තිබිණි. තීරණාත්මක තරගයකදී උහුලා ගත නොහැකිවූ ඒ බර හමුවේ ඔහු අසරණ වන්නට ඇත.


කාසියේ වාසිය හිමිකරගෙන වුවද ශ්‍රී ලංකාව මහා අකුසල කර්මයකට මුහුණ දුන්නේය. නිත්‍ය දඟපන්දු යවන්නා වූ හේරත් නොමැති කල ඒ අඩුව පිරැුවීමට සිටි සචිත‍්‍ර සේනානායක හෝ සීක්කුගේ කණ්ඩායමට ඇතුළත් නොවුණි. කෝඩුකාර තරිඳු කෞෂාල්, අත්දැකීම් අඩු චමීර මෙවැනි මහ තරගයකට මුහුණ දෙන්නේ කෙසේද? ඔවුන් ගැන එච්චරටම විශ්වාසය තැබුවේ නම්? දකුණු අප‍්‍රිකාවට ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ යුතුව තිබිණි. ඉහළ වේගයක් රඳවාගෙන පන්දු යැවූ සුරංග ලක්මාල් පවා කණ්ඩායමට ඇතුළත් නොවුණි. තරංග තරග නරඹන්නාම විය.


යම්කිසි විටෙක මෙලෙසින් කණ්ඩායමක් තෝරන්නට ඇත්තේ මීළඟ ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස විය හැකිය. මක්නිසාද යත් මේ කණ්ඩායම එහෙව් එකක් වූ බැවිනි. ඩිල්ෂාන්, සංගා, මහේල ත‍්‍රිත්වය අසාර්ථක වුණි නම්? යැපෙන්නට වෙනත් ක‍්‍රීඩකයකු නොමැති විය. ශ්‍රී ලංකාව පසුගිය කාලය පුරාම විශේෂයෙන් යැපුණේ මේ පිතිකරු ත‍්‍රිත්වය වෙතිනි. විටෙක තිසර පෙරේරා ඒ කණ්ඩායමට නම් කළේ යැයි කියා ඔහු චෝදනා කළේය. එය ඔහුගේ අභිමානය විය හැකිය. නමුත් ඒ අභිමානයට ඔහු ගෙනදුන් ගෞරවය කුමක්ද? මාලිංග විටෙක මාධ්‍යයට බැණ වැදී සිටියේය. එහෙව් මාලිංග කළ දේ කුමක්ද? ගියවර ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අසාර්ථක පන්දු යවන්නාවූ කුලසේකර මේ තීරණාත්මක තරගයට යොදා ගත්තේ ඇයි? ඒ සියලූදේ එම ක‍්‍රීඩකයින්ගේ වරදක් නිසා සිදුවූ දෙයක් නොවේ. ක‍්‍රීඩක ආදේශ සඳහා ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩකයින් නොමැති වීමය. මාලිංගට අභියෝගයක් වන්නේ මාලිංග වැනි තවත් ක‍්‍රීඩකයකු බිහිකිරීම වෙතිනි. ඉන්දියාව එය අපූරුවට සිදු කළද ශ්‍රී ලංකාව සෑම විටෙකම යැපෙන්නේ එක් ක‍්‍රීඩකයකු මතය. මුරලි විශ‍්‍රාම යන විට තව මුරලිලා දෙන්නෙක් වත් නිර්මාණය කළ යුතුව තිබිණි. පරිපාලනයත් සහ පුහුණුකරුවන් වෙතින් සිදුවිය යුත්තේ එයමය. නමුත් 1996 ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව වත් එවැනි දැක්මකින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව සංවර්ධනය වූයේ නැත.


පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවද, අන්තර් සමාජයීය ක‍්‍රිකට් ක‍්‍රීඩාවද පවතී. නමුත් ඒවා පවතින්නේ ඇල්මැරුණු ස්වභාවයෙනි. මේ සියලූ දේ හමුවේ ශ්‍රී ලංකාව බොහෝ විට යැපුණේ ක‍්‍රීඩකයින් කීපදෙනෙකු මත පමණකි. ඒ ක‍්‍රීඩකයින් බොහෝවිට මහා ආඩම්බරකාරයින්, ඔළු උදුම්මා ගත් චරිත ලෙස පෙනී සිටියේ ඔවුනට තරගකාරිත්වයක්, අභියෝගයක් නොතිබූ නිසාය. යනවා මනුස්සයෝ යන්න වැඩක් බලාගෙන කියා මාධ්‍යයට බැණ වැදුණේද ඒ නිසාය.


ලෝකයට තරඟ කාරිත්වයක් දීමට පෙර රට ඇතුළෙ පවතින ක‍්‍රිකට් අතර තරඟකාරී බවක් තිබිය යුතුය. අභියෝගාත්මක චරිත සිටිය යුතුය. සැබෑ සටන්කාමී කණ්ඩායමක් බිහිවෙන්නේ එසේ වුවහොත් පමණෙකි. එසේ සිදුවිය යුතුව, සිදුකළ යුතුව තිබුණද ලංකාව ඇතුළෙ ක‍්‍රිකට්වල තිබුණේ ජරාජීර්ණ වූ දේශපාලනයයි. සංගා මහේල ඩිල්ෂාන් මාලිංග එක්දින පිටියෙන් සමුගත් පසු කවුද ආදේශ කළ හැක්කේ? ඔඩුදිවූ ක‍්‍රිකට් පරිපාලනයට ඊට දිය හැකි පිළිතුරක් නැත.


ක‍්‍රිකට් දැනුමින් කෙතරම් පරිපූර්ණවූ පොහොසත්වූ තැනැත්තෙකු වුවද, ඔහු දේශපාලනයට සම්බන්ධ නම් ක‍්‍රිකට් පරිපාලනයේ අහලකටවත් වද්දා ගත යුතු නැත. එය සනත්, හෂාන් හෝ අර්ජුන හෝ දේශපාලනයට සම්බන්ධ වූ  ඕනෑම අයෙකුට බලපෑ යුතු බල පැවැත්විය යුතු දෙයක්ම වන්නේය. මේ  ඕනෑම කෙනෙක් කරන්නේ තම දේශපාලන න්‍යාය පත‍්‍රයට අදාළ දේ බව තිත්ත ඇත්ත ලෙසම ගෙන හැර දැක්විය හැකිය. නැතිනම් සිදුවන්නේ ජයග‍්‍රහණයක ඵලය නිසිලෙස අරුත්බර කරගත නොහැකි වීමය.


අද මේ පරාජයේ වගකීම බාර ගන්නේ කවරුන්ද? ශ්‍රී ලංකා ක‍්‍රිකට් වත්මන් සභාපති, ලේකම් සහ සියලූ වගකිව යුතු පාර්ශවයන් මේ පරාජයේ වගකීම බාර ගත යුතුය. තේරීම් කමිටුව වහා ඉල්ලා අස්විය යුතුය. (ලැජ්ජාවක් තිබේ නම්) ඔවුන් වගේම පසුගිය කාලය පුරාවටම මේ සෙල්ලම කළ දේශපාලනඥයින් බලධාරීන් සහ සියලූදෙනාම මේ වගකීම බාරගත යුතුය.


හදවතින්ම ක‍්‍රිකට් ආත්මයට සමීපකොට ගත් සුවහසක් ක‍්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ප‍්‍රාර්ථනා සුන්නද්දූවිලි කිරීමට ඔවුනට කිසිදු අයිතියක් නැත. මේ රටේ ක‍්‍රිකට් වලට අතිශයින්ම ආදරය කරන්නේ ඒ ජනතාව පමණක්මය. දැන් ඒ ජනතාවගේ අවදිවීම නැගිටීම සිදුවිය යුතු කාලය එළැඹ තිබේ.

