IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සිංගප්පූරුවෙදි පොදු විපක්‍ෂයත් ඇමෙරිකාවේදී ජනපතිගේ හිතවතාත් හමුවූයේ කවුද?

 

21--Main-P-122

 

21--Main-P-12ජනපතිවරණයට තව ඇත්තේ හරියටම දින දහඅටක කාලයක් පමණි. ප‍්‍රචාරක සටන ද මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. පෝස්ටර්, කටවුට්වල සිට රූපවාහිනියෙන් පෙනෙන, ගුවන් විදුලියෙන් ඇසෙන හඩ ප‍්‍රචාර දක්වාම මේ ප‍්‍රචාරක යුද්ධය විහිදී තිබෙන බවක් ද දක්නට ලැබේ. සමහර විද්‍යුත් මාධ්‍යවල වාර්තාකර තිබෙන පුවත් කියැවීමේදී හැඟී යන්නේ ගෝත‍්‍රික සමාජයක කෙරෙන සංග‍්‍රාමයක සිරිය මේ ජනපතිවරණ සටන වෙළාගෙන ඇති බවය. මේ දැනට ඇතිවී තිබෙන තත්ත්වයයි. හොඳ හොඳ සෙල්ලම් පෙනෙන්නේ එළිවෙන ජාමෙට බැවින් තව ඉස්සරහට මොනවයින් මොනවා වේවිද කියන්න දන්නේ නැත.


කෙසේ වෙතත් ජනපතිවරණ සටනේ ප‍්‍රධාන ප‍්‍රතිවාදී අපේක්‍ෂකයන් දෙදෙනා වන මහින්ද සහ මෛත‍්‍රී ඉලක්ක කොට ගෙන මේ වන විට තවත් පුළුල් ප‍්‍රචාරයන් දියත් වී තිබෙන බව පෙනෙන්නට තිබේ. ඇතැම් ප‍්‍රචාර මැතිවරණ නීතියේ හා ජනාධිපතිවරණ පනතේ නියමයන් සුරකින රාමුවක සිදුවන බව පෙනී ගියත් තවත් සමහර ප‍්‍රචාර දෙස බැලූ බැල්මට පෙනී යන්නේ මැතිවරණ නීතිය සහ සාමාන්‍ය නීතිය තුට්ටුවකට මායිම් නොකර සිදුවන ඒවා බවය. තාර්කික පදනමකින් තොරව ගෙන යන එවැනි ප‍්‍රචාරවලට දේශපාලන වාග්කෝෂයේ භාවිත වන වචනය ”මඩ” යන්නය. ලංකාවේ දේශපාලනයට මෙම මඩ දේශපාලන ප‍්‍රචාර අලූත් දෙයක් නොවන බව 1977 න් මෙපිට පැවති මැතිවරණ දෙස හැරී බැලීමේදී අපට පැහැදිලිවම පෙනී යයි. ඒ ඉතිහාසය ආවර්ජනය කිරීම අපගේ අරමුණ නොවේ. 


ජනපති මහින්දත්, පොදු අපේක්‍ෂක මෛත‍්‍රීත් ඉලක්ක කොට ගෙන ප‍්‍රචාරය වුණු විවිධ අන්දමේ පුවත් මෙන්ම ප‍්‍රචාර රැුසක් අපට පසු ගිය දින කීපයේදී දැනගන්නට ලැබුණු අතර මෛත‍්‍රී ඇතුළු පොදු අපේක්‍ෂක පාර්ශ්වයේ සිංගප්පූරු ගමන ගැන වූ හාහෝවටත්, මහින්ද පාර්ශ්වයේ ඇමෙරිකානු දෙමළ ඩයස් පෝරා කථාවටත් තටු ලැබී තිබුණු ස්වරූපයක් ද ඒ අතර දක්නට ලැබිණි.


සිංගප්පූරු කතාව එළියට ආවේ මේ ඊයේ පෙරේදා දවසකය. මේ සිංගප්පූරු කතාවෙන් කියැවුණේ පොදු විපක්‍ෂය හා එක් වූ ප‍්‍රධාන පෙළේ චරිත ගණනාවක් සිය සාකච්ඡුා සඳහා ගෙවී ගිය නොවැම්බර් මාසයේදී විටින් විට සිංගප්පූරුවට ගිය බවත් එහිදී සිදු කළ කුමන්ත‍්‍රණ පිළිබඳ සියලූ තොරතුරු හෙළිදරව් වෙමින් ඇති බවත්ය.  කොටින්ම ඉකුත් 15 වැනි දින ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා ප‍්‍රසිද්ධියේම මේ ගැන කථා කරන්නට පියවර ගත්තේය.


මේ සිංගප්පූරු කුමන්ත‍්‍රණ කථාව ගැන අනුර කළ දීර්ඝ විස්තරයට අනුව මුලින්ම සිංගප්පූරුවට යන්නේ චන්ද්‍රිකාය. ඒ නොවැම්බර් 1 වැනි දිනය. චන්ද්‍රිකා ගිය පසු හැරෙන පරක්කුවෙන් සිංගප්පූරුවට යන්නේ එවකට සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාලය. දෙවැනිදා යන මෛත‍්‍රී පස් වැනි දින දක්වා එහි කල්ගත කරයි. පාඨලී යන්නේත් දෙවැනි දාය. පාඨලී ආපසු ලංකාවට එන්නේ 04 වැනි දිනය. රනිල් සිංගප්පූරුවට යන්නේ 14 දාය. 19 වැනි දින තෙක් රනිල් ඉන්නේ එම රටේය. මංගල යන්නේත් 14 දිනමය. මෛත‍්‍රී දිනවන්න මේ ළඟක දිනකදී විපක්‍ෂයට පැමිණි පලනි දිගම්බරම් සිංගප්පූරුවට යන්නේ නොවැම්බර් 25 ය. රාජිත යන්නේ 18 වැනි දිනය. මහලේකම් අනුර එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙම පිරිස සිංගප්පූරුවට ගියේ ජනපති මහින්ද පරාජය කිරීම සඳහා කුමන්ත‍්‍රණයක් සිදු කිරීමට බවත්, එකී කුමන්ත‍්‍රණය පිළිබඳ සියලූ තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවට තමාට විශ්වාස බවත්ය.


මේ සිංගප්පූරු කුමන්ත‍්‍රණ කතාව මහින්දගේ ජනපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ඉදිරි පෙළ කථිකයන්ගේ කටගැස්ම බවට පත්වීමට වැඩි වේලාවක් නොගිය අතර ඔවුහු තමත් නගින සෑම මැතිවරණ වේදිකාවකදීම පාහේ මෙන්ම ගොඩවන සෑම විද්‍යුත් දේශපාලන සංවාද වැඩ සටහනකදීම පතුරු ගැසීමට කි‍්‍රයා කළෝය. ආණ්ඩුවේ පැත්තෙන් කියැවුණු මේ සිංගප්පූරු කුමන්ත‍්‍රණ කථාව පොදු අපේක්‍ෂක බලවේග විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒවා අසත්‍ය ප‍්‍රචාර බව පවසමිනි.


කොටි අවතාර, විදෙස් කුමන්ත‍්‍රණ මේ ආදී වචන කන්කරච්චලයක් වන තරමට රාව ප‍්‍රතිරාව වන වටපිටාවක විපක්‍ෂය පැත්තෙන් ආණ්ඩුවට එල්ල වුණේ ද ඒ හා සමාන චෝදනාවකි. මේ චෝදනාව පිළිබඳව පසුගිය ඔක්තෝම්බර් මස 26 වැනි දින කොළඹ නගරාධිපති නිල නිවෙසේ පැවති කොළඹ දිස්ති‍්‍රක් කාන්තා නියෝජිත හමුවේදී එජාප ජාතික නායක රනිල් කීවේ මෙසේය.


02”එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයට සහභාගි වීම සඳහා ඇමෙරිකාවට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමුළුව ඇමතීමෙන් පසුව දවස් කීපයක් ඇමෙරිකාවේ රැුඳී සිටියා. ඒ දවස්වල ඇමෙරිකාවේ දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයෙකු ජනාධිපතිවරයා හමු වුණා. එසේ හමුවූයේ දෙමළ ඩයස්පෝරාවේ කවුරුන්ද කියා ජනාධිපතිවරයා රටට ජනතාවට කිව යුතුයි.”


ජනපති මහින්ද එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සහභාගී වීම සඳහා ලෝක පොලිස්කාරයාගේ රටට ගිය පසු ඇමෙරිකානු දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තයකු හමු වූ බවත් ඔහු කවුරුන්ද යන්න හෙළි කළ යුතු බවත් රනිල් ඇතුළු විපක්‍ෂ බලවේග එල්ල කරන අභියෝගයකි. 2005 ජනාධිපතිවරණයේදී උතුරේ වැසියන් ඡුන්ද පොළවල් කරා යෑම වැළැක්වීම සඳහා මහින්ද, එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දුන් බවට මේ සම`ගම සමහර වෙබ් අඩවි පුවත් පළ කර තිබෙනු දක්නට ලැබිණි.


දැන් ගොඩක් අයගේ කටේ තියෙන්නේ මේ විදෙස් කුමන්ත‍්‍රණ කතාය. කොටි ගනුදෙනු කතාය. සමහර දේශපාලනඥයන්ට මේවා නොකීවොත් නින්ද නොයන ගානය. එවැනි දේශපාලනඥයන්ට මැච් වන සමහර මාධ්‍ය මේවාට තටු ලබාදෙන්නේ කිසිදු වගවිභාගයකින් තොරවය. මේවායෙහි ඇත්තක් තිබෙන්නට ද පුළුවන. නොතිබෙන්නටද බැරි නැත. කළ යුත්තේ මඩ ප‍්‍රහාර එල්ල කරන්නාක් මෙන් ප‍්‍රචලිත කිරීම නොව ජනතාව ඉදිරියේ හේතු සහිතව ඔප්පු කිරීමය. කියවන්නන් වාලේ දොඩවන්නන්ට මේ වගේ කතා අහුවුණාම වඳුරට දැළි පිහිය අහුවුණා හා සමාන සතුටක්, තෘප්තියක් ඔවුන් නොලබන්නේ නම් එය පුදුමයකට කරුණකි.

 

 

 

කොටි කතාව, සිංගප්පූරු සාකච්ඡාව වහාම හෙළි කළ යුතුයි

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල්


 

03රනිල් වික‍්‍රමසිංහ මහත්තයයි, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියයි, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයයි සිංගප්පූරුවට ගියා කියලා සාක්‍ෂි සහිතව ඔප්පු කරලා ඉවරයි. ඔවුන් එහිදී මුණ ගැසී සාකච්ඡුා කළා කියන එක ගැනත් තොරතුරු ගුවන් යානා අංක සහිතව හෙළි කරලා තියෙන්නෙ. එතකොට එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින්ද රාජපක්‍ෂ සමග ගිවිසුම් ගැහුවයි කියන කතාව කිසි පදනමක් නෑ. මොකද ප‍්‍රභාකරන් පරාජය කරපු මහින්ද රාජපක්‍ෂ සමග එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව ගිවිසුම් ගහයි කියලා විශ්වාස කරන්න බැරි නිසා. එක් බොළඳ තර්කයක්. තමන්ව මරන්න එන මිනිහට කඩුව අතට දෙනවා වගේ වැඩක් ඒක. එවැනි දෙයක් කරන්න තරම් එල්.ටී.ටී.ඊ. එක සහ දෙමළ ඩයස් පෝරාව මෝඩයි කියලා අපි නම් හිතන්නේ නෑ. ඒකෙ අනිත් පැත්ත සලකා බැලූවොත් එනම්, එල්.ටී.ටී.ඊ. එක හෝ දෙමළ ඩයස් පෝරාවට තමන්ගෙ ඉල්ලීම් දිනාගත හැක්කේ කෙසේද කියන කාරණයට. ඒවා දිනාගත හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ පාලනය පෙරළා දැමීමෙන් විතරයි. ඒ නිසා පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීම සඳහා වූ සම්පූර්ණ සහයෝගය ඩයස්පෝරාවෙන් ලැබෙනවා කියන එක. ඒ සහයෝගය ලැබෙන්නෙ මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු ඒ විපක්‍ෂ බලවේගවලට. අනික මහින්ද රාජපක්‍ෂ කියන්නෙ එල්.ටී.ටී.ඊ. එක විනාශ කරපු කෙනා. චන්‍ද්‍රිකා කුමාරතුංග සුනාමි සහන මණ්ඩලය දෙන්න හැදුවා. නෝර්වේ ගෙනැල්ලා සාකච්ඡුා කරන්න හැදුවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් සටන් විරාම ගිවිසුම් ගහලා තිබුණා. ඒ තත්ත්වය තුළ මහින්ද රාජපක්‍ෂ මහතා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡුා කළා කියන කතාව ප‍්‍රලාපයක්. ඒක ඉදිරිපත් කරන්නෙ විපක්‍ෂයේ අය සිංගප්පූරුවේදි කළ සාකච්ඡුාව වහන්න.

 

 



 

මේවා විශ්වාස කරන්න කොණ්ඩ බැඳපු චීන්නු නෑ

එජාප මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර

 

04අද රාජපක්ෂ රෙජිමය අවසන් හුස්ම හෙළන වෙලාවෙ ඒ අයගේ ලජ්ජාව වසන් කර ගැනීමට විශේෂයෙන්ම තමන්ගේ ප‍්‍රධාන ලේකම් මේ තරම් ශක්තිමත් බුද්ධි අංශයක් තියෙනවා කියද්දිත් පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තම මහ ලේකම්වරයා නික්ම යන තුරුම නොදැන සිටීමේ තියෙන ලජ්ජාව වසන් කරගන්න දැන් විවිධ බොළඳ කතා ගොතනවා. අලූත්ම කතාව තමයි සිංගප්පූරු කුමන්ත‍්‍රණ කතාව. මෙතනදි පැහැදිලිවම කිව යුතුයි මේ රටේ සාරය උරා බොන පවුල් පාලනය අවසන් කරන්න මම සිංගප්පූරුවට නොවෙයි නරකාදියට වුණත් යන්න සූදානම්.


නමුත් අපිට මේ වැඩ පිළිවෙළ ක‍්‍රියාත්මක කරන්න රට යන්න වුවමනාවක් තිබුණේ නෑ. ඒ සාකච්ඡුා අපි කළේ ලංකාව ඇතුළෙ. බොහෝ දුරට මේ පැත්තට එන මන්ත‍්‍රීවරු ඇමැතිවරු එක්ක අපි සාකච්ඡුා කළෙත් පාර්ලිමේන්තුව ඇතුළෙ. ඒ වගේම සමහර වෙලාවට අපි සාකච්ඡුා කළේ ජනාධිපති මන්දිරේ ඉඳලා හූවක දුර තියෙන තැන්වල ඉඳලා. ඒ ලජ්ජාව වසන් කර ගන්නයි මේ කුමන්ත‍්‍රණ කතා කියන්නේ.


ශ්‍රී ලනිපයේ ලේකම් යැයි කියා ගන්නා අනුර ප‍්‍රියදර්ශන යාපා මේ කුමන්ත‍්‍රණ කතා ගොතනවා. පහුගිය කාලේ විපක්ෂයේ අය විවිධ හේතු මත සිංගප්පූරුවට ගිහින් තියෙනවා. මම දින කීපයකට එහෙ ගියේ මගෙ වෛද්‍ය පරීක්ෂාවකට. මේ කතාව ගොතපු අනුර යාපා නම් සිංගප්පූරුවට ගොඩක් හොර වැඩ කරන්න යනවා කියලා දන්නවා. සිංගප්පූරුවට ගිහිල්ලා කොමිස් මුදල් තැනපත් කළ දේශපාලකයන් ගැනත් පුවත්පත් සාකච්ඡුාවක දී මම හෙළිදරව් කළා.


චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මම දන්න හැටියට සිංගප්පූරුව පැත්ත පළාතෙ ගියේ නෑ. එතුමිය ගියේ බූරුමයෙ විපක්ෂ නායිකාව හමු වෙන්න විතරයි. මේවට කුමන්ත‍්‍රණ කියලා කියන රාජපක්ෂ ආණ්ඩුව ඩයස්පෝරා නියෝජිතයන් හමු වෙනවා විතරක් නොවෙයි අද එල්ටීටීඊ එකේ ඉතිරි වෙලා ඉන්න ඔක්කොම නායකයො ඉන්නෙත් රාජපක්ෂ ආණ්ඩුවේ ඔඩොක්කුවෙ. ඒ නිසා මේවා බොළඳ කතා. මේවා විශ්වාස කරන කොණ්ඩෙ බැඳපු චීන්නු ලංකාවෙ නෑ.

 

 

upul-wikramasinha

 



අදහස් (0)

සිංගප්පූරුවෙදි පොදු විපක්‍ෂයත් ඇමෙරිකාවේදී ජනපතිගේ හිතවතාත් හමුවූයේ කවුද?

සමන්ති Friday, 26 December 2014 05:07 PM

ප්‍රභාත් , එතකොට(1971 කාලය සලකිල්ලට ගනිමින් ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඡන්දය ඉල්ලන්න පුලුවන්ද? (නදී)

:       0       0

ප්‍රභාත් Friday, 26 December 2014 09:37 AM

අාරියවංශ, එ් කතාව වැරදි. කේ.පී පිල්ලයාන් හා කරුණා අද වෙනකොට බෙදුම්වාදය අත්හැර රටේ දේශපාලන ධාරාව හා සම්බන්ද වෙලා ඉන්නේ. ඉතිහාසය වැදගත්, නමුත් මොවුන් වර්තමානයේ කරන දෙ ඉටත් වැඩිය වැදගත්. ඔබ කියන විදිහට, ජේවීපී එකට හෝ යූඇන්පී (89/90 කාලය සැලකිල්ලට ගනිමින්) නැවත ඡන්දය ඉල්ලනත් බෑ (බ)

:       0       0

ඉෆ්රාන් Thursday, 25 December 2014 07:31 AM

මුසාමිල් ඔබ අපේ ජාතියට ආගමට ද්‍රෝහී වූ පුද්ගලයෙක්. ඔබ බොරුවට විදේශ කුමන්ත්‍රණ ගැන කියනවා. රජයෙන් මුදල් ගෙන අනිත් යට මඩ ගහනවා. තමන්ගේ ජාතිය, ආගම ගැන වචනයක් කතාකරන්නේ නැහැ (නදී)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 25 December 2014 08:20 AM

මොහම්මඩ් කියන්නේ සම්පුර්න ඇත්ත මහින්ද මහත්තය කවදාවත් රට දෙකට කඩන වැඩ කරන්නේ නැ.අනෙත් අය ගැන නම් අපට කිසිම විශ්වාසයක් තියන්න බෑ (බ)

:       0       0

අාරියවංශ Thursday, 25 December 2014 01:16 AM

මුසාමිල් ඔබ මානසික විකෘතිය ඇති මෝඩයෙක්. කේ.පී පිල්ලයාන්, කරුණා වැනි අමානුෂකයින් ලෙස අසරණ මිනිසුන් මැරූ අය ඉන්නේ කාගේ ආරක්ෂාව යටතේ කා ලඟද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4820 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 646 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1224 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 110 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 193 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 257 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site