කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිදුවිය. රාජ්‍ය නායකයන්ගේ ජනප්‍රියත්වය පහත වැටිණ.
පහළ මැදි ආර්ථිකයේ සිට වර්ධනයකට ගමන් කරමින් තිබුණ ශ්‍රී ලංකාව ද එම ඉරණමට ගොදුරු විය. විසමතා තුරන් කර ඉක්මන් විසඳුම් අපේක්ෂා කරන ලද නමුත් ආර්ථිකයක් ආපසු හැරවීම පහසු වූයේ නැත. අර්බුදයෙහි පීඩනය හේතු කොටගෙන ජන ජීවිතවලට ඇති කරන ලද බලපෑම තියුණුය. අවසානයේ දී පාලකයන් කෙරෙහිද එය එල්ල විය. බහුතරයක් උපකල්පනය කරන පරිදි අලුතින් පත්කරගත් ආණ්ඩුව ඔවුන් අපේක්ෂා කරන ලද විසඳුම් සහිත නවීන සංවර්ධිත යුගය නිර්මාණය කරනු ඇත.
අලුත් අදහස් සහිත කණ්ඩායමක් සමාජ ආර්ථික පරිවර්තනයක් සඳහා සැලසුම් සකස් කරමින් සිටී. අනවශ්‍ය වියදම් සීමා කරන උත්සාහයකින් කටයුතු ආරම්භ කර ඇත. ආර්ථිකය රාමුවකට ඇතුළු කිරීමේ සැලැස්මක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් කටයුතු කරන්නට සූදානම් බව පෙනේ. මෙතෙක් අනුගමනය කරන ලද පියවර තුළ ස්ථාවර වී ඇත. පුළුල් පරිවර්තනයක් සඳහා වර්ධනයක් අවශ්‍ය අතර උත්පාදනය අවශ්‍ය කෙරේ. දැනට ඉලක්ක කර ඇති පරිදි ඉදිරි වසර දහයක කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම වර්ධනයේ සාමාන්‍ය සියයට තුනක් බව දැක්වේ. සියයට හය ඉක්මවන ආර්ථික වර්ධනයකට පියවර ගැනීමෙන් හැර ජන ජීවිතය පහසු කළ හැකි අනෙක් මාර්ගයක් නැත. එය උදෙසා නිෂ්පාදනය නැංවිය යුතුවේ. ආර්ථිකයෙහි විශාල වපරිසයකට දායකවන සේවා ආර්ථිකය තිබිය දී නිෂ්පාදන අංශය වර්ධනය කරන ක්‍රමවේද අවශ්‍යය.
නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් ආර්ථිකයට බලපෑම
රට තුළ පරිභෝජනයට අවශ්‍ය නිෂ්පාදනය පමණක් නොව අපනයන වෙෙළඳපොළ සලකා නිෂ්පාදන අංශ දියුණු කර ගත යුතුය. දැනට වෙෙළඳපොළ ස්වභාවය සලකන විට ආහාර නිෂ්පාදන අවශ්‍යතාවයෙහි තරම අවබෝධ කරගත හැකිය. සහල්, එළවළු, බිත්තර, පොල්, මස් සහ මාලු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් තිබේ. ඉල්ලුමට ප්‍රමාණවත් නිෂ්පාදනය අඩුවීම තුළ මිල ගණන් වැඩිවේ. නීති පැනැවීම හෝ මිල පාලනය මගින් වෙෙළඳපොළ හැසිරවීම පහසු නැත. නිෂ්පාදනය වැඩිකිරීමෙන් පමණක් අභ්‍යන්තර වෙළඳපොළ හසුරුවා ගත හැකිවේ. ආර්ථික අර්බුදය හේතු කොටගෙන කෘෂිකාර්මික හා කාර්මික අංශයේ විවිධ තලවල ව්‍යවසායකයන් මුහුණ පා ඇති ප්‍රශ්න සලකා බලා විසඳුම් ලබාදිය යුතුය. ඉඩම, ශ්‍රමය, නවීන තාක්ෂණය භාවිතාකර පිරිවැය අඩුකරගැනීම, ඇසුරුම් හා ප්‍රවාහනය සහ විශේෂයෙන් වගාකරන ප්‍රමාණය සලකා බලා වෙෙළඳපොළ සමතුලිත කරන මැදිහත්වීම වැදගත්ය. පෞද්ගලික අංශය මෙම කටයුතුවල දැනටමත් නිරතව සිටී. විවිධ පර්යේෂණ හා දත්ත රජය සතුව ඇත. නිවැරැදි ප්‍රතිපත්ති අනුව මෙකී අංශ තුළ කටයුතු කරන්නට පහසුකම් සැපයීම ආණ්ඩුවේ වගකීමකි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූලික ප්රශ්නය ආදායම පිරිහීම බව පෙන්වා දිය යුතුය. බදු වැඩි කිරීම උත්තරය නොවේ. නිපදවන දේ අපනයනය හා එයින් ආදායම් උත්පාදනය ඉලක්කය විය යුතුය. සංචාරක, විදේශ විනිමය ප්‍රේෂණ, ඇඟළුම් හෝ තේ වැනි අංශවල ආදායම සීමා සහිතය. අලුත් කර්මාන්ත හා ව්‍යාපාර මගින් ජාත්‍යන්තර වෙළඳපොළට ඇතුළුවන පැති අවශ්‍ය කෙරේ.
