අරුගම්බෙ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි හෙයින් ඇමරිකා එක්සක් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් තම රටවැසියන්ට එම ප්‍රදේශයේ සංචාරයෙන් වැළකී සිටීමට දන්වා සංචාරක අවවාද නිකුත් කරන ලදි. ඇමරිකාව එම නිවේදනය නිකුත් කරන ලදදේ ඔක්තෝම්බර් මස 23 වැනිදාය. ඉන්පසු මහා බ්‍රිතාන්‍යය, ඊශ්‍රායලය සහ රුසියාව වැනි රටවල් ද එවැනි නිවේදන නිකුත් කරන ලදි. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්වයට පැමිණෙමින් තිබෙන සංචාරක ව්‍යාපාරයට මෙම සිදුවීම නිසා හානියක් සිදුවේද යන කාරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපයුම් මාර්ග අතර ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. 1967 දී රජය සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීම සඳහා මූලාරම්භය ගොඩනැගීමෙන් පසු එය අඛණ්ඩව දියුණුවට පත්වු නමුත් වරින් වර රටේ ඇතිවු විවිධ තත්ත්ව හේතුවෙන් බාධා පැමිණුන අවස්ථා ද තිබේ. 1971 අප්‍රේල් කැරැල්ල, 1983 කළු ජූලිය, එල්ටීටීයේ ත්‍රස්තවාදී ක්‍රියා සහ සිවිල් යුද්ධය, 1988 - 89 කැරැල්ල, සුනාමිය ආදී හේතු නිසා සමහර අවස්ථාවල සංචාරක පැමිණීම පහළ වැටුණු ආකාරය නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වුවද 2009 සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය උදාවු බව ප්‍රකාශ කළ හැකිය.
2012 වසරේදී ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගියේය. එම වසරේ පැමිණි මුළු සංචාරක සංඛ්‍යාව 10,05,685ක් වු අතර ඉන් වසර 04කට පසුව 2016 වසරේදී මිලියන 02 ඉක්මවා ගියේය. 2016 වසරේ පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 20,50,832ක් විය. 2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක සංඛ්‍යාව 23,33,796ක් වු අතර එය මේ දක්වා පැමිණි ඉහළම සංචාරක සංඛ්‍යාවයි. 2019 වසරේ පාස්කු ප්‍රහාරයත් සමග සංචාරක ව්‍යාපාරය ඇද වැටීම ආරම්භ වු අතර එම වසරේ සංචාරක ප්‍රමාණය 19,13.702ක දක්වා අඩුවිය. යුද්ධයෙන් පසු අඩුම සංචාරක පිරිසක් වාර්තා වුයේ 2021 වසරේදීය. එම වසරේ මුළු සංචාරක පැමිණීම 194,495 දක්වා පහත වැටුණි.
කෝවිඩ් අර්බුදය හේතුවෙන් ලොව පුරා සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණු අතර ශ්‍රි ලංකාවේ ද 2021 වසරේ සංචාරක පැමිණීම අවම තත්වයකට පත් කිරීමට කෝවිඩ් වසංගතය බොහෝ දුරට හේතු විය. කෙසේ වුවද ඒ අතරම රට මුහුණදුන් ආර්ථික අර්බුදය ද ඒ සඳහා විශාල ලෙස බලපෑවේය. කෙසේ වුවද 2022 වසරේ සිට නැවත වරක් සංචාරක පැමිණීම වැඩිවීමට පටන් ගත් අතර එම වසරේ මුළු සංචාරක සංඛ්‍යාව 7,19,978ක් විය. 2023 වසරේදී එය 14,87,303ක් විය. 2024 වසරේදී සංචාරකයන් මිලියන 2.3ක් පැමිණෙනු ඇතැයි ලංකා සංචාරක මණ්ඩලය ඉලක්ක කර තිබේ. ආරුගම්බෙ සිද්ධියෙන් පැහැදිලි වන්නේ විවිධ හේතු මත සංචාරක ව්‍යාපාරය කෙරෙහි බලපෑම් ඇතිවිය හැකි ආකාරයයි. මේ දිනවල ඊශ්‍රායලය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබෙන්නේ එය ගාසා තීරයේ පවත්වාගෙන යන යුද මෙහෙයුම් සහ ඉරානය සමග ඇති කරගෙන තිබෙන යුද ගැටුම් හේතුවෙනි.
එවැනි තත්වයක් තුළ ඊශ්‍රායලය හා සම්බන්ධ වන කවර සිදුවීමකට වුවද ක්ෂණිකවම ලොව අවධානය යොමුවීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. ඇමරිකාව සහ අනෙකුත් රටවල් විසින් තම පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආරුගම්බෙ ප්‍රදේශයේ සංචාරයෙන් වැළකී සිටින ලෙස කරන ලද නිවේදන ජාත්‍යන්තර මාධ්‍ය තුළ පුමුඛ ප්‍රවෘත්තියක් බවට පත්ව ඇති බව පෙනේ. එම අවවාදාත්මක නිවේදනත් එම ප්‍රවෘත්ති ලොව පුරා ප්‍රචාරය වීමත් ශ්‍රී ලංකාවේ නැගී එන සංචාරක ව්‍යාපාරයට කෙබඳු බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව වැඩි දෙනකුගේ අවධානය යොමුවී ඇත්තේ එම හේතු නිසාය. සංචාරක ව්‍යාපාරයේ නියුතු ව්‍යවසායකයන් සහ සේවා නියුක්තිකයන් අතර සැළකිය යුතු කැළඹීමක් ඇති කිරිම සඳහා එම තත්වය හේතුවී තිබේ.
