ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරය අදට (10) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ 24 වැනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නායකත්වය ලබාදෙයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රගමනය උදෙසා නිවැරදි දැක්මක් හා දූරදර්ශී නායකත්වයක් සපයමින් ඒ සඳහා මඟපෙන්වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා මෙන්ම, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තු (විශ්‍රාමික) මහතා ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත් කළ යුතුය.
මව්වරුන්ට පියවරුන්ට තම දරුවනුත්, බිරින්දෑවරුන්ට තම සැමියනුත් සැමියන්ට තම බිරින්දෑවරුනුත්, දරුවන්ට සිය මව්පියනුත් අහිමි කළ යුද්ධයේ කටුක කර්කශ බව යළි යළිත් මෙරට වැසියන්ට සිහිකළ යුතු නැත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා වශයෙන් සහ යුද බිමේ නායකත්වය එවකට යුද්ධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ලබාදෙමින් යුද්ධය අවසන් කිරීමේ තිර අදිටනින් යුතුව 2006 ජූලි 26 වැනිදා සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය. මෙය හුදෙක්ම මානුෂීය මෙහෙයුමක් වූ අතර, නැගෙනහිර මානුෂීය මෙහෙයුම නමින් එය හැඳින්විණි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 2006 ජූලි 21 දා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක සිවිල් වැසියන් 30,000ක පමණ පිරිසගේ ජල සැපයුම අත්හිටවූ අතර, මාවිල්ආරු මුදාගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය. ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට ඉතා පහසුවෙන් මාවිල්ආරු මුදාගත හැකි වූ අතර, ඉන් අනතුරුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වූ තොප්පිගල මුදාගැනීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ. බලය සහමුලින්ම ඉවත් කර නැගෙනහිර පළාත මුදාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවෝ සමත් වූහ.
උතුරු මානුෂිය මෙහෙයුමේ සුවිශේෂීම සිදුවීම වූයේ නාවික හමුදාවේද සහය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිලාවතුර මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීමයි. හමුදාවේ ප්‍රහාරක බලයට මුහුණපෑමට නොහැකිවූ කොටි සිය කඳවුර හැර දමා පලාගිය අතර, 2007 සැප්තැම්බර් 2දා සීලාවතුර පාලනය රජයේ හමුදාවන් සතුවිය.
එලෙස ඇරඹි උතුරු මානුෂීය මෙහෙයුමේ දී එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ අවසන් බිම් අඟලත් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අත්පත් කරගැනීමත් සමඟ 2009 මැයි 19 වැනිදා අතිබිහිසුණු ත්‍රස්තවාදය පරදා ප්‍රභාකරන් නමැති ඝාතකයාගේ මළසිරුර නන්දිකඩාල් කළපුවෙන් හමුවූයේ සාමයේ පරෙවියන්ට මුළු ශ්‍රී ලංකා අහස්තලයම යළි විවර කර දෙමිනි.
ශ්‍රී ලංකාව ආහාරවලින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙල්ලන්කුම්, මැණික්ෆාම්, අඩියාපුලියන්කුලම්, නිරාවිය, කන්දකාඩු, ගල්කන්ද, බළල්ල, යාල පලටුපාන ගොවිපළ සහ අරලගන්විල කෘෂිකර්ම පුහුණු පාසල, යුද්ධ හමුදා මූලස්ථාන කෘෂි ව්‍යාපෘතිය, කොහිලවගුරවත්ත රෙජිමේන්තු ගොවිපළ මෙන්ම සියලු යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව කෘෂිකර්ම සහ පශු සම්පත් බළකාය වෙතින් ආරම්භ කළ කෘෂිකර්ම ව්‍යාපෘතීන් මේ වනවිට සාර්ථකව ඉදිරියට පැමිණ ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බළකාය සහ යුද්ධ හමුදා කෘෂි අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ මේ වනවිට විශාල ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇත. එලෙස ආරම්භ කළ වැඩසටහන යටතේ අස්සැද්දූ බිම්වලින් ලබාගත් අස්වැන්න මෙලෙස රජයේ ව්‍යාපෘතියකට ලබාදීම සුවිශේෂී සිදුවීමක් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොවිපළවලින් නෙළාගනු ලබන අස්වැන්න යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රයෝජනයට ගන්නවා සේම අතිරික්තය රජයේ ව්‍යාපෘති හරහා රටේ සාමාන්‍ය ජනතාවට ලබාදීම මෙලෙස ආරම්භ කර ඇත. ඒ අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන තෝරාගත් දිළිඳු පවුල් වෙත සහල් සහනාධාරය ලබාදීමේ වැඩසටහන යුද්ධ හමුදා ගොවිපළවලින් නෙළාගත් වී අස්වැන්නෙන් සැකසූ සහල් මෙට්‍රික් ටොන් 10ක් ලබාදීමට නියමිතව ඇති අතර එහි පළමු අදියර මෙලෙස ආරම්භ කරන ලදී.
එමෙන්ම ගංවතුර හදිසි නායයාම් ආදී ස්වභාවික විපත්වලදී අන් කවරෙකුටත් පෙරාතුව ජනතාව වෙනුවෙන් පෙරට එන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. මීතොටමුල්ල කුණුකන්ද නායයාම, මාවනැල්ල සාමසර කන්ද නාය යාම ආදි වූ මහජනතාවට දැවැන්ත හානියක් සිදුකළ ව්‍යසන සියල්ලකදීම පාහේ යුද්ධ හමුදාව ඉටුකළ මෙහෙවර ජනතාව හා හමුදාව අතර නව මානුෂීය බැඳීමක සහ අවබෝධයක ශක්තිමත් පදනමක් ගොඩනැඟීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වලට සහභාගීවීමෙන් ශ්‍රී ලංකාවේ හමුදාවන් වෙත ජාත්‍යන්තරයේ සුවිශේෂි කීර්තිනාමයක් අත්පත් කර ගෙන ඇත.
එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මෙරට මුදාගනිමින් දේශය එක්සේසත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළා මෙන් යුද ජයග්‍රහණයෙන් වසර දාහතරක් සපිරෙන මොහොතේ දී රටේ අවශ්‍යතාව වෙනුවෙන් දිවිපරදුවට තබා ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය ජාතික මෙහෙවර ඉටු කරමින් සිටිති. ඒ ඔවුන් තම මව්බිම සියල්ලට ඉහළින් රඳවාගෙන කටයුතු කරන නිසාවෙනි.
(***)
දිලංක ගුණතිලක
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ශ්රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය