ශ්රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ කලාසූරී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගුරුදේවයාණන් මැයි මස 30 වන දින උදෑසන අභාවප්‍රාප්ත විය.
එතුමා මිය යන විට 93 වන වියේ පසුවිය. සිය පියා වූ ශ්‍රී ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ සංගීතඥයකු වූ සාදරිස් මාස්ටර් ගෙන් සංගීතය හදාරා සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ වර්ෂ 1948 දී ‘‘ජීවිතේ ප්‍රීතිය’’ නම් වූ චිත්‍රපටයට සංගීතය සපයමිනි.
එම චිත්‍රපටය අතරමගදී නතර වූ අතර එය තිරගත නොවීය.
ඉන්පසු එකමත් එක රටක, ගැහැනු ගැට, මා ආලය කළ තරුණිය, දස්කොන්, හැංගි හොරා, සිහින හතක්, බඩුත් එක්ක හොරු, කළන මිතුරෝ, හිතක පිපුණ මල්, තිලක හා තිලකා, එක් දවසක් රෑ, මාහේනේ ඊරියකා, සිරිපාල හා රන්මැණිකා, රොමියෝ ජුලියට් කතාවක්, නිවෙන ගින්න, යුවතිපති, ආදර ගීතය, උණ්ඩය ඇතුළු චිත්‍රපට 22කට අධික සංඛ්‍යාවක සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර වාර්තා චිත්‍රපට රැසකටද සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය.
ශ්‍රී ලංකාවේ චිත්‍රපට ගීත අතර ශාස්ත්‍රීය ගීතයක් නිර්මාණය කර සිසිර සේනාරත්න හා ගායනා කළ මුල්ම සංගීත වේදියා වූයේද ඔහුය. ඒ දස්කොන් චිත්‍රපටය සඳහාය. දෙවනවරටත් ශාස්ත්‍රීය ගායනයක් සංගීත් නිපුන් .ජී.වී. නන්දසිරි ඇදුරුතුමන් ලවා ගායනා කරවූයේ හිතක පිපුණ මල් චිත්‍රපටය සඳහාය. මීට අමතරව මුල්වරට ඉංග්‍රීසි ගීතයක් නිර්මාණ කර විශාරද සුනිල් සාන්තයන් ලවා ගායනා කරවූයේ ‘‘රෝමියෝ ජුලියට් කතාවක්’’ සිනමා පටය වෙනුවෙනි.
තවද එකම තනුවකට දමිළ හා සිංහල ගීත දෙකක් ‘‘හිතක පිපුණ මල්’’ චිත්‍රපටය වෙනුවෙන් විශාරද සුජාතා අත්තනායක ගායනා කළේද මුල්වරටය. ඉංග්‍රීසි හා සිංහල ගීතයක් මුල්වරට ‘‘හිතක පිපුන මල්’’ වෙනුවෙන් ඩැල්රින් සූබි හා විශාරද නන්දා මාලනිය ගායනා කළේය. මෙවැනි පර් යේෂණාත්මක ගී රැසක් අපට දායාද කළ එතුමා ‘‘හුණුවටයේ කතාව, හොටබරි යුද්දේ, තහංචි, කෝන්තරේ, ඩුංඩු බෙරේ, සයිලාසනය ඇතුළු වේදිකා නාට්‍ය රැසකට සංගීතය සැපයුවේය.
1976 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සංගීතයට හිමි සම්මානය ‘‘නරියා සහ කේජු’’ වෙනුවෙන් ඔහු දිනා ගත්තේය. ජනප්‍රිය ශිල්පී ශිල්පිනියන් වෙනුවෙන් සරල ගීත දහස් ගණනක් නිර්මාණය කර ඇති එතුමා ශාස්ත්‍රීය රාගධාරී සංගීතය, බටහිර සංගීතය, කර්නාටක සංගීතය හා දේශීය ජන සංගීතය පිළිබඳ හසල දැනුමක් තිබූ ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ සංගීත ගුරුවරයෙකි. අද ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ වාදකයන්, ගායක ගායිකාවන් එතුමාගෙන් සංගීතය හැදෑරූ බව නොරහසකි. එතුමා හා මට සම්බන්ධ වීමට අවස්ථාව උදාවූයේ 1965 උපාලි අත්තනායක මහතාගේ ‘‘කොමිසම ඉදිරියේ සාක්කි දෙන්නෝ’’ නාට්‍ය හරහාය.
එතැන් පටන් ඔහු සිඩ්නි නුවර පදිංචියට යනතුරුම එතුමාගේ චිත්‍රපට, වේදිකා නාට්‍ය, සරල ගීත, ටෙලිනාට්‍ය සෑම කටයුත්තකදීම ඉතා ළඟින් ඇසුරු කළ මා අවසන් වරට දුරකතනයෙන් කතා කළේ මීට මසකට පමණ ඉහතදීය.
ඔහුගේ උපන් දිනයට, අප්‍රේල් 29දා ෆේස් බුක් පණිවුඩයක්ද යැවීමි.
කෙසේ වුවත් අද ඔහු අප අතර නැත.
එතුමාගේ සොහොයුරන් වන ගායන ශිල්පී විමල් ජේ. සාගර විමල් ජේ. ශ්‍රියාරත්න ද අද අප අතර නැත. එතුමාගේ වැඩිමහලු පුතු ප්‍රදීප් ප්‍රේමරත්න, වැඩිමහලු දියණිය ශ්‍යාමා ප්‍රේමරත්න, ඔහු රැකබලා ගත් පුතු අග්‍රා ප්‍රේමරත්න, බාල දියණිය ඩිංගිරි මිණි ප්‍රේමරත්න යන දරුවන් සිවු දෙනා ආදරයෙන් සිහිපත් කරමි. එතුමා වැනි නිහතමානී, දක්ෂ ගුරුවරයකු අද අපට අහිමිය.
ආදරණීය ෂෙල්ටන් අයියේ ඔබට ආජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි!
(***)
කලාභූෂණ
රංජිත් යාපා ද අල්විස්.
වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.
හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට
ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො
ශ්රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක
කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ෂෙල්ටන් ප්‍රේමරත්න මහා ගාන්ධර්වයා
ලයනල් Saturday, 01 June 2024 10:50 AM
අපගේ සාතිශය සංවේගය...
චන්දිම ෆොන්සේකා Monday, 03 June 2024 12:29 AM
මෙතුමා හමෝනියම් එකේ පුවරුව මත සිය ඇඟිලි තබා නිකමට හෝ එහා මෙහා කලත් ඇසෙනුයේ දිව්‍යමය මිහිරක් ඇති සංගීත රාවයක්...