IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ෂර්මාගේ ලෝක වාර්තාවට සොෆියා දුන් අපූරු තෑග්ග

 3 

පසුගිය දා පැවැති ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරය නිමා වූයේ ශ්‍රී ලංකාව 5-0 ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමිනි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්දීය පිතිකරුවෝ මෙම තරගාවලියේ දී නව ලෝක වාර්තා ද බිහි කිරීමට සමත් වූහ. ඒ අතුරින් විශිෂ්ට ම වාර්තාව බිහි කළේ රෝහිත් ෂර්මා ය. ඊඩන් ගාඞ්න් හි 150 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ශී‍්‍ර ලංකාව සමඟ පැවැති සිව් වැනි තරගයේ දී ලකුණු 264ක් ලබා ගැනීමට ෂර්මා සමත් විය. එය එක්දින පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද, ලකුණු 250 සීමාව පසුකළ ප‍්‍රථම පිතිකරුවා ලෙස ද වාර්තා වූයේ ය. මෙම ලකුණු 264 ලබා ගැනීම ස`දහා ඔහු වැය කර තිබුණේ පන්දු 173ක් පමණි. එයට හයේ පහර 09 සහ හතරේ පහර 33ක් ඇතුළත් විය. ඔහු විසින් බි`ද හෙළනු ලැබුවේ විරේන්ද්‍ර ෂෙවාග් විසින් පිහිිටුවා තිබු ලකුණු 219 වාර්තාව ය.

 

2

6

ෂර්මාගේ ජයග‍්‍රහණය ඉන්දියානු කී‍්‍රඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ අතර ඔවුහු පී‍්‍රති ඝෝෂා නගමින් තම සතුට පළ කළහ. කලෙක ෂර්මාගේ පෙම්වතියක වූ නිළියක, නිරූපිකාවක හා ගායිකාවක ලෙස ප‍්‍රකට සොෆියා හයට්ගේ ප‍්‍රතිචාරය ඒ සියලූ ප‍්‍රතිචාර ඉක්මවා ගිය ආන්දෝලනාත්මක ප‍්‍රතිචාරයක් වූයේය. ඇය ෂර්මාගේ ජයග‍්‍රහණයට උපහාර පිණිස තම නිරුවත් ඡුායාරූපයක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරිය අතර එහි මෙලෙස ස`දහන් විය. ‘‘ඔබගේ වාර්තාගත ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් මගේ නිරුවත් ඡුායාරූපයකින් මෙලෙස උපහාර දක්වමි. මෙය ඔබ වෙනුවෙනි. අද ඉන්දියාවට සාඩම්බර දිනයකි.’’


1987 අපේ‍්‍රල් 30 වැනි දින උපත ලද රෝහිත් ගුරුනාත් ෂර්මා ඉන්දීය කි‍්‍රකට් පිලේ දකුණත් පිතිකරුවෙකි. නාග්පූර්හි බ‍්‍රාහ්මණ වංශික පවුලක උපත ලද ෂර්මා මූලික අධ්‍යාපනය ලැබුවේ බොම්බායේ වේලන්කන්නි දේවමාතා පාසලෙනි. 17න් පහළ සහ 19න් පහළ ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළ ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවේ තම සලකුණ තැබුවේ 2006, 19 පහළ ලෝක කුසලාන තරගයේ දී ය. ඔහුගේ මංගල එක්දින තරගය වූයේ 2007 සැප්තැම්බරයේ අයර්ලන්තය සමඟිනි. එම වසරේ පැවති අයි.සී.සී විස්සයි 20 ලෝක ශූරතා තරගයේ දී දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලකුණු 50 ලබා
ගැනීමට ෂර්මා සමත් විය. 2012 ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට එක් වූයේ අතිරේක පිතිකරුවකු ලෙස ය. පසු තරගයක දී සිය මංගල ටෙස්ට් තරගය ස`දහා ඔහු නම් කර තිබුණ ද පුහුණු වීමක දී ආබාධයකට ලක් වීමෙන් එම තරගය අහිමි වූයේය. ෂර්මා සිය ප‍්‍රථම තරගයට මුහුණ දුන්නේ 2013 නොවැම්බර් මාසයේ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ය. එහිදී ලකුණු 177ක් රැුස්කරමින් සිය ප‍්‍රථම තරගයේ දී ශතකයක් රැස්කළ ඉන්දීය පිතිකරු ලැයිස්තුවට එක් විය. එක්දින තරගයක ද්විත්ව ශතක දෙකක් රැුස්කල එකම කී‍්‍රඩකයා වන්නේ ඔහුය. දකුණත් දඟ පන්දු යවන්නකු ලෙස ද ඔහු තම පිලට දායකත්වය ලබා දෙයි. අයි. පී. එල්. තරගාවලීන්හි ද ඔහු ඉතා සාර්ථක වූයේය. එක් ශතකයක් හා පන්දු තුනක දී පිට පිට කඩුළු තුනක් දවා ගැනීමක් (හැට්රික්) ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දී ඔහු ලබා ගත්තේය. මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායකයා වන්නේ ද රෝහිත් ෂර්මා ය.


ෂර්මා හා සොෆියා හයට් අතර සම්බන්ධයක් ඇති බවට රාවයක් පැතිර ගියේ 2012 වසරේ ය. ඔවුන් දෙපළ එක්ව ගත කරන බවටත්, කි‍්‍රකට් තරග සංචාරවල විවේක දිනයන්හි ඔවුන් හමුවන බවටත් තොරතුරු ප‍්‍රචාරය විය. මේ කාලයේ ඇය බී.බී.සී ලෝක සේවයේ ආසියානු සේවයේ විවාද වැඩ සටහන් මෙහෙය වූ අතර එමඟින් ජනපි‍්‍රය තලයට පැමිණ සිටියාය. රෝහිත් හා සොෆියා විවාහ වී ඇති බවට ද රාවයක් පැතිර ගිය අතර දෙදෙනා ම එය ප‍්‍රතික්ෂේප කළහ. පසු කාලයේ පෞද්ගලික හේතූන් මත ඔවුහූ වෙන් වූහ.


බි‍්‍රතාන්‍ය - ඉන්දියානු නිළියක, ගායිකාවක හා මෝස්තර නිරූපිකාවක ලෙස ප‍්‍රකට සොෆියා හයට් උපන්නේ 1974 දෙසැම්බරයේ ය.  ඕ ළමා වියේ සිට ම සංගීතයට හා නර්තනයට දක්ෂ වූවා ය. මධ්‍යම පාන්තික පවුලක උපත ලද ඇයගේ පියා සමුරාඞ් නම් මුස්ලිම් ජාතිකයෙකි. මව සුරයියා ය. පියා කම්හලක සේවකයකු වූ අතර මව ගෘහණියක වූවා ය. ඉතා කුරිරු පුද්ගලයකු වූ සොෆියාගේ පියා තම දරුවන් අපයෝජනය කිරීමටත් කුරිරු ලෙස සැලකීමටත් පුරුදු වූවකු විය. සොෆියා සහ ඇගේ සොහොයුරින් තිදෙනා ඔහුගේ අපයෝජනයට හා කෘර පහරදීමට නිරතුරුව බ`දුන් වූවා ය. පසු කලෙක ඇයට එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමට හැකි වූ අතර බ‍්‍රයිටන් විශ්වවිද්‍යාලයෙන් සංගීතය සහ දෘශ්‍ය කලා විෂය උදෙසා උපාධිය ලබාගත්තා ය. ඇය ලෝක අවධානය දිනා ගත්තේ වසර තුනක් මුළුල්ලේ zee රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉදිරිපත් කළ වැඩ සටහන මඟිනි. මෙම වැඩසටහන බි‍්‍රතාන්‍යයේ ආසියාතික තරුණ පෙළ අතර ඉමහත් ප‍්‍රසාදයක් දිනා ගැනීමට සමත් විය. 2009 දී ‘අන්ෆොගෙටබල්’ චිත‍්‍රපටයෙන් ඇය සිනමාවට පිවිසි අතර 2010 ‘කෑෂ් ඇන්ඞ් කරි’ චිත‍්‍රපටයේ ද රඟපෑවා ය. එහෙත් මෙම චිත‍්‍රපට එතරම් ජනපි‍්‍රය වූයේ නැත. 2012 දී ‘නච්ලේ ලන්ඩන්’ හා ‘බායි කා මාල් හායි’ චිත‍්‍රපටවල රංගනයත් සමඟ යම් පමණක ජනතා ආකර්ශණයක් දිනා ගැනීමට ඇය සමත් වූවා ය. ඇය බොහෝ සෙයින් ජනපි‍්‍රය වූයේ ‘ඩයරීස් ඔෆ් අ බටර්ෆ්ලයි’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑමත් සමඟිනි.  ඒ සමඟ  ජාත්‍යන්තර වෙළෙ`ද ආයතන උදෙසා නිර්මාණය වූ දැන්වීම් ස`දහා පෙනී සිටීමට ඇය තෝරා ගැනිණි.


බොහෝ පුණ්‍ය කටයුතුවලට දායක වන ඇය කාන්තා හිංසනයට එරෙහි වැඩසටහන් ස`දහා ද සහය වන්නීය. කාන්තා අයිතීන් උදෙසා පෙනී සිටින සොෆියා හිංසනයට, පීඩාවට, දූෂණයට, පවුලේ ගෞරවය උදෙසා මරණයට පත් කරන කාන්තාවන් වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කරන්නීය. තවමත් තනිකඩ තරුණියක වන ඇය විවාහය ස`දහා තවම කාලය එළඹ නැතැයි පවසන්නීය. බොහෝ උත්සව හා සම්මාන උළෙලයන්හි දී රෝහිත් ෂර්මා පිළිබ`දව ඇතැමුන් අසන ප‍්‍රශ්නවලට නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කරන්නී ය. මේ දිනවල ඇය ‘වෙල්කම් බාසි මෙහෙමාන් නවාසි කි’ නම් රූපවාහිනී ටෙලි කතා මාලාවට රංගනයෙන් දායකත්වය ලබා දෙයි. ඇගේ ඡායාරූප සිය ගණනින් බොහෝ වෙබ් අඩවිවල සංසරණය වෙයි. ඒවායින් වැඩි ප‍්‍රමාණයකින් නිරූපණය වන්නේ කාමුකත්වයයි. මිලියන ගණනින් රසිකයෝ ඒ වටා රොද බැ`ද සිටිති.


රෝහිත් ෂර්මා සමඟ පැවැති සබ`දතාව බි`ද වැටුණු පසු ඇය මාධ්‍යයට මෙසේ ප‍්‍රකාශ කොට තිබුණාය. ‘‘අපගේ සම්බන්ධයට වසරක් පමණ ඇති. මාධ්‍ය මගින් අනාවරණය කරන තෙක් එය ඉතා හො`දින් පැවතුණා. එහෙත් රෝහිත් මාධ්‍යයට ප‍්‍රකාශ කොට තිබුණේ මා ඔහුගේ කි‍්‍රකට් ලෝලියක පමණක් බවයි. එම ප‍්‍රකාශයෙන්් මා දැඩි කලකිරීමකට පත් වූවා. ඔහුට සදාචාරයක් තිබුණා නම් එම ප‍්‍රකාශය කිරීමට පෙර මගෙන් ඇසිය යුතුව තිබුණා. දැන් ඒ සම්බන්ධය අවසානයි. දැන් මා සොයන්නේ මහත්මා ගති ඇති කෙනෙක්. ඒත් රෝහිත්ගේ ජයග‍්‍රහණය සුවිශේෂයි. මගේ මේ තිළිණය ඔහුට උපහාරයක්.’’


මේ අයුරින් කී‍්‍රඩකයන් උදෙසා ප‍්‍රතිචාර දැක්වීම මින් ඉහත ද සිදු වී තිබේ. ඉන්දියානු පිල 2011 කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගතහොත් තමා ප‍්‍රසිද්ධියේ නිරුවත් වන බවට නිරූපිකාවක වන පූනම් පාන්ඬේ ද ප‍්‍රකාශ කොට තිබිණි. ප‍්‍රසිද්ධියේ නිරුවත් වීම ලොව පුරා ප‍්‍රචලිත වන රැල්ලක් බවට පත්ව තිබේ. කී‍්‍රඩා තරග අතරතුර නිරුවතින් කී‍්‍රඩා පිටියට දිව යාම් ද කලකට ඉහත අසන්නට ලැබිණි. පැරගුවේහි ලැරිසා රිකුල්මේ සහ ආර්ජෙන්ටිනාවේ ලූසේන් සල්සා ද තම කණ්ඩායම් පාපන්දු ලෝක ශූරතාව දිනාගතහොත් ප‍්‍රසිද්ධියේ නිරුවත් වන බව පාපන්දු ලෝක කුසලානය පැවැති සමයේ ප‍්‍රකාශ කොට තිබිණි.