අඩු පිරිවැයකින් සහ උසස් ප්‍රමිතියක් සහිත නිෂ්පාදනවලට ජාත්‍යන්තර ඉල්ලුමක් තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් වැදගත්ය. එහෙත් අලුත් තාක්ෂණය, තොරතුරු සන්නිවේදනයේ වාසිය ලබාගන්නා අතර අපනයන වෙෙළඳාම සලකා නිපදවීම සඳහා මහා පරිමාණ ව්‍යවසායකත්වය වැදගත්ය. මෙකී වුවමනාව සාක්ෂාත් කරන්නට සමත් ප්‍රබල දේශීය ව්‍යවසායකත්වයක් රටට නැත. මෙම අවස්ථාවේදී ශ්‍රී ලාංකික සහ විදේශීය සම්මිශ්‍රණයකින් යුතු නිෂ්පාදන උපායමාර්ගයක් අනුගමනය කළහොත් අලුත් ශක්තියක් රටට ලබාගත හැකි වේ.
ධනවාදී ක්‍රමය තුළ දෙමංසලක් ඉදිරියේ
අතීතයේ පැවැති ආර්ථික කඳවුරු දෙක වර්තමානයේ දී නැත. තරගකාරීත්වය ඉහළම සාධකය වී තිබේ. චීනය, ඉන්දියාව, ජපානය, ඇමරිකාව, වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල් තීන්දු ගන්නා හැටි අධ්‍යයනය කළ යුතුවේ. ඇමරිකාව සමග වෛරයක සිටි වියට්නාමය අද ආර්ථික ක්‍රියාවලියේ දී ඇමරිකානු සහාය සහිතව පසුවේ. පසුගිය දා අවසන් වූ ජනාධිපතිවරණයෙන් පසු බලයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැරැණි සාධක පැත්තකින් තබා කෙලින්ම රටවල් සමග ගනුදෙනු කරන්නට සූදානම් බව දක්වයි. ඇමරිකාවෙන් මිල දී ගන්නා භාණ්ඩවලට බදු අයකරන ප්‍රතිශතය අනුව ඇමරිකාවට අපනයනයේ දී ඒ හා සමාන බද්දක් පනවන බව අඟවා ඇත. මෙතෙක් පැවැති වෙෙළඳ ගිවිසුම්, බදු රහිත වෙෙළඳාම, දියුණුවන රටවලට ලැබන සහන අහෝසිවන බව පෙනේ. කෙටි ඉතිහාසයක් තුළ ඇමරිකාව දැවැන්ත ආර්ථිකයක් බවට පත්වීම තුළ වරින්වර අනුගමනය කරන ලද ජවාධික ධනවාදී ආර්ථික උපක්‍රම ඇත. ධනවාදී ක්‍රමය සාධාරණ නැත. මානුෂික නැති බව පිළිගැනේ. එහෙත් ධනය නිදපවිය හැකිය. ධනවාදයට ඉඩ දෙන අතර සාධාරණ රාමුවක් ඇති කරන්නට ආණ්ඩු සමත්විය යුතුය. පීඩාවට පත්වන කොටස තෝරා උපයන ධනයෙන් කොටසක් සමාජය ඔසවන ක්‍රමවේදවලට යෙදවීම ආණ්ඩුවක වගකීමකි.
මුල් කාලයේ ඇමරිකාවට සංක්‍රමණය වූ රොකෆෙලර් එරට ඛනිජ තෙල් කර්මාන්තය ආරම්භ කළේය. ඇන්ඩෲ කානගී යකඩ කර්මාන්තයට ප්‍රවේශ විය. කොනෝලියස් වැන්ඩබිල්ට් දුම්රිය මාර්ග තනන ලද අතර ජේ.පී. මෝර්ගන් මුල්‍ය අංශයේ ආරම්භකයාය. උපක්රමශීලීව දැවැන්ත ධනයක් නිර්මාණය කළ මෙම ව්‍යවසායකයන් ධනය උපයන ලද ක්‍රමය ගැන විවේචන තිබේ. දුප්පතුන්ගේ ශ්‍රමය සූරාකෑම සහ අවස්ථා අත්පත්කරගත් විලාසය ගැන චෝදනා ඇත. එහෙත් මෙම ව්‍යවසාය හේතු කොටගෙන ධනය බිහිවිය, රැකියා ලැබුණි. ආණ්ඩුවලට බදු උපයාගත හැකි විය. අනෙක් අතට මෙම ධනවතුන් ගේ පරිත්‍යාග හේතුවෙන් විශ්වවිද්‍යාල, රෝහල් ඉදිකෙරිණ. ධනය නැවත සමාජයට ලැබණි. ඇමරිකාව හරහා යුරෝපයට දුම්රිය මාර්ග තනා එකල සිහිනෙන් හෝ හිතන්නට බැරි නිෂ්පාදන ප්‍රවාහන ක්‍රම ඇති කරන ලද එවැනිම ව්‍යවසායක කණ්ඩායමක් පිරිවරාගෙන ඇමරිකාව මෙකල තවත් වටයකින් ඉදිරි පිම්මක් සැලසුම් කරමින් සිටියි.
ඇමරිකානු රජය සතුව තිබුණ අභ්‍යවකාශ තරණය පෞද්ගලික අංශය අතට ගෙන ඇති අතර මිනිස් ප්‍රජාව ග්‍රහලෝක ගණනාවක ජීවත්වන තැනට පත්කරන සිහිනයක ටෙස්ලා, හයිපලුප් හා ස්පේස් එක්ස් සමාගම්වල නිර්මාතෘ ඊලෝන් මස්ක් පසුවේ. ජෙෆ් බිසෝස්, පීටර් තීල්, මාරක් සුකර්බර්ග්, වොරන් බෆට්, බිල් ගේට්ස් ඇතුළු පිරිස් දැවැන්ත පරිවර්තනයක සංකල්පධාරීහු වෙති. පැවැත්ම වෙනස් කරන අතර මනුෂ්‍යයා පරාජය කරන කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කර අදට වඩා දියුණු ක්‍රමවේද හදන්නට වෑයම් කරති. සමාන සමාජයක, දූපත් මානසිකත්වය හෝ ගෝලීය සමාජයක කොටස්කරුවකු වන දෙමංසල ශ්‍රී ලංකාවට ඉදිරියෙන් ඇත.
ඉහළ මැදි ආදායම් රටක් සඳහා බරපතළ තීන්දු
කුඩා ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් බවට හැරවීමේ දී, නවීන ආර්ථික ක්රමෝපායයන්ට ගැලපෙන තීරණ ගැනීමට සිදුවේ. සම්ප්‍රදායිකව විනිමය උත්පාදනය කරන තේ, රබර් හා පොල් වැනි කෘෂිකාර්මික අපනයන හෝ ඇඟළුම් වැනි නිෂ්පාදන ඔස්සේ ගමන් කළ හැකි උපරිම තැනට පැමිණ ඇත. විදේශ රටවලට ලාංකික ශ්‍රමිකයන් සැපයීමෙන් ද රට දියුණු කළනොහැකි බව දැක්විය යුතුය. මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා විදේශ විනිමය උත්පාදනය කළ යුතුය. සංවර්ධන අවශ්‍යතා සඳහා ධනය උත්පාදනය කළ යුතුවේ. මහජනතාව බලාපොරොත්තුවන සහන වෙනුවෙන් ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යය. රැකියා උත්පාදනය සඳහා ක්‍රියාමාර්ග ගැනීමත්, සමාජ පරතරය හා ආදායම් විසමතා තුරන් කර පියවර සඳහාත් විකල්ප තීන්දුගත යුතුව තිබේ.
දැනට පවතින තත්වයෙන් තවදුරටත් පැවැතිය නොහැක. අවුරුදු දෙකක් තුළ සියයට දහයක ප්‍රතිශතයකින් පහතට වැටුණු ආර්ථිකයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන සියයට තුනක ආර්ථිකයකින් තෘප්තිමත් කිරීම අපහසුය. බලශක්තිය, ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අංශවල වෙනස්කම්වලට අවතීර්ණ නොවුණහොත් පවතින සමාජ ස්ථාවරභාවය යළිත් අසමතුලිත විය හැකිය. නිෂ්පාදන ආකෘතියක් ඇති කර එයට අවශ්‍ය පහසුකම් සැපැයීමෙන් පසු මංකොල්ලකාරී ව්‍යාපාරික පැලැන්තියක් ඇති වන බවට භීතියක් ඇති කරගතහොත් දූපතක, කුඩා ආර්ථිකයක තවදුරටත් පවතිනු ඇත. එහි දී සැලකිය යුතු දියුණුවක් රහිතව මධ්‍යම පාන්තිකයන්ට ඉහිලිය නොහැකි සංකීර්ණතා සහිතව පවතින්නට ඉඩ තිබේ.
ජාත්‍යන්තරයේ ඇති අලුත් ආර්ථික බලවේග අතරින් රටට හා සංස්කෘතියට ගැලපෙන, අනන්‍යතාව ආරක්ෂා කරන ව්‍යවසායකයන් සලකා ව්‍යාපාර සඳහා ඉඩදෙන තීරණ ගැනීම අවශ්‍යය. ඛනිජ සම්පත්, මිනිරන් වැනි අංශවලට ඇතුළුවිය හැකිය. විදුලිය, වරාය, තොරතුරු තාක්ෂණය, වැනි අංශවලට නැඹුරු විය යුතුවේ. බුලට් දුම්රිය, රියැදුරු රහිත වාහන, ඉලෙක්ට්‍රික් ක්‍රමවේද සහිත අලුත් යුගයකි. මෙම අංශ සඳහා මෙරට සම්පත් භාවිත කිරීම වැදගත්ය.
කර්මාන්ත කලාප ස්ථාපනයට ඉන්දීය පියවර
සියයට හතක ආර්ථික වර්ධනයක සිටින ඉන්දියාව සියයට දහයක ආර්ථික වර්ධනයක් සඳහා සැලසුම් වෙනස් කරමින් සිටී. පසුගිය දා ඉන්දියන් ආණ්ඩුව නිදහස් කර්මාන්ත කලාප දොළහක් ප්‍රකාශයට පත් කළේය. තමිල්නාඩුව දැවැන්ත කර්මාන්ත ව්‍යුහයක් නිර්මාණය කර ඇති අතර සම්පූර්ණයෙන්ම අපනයනය සඳහා ඉලක්ක කර තිබේ. පාවහන් නිපදවන ජාත්‍යන්තර සමාගම් මෑතකදී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ආයෝජනයයක් එහි කර ඇත. රුසියාව සමග වෙළඳාම දියුණු කරගෙන ඇති ඉන්දියාව එරටින් ගෙන්වන බොරතෙල් පිරිපහදු කර යුරෝපයට අපනයනය ආරම්භ කර ඇත. අවුරුදු දෙකකට කලින් රුසියාවෙන් තෙල් බැරලයක් හෝ මිල දී ගත්තේ නැති ඉන්දීය ආණ්ඩුව දැන් යුරෝපයට වැඩිම පිරිපහදු ඛනිජතෙල් ප්‍රමාණයක් අපනයනය කරන රට බවට පත්ව ඇත. ලෝකයේ ගැටුම්වලින් අවස්ථා අහිමිවන අතර අලුත් අවස්ථා ඇති කරගැනීම ඉදිරියේ ඉන්දියාව අපට ගලපා ගත හැකි කදිම උදාහරණයකි.
ලෝක වෙෙළඳපොළ පිළිබඳව සලකා බලන පසු ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවේ පිහිටීම වැදගත්කමක් සහිතය. අධිරාජ්‍යවාදීන් පවා මෙම පිහිටීමෙන් වාසි අත්පත් කරගෙන තිබේ. වරාය, ගුවන් තොටුපොළ, බලශක්ති සම්පාදනය වැනි අංශ සඳහා දකුණු ආසියාවේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේ. කොළඹ වරාය තවදුරටත් දියුණු කළ යුතුය. තාක්ෂණය භාවිත කර මෙහෙයුම් වේගවත් කිරීම වැදගත්ය. කාර්යක්ෂමතාව සේවා ආර්ථිකයක දී ප්‍රධාන සාධකයකි. එක පැත්තකින් කර්මාන්ත සඳහා යටිතලය ඇති කර ආයෝජන කැඳවා වරාය හා ගුවන්තොටුපොළ සේවා පුළුල් කිරීමෙන් පවතින කුඩා ව්‍යුහය ප්‍රසාරණය කළ හැකිවේ.
ඇමරිකානු ව්‍යවසායකයන් ග්‍රහලෝකවල ජනාවාස ඉලක්ක කරන යුගයක කොළඹ සිට තමිල්නාඩුවට දුම්රිය මාර්ගයක් තැනීමට බාධා තිබිය යුතු නැත. යාපනයේ ජනතාව දිනාගන්නට සමත් වූ ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාවගේ ආර්ථික අවශ්‍යතා සලකා ඉන්දු ශ්‍රී ලංකා ගොඩබිම් මාර්ගය තනා අලුත් යුගයකට ඇතුළුවුවහොත් දැවැන්ත ආර්ථිකයක් නිර්මාණය කරනු නිසැකය.
මෙහි දී, කර්මාන්ත හා ව්‍යාපාරවල ආයෝජනයට ජාත්‍යන්තර සහාය ලබාගෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සමග නිසි පියවර ගතහොත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කර රට අලුත් යුගයකට ඇතුළු කළ හැකිය. ව්‍යවසායකත්ව පරිසරය වෙනස් කරන රාමුව තුළ දේශීය කර්මාන්ත හා කොන්ත්රාත්වලට ද අලුත් නිෂ්පාදන ක්ෂේත්‍ර හා සැපයුම් පරිසරයක් සැකසෙනු ඇත. විශාල කර්මාන්ත හා ව්‍යාපාරවල ආයෝජනය පෞද්ගලික අංශයට පවරා එහි ප්‍රතිපත්ති හා නියාමනය ආණ්ඩුව භාරගත යුතුවේ. එයින් බැහැර විකල්පයක් නැත. මානව සම්පත ශ්‍රී ලංකාවේ ඉහළම වත්කම බවට පත්කරගත හැක. වෙනත් රටවල සේවය කරන වෘත්තිකයන් කැඳවිය හැකි වන අතර වහාම රට හැර යන්නට වෑයම් කරන තරුණ පිරිස නතර කරගත හැකිවනු ඇත.
ලේඛක සටහන
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට දැක්වීමෙන් සංවාදයකට එකතු විය හැකිය.
(***)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
සංවර්ධනයට නිෂ්පාදන ආර්ථිකයක්
nanda Monday, 09 December 2024 02:14 PM
කොයි ආණ්ඩුව බලේට ආවත් පොඩ්ඩක් කඩේ ගිහින් හැමදාම මොනවා හරි වරප්‍රසාද භුක්ති විඳිනවා...
ජයබාහු Tuesday, 10 December 2024 12:14 PM
මිලින්දගේ අරමුණ ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ වැඩපිළිවෙල ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සදහා ඒජන්තයකු හැටියට ක්රියාකිරීමය.