දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දියාවේ කළිඟු පුරයේ සිට හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් වඩමවන ලද දළදාව අනුරපුරයේ ධම්මචක්ක ගෘහයේ සිට අභයගිරි විහාරය දක්වා ගමන් ගත් පෙරහර ප්‍රථම දළදා පෙරහැර සේම ප්‍රථම දළදා පූජාව ද වේ.
එහෙත් මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ ඇසළ පෙරහර පිළිබඳ විස්තර දැක්වීම නොව දළදා වහන්සේ විෂයෙහි ආරම්භයේ පටන් සිදු වූ වෙනත් පූජා සහ දළදා ප්‍රදර්ශන පිළිබඳව අවධානය යොමු කිරීමය.
මහාචාර්ය අනුරාධ සෙනවිරත්න සිය ඥාන දර්ශන නම් ලිපි සංග්‍රහයෙහි දක්වන ආකාරයට ක්‍රිව 16 වැනි ශතවර්ෂයෙහි මහනුවර රාජධානියේ ආරම්භය සටහන් වනතුරුම ලංකාවේ අගනගර ලෙස සැලකුණු අනුරාධපුරය පොලොන්නරුව හා ඉන් පසුකාලීන නගරවල දළදාව සම්බන්ධ පෙරහරවලට අමතරව විවිධ පූජා හා ප්‍රදර්ශන පැවතියේය. මහාචාර්ය සෙනවිරත්න සිය දළදා මැදුර නම් කෘතියේ තවදුරටත් දක්වන අන්දමට දළදාව ලක්දිවට රැගෙන පැමිණි වකවානුවෙන් ශත වර්ෂයක ඇවෑමෙන් ලක්දිවට ෆාහියන් නම් චීන දේශාටක භික්ෂුව පැමිණියේය. ඔහු තම වාර්තාවෙහි දක්වන ආකාරයට ඔහු දුටු දළදා මැදුර සත්රුවනින් කරවන ලද්දකි. එමෙන්ම එහි නිතිපතා මහජනයා ඉදිරියේ දළදා ප්‍රදර්ශන පැවැත්විණි.
හත්වැනි සියවසේ ඉන්දියාවට පැමිණි තවත් සංචාරක භික්ෂුවක් වූ හියුං සි යැං එහි දී ශ්‍රැති මාර්ගයෙන් අසා දැනගත් පරිදි අනුරාධපුරයේ දෙමහල් දළදා මන්දිරයෙහි ශිඛා අග වූ කොත්වල මාණික්‍යවලින් විහිදෙන රැසින් රාත්‍රී පවා ඒකාලෝක වන බව ඔහුගේ ‘‘භ්‍රමණ වෘත්තාන්තයෙහි” දක්වයි. මහවංසයේ දැක්වෙන පරිදි පළමු පැරකුම් රජු දළදා මන්දිරය මනා සේ සරසා එහි ඉදිකරන ලද මඬුවක දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තබා නෘත්‍ය ශිල්පීන්ට හා ගාන්ධර්වයන්ට නර්තන හා ගායනා පැවැත් වීමට විධිවිධාන යෙදීය. ආචාර්ය ධර්මරත්න හේරත්ගේ ‘‘මුනි දළදා” කෘතියෙහි ඒ අවස්ථාව පිළිබඳව වංශකතාවේ ආ විස්තරය මෙසේ උපුටා දක්වයි.
‘‘තවද නන් ගැයුමෙන් දමින් නන් වැදෑරුම් ගඳින් සියලු නුවර සුවඳ කවමින් බොහෝ ජනයන් පිනවමින් නොයෙක් පහන් දහසුන්ගේ අලුයෙන් හාත්පස සියලු දිගුන් හා එසේම වීදිසාවෙන් එකලුකොට ඡත්‍ර චාමර පන්තීන් ද විචිත්‍ර ධ්වජ පන්තීන් ද නානා වර්ග පතාකාරයෙන් සියලු අහස් කුස වසමින් ” දඹදෙණියෙහි රජකළ දෙවැනි පැරකුම් රජු දළදා වහන්සේ උදෙසා පහන් ලක්ෂ කෝටි ගණනක් දල්වා ආලෝක පූජාවක් කරමින් එය නැරඹීමට සතර දිග් භාගයෙන් ජනතාව රැස් කළේය. මහාවංසයේ දැක්වෙන්නේ එදින රැය පෘථිවිය නම් ආකාශය මත තාරකා දැල්වෙන්නාක් මෙන් පෙනුණු බවය.
දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වූ පෙරහර හැරුණු විට ඉහත විස්තර කළාක් වැනි වෙනත් පුද පූජා සහ දළදා ප්‍රදර්ශන පිළිබඳව වැඩිතර කරුණු සඳහන් නොවන්නේ ඒ ඒ යුගයේ සිදු කළා වූ එම සංස්කාර සඳහන් වූ මූලාශ්‍රවල හිඟකම නිසා බව ආචාර්ය ධර්මරත්න හේරත් සිය මුනි දළදා කෘතියෙහි සඳහන් කරයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ‘‘ආසදී” නමින් දළදා වහන්සේ උදෙසා කිසියම් උත්සවයක් පැවැත් වූ බව මහවංසයේ දැක්වේ. එය ඇසළ උත්සවයට යෙදුණු වෙනත් නමක් දැයි සැක සිතෙතත් එය දළදාව සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ උත්සවයක් විය යුතුය. මෙයද එක්තරා ආකාරයක විශේෂ පෙරහරක ආකාරයෙන් සිදු කළ දළදා ප්‍රදර්ශනයකි. සරසන ලද විශේෂ හස්තියකු පිට උඩුවියන් බන්දවා ඒ හස්තියා වටා පූජා භාණ්ඩ රැගත් තවත් හස්තීන් යොදවා විවිධ ප්‍රභූවරුන් හා ප්‍රාදේශීය නායකයන් පිරිවරා ගෙන රජතුමා දළදා සමිඳුන් සහිත ධාතු කරඬුව හිස තබාගෙන එය මිනිසුන්ට දැක බලා ගැනීමට සලසමින් පෙරහරේ ගිය බව සඳහන් වෙයි.