 

m



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් මෙතනින් කොතැනටද ?

තමිත් Thursday, 26 March 2015 01:31 PM

ඕස්ට්‍රේලියාවේ සිටින අපේ කොල්ලෝ කෙල්ලන්ට ස්තූතියි! අපේ කොල්ලන්ව දිරිමත් කරන්න ආවාට ඔබට ජය වේවා! (නි)

:       0       0

රොෂාන් විජේරත්න Friday, 27 March 2015 04:32 PM

ඇත්තටම මේ වගේ කණ්ඩායමක් අපිටත් තෝරන්න පුළුවන්. මේකද තේරීම් කමිටුවේ වැඩේ ? කුසල් , තිසර කවදද හොදට සෙල්ලම් කරලා තියෙන්නේ. කිසිම වගකීමක් නැති යක්කු . මිට වැඩ හොඳ කොල්ලෝ ලංකාවේ ඇත්තෙම නැද්ද? අපි 2019 දිනන්න නම් දැන්ම හොඳ ටීම් එකක් හදන්නම වෙනවා. මාලිංග කොහොමත් කැමති IPL වලට විතරයි රට ගැන හන්ගීමක් නෑ. (ස)

:       0       0

කල්වින් Thursday, 26 March 2015 02:15 PM

අර්ජුන මහත්මයට අපි ගොඩාක් ගරූ කරා එත් එයා පහුගිය ටිකේ කියපු කාරණාවලින් ඔප්පූ කරල පෙන්නුව කිසිමකෙනෙක් රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් නැ කියල පොඩි ළමෙක් පවා දන්නව නිශාන්ත රණතුංග කියන්නේ මොන වගේ කෙනෙක්ද ක්‍රීඩාවට මොන වගේ විනාසයක්ද කලේ කියල එත් දේශපාලන බලේ පාවිච්චි කරල පාලක මණ්ඩලේ ඉන්න හොරු ටික ආරක්ෂා කරනවා වගේම ක්‍රීඩාව තව තවත් විනාස කරනව අපිට දුක එකය් (ස)

:       0       0

අචිර Thursday, 26 March 2015 05:31 PM

අපි තවමත් ලංකාවේ පරාජයේ පියවරු සොයමින් ඉන්නවා (නි)

:       0       0

සමන් Monday, 30 March 2015 04:49 AM

අමතක කරන්න එපා අපේ ලෝක කුසලාන කණ්ඩායමට මුලින්ම තේරූ 30 දෙනාට හිටපු ප්‍රභලයෙකුගේ පුතෙකුත් හිටියා. ඔය වගේ වැඩ කරලා කොහොමද රටක ක්‍රීඩාව නංවන්නේ? ඔය දේශපාලකයෝ ක්‍රීඩාවට ඇඟිලි ගහනතුරු අපි වළේම තමයි. (නි)

:       0       0

අඛිලා Thursday, 26 March 2015 08:33 AM

ප්ලයෙර්ස්ලගේත් වැරැද්ද.. රට ගැන නොසිතීම දුකක් (බ)

:       0       0

චතුර Friday, 27 March 2015 09:06 AM

සත්තකින්ම නිවැරදිව ලිපියක්. මම දකින විදිහට නම් ලංකාවට වැරදුනේ කුසල් ජනිත් ආදේශ කිරීම. (ස)

:       0       0

සනත් Friday, 27 March 2015 09:36 AM

සංගක්කර ඇත්තටම ලංකාවට ඕනෑකරන වෙලාවක තමයි ඉවත් වුණේ. අපිට ආයේ කවදාවත් ලංකාව දිනන තරගයක් බලන්න බැරිවේවි. (ත)

:       0       0

ලසිත් Thursday, 26 March 2015 12:07 AM

බොහොම හොඳ ලිපියක්. (නි)

:       0       0

අරවින්ද Sunday, 29 March 2015 03:42 PM

විස්සයි 20 ශ්‍රී ලංකාවට ගෙනආපු වෙලාවේ අපි මග දිගට ඉඳල කැ ගහල ටීම් එක පිළිගත්තා .මේ පාර අපේ කොල්ලන්ට එක බැරි උණා.කාගේ හෝ වරදින් එ්ක එහෙම උණා.එ්ක වෙලා ඉවරයි .නමුත් අපේ රටේ ක්‍රිකට් කරේ තියන් ඉස්සරහට ඇදගෙන අපු කොල්ලෝ දෙන්නෙක් ලෝක කුසලානෙන් එකෙන් පස්සේ ක්‍රිකට් වලින් අයින් වෙනවා.දිනපුවහම හුරේ දන අපි උන් දෙන්නට තෑන්ක් යූ කියන්න එදා මගට ගියද? දිනපුවහම මියුසිකල් ෂෝ තිව්වු. අපි උන් දෙන්නට බායි කිව්වද ? අතින් අපි හරි සවුත්තු ජාතියක් නේද?කුසල් ජනිත් ආදේශ කිරීම වැරදි ඇති..ඔබ හෝ මම කුසල් ජනිත් වෙලා ඉහල පුටු වලින් ඔබ ඕපන් බැට් කරන්න ඕනේ කිව නම්,ඔබට මට සිදුවන්නේද ඔහුට මේ සිදුවී ඇති දෙයයි. ක්‍රිකට් යනු තරඟයකි කවුරුන් හෝ ජයගනී නමුත් සියලු දෙනාගේ වැරදි ක්‍රීඩකයන්ගේ කරපිටින් නොයා යුතුයි .ඊළඟ තරඟය වත් පිඩනයකින් තොරව ක්‍රීඩා කිරීමට පරිපාලනය නැවරරදි කළ යුතුයි. .පාලක මණ්ඩලයේ සිටින නුසුදුස්සන් අපේ කඳුළු වලට මෙන්ම ක්‍රීඩකයන් විඳින අපහාස වලටද වග කිව යුතුයි.(ස)

:       0       0

මංගල Thursday, 26 March 2015 01:31 AM

ඒ අය ලංකාවට එනකොට නම් පිළිගන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

ජයා Saturday, 28 March 2015 03:57 PM

තේරීම් කමිටුව විතරක් නොවෙයි. පුහුණුකරුවනුත් වග කිව යුතුයි. (ත)

:       0       0

ක්‍රිස් Thursday, 26 March 2015 11:36 AM

ඔබ හරි අන්තර් සමජ තරග ශක්තිමත් කරමු.(හේ)

:       0       0

ශ්‍රියන්ත Saturday, 28 March 2015 10:14 PM

අපේ පුංචි ලංකාව ලෝකයේ ගොඩක් රටවල් හදුනා ගෙන තියෙන්නේ ක්‍රිකට් නිසා. ඉතින් ඔය විදිහට අපේ අය සැලැස්මක් නැතිව ක්‍රීඩා කරලා අන්ත විදිහට පරාජය වෙනකොට අපිට‍ හරිම දුකයි. ඉදිරි තරග වලදිවත් හොදින් ක්‍රීඩා කරන්න හොද කණ්ඩායමක් තෝරා ගන්න ක්‍රිකට් තේරීම් කමිටුවේ බලධාරීන්ගේ ඇස් ඇරේවා. එහෙම උනොත් අපිට තවදුරටත් ලෝකයට ආඩම්බරයෙන් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ගැන කථා කරන්න පුළුවන්. ලිපිය නියමයි අගය කරනවා. (නදී)

:       0       0

ශාන සෞදි Thursday, 26 March 2015 03:19 AM

මහජනතාවගේ මුදල් වලින් සැපවිඳින එක විතරයි වෙන්නේ. රටට හෝ ජනතාවට වෙන සෙතක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 262 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 890 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1395 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 208 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 432 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 599 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site