මෙම සිදුවීමෙන් පසු රටේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවුයේ ආරුගම්බෙ සංචාරක කලාපය ඊශ්‍රායල සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්වී ඇති අකාරය පිළිබඳවයි. බොහෝ ඊශ්‍රායල ජාතිකයන් මුහුදු සර්ෆින් ක්‍රීඩාවේ නිරතවීම සඳහා එම ප්‍රදේශයට පැමිණෙන අතර ඔවුන් සඳහාම වෙන්වුණු හෝටල් සහ නවාතැන් ස්ථාන ද පවතින බව වාර්තා විය. ප්‍රහාරයක් සැලසුම් කර ඇත්තේ ඊශ්‍රායල ජාතිකයන් නිරන්තරයෙන්ම ගැවසෙන එම නැවතුම් ස්ථාන ඉලක්ක කරගෙන බවද වාර්තා විය. ඒ අතරම වාර්තා වු තවත් පැත්තක් වුයේ වීසා කාලය ඉක්මවා ශ්‍රී ලංකාවේ නැවතී සිටින ඊශ්‍රායල, රුසියන් සහ යුක්රේන් ජාතිකයන් සොයා ආගමන පාලකයන් සහ පොලීසිය විසින් මෙහෙයවීමක් දියත් කර ඇති බවයි. වීසා රහිත රුසියානු පවුලක් අත්අඩංගුවට පත්වු බවට වාර්තා ද ප්‍රසිද්ධියට පත්විය.
පොලීසිය මේ වනවිට සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ. ඒ අතරම සිද්ධියට සම්බන්ධ තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට යන බවද වාර්තා විය. දැනට ප්‍රකාශයට පත්වී ඇති තොරතුරුවලින් කියවෙන්නේ සැලසුම් කර තිබු ත්‍රස්ත ප්‍රහාරයට විදේශ සම්බන්ධතා ඇති බවය. මේ සම්බන්ධව පොලීසිය ප්‍රකාශ කර සිටියේ සැලසුම් කර ඇති එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු තමන් වෙත ලැබී තිබුණු බවත් එවැනි ප්‍රහාරයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ඒ අනුව ගනු ලැබූ බවත් ය.
ආරුගම්බෙ සිද්ධිය පිළිබඳව ලොව පුරා ප්‍රචාරය වීමට ප්‍රධාන හේතුවක් වුයේ ඇමරිකානු රජය විසින් නිකුත් කරන ලද ඉහතින් සඳහන් සංචාරක අවවාදයයි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය ඔක්තෝම්බර් 28 වෙනිදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමරිකානු රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක තහනමක් පනවා නැති බවයි. ශ්‍රී ලංකාව සඳහාම සංචාරක අවවාද ඇතුළත් ප්‍රකාශයක් නිකුත් කර ඇත්දැයි යන්න වැරදි තොරතුරක් බවද ඇය ප්‍රකාශ කර සිටියාය. ඇමරිකාවේ සංචාරක අවවාදය ආරුගම්බෙ ප්‍රදේශයට පමණක් සීමා වුවක් බවද ඇය ප්‍රකාශ කර සිටියාය.
සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නා වාතාවරණයක් බිහි කිරිම සඳහා ශ්‍රී ලංකාව විසින් ගනු ලබන පියවරවලට හා උත්සාහයට ඇමරිකා එක්සත් ජනපදය සෑම අවස්ථාවකදීම සහාය දෙන බවද ඇය ප්‍රකාශ කළාය. ආරුගම්බෙ සිදුවීමට අදාළ ඔක්තෝම්බර් මාසයේ සංචාරක පැමිණීම පිළිබඳ සංඛ්‍යා දත්ත පරීක්ෂා කරන විට පැහැදිලි වන්නේ එම සිද්ධිය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශාල බලපෑමක් සිදුව නැති බවයි. ඔක්තෝම්බර් 27 වෙනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 117,141ක් පැමිණ තිබේ. ඒ අනුව දෛනික සාමාන්‍ය සංචාරකයන්ගේ පැමිණීම 4339කි. ඔක්තෝම්බර් මාසයේදී මුල් දින 15 තුළ සංචාරක පැමිණීමේ සාමාන්‍යය දිනකට 4233ක් විය. එය සැළකිය යුතු ගණනකින් ඉහළ ගොස් ඇති බව පැහිදිලි වේ.
ඔක්තෝම්බර් 22 සිට 27 දක්වා කාලය තුළ ඉහත කී රටවල සංචාරක අවවාද නිකුත් වී තිබුණද එම කාලය තුළ සංචාරක දෛනික පැමිණීමේ සාමාන්‍ය 4412ක් විය. ඉහත කී සංඛ්‍යා ලේඛන අනුව මේ මාසය තුළ මුළු සංචාරක පැමිණීම 134,789ක් විය හැකි බව සංචාරක මණ්ඩලයේ අපේක්ෂාවයි. එසේ වුවහොත් එම මණ්ඩලයේ ඔක්තෝම්බර් මාසයේ ඉලක්කය වන 153,123ට වඩා සංචාරකයන්ගේ සංඛ්‍යාව 18,334කින් අඩුවනු ඇත. එසේ වුවද එම මාසයේ සංචාරක වැඩිවීම සියයට 18ක් වනු ඇත. එයින් පැහැදිලි වන්නේ ආරුගම්බෙ සිදුවීම මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙහි සැළකිය යුතු බලපෑමක් ඇතිකර නැති බවයි.
කෙසේ වුවද ආරුගම්බෙ සිද්ධියෙන් රටටත්, රටේ සංචාරක කර්මාන්තයටත් උගත හැකි පාඩම් කීපයක් ම ඇති බව පෙනේ. එවැනි ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව දැන ගැනීමට ලැබුණේ ඇමරිකා එක්සත් ජනපදය තම පුරවැසියන්ට එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස අවවාද කිරීමෙන් පසුවයි. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සඳහන් කළේ එම තොරතුරු ලැබී ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වු බවත් ඒ පිළිබඳ තොරතුරු නිකුත් කිරීමෙන් වැළකී සිටි බවත්ය. එවැනි තත්වයක් උද්ගතවීමෙන් මහජනතාවට තර්ජනයක් වන අවස්ථාවක එම තොරතුරු හෙළි නොකර සිටීම පිළිබඳව විවේචන ඉදිරිපත් විය. කවර තත්වයක් යටතේ වුවද අවශ්‍ය තොරතුරු අවශ්‍ය අවස්ථාවල නිකුත් කිරීම තුළින් මහජන ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛත්වයක් දීමේ වැදගත්කම අමතක කළ නොහැකිය.
දෙවැනි කරුණ වන්නේ විවිධ රටවල පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණ තමන්ගේම සංචාරක පහසුකම් ව්‍යාපාරික මට්ටමකින් පවත්වාගෙන යන ක්‍රියාදාමයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවයයි. රුසියන්, යුක්රේන පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණ එම රටවල සංචාරකයන් සඳහා ව්‍යාපාරික ලෙස පහසුකම් පවත්වාගෙන යෑම පිළිබඳව මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණි. දැන් ඊශ්‍රායලය සම්බන්ධයෙන් ද එවැනි පහසුකම් ව්‍යාපාරික මට්ටමින් සැපයෙන බවත් ප්‍රකාශ වේ. එවැනි ආයතන හෝ ව්‍යාපාර බිහිවීම රටේ ආදායම කෙරෙහිත්, සංචාරක ව්‍යාපාරය කෙරෙහිත් කවර බලපෑමක් සිදුවන්නේ ද කරුණු පිළිබඳව විධිමත් තොරතුරු සොයා බැලීමත් අවශ්‍ය වනු ඇත. එසේම වීසා රහිත විදේශිකයන් අනවසරයෙන් රට තුළ රැඳී සිටීම වළක්වා ගැනීමට ද වහා පියවර ගත යුතුව ඇත.
මෙම ගැටලුවට අදාළව අවශ්‍ය පියවර ගැනීමෙන් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීමටත්, රටට ලැබෙන ආදායම විධිමත් අයුරින් රඳවා ගැනීමටත් ඉඩ ලැබෙනු ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
ශ්‍රී ලංකාවේ ජනවහර තුළ ‘මුදල් මුද්‍රණය’ යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අලුතෙන් මුදල් ආර්ථිකයට එකතු කිරීමයි. ආර්ථික ක
අරුගම්බෙ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි හෙයින් ඇමරිකා එක්සක් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් තම රටවැසියන්ට එම ප්‍රදේශයේ සංචාරයෙන් වැළකී සිට
ශ්‍රී ලංකාවේ සශ්‍රීක කඳුකරයේ පිහිටා ඇති මහනුවර විස්මිත ස්වාභාවික සුන්දරත්වය සහ පොහොසත් සංස්කෘතික උරුමයත් සමග ආකර්ෂණය වන නගරයකි. නගරයේ කේන්ද්‍රස්ථා
“ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම, අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බව නොබෝදා කී ජනාධිපතිවරයා, ඒ සඳහා වන පුළ
සියවසකට අධික ඉතිහාසයක අපූරු මතක කැටි කරගත්, කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසල වැජඹෙන ඉපැරණි ඔරලෝසු කුලුන වැදගත් ඓතිහාසික ස්මාරකයකි. මෙම ඔරලෝසු කුලු
වසර පහකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ එම වසරේ පාස්කු ඉරිදා දිනයේ දී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කොට එල්ල කළ මරාගෙන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සංචාරක ව්‍යාපාරය එදා සහ අද