නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙක්තයයි. සමාජයේ භූමිකා රැසකටම පණ පොවමින් සංස්කෘතියට අනුගතව වගකීම් කන්දරාවක්ම කර පින්නා ගනිමින් ඇය තම කුටුම්භය මෙහෙය වන්නීය. දිනෙන් දින විඩාබර වන ඇයට, ඇය ගැන සිතීමට, ඇය සතුටු කිරීමට, ඇයට ආදරය කිරීමට එක් මොහොතක් අවශ්‍යය. ඒ මොහොත අද අපි ජාත්‍යන්තර කාන්තා දිනය නමින් සමරන්නෙමු.
කාන්තාව සමාජ ගත වීම
ලාංකීය සමාජයේ කාන්තාව සමාජ ගතවී සිටිනාකාරය දෙස බලද්දී, ඇය සිටිනුයේ බොහෝ පසුගාමී තැනක නොවේ. අනෙකුත් ආසියාතික රටවල සමාජ ක්‍රම දෙස බලද්දී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේම ඇය පෙරමුණට ඇවිදින්ය. අපේ රටේ වුණත් කාන්තාව කක්ෂ ගතව සිටින්නේ බොහෝ පසුගාමී නොවන ප්‍රතිගාමී ඉසව්වකය. මෙකී කියමන සාක්ෂාත් කරනු වස්, අධ්‍යාපන ක්ෂේත්‍රය ගෙන බැලුවොත් ස්ත්‍රී, පුරුෂ යනුවෙන් වර්ගීකරණයක් නොකළද, ඇයට මෙම ක්ෂේත්‍රයේ සමතැන් ලැබී ඇත. ඇයට අධ්‍යයන කටයුතු කර ගැනීමට ඇති අවස්ථා ගෙන බැලුවොත්, පුරුෂයන්ට හා සමානව අවස්ථා රාශියක්ම විවෘතවී ඇත. එසේම ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය දරමින් ඉදිරියට පැමිණ ඇත.උසස් අධ්‍යාපනය ගෙන බැලුවද කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඉදිරියට යන්නේ බොහොමයක්ම කාන්තා පරපුරය.
නිදර්ශනයක් ලෙස ලංකාව මෙන්ම ලෝකයේද කලා පීඨවල කාන්තා නියෝජනය සියයට 60කට ආසන්නය. අධ්‍යාපනය තුළ කාන්තා නියෝජනත්වය මෙයාකාර වුවද සමාජයීය මිනුම් ගත්විට තව ඉදිරියට යා හැකි අවස්ථා එමටය. රසවත්ම දේ, අධ්‍යාපනයෙන් ඇය පියවර ගණනාවකින්ම ඉදිරියට පැමිණියද රැකියා වෙළෙඳපොළේ තවමත් ඉහළ නිලතල දරනුයේ පුරුෂ පක්ෂය වීමය. මෙහිදී රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයම ගැන සඳහන් කළොත් රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දැනටමත් කාන්තා පාර්ශවය හොබවනු දැකීමට පුළුවන. එහෙත් පෞද්ගලික අංශයේ තත්වය මීට හාත්පසින්ම වෙනස්ය.
අධ්‍යාපනය හැදෑරූ කාන්තා නියෝජනත්වය ඉහළ ගියද ඊට සාපේක්ෂව උසස් තනතුරු සඳහා කාන්තා සහභාගීත්වයේ කැපී පෙනෙන අඩුවක් පෞද්ගලික අංශයේදී දැක ගැනීමට පිළිවන. පෞද්ගලික අංශයේ රැකියා වෙළෙඳපොළේ උසස් තනතුරු හොබවන කාන්තා නියෝජනත්වය අතළොස්සකට සීමා වී පවතී. සේවා නියුක්තිය තුළ කාන්තාවන්ගේ දායකත්වය සියයට 50ක් වැනි ප්‍රතිශතයක් පෙන්නුම් කළද තනතුරු බෙදී යාමේදී ඉහළ තනතුරුවලින් කාන්තාව යම් දුරකට ගිලිහී ගොස් ඇති බව මින් නිගමනය කළ හැකිය.
විසි එක්වැනි සියවසේ ලාංකීය කාන්තාව
තමන්ට රිසි පරිදි උසස් අධ්‍යාපනය පවා හැදෑරීමට අවකාශය ලැබී ඇති පසුබිමක නිදහසේ තීන්දු තීරණ ගැනීමට ඉඩ ප්‍රස්ථා ඇති බැවින් ඇය ප්‍රතිගාමී තැනක ඉන්නා බැව් මාගේ විශ්වාසයයි. මෙකී නිදහසවත් නොතිබූ යුග ගණනාවක්ම අපි පසුකොට ආවෙමු. ගැහැනුන්ට උරුම මෙයාකාරයේ රැකියා, පිරිමි පාර්ශ්වය කළ යුතු රැකියාවලින් ඇය මිදිය යුතු යැයි කිසිම තැනක ලේබල් ගසා නැත. එබැවින් කුඩා කල සිටම ඉගෙන ගනිමින් අනාගතයේදී තමන් කැමැති රැකියාවක් තෝරා ගැනීමට ඇයට පූර්ණ නිදහස මෙන්ම අවස්ථාවද ලැබී ඇත. වෛද්‍ය, ඉංජිනේරු, හෙද, ගුරු වෘත්තීන්හි සිට වඩු කාර්මික අංශයේ රැකියා අවස්ථා පවා දැන් ස්ත්‍රීන්ට විවිර වී ඇත. මෙය අපේ රටට යහපත් ප්‍රවණතාවක් උදා කළද, ඇතැම් රටවල පවතින සමාජ ක්‍රමවල පමණක් දක්නට නොලැබෙන අවස්ථාවක්ද වේ.
කාන්තාව වර්ණ ගැන්වීම
ඇය මේ වනවිට විඳින, ජීවත් වන සංස්කෘතික ජීවිතය ගෙන බැලුවොත් මෙතැනදී පමණක් ස්ත්‍රීත්වය බොහෝ පසුපසින් හිඳිනා බව මගේ මතයයි. ඊට හේතුව, කාන්තාව සංස්කෘතික ජීවිතය ප්‍රිය කළද, ඊට ඇයගේ සහභාගිත්වය ඇත්තේ ඉතාම අඩු මට්ටමකය. කාන්තාව අනුගත සංස්කෘතික සමාජ ජීවිතයක් නොමැති තරම්ය. මන්ද ඇයට ඒ තුළ ඇත්තේ වෘත්තිමය ජීවිතයක් වීමට පුළුවන. අපි කාන්තාව වර්ණ ගන්වා ඇත්තේ ගෘහණියක පරිද්දෙනි. එසේ නොමැති නම් වෘත්තිකයකු පරිද්දෙනි.
නොඑසේ නම් ගෘහණිය රැකියාව, ගෘහ කටයුතු යන දෙඅංශයේම නියැළෙන්නකු ලෙසය. මෙකී අංශ දෙකෙන් පරිබාහිර සංස්කෘතික ජීවිතයක් රස විඳින කාන්තාවක් දක්නට නොලැබෙන තරම්ය. මැදි වයසේ පසුවන ස්ත්‍රීන් බොහොමයක්ම අද මවුවරුය. දරුවන් හදාවඩා උස් මහත් කරන, රැකියාවට ගිය මොහොතේ සිටම කාර්ය බහුලත්වය කර පින්නා ගත් ස්වරූපයක් පමණක්ම අද ගැහැනියකගෙන් විද්‍යමාන වේ. අද අපේ සමාජ ක්‍රමය තුළ සංස්කෘතික ජීවිතය රස විඳින කාන්තාවන් හරිම අඩු බව කනගාටුවෙන් වුවද සඳහන් කිරීමට සිදු වී ඇත.
කාන්තාවන්ගේ සංස්කෘතික ජීවිතය
වයස අවුරුදු 40,50,60 වියේ පසුවන කාන්තාවන් පවුලේ සාමාජිකයන්ගෙන් මොහොතකට හෝ මිදී තම යහළු මිත්‍රාදින් සමගින් බැහැරට විත් සුළු මොහොතක් හෝ සතුටු සාමීචියේ යෙදෙනවා දැක තිබේද? එසේත් නැත්නම් විනෝද චාරිකාවකට සහභාගී වෙනවා දැක ඇත්ද, එසේ නැත්නම් චිත්‍රපටයක්, නාට්‍යයක් රස විඳිනු දැක ඇත්ද? මෙම කාරණය මුළුමනින්ම පාහේ පුරුෂ පක්ෂයට අදාළ නොවන්නේ ඔවුන් කෙසේ හෝ මේ උදෙසා කාලය මිඩංගු කරන බැවිනි. එහෙත් ස්ත්‍රීන් සුදුසු කල ආවාහ විවාහව දරු මල්ලන් ලැබීමත්, ඔවුන්ගේ පෝෂණ කටයුතු, ගෘහ කටයුතු මෙන්ම රැකියා කටයුතුවලටද කොටුව ඇති සෙයකි.
සාම්ප්‍රදායිකත්වයේ බලපෑම අතීතයටත්, වර්තමානයටත්
සාම්ප්‍රදායික පවුල් ජීවිත ගත කරද්දී සංස්කෘතික ජීවිතයක් ගත කිරීමට අවකාශ නොලැබේ. කුටුම්භය තුළටම කාන්තාව කොටු වී ඇත. ඒ නිසාම සංස්කෘතික ජීවිතය ඇය වෙතින් පළා ගොස් ඇත. මේ සඳහා ප්‍රායෝගික කාරණා, සංස්කෘතික හේතු මෙන්ම ආර්ථික කරුණුද බලපානු ඇත.
ප්‍රායෝගික කාරණාව ලෙසට දැක්වීමට ඇත්තේ තවමත් අපේ රටේ ගෘහ කටයුතු වැඩිමණක්ම කෙරෙනුයේ කාන්තාවගේ අතිනි. එබැවින් අතුරු කටයුතු දෙස හැරී බැලීමටවත් ඇයට දවසේ පැය24 ප්‍රමාණවත් නැත. වත්මනේදී ඇයට ගෘහ කටයුතු මෙන්ම රැකියාවේ කටයුතුවල සමබරතාව පවත්වා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත යුතුව ඇත. මන්දයත් ඇය තම ගෘහය ඇතුළත සාම්ප්‍රදායික කටයුතු ගොන්නක බර දෙවුරට ගෙන හිස මත තබා අවසන්ය. මේ ගෘහ කටයුතු සඳහා පියවරුන්ගේ සහභාගිත්වය, සහාය ඇයට ලැබෙනවා ප්‍රමාණවත් නැත. ගෙදර දොරේ කටයුතු කළ යුත්තේ හුදෙක්ම ස්ත්‍රීන් වෙතින් පමණකි යන්න පියවරු සිතන සමාජයක කාන්තාවන්ගේ සංස්කෘතික ජීවිතය බොහෝ සෙයින්ම දුරය.
රාමු ගත කළ ස්ත්‍රීත්වය
සමාජයේ විවිධාකාරයෙන් රාමු නිර්මාණය වී ඇත. අපි කුමන ආකාරයෙන් දෙයක් කළද, කුමක් හෝ රාමුවකට අයත් වීමට සිදුවී ඇත. එවිට රාමු ගතව හිඳීම කණස්සල්ලෙන්, කන් කෙඳිරි ගගා සිටින්නේ නම් එය නිතැතින්ම ප්‍රතිඵල රහිත දෙයක් බවට පත් වනු ඇත. මේ රාමුවෙන් පිටතට යාමට තම ස්වෝත්සාහයද තිබිය යුතුය. සමාජය විසින් කාන්තාවන්ට රාමු සකසා දී නැති අතර අපට කැමැති නම් පමණක් ඉන් පිටතට පැමිණිය හැකිය.
එනමුදු පවුල් ජීවිතය තුළ තම ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන මන්දගාමී සහයෝගය මත ඇයට රාමුවෙන් පිට පැනීමට තබා ඒ වෙනුවෙන් උත්සාහ ගන්නා අයුරක්වත් අද දක්නට නොලැබේ.
නිසි තැනද? සම තැනද?
කාන්තාවන්ටම පමණක් නොව පොදුවේ සියලුම දෙනාට ලැබිය යුතු වන්නේ නිසි තැනය. යම් පුද්ගලයකුට කුමන හෝ ශක්‍යතාවක් ඇත්නම් එයින් කළහැකි උපරිම අවස්ථා ඇති නිසා ලැබිය යුතු වන්නේ නිසි තැනය. එවිට සම තැනක් අවශ්‍ය නොවනු ඇත. සමතැනකට පැමිණියද ඒ හේතුව නිසාවෙන් පමණක්ම සමාජය ලස්සන නොවේ. නිසි තැන ලැබුණහොත් කාටත් විවිධත්වයෙන් පරිපූර්ණ වී සාමාන්‍ය සමාජ ක්‍රමයක් ලෙස ඉදිරියට යාමට , පැවැත්ම රැක ගැනීමට පහසුය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්කම් පවතී. ක්‍රියා, දක්ෂතා, අවශ්‍යතා විවිධය. එබැවින් පිරිමියා අබිබවා කාන්තාව දක්ෂතා අතින් කෙතරම් දුර ගියද ඇයට ලැබිය යුතු වන්නේ සුදුසු තැනය. මෙම කරුණ ස්ත්‍රීවාදිද, පුරුෂවාදිද යන්න සමාජභාවය මත වෙනස් නොවිය යුතුය. මෙය මාගේ පෞද්ගලික අදහසක් මිස ස්ත්‍රීවාදිත්වය වෙනුවෙන් කෙරුණු ප්‍රකාශයක් නොවේ.
කාන්තා අසාධාරණවලට එරෙහිව
කාන්තාවන්ගේ පිහිටට, රැකවරණය උදෙසා ඇති ආයතනවල ක්‍රියාකාරිත්වය මීට වඩා කාර්යක්ෂම සහ පුළුල්ව විහිදී යා යුතුය. නීතිය තුළදී පෞද්ගලිකත්වය, රහස්‍යභාවය ,අනන්‍යතාව රැකගෙන නීති උපදෙස් පැතීමට අවශ්‍ය කාන්තාවකට අවැසි පහසුකම් තව දුරටත් සංවර්ධනය විය යුතුය.
අපි කෙතරම් ඉදිරියෙන් සිටියද තවමත් කාන්තාවන්, පොලිසියකට යාමට බියක් දක්වයි. පැමිණිල්ලක් කිරීමට බයයි. ඒ ඇය ලේබල් වන නිසාය. එසේ වනුයේ කාන්තාවන්ට මෙවැනි ආයතන සුරක්ෂිත ආයතන නොවන බව සමාජ මතය වී ඇති නිසාය.
ගැහැනු දරුවන්ට ඇති ගැටලු
මොවුන්ට ලෝකයට විවර වීමට ඇති අවස්ථා අල්පය. ඔවුන්ට විවෘතවී ඇති ලෝකය ඉතාම පටුය. කෙතරම් දුරට අධ්‍යාපනය ලැබුවද තරුණ වියේදීම විවාහ වී දරුවන් ලැබීම ඔවුන් උස් මහත් කිරීම පරපුරෙන් පරපුරට දායාද වීමක් බඳුය.
මවුවරුන් ලස්සන සංස්කෘතික ජීවිතයක් ගත කරන අයුරු දියණිවරුන්ට අද දකින්නට ඇත්නම් අපේ ජීවිත මීටත් වඩා අරුත්බර වනු ඇත. එහෙත් අද අවාසනාවකට අපි දකින්නේ ගෘහ ජීවිතයෙන් හෙම්බත් වූ අඳුරුතර පැතිකඩ පමණි. මේ කතාවම පූර්වාදර්ශය වී පරපුරෙන් පරපුරට දරුවන්ටද සංස්කෘතික ජීවිතය විඳීමේ භාග්‍යය අහිමිව යයි. එකී ජීවිතය රසවිඳින කාන්තාවක දකිනතාක් අප ඉදිරියේ මැවෙන ලෝකය ඉතාම පටුවේ.
අනාගත අභියෝග
උසස් අධ්‍යාපනයක් ලැබුවද කාන්තාවන් බොහොමයක්ම නැඹුරු වන්නේ කලා විෂයන් කෙරෙහිය. මේ තත්වය දිනෙන් දිනම වර්ධනයවී යන නිසා එයම නුදුරේදී අභියෝගයක් වීමට පුළුවන. ඉදිරියට එන ලෝකය බහු විෂයික ලොවකි. එනිසා අප ඉගෙන ගත් පොදු විෂය ධාරාවෙන් බිහිවෙන රැකියා අවස්ථා අඩු වීමට පුළුවන. තාක්ෂණික දැනුම ඔස්සේ නව වෘත්තීය අවස්ථාවලට මුහුණ දීමට විවිධ ක්ෂේත්‍ර හරහා ඇයගේ දැනුමද යාවත්කාලීන විය යුතුමය.
(*** සටහන - මාධවී ධර්මරත්න)
(ඡායාරූප - අන්තර්ජාලය ඇසුරිනි)
නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙ
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී
ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී
අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ
ශ්රී ලංකාව තුළ ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්” සංසිද්ධිය නිර්මාණය කර ඇත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පැවත
ගෝල්ෆේස් අරගලය සහ ඒ හේතුවෙන් රට තුළ ඇති වූ දේශපාලන පෙරළි පිළිබඳවත්, ඒවාට බලපෑම් එල්ල වූ දෙස් විදෙස් බලවේග පිළිබඳවත් කරුණු විස්තර කෙරෙන ග්‍රන්ථ කිහිපය
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
සංස්කෘතික ජීවිතය අහිමි කාන්තාව