අපේ ඇතැම් මුග්ධ පුරවැසියන් කරන කියන දැයින් රටට අත්වන නිගරුව හා අලාභය ගණනය කළ නොහැකිය. රටේ අභිමානය සම්බන්ධයෙන් බිඳකුදු වග නොවන එබඳු දුර්ජනයකුගේ අවකල් ක්‍රියාවක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.
සංචාර පිළිබඳ යූ - ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන එංගලන්ත ජාතික තරුණියක් මෙරටට පැමිණ ඇත්තේ අප රට සම්බන්ධයෙන් වීඩියෝවක් නිර්මාණය කිරීමටය. සංචාරක පාරාදිසයක් වන අප රට සම්බන්ධයෙන් එංගලන්ත ජාතික තරුණියක් නිර්මාණය කරනු ලබන වීඩියෝවක් අප රටට ගෙන එනු ලබන ප්‍රයෝජන අතිමහත් යැයි සැලකීම නිවැරැදිය.
එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා හරහා ජනගත වූ විට ලෝකයේ සිවු දිගින් සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. දුගී බවෙහි පත්ළටම වැටී සිටින අප රටට එය කදිම අවස්ථාවකි.
කරුණු කාරණා එපරිදි වුව ද එම එංගලන්ත ජාතික තරුණියට සිදුවූයේ වීඩියෝව නිර්මාණය කිරීමට නොව කොටුව පොලිසියට ගොස් පැමිණිලි කිරීමටය. ඒ ඇගේ ගමන් බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පොළේ බස් රථයක දී සොරාගෙන යෑම සම්බන්ධයෙනි.
රටවල් 37ක සංචාරය කර ඇති මෙම එංගලන්ත ජාතික තරුණිය මෙරටට පැමිණ ඇත්තේ දෙවැනි වරටය. ඇයගේ ගමනාන්තය ඇල්ල ප්‍රදේශය වේ. ඒ සඳහා බසයට ගොඩ වී සිටිය දී පුද්ගලයන් දෙදෙනකු පැමිණ එම ගමන් බෑගය සොරාගෙන ගොස් තිබේ. බස් රථයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේ දී ඒ බව අනාවරණය වී තිබේ. එම ගමන් බෑගය තුළ ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය, කැමරාව, ලැප්ටොප් පරිගණකය, මෙන්ම ඩොලර් 2000ක මුදලක් තිබී ඇති බව ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එංගලන්ත ජාතික තරුණිය ප්‍රකාශ කර තිබෙන්නේ එම ගමන් බෑගය සොයා දෙන්නකුට ඩොලර් 5000ක් ප්‍රදානය කරන බවය. ඩොලර් 5000ක් යනු රුපියල් ලක්ෂ 15ක පමණ මුදලකි. ඒ සා විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට ඇය තීරණය කරන්නේ එම ගමන් බෑගයේ අඩංගු දෑ ඇයට එතරම්ම වටින නිසාය. සංචාරය සම්බන්ධ යූ-ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යන ඇයගේ බොහෝ නිර්මාණ එම පරිගණකයේ තිබෙන්නට ඇත.
දැන් ප්‍රශ්නය වන්නේ ඇය ලංකාව සම්බන්ධයෙන් කුමන මාදිලියේ වීඩියෝවක් නිර්මාණය කරනු ලබයි ද යන්නය. අප රට ගැන සංචාරක වීඩියෝවක් නිර්මාණය කර අප රටට නිහඬ සේවයක් කිරීමට පැමිණෙන මෙවැනි සංචාරකයන්ට හැකිතාක් පහසුකම් සැපයිය යුතුය. එම එංගලන්ත ජාතික තරුණිය දැන් කල්පනා කරනු ඇත්තේ මේතරම් සුන්දර ලස්සන දිවයිනක මේ තරම් දුෂ්ට තක්කඩියන් සිටිනවා ද යන්න විය යුතුය.
සංචාරක කර්මාන්තයේ නියැලෙන මෙම තරුණිය තමන්ගේ ග්‍රාහකයන් සමග අප රට ගැන කෙසේ කතා කරනු ඇද්ද යන්න මෙනෙහි කළ යුතු කරුණකි. ඒ කතා අසා කියවා අප රටට පැමිණීමට යමකුට සිතක් පහළවේද? යන්න ද විමසිය යුතුය. චෞර කප්පිත්තන් දෙදෙනා අප රටට කළ හානියේ දිග පළල එසේය.
අප රට දරුණු ආර්ථික ප්‍රපාතයකට වැටී තිබේ. එය යළි යළිත් අවධාරණය කළ යුතු නොවේ. මෙම අගාධයෙන් ගොඩ ඒමට ඇති එක් ප්‍රධාන මාර්ගයක් වනුයේ සංචාරක ව්‍යාපාරය වේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ඊට පසුව රට තුළ ඇති වූ අරගලකාරි පරිසරය සංචාරක ව්‍යාපාරයට බරපතළ හානි කළේය. ඒ අනුව සංචාරක ව්‍යාපාරය මේ වන විට යම්තම් හිස එසෙව්වා පමණි. මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙවැනි අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට සිදුවන්නේ නම් සංචාරකයෝ මෙරටට නොඑති. එහෙයින් එංගලන්ත ජාතික තරුණියගේ ගමන් බෑගය සොරාගත් හොර දෙටුවන්ට අමතක නොවන දඬුවම් දිය යුතුය.
(***)
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්රී ලංකා කීර්තිය වනසන මොවුන්ට දැඩි දඬුවම් දෙමු
Lasanthi Sunday, 02 June 2024 06:30 AM
රටට හෙන ගැහුවත් වවුලොත් එක්ක හොරු, මංකොල්ලකාරයෝ ආවොත් ඉතින් මොනවත් වෙන්නේ නැහැ..!
kamal koyrala Sunday, 02 June 2024 02:24 PM
අපි ශ්‍රී ලංකා... 2500 වසරක ප්‍රෞඩ ඉතිහාසයක් ඇත...
බද්රානි Thursday, 06 June 2024 01:14 PM
මහ එකාගේ පටන් හිඟන්නා දක්වාම හොර තක්කඩිකම ජානවලින්ම පිහිටා තියන ජාතියක් ගෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ...දැන් මේක තනිකරම විෂ ගෝර සර්පයෙන්ගෙන් පිරුණු විමානයක්... කාගේ හෝ බෙල්ල මිරිකලා සල්ලි හොයන සමාජ ක්‍රමයක් ඇති වෙලා.. විශේෂයෙන් මේ තත්වය යුධ ජයග්‍රහණයෙන් පසුව ඇති වූ තත්වයක්...පාලකයින් ,පුජකයින්ව මුදල් වලට පෙරේත කළා, පුජකයින් දායකයින්ව මුදල් වලට කෑදර කළා... දැන් ඉතින් බල්ලෝ මරල හරි සල්ලි හොයන්නයි මේ රටේ එවුන්ට ඕනා...නමුත් ඒ සල්ලි වගතුවක් තියනවද..? කාලකන්නි බහිරවයෝ වගේ මැරෙන කම් පව් ගෙවන එක නේද කරන්නේ..?