m



අදහස් (0)

ෂර්මාගේ ලෝක වාර්තාවට සොෆියා දුන් අපූරු තෑග්ග

අබරන් Saturday, 29 November 2014 04:11 AM

අනේ ඉන්දු මගේ උපන් දිනෙත් ලඟයි. මම ඉන්නෙත් මෙල්බර්න්. (නදී)

:       0       0

ශිරන්ති Tuesday, 25 November 2014 02:04 AM

අනේ මෙහෙමත් පිස්සු විකාර! (නි)

:       0       0

නිමල් Friday, 28 November 2014 01:03 PM

අනේ ඉන්දු දැන්ම නොවෙයි තව ටික කාලෙකින් ඔය දේ කරන්න. එතකොට පුළුවන් මහත්තයට තපසට යන්න. (නදී)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 02 December 2014 04:27 AM

දැන් ඉදිරියට එන නිළියන් හිතා ගෙන ඉන්නේ ඇඟේ වැඩි කොටසක් පෙන්නුවාම ලස්සනයි කියලා. දැන් ලංකාවේ ඉන්න අයත් පොඩි පාටි එකකට ගියත් බාගෙට ඇඳුම් අඳින්නේ. දැන් කාලේ ගොඩක් අයගේ මොලේ අවුල් වෙලා. (ස)

:       0       0

චමත් Wednesday, 26 November 2014 04:53 AM

ඕක ෂර්මා ට විතරක් දුන්නා නම් කිසිදු කරදරයක් නැහැනේ . දැන් ඉතින් ඕකෙන් මුලු ලෝකෙම සිහි විකල් වෙනවා' (අ)

:       0       0

නිවන්ති Tuesday, 25 November 2014 05:26 PM

ඕකට කියන්නේ අසහනය මිසක් උපහාරය නෙමෙයි (නදී)

:       0       0

ගයන් Tuesday, 25 November 2014 05:24 AM

අනේ මෙහෙමත් පිස්සු තියෙන ගෑනු. ක්‍රිකට් වලට ඔහොමනම් ඉන්දියාව වෙන රටක් අල්ලගත්තොත් ඔක්කොම ගෑනු නිරුවතින් ඉදි. ඕකනේ ඔය රටේ බුද්දාගම පැවතුනේ නැත්තෙ. ඉන්දියානුවෝ හිතන් ඉන්නේ ඒ ය සේරම දන්නවා, කරන්නේ සේරම හරි දේවල් කියල. (අ)

:       0       0

දිලීප Wednesday, 26 November 2014 06:26 AM

අනේ ඔයාගේ සරීර කූඩුව බලන්න අපට ඕන නැහැ. ඕක ශර්මටම අයෙත් පෙන්නන්න තිබුනනේ. (ර)

:       0       0

පද්මී Monday, 24 November 2014 11:45 PM

මොනතරම් දේ කළත් ඔය කරන්නේ සමාජය නසන්න උපකාරීවෙන වැඩක්. ඉන්දියාවේ නිළියන් දැන් වල්වැදිලා. අපේ අයත් දැන් ඒ පස්සෙන්මයි දුවන්නේ. නිර්මල වු බුදු දහමක් ඇති අපේ රටවලට මෙහෙම ගියොත් මොනවා වෙයිද කියලා හිතෙනවා. (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 26 November 2014 07:47 AM

මගේ මහත්තයාගේ උපන් දිනෙත් ළඟ ළඟ එනවා. මම හිත හිතා හිටියේ මොනවද කරන්නේ කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 91 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 78 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 33 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 81 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 47 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 576 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site