ක්‍රිව 1815 දී එතෙක් සඟවා තිබු දළදා වහන්සේ මහනුවරට ගෙන්වා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඔවුන්ගේ නේවාසික නියෝජිතයා වූ ජෝන් ඩොයිලි යොදවන ලදී. ඔහුගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීම්වලින් පසු මල්වතු පාර්ශවයේ නායක ස්වාමීන් වහන්සේ ඊට කැමති වූහ. දළදාව මහනුවරට රැගෙන පැමිණීමෙන් පසු සංවිධානය වූ පෙරහර ඉතා විසිතුරු එකක් විය. එම පෙරහර පෙළ ගැස්වූ විට සැතැපුමකට වඩා දීර්ඝ වූ බව පැවසේ පෙරහැර එන මාර්ගයේ සුදු වැලි අතුරා මඟ දෙපස ගෙවල් අබියස රඹ තොරණ ඉදිකර තිබුණි. දළදා මාලිගයේ සියලු දොරටුවල පොල් මල් හා වෙනත් සුගන්ධ පුෂ්පවලින් සරසා තිබිණි. ක්‍රි ව 1828 දී ඉංග්‍රීසි පාලනයේ අනුග්‍රහය ඇතිව පවත්වන ලද දළදා ප්‍රදර්ශනයක් හා පෙරහරක් පිළිබඳව කර්තෘ අඥාත සිංහල ලේඛනයක තොරතුරු ඇතුළත්ව තිබේ. ආචාර්ය හේරත් සඳහන් කරන පරිදි එම ලේඛනයේ අනු පිටපත් දෙකක් 1863 හා 1891 යනා දී වර්ෂවල පිටපත් කරනු ලැබ කොළඹ කෞතුකාගාරයේ හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තබා තිබේ.
දළදා වහන්සේ මහජනයා ඉදිරියේ දැක්වීමට අදාළව පෙර විවිධ රජවරුන් සිදු කළ පූජා හා දළදා දැකුම්වලට අතිරේකව ‘‘දළදා ප්‍රදර්ශන” යන ශීර්ෂයෙන් හැඳින්විය හැකි අවස්ථාවල ආරම්භය ශ්‍රී විජය රාජසිංහ සමයේ සිදුවුණු බව ඉහත කී ආචාර්ය හේරත්ගේ කෘතියෙහි දැක්වෙයි.
කුරුණෑගල යුගයේ ලියැවුණු දළදා සිරිතෙහි ද දළදාව මහජනයා අබියස ප්‍රදර්ශනය කිරීමට අදාළ ප්‍රඥප්ති හා සඳහන් ඇතුළත්ය. වංශ කතාව සඳහන් කරන පරිදි විජය රාජසිංහ සමයේ දී දළදා කරඬුව විවෘත කිරීම අසීරු වූ අවස්ථාවක රජු එය ආශ්චර්යකින් මෙන් පිටතට ගනු ලැබ ජනයාට දැක් වූ බව කියැවේ. ඉන් අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිදු කළ දළදා ප්‍රදර්ශනයක් ගැන ද මහාවංසය විස්තර කරයි. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ සමයෙහි පැවැත් වූ දළදා ප්‍රදර්ශනයක් ගැන ජෝන් ඩේවි සඳහන් කර ඇත. දළදා වහන්සේ තැන්පත් කර තිබුණු කරඬු කිහිපය ගැනත් ඒවායේ ඔබ්බවා තිබුණු පද්මරාග මරකත නිල් මැණික් මෙන්ම වෛරෝඩි ආදි මැණික් වර්ග හා පළඳවා තිබුණු රන් මාල ගැන ද විස්තරයක් එහි ඇත. ඉන් පසු යුගයේ එනම් 1828 දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා යටතේ පැවැති දළදා ප්‍රදර්ශනයක් ගැනද සඳහන් කළ යුතුය. තමන් එහි දී දුටු දළදාව පිළිබඳ ‘‘Illustrated London News” පුවත්පතේ ලේඛක ඒ නිකොල් චිත්‍රයක් මඟින් පුවත්පතේ එය ප්‍රසිද්ධ කළේය’
1874 දී විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ සමයේ ද 1954 හි දෙවැනි එලිසබත් රැජිණ පැමිණි විට ද දළදා ප්‍රදර්ශන පැවැත්විණි. මෑතභාගයේ නෙරංජන් විජයරත්න දියවඩන නිළමේගේ කාලයේ දළදා ප්‍රදර්ශන අටක් පවත්වන ලද බව සඳහන්වේ. ඊට අතිරේකව විවිධ රාජකීය අමුත්තන් වරින් වර පැමිණීමේ දී ඔවුන් සඳහා ගන්ධ කුටි ප්‍රදර්ශන පැවැති අවස්ථා ද කිහිපයකි.
(***)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සාලිය කුලරත්න
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය