කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1998 ජනවාරි මස 25 වැනිදා උදෑසන ශ්‍රී දළදා මාලිගය ඉලක්ක කර බෝම්බ එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදියා දළදා මාලිගය ඉදිරිපිටදී ලොරියෙන් බැස ත්‍රස්තවාදියා මාලිගය ඇතුළට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඉතා නිර්භීත පොලිස් නිලධාරිනියක විසින් ප්‍රධාන දොරටුව වැසීම නිසා එය වැළකිණි. ඇය ඒ ත්‍රස්තවාදියාට වෙඩි තබා ඇත. ඒ සමගම මහ හඬක් නගමින් බෝම්බ ලොරිය පුපුරා ඇත.
බෝම්බ ලොරිය පිපිරීමෙන් පසුව ඒ අසල තිබී බෝම්බ ඇඳුම් කට්ටල තුනක්ද ආර්.පී.ජී. තුවක්කු 3ක් හා T 56 ගිනි අවි 3ක්ද අත් බෝම්බ 8ක් මිලි මීටර් 40 රොකට් විදිනයක් හා උණ්ඩ 12ක්ද පතොරොම් 150ක් පමණද අධිබලැති පණිවුඩ හුවමාරු යන්ත්‍ර 2ක්ද ටෝච් බැටරි 5ක්ද ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදී.
එම බෝම්බ ප්‍රහාරයෙන් දළදා වහන්සේ වැඩ සිටින මාලිගයට සහ රන්වියනට කිසිදු හානියක් සිදුවී නැති බව දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පැවසුවේය.
මෙම බෝම්බ ප්‍රහාරය නිසා අඩි 28ක පමණ වළක් එම බෝම්බය පිපිරූ තැන හෑරී තිබුණි. ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 14කි. තුවාල වූ අය 28ක් රෝහල්ගත කර ඇත.
දළදා මාලිගයේ ඉදිරිපස ප්‍රධාන පඩිපෙළ හා සඳකඩ පහන විනාශයට පත්වී ඇත. මේවා සියල්ලම එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශිල්පීන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී.
ශ්‍රී දළදා වහන්සේ ලාංකික බෞද්ධ ජනතාව විසින් පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයන් විසින්ද අගය කරනු ලබන පරම පූජණීය වස්තුවකි. එහෙයින් සංකේතාත්මක ශ්‍රී දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙසත් වැඩ සිටින ගන්ධකුටිය මාලිගාව ලෙසත් සම්භාවනාවට පත්ව තිබේ. රජමාලිගාව අසලම දළදා මාලිගයක් අනුරාධපුර යුගයේ සිටම තිබුණු බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත්තේය.
1998 ජනවාරි මස 25 වැනිදා සඳුදා හරියටම මීට වසර 27 කට ඉහතදී සමස්ත මහනුවර දළදා මාලිගය පිහිටි ප්‍රදේශය පමණක් නොව මුළුපළාතම මහා බෝම්බ ප්‍රහාරයකින් දෙදරුම් කෑවේ එදින අලුයම 6 පමණ වනවිටය.
මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් 4ක් පස් පිඩැලි, උදලු හා තාච්චි පටවාගෙන ලොරියෙන් ආවේ කම්කරුවන් ලෙසින්ය. ලොරිය නතර කළ විගසම අපේක්ෂා කළ පරිදි සිද්ධිය පිළිබඳ ලැබුණු පුළුල් මාධ්‍ය ආවරණය හා ප්‍රචාරය සමග ශ්‍රී දළදා මාලිගය වහා ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණි.
මෙම කෲර දරුණු බෝම්බ ප්‍රහාරයෙන් පසු පළමු දිනයේම පුවත්පත්වලින් පවා ප්‍රකාශ කළේ ශ්‍රී දළදා මාලිගය ආශ්‍රිත වූ විනාශයට ලක්වූ පුරාවස්තු ප්‍රතිසංස්කරණයට වහා ආරම්භ කිරීමය.
ඉතා ඉක්මනින්ම ශ්‍රී දළදා මාලිගය ප්‍රතිසංස්කරණයට පහසුකම් සැලසීම එකල ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධන බළකායක් පිහිටුවීමට ගත් පළමු පියවර වූයේය.
මේ සමගම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මහනුවර සංරක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවද මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාලිගය ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර කරනු ලැබීය.
එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.
(***)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ
භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම
කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනප්‍රිය ගායක අනිල් භාරතී ටික කලක් රෝගාතුරව සිට පසුගිය 22 වැනිදා පානදුර රෝහලේ දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවමංගල්‍ය කටයුතු හෙට (26) සවස පානදුර මිනුවන්පිටි
පසුගිය ඉරිදා කළුතර පැවැති ප්‍රසිද්ධ රැස්වීමක දී කතා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරියන්ට ප්‍රමාණව
2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්රී දළදා මාලිගයට කළ කොටි ප්‍රහාරයට වසර 27 යි
pj Sunday, 26 January 2025 11:52 AM
කොටි ද දැන් ත්‍රස්තවාදය අතහැර ජවිපෙ සමග ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවිෂ්ඨ වෙමින් පවතින හෙයින් හා බොරුව රජ කරන යුගයකට මෙම තිත්ත ඇත්ත ලිපිය කාලෝචිත නොවේ.