IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය  අදට (10) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ 24 වැනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නායකත්වය ලබාදෙයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රගමනය උදෙසා නිවැරදි දැක්මක් හා දූරදර්ශී නායකත්වයක් සපයමින් ඒ සඳහා මඟපෙන්වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා මෙන්ම, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තු (විශ්‍රාමික) මහතා ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කළ යුතුය.

මව්වරුන්ට පියවරුන්ට තම දරුවනුත්, බිරින්දෑවරුන්ට තම සැමියනුත් සැමියන්ට තම බිරින්දෑවරුනුත්, දරුවන්ට සිය මව්පියනුත් අහිමි කළ යුද්ධයේ කටුක කර්කශ බව යළි යළිත් මෙරට වැසියන්ට සිහිකළ යුතු නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා වශයෙන් සහ යුද බිමේ නායකත්වය එවකට යුද්ධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ලබාදෙමින් යුද්ධය අවසන් කිරීමේ තිර අදිටනින් යුතුව 2006 ජූලි 26 වැනිදා සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය. මෙය  හුදෙක්ම මානුෂීය මෙහෙයුමක් වූ අතර, නැගෙනහිර මානුෂීය මෙහෙයුම නමින් එය හැඳින්විණි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 2006 ජූලි 21 දා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක සිවිල් වැසියන් 30,000ක පමණ පිරිසගේ ජල සැපයුම අත්හිටවූ අතර, මාවිල්ආරු මුදාගනිමින්  ජනතාවගේ ජල අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය. ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට ඉතා පහසුවෙන් මාවිල්ආරු මුදාගත හැකි වූ අතර, ඉන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක්  වූ තොප්පිගල මුදාගැනීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. බලය සහමුලින්ම ඉවත් කර නැගෙනහිර පළාත මුදාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවෝ සමත් වූහ.

උතුරු මානුෂිය මෙහෙයුමේ සුවිශේෂීම සිදුවීම වූයේ නාවික හමුදාවේද සහය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව  විසින් සිලාවතුර මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීමයි. හමුදාවේ ප්‍රහාරක බලයට  මුහුණපෑමට නොහැකිවූ කොටි සිය කඳවුර හැර දමා පලාගිය අතර, 2007 සැප්තැම්බර්  2දා සීලාවතුර පාලනය රජයේ හමුදාවන් සතුවිය.

එලෙස  ඇරඹි උතුරු මානුෂීය මෙහෙයුමේ දී එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ අවසන් බිම් අඟලත් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අත්පත් කරගැනීමත් සමඟ 2009 මැයි 19 වැනිදා අතිබිහිසුණු ත්‍රස්තවාදය පරදා ප්‍රභාකරන් නමැති ඝාතකයාගේ මළසිරුර නන්දිකඩාල් කළපුවෙන් හමුවූයේ සාමයේ පරෙවියන්ට මුළු ශ්‍රී ලංකා අහස්තලයම යළි විවර කර දෙමිනි.

ශ්‍රී ලංකාව ආහාරවලින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙල්ලන්කුම්, මැණික්ෆාම්, අඩියාපුලියන්කුලම්, නිරාවිය, කන්දකාඩු, ගල්කන්ද, බළල්ල, යාල පලටුපාන ගොවිපළ සහ අරලගන්විල කෘෂිකර්ම පුහුණු පාසල, යුද්ධ හමුදා මූලස්ථාන කෘෂි ව්‍යාපෘතිය, කොහිලවගුරවත්ත රෙජිමේන්තු ගොවිපළ මෙන්ම සියලු යුද්ධ  හමුදා කඳවුරු ආශ්‍රිතව කෘෂිකර්ම සහ පශු සම්පත් බළකාය වෙතින් ආරම්භ කළ කෘෂිකර්ම ව්‍යාපෘතීන් මේ වනවිට සාර්ථකව ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බළකාය සහ යුද්ධ හමුදා කෘෂි අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ මේ වනවිට විශාල ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇත. එලෙස ආරම්භ කළ වැඩසටහන යටතේ අස්සැද්දූ බිම්වලින් ලබාගත් අස්වැන්න මෙලෙස රජයේ ව්‍යාපෘතියකට ලබාදීම සුවිශේෂී සිදුවීමක් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොවිපළවලින් නෙළාගනු ලබන අස්වැන්න යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රයෝජනයට ගන්නවා සේම අතිරික්තය රජයේ ව්‍යාපෘති හරහා රටේ සාමාන්‍ය ජනතාවට ලබාදීම මෙලෙස ආරම්භ කර ඇත. ඒ අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන තෝරාගත් දිළිඳු පවුල් වෙත සහල් සහනාධාරය ලබාදීමේ වැඩසටහන යුද්ධ හමුදා ගොවිපළවලින් නෙළාගත් වී අස්වැන්නෙන් සැකසූ සහල් මෙට්‍රික් ටොන් 10ක් ලබාදීමට නියමිතව ඇති අතර එහි පළමු අදියර මෙලෙස ආරම්භ කරන ලදී.

එමෙන්ම ගංවතුර හදිසි නායයාම් ආදී ස්වභාවික විපත්වලදී අන් කවරෙකුටත් පෙරාතුව ජනතාව වෙනුවෙන් පෙරට එන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. මීතොටමුල්ල කුණුකන්ද නායයාම, මාවනැල්ල සාමසර කන්ද නාය යාම ආදි වූ මහජනතාවට දැවැන්ත හානියක් සිදුකළ ව්‍යසන සියල්ලකදීම පාහේ යුද්ධ හමුදාව ඉටුකළ මෙහෙවර ජනතාව හා හමුදාව අතර නව මානුෂීය බැඳීමක සහ අවබෝධයක ශක්තිමත් පදනමක් ගොඩනැඟීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වලට සහභාගීවීමෙන් ශ්‍රී ලංකාවේ හමුදාවන් වෙත ජාත්‍යන්තරයේ සුවිශේෂි කීර්තිනාමයක් අත්පත් කර ගෙන ඇත.

එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුදාගනිමින් දේශය එක්සේසත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළා මෙන් යුද ජයග්‍රහණයෙන් වසර දාහතරක් සපිරෙන මොහොතේ දී රටේ අවශ්‍යතාව වෙනුවෙන් දිවිපරදුවට තබා ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය ජාතික මෙහෙවර ඉටු කරමින් සිටිති. ඒ ඔවුන් තම මව්බිම සියල්ලට ඉහළින් රඳවාගෙන කටයුතු කරන නිසාවෙනි.

 

(***)

දිලංක ගුණතිලක



අදහස් (0)

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 256 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 148 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 612 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 304 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 188 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 222 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 19 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 641 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site