සීගිරියේ ඇති වැදගත්කම හා එහි කතා පසුබිම නිර්මාණය කළේ කවරහුද යන්න ලොව පුරා විසිරී සිටින දැනුම් තේරුම් ඇති බොහෝදෙනා දනිති. ඒ වටිනාකම නිසාම අතීතයේ සිටම මෙම ස්ථානය ආරක්ෂා කරගනිමින් පැමිණ ඇත. ඒත් මෑත කාලයක සිට සීගිරිය පුරාවිද්‍යාත්මක හෝ අපේ ඉහළ තාක්ෂණික දැනුම ප‍්‍රදර්ශනය කෙරෙන ස්ථානයක් ලෙස නොව සංචාරක පාරාදීසයක් බවට පත්වී හමාරය. සියල්ලෝ සීගිරියෙන් බඩවියත රැකගැනීමට පමණක් සීමා කර හමාරය. දේශීය උරුමයට පසුගිය කාලයේ සිදුවන්නට ගිය විනාශයන් රැසක් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යය නිසා විශේෂයෙන් ඉරිදා ලංකාදීප පුවත්පත නිසා වැළකී ගිය අවස්ථා එමටය.
එම අවස්ථා පසුවට කියන්නට තබාගෙන වර්තමානයේ සිදුව ඇති අතිමහත් විනාශය ගැන අවධානය යොමුකරමු. මේ සඳහාම මධ්‍යම සංස්කෘතික අරමුදලට රුපියල් 50 ක් ගෙවා ඇතුළුවීමේ අවසර පත‍්‍රයක් ලබාගෙන අපි වර්තමාන තත්ත්වය සොයා බැලීමට තීන්දු කළෙමු. අපට තොරතුරු වාර්තාවී තිබූ ආකාරයට අප මුලින්ම ගියේ සීගිරි අප්සරාවන් සිටින ස්ථානය වෙතය. චිත‍්‍ර ගුහාවට ගිය අපට එහි සිටි පුරාවිද්‍යා නිලධාරීන් මහා හයියෙන් කෑකෝ ගසමින් සිටි අයුරු දැක ගැනීමට හැකිවිය. එම පිරිස කෑගසනු ලබන්නේ අධි විදුලි සැර සහිත එළි දල්වා ඡුායාරූප ලබානොගන්නා ලෙස කියමිනි. ඒ සමඟම පැමිණි දේශීය සංචාරකයකු අප ඉදිරියේදීම විදුලි ධාරා සහිතව අප්සරාවන්ගේ ඡුායාරූප ලබාගත්තේය. ඔහු හොඳටම බීමත්ව සිටි බව හැසිරීමෙන් පෙනෙන්නට තිබිණ. පසුව ආරක්ෂක නිලධාරීන් ඔහුට අවවාද කරනු දුටුවෙමු.
සීගිරි අප්සරාව ඇඳ ඇති බදාමවල පොතු ගැලවී ඇති බව ආරංචිය පිළිබඳව අපගේ අවධානය යොමු කළෙමු. එහි නිලධාරියකුගෙන් අප ඒ ගැන විමසීමේදී එම චිත‍්‍ර අපට පෙන්වීය. පෙරදා කළුතෙල් දමා විනාශකළ චිත‍්‍රවලින් ඉතිරිවූ එනම් කළුතෙල් ප‍්‍රහාරයට ලක්නොවූ චිත‍්‍රයක මේ තත්ත්වය වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවිණි. සීගිරියේ සිදුවන මිනිස් ක‍්‍රියාකාරකම් දැක අප්සරාවන්ගේ නෙත්වලින් කඳුළු වැටී සිය අඟ පසෙඟ් ඇති සායම් සේදී යන්නේද යන්න අපට එහිදී සැක සිතිණි.
මීට පෙරද මේ ආකාරයෙන් පාට වෙනස්වීමේ තර්ජනයක් එල්ල විය. එම පුවත අප ඉරිදා ලංකාදීපය හරහා රටට කීවෙමු. එම සිද්ධිය පුරාවිද්‍යා නිලධාරීන් යටපත් කැර දැමීමට උත්සාහ කළ අවස්ථාවේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා සීගිරියට පැමිණ සංරක්ෂණයට පියවර ගන්නැයි උපදෙස් දුන්නේය. ජනපතිවරයා ඉදිරියේ නිලධාරීන් කීවේ මාධ්‍යකරුවන් ව්‍යාජ පුවත් මවන බවයි. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එම කතාව ඉවතලා කීවේ මාධ්‍යවේදීන් නිසා තමන් සීගිරියට පැමිණි බවත් වහාම සිදුව ඇති දේට විදේශ රටකින් හෝ විශේෂඥයන් ගෙන්වා පිළියම් යොදන ලෙසයි.
වර්තමානයේ එම තත්ත්වය ඊට වඩා භයානකව පවතී. එනම් චිත‍්‍ර ඇඳ ඇති බදාමයේ පතුරු ගැලවීයාමයි. මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු විය යුතුය. පසුව අප පැමිණියේ සීගිරියේ හදවත බඳුවූ කුරුටු ගී ලියැවී ඇති කැටපත් පවුර දෙසටය. කැටපත් පවුරට ඉහළින් සීගිරි ගලේ සිටින වැහි ලිහිණියන්ගේ වසුරු වැටී කැටපත් පවුර විනාශවෙමින් පවතින දසුන අප අදද දුටුවෙමු. මීට වසර ගණනාවක සිටම මේ තත්ත්වය අප පෙන්වා දුන්නෙමු. එක එක කාලයට එන ඇමැතිවරුන් සීගිරි සංචාරය කර පවතින විනාශය වැළැක්වීමට වහා පියවර ගන්නා බවට ප‍්‍රවෘත්ති පමණක් පළකරගෙන මාධ්‍ය සංදර්ශන පමණක් පැවැත්වූහ. තවමත් කුරුළු වසුරු වැටීම වැළැක්වීමට පියවර ගැනීමට බලධාරීන්ට නොහැකිවී ඇත. එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියකු අප මාධ්‍ය කණ්ඩායමට ගොරවන්නට පටන්ගත්තේ මාධ්‍යවේදීන් එන පොට හොඳ නැති බව පවසමින් ඔවුන්ගේ රුව නොවැදෙන්නට ඡුායාරූප ගන්නා ලෙසට බල කරමිනි.
ඔවුන් විදේශීය සංචාරකයන්ගේ කැමරා ඉදිරියේ නළුවන්සේ පෙනී සිටී. එහෙත් සීගිරි කැටපත් පවුරට සිදුව ඇති විනාශය ඔවුන්ට එතරම් මායිම් නොවීය. ඔවුන් දේශපාලන රැුකියා පත්වීම් විනා පුරාවිද්‍යා පිළිබඳව ඇති අගයක් වටිනාකමක් දන්නවුන්දැයි කළ වාග් මාලාවෙන් අපට වැටහී ගියේය. ඔවුන් සමඟ අඩදබර වෙනවාට වඩා ලෝක උරුමය ආරක්ෂා කිරීමේ ජාතික වගකීමක් අපටද පැවරී ඇති නිසා අප ඉන් නික්මුනෙමු.
සීගිරි පර්වතය පාමුලට නැවත පැමිණි අපට දැකගැනීමට හැකිවූයේ ඉපැරණි ගල් බැමි මත වාඩිවීම ඇවිදීම තහනම් යන දැන්වීම් පුවරු තැන තැන සවිකොට ඇති ආකාරයයි. එහෙත් එම දැන්වීම් පුවරු නමට පමණක් සීමා වී මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ ගමන් කරන්නේ එම පුරාවිද්‍යාත්මක අගයක් ඇති අතීත ඉංජිනේරුවරුන් වර්තමානය මවිත කරන තරමට ඉදිකර ඇති බැමි මතයි.
එම අවස්