IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ශ්‍රියා මනමත් කළ ආනන්ද අයියා

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥයකු වූ ආනන්ද පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (29) මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.

ප්‍රකට සංගීතඥ, සංගීත අධ්‍යක්ෂ සහ තනු නිර්මාණක ආනන්ද පෙරේරා මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී පෙරේදා (26) සවස අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඔහු 67 වැනි වියෙහි පසුවීය. 

‘‘සිහශක්ති”‍ වාද්‍ය වෘන්දයේ නායකයා ලෙසින් කටයුතු කරමින් කාගේත් සිත් දිනාගත් ආනන්ද අයියා ටෙලිනාට්‍ය රැසක සංගීත අධ්‍යක්ෂණය කළේය. යසනාත් ධම්මික බණ්ඩාර රචනා කොට 2000 වසරේ පටිගත කළ මවිසින් ගයන ”‍තටු බිඳී හඬන කිරිල්ලියේ........”‍ ගීතය සංගීතවත් කළේ ඔහු විසිනි.

මම ද ශිල්ප ලැබූ මහනුවර ධර්මරාජ ශිල්ප ශාලිකාවේම අකුරු කළ ආදී සිසුවකු වන ආනන්ද අයියා යනු, අතිදක්ෂ සංගීතඥයකු වූ නැසීගිය සිරිල් පෙරේරාගේ පුතුය. මා එවකට ආචාර්ය නන්දා මාලිනියගේ ‘සත්‍යයේ ගීතය’ ප්‍රසංගයක අත්වැල් ගැයීමට සහභාගී වූ සමයක එතුමන් අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ නන්දා මා​ලිනී සමගින්ම අප එහි ගොස් ඔහුට අවසන් ගෞරවය ද දැක්වීය.

ආනන්ද අයියා නිර්මාණය කළ තනු අතර අජන්තා රණසිංහයන් රචනා කොට එඞ්වඞ් ජයකොඩි ගයන ‘‘මුව මුක්තා ලතා........”‍ සහ සමන් අතාවුදහෙට්ටි රචනා කර අතුල අධිකාරි ගයන ”‍සිලිලාර සිත නයනා.......”‍, ප්‍රීති රන්දෙණිය රචනා කර සමිතා මුදුන්කොටුව ගයන ”‍පිපිච්ච මල්........”‍, අතුල අධිකාරි ගයන ‘‘මුතුලතා.......”‍, නිරෝෂා විරාජිනී ගයන ”‍ඔබ සඳක් මැයි.......”‍, සිහශක්ති කණ්ඩායම සමග කෞෂල්‍යා ප්‍රනාන්දු ගැයූ ”‍දෝන කතිරිනා.......”‍ වැනි ගීත ජනාදරයට පත් විය.

ඉකුත් 2019 වසරේදී ජයන්ත රත්නායක වෙනුවෙන් පැවැත්වුණු ප්‍රසංගයේ ද ආනන්ද අයියා සීහශක්ති වෘන්දය පිරිවරා ගී ගැයූ අතර ඉකුත් වසරවල අතිශය ජනප්‍රිය වූ ‘‘ලෙය සහ ළය”‍ වැඩසටහන තුළින් ද ඔහු නිතර අප දෙනෙත් මානයේ සත්සර රටා මවන්නේය. කලක් ගිලන්ව සිටි ආනන්ද අයියා අප සැමගේ ආශිර්වාදය සහ ආදරය මධ්‍යයේ මේ වන විට සම්පූර්ණ සුවය ලබා අප වෙනුවෙන් ස්වකීය නිර්මාණ කාර්යයේ නියැලීම සතුටකි. ඉකුත් 2020 වසරේ පෙබරවාරි 29 වනදා පැවැත්වුණු චාමින්ද රත්නසූරියගේ ”‍රෝමාන්තිකයා”‍ ප්‍රසංගයේ ඔහු ද ගීතවත් වූ අතර එදින ද මම ඔහුගේ ඡායාරූප කිහිපයක් ගතිමි.

ආසන්නතම වශයෙන් ද ඉකුත් වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා මා හට Grand Monarch හෝටලයේ පැවැත්වුණු, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංසදයේ කොළඹ ශාඛාවෙන් පැවැත්වූ Legends of Rajans ප්‍රසංගයේ දී ඔහු මුණගැසුණු අතර එදින ඔහු සිය ජනප්‍රියම ගී රැසක් ගයමින් මා ද ඇතුළු ආදි ධර්මරාජයන් පිනෙව්වා අද මෙන් මට මතකය. එකෙණෙහි ඔහු එසේ හමුවන අවසන් වතාව බව අප නොදැන සිටි නමුදු, ජීවිතය යනු එයම යැයි පසක් කරමින් ඔහු මෙසේ අපෙන් වියෝවන්නේය.

නිබඳවම පැවැත්වෙන ධර්මරාජ විද්‍යාලයේ ප්‍රසංග සඳහා බොහෝ කාලයක පටන්ම ගී ගැයීමට කැඳවනුයේ එහි ආදි සිසුන් වූ කීර්ති පැස්කුවෙල්, ආනන්ද අයියා සහ මා ය. අප එක්ව එම ප්‍රසංගවලට ආ ගිය මතකයන් සේම එහිලා ගීතවත් වූ මතකයන් ද බොහෝ ය. එමෙන්ම වරෙක ආනන්ද අයියාගේ දියණියක වියෝවූ අවස්ථාවක පවා අප සැවොම එහි ගොස් ඔවුන් සමග දුක බෙදාගත්හ. එවැනි මතක නම් තවත් කොතෙක්දැයි සිතේ. එහෙත් දැන් ආනන්ද අයියා වෙසෙනුයේ එම මතකවලම පමණි.

ඔහුගේ නිසල දේහය මේ වන විට 10/3D, මංගලගම පාර, මොලදණ්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29) සවස 4ට මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.

ආදරණීය ඔහුට නිර්වාණ සුවය වැඩි ඈතක නොවේවායි පතමි !!!

 

(***)
ප්‍රවීණ ගායන ශිල්පී
දයාන් විතාරණ

 



අදහස් (4)

ශ්‍රියා මනමත් කළ ආනන්ද අයියා

මැක්ස් Tuesday, 28 May 2024 12:21 PM

ආනන්ද පෙරේරා මහතා පිළිබඳ මතකයන් ලිවීම කොච්චර හොඳ වුවත්, භාෂාව පිළිබඳ මීට වඩා උනන්දු වුවා නම් අගෙයි දයාන් විතාරණ මහත්තයෝ! ආනන්ද පෙරේරා දක්ෂ සංගීතවේදියානන්ට නිවන් සුව අත්වේවා!

:       13       7

Sam Tuesday, 28 May 2024 12:53 PM

කැමති අකමැති කෙසේ වෙතත් මමනම් අහලා තියෙන්නේ මෙතුමාගේ "ශ්‍රියා මනමත් වී" ගීතය විතරයි.

:       14       4

සමන් විමලධර්ම ධර්මදාස Tuesday, 28 May 2024 04:08 PM

ආදි ධර්මරාජයකු ලෙස නිවන් සුව පතමි.

:       0       1

kumara Tuesday, 28 May 2024 07:49 PM

ඉහළින් දක්වා ඇති අදහස් අනුව පෙනෙන්නේ, මොනවා නැතත්, ශ්‍රී ලාංකිකයින් යථාර්ථවාදයේ (Realism) පරතෙරටම පැමිණ ඇති බවයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1053 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4547 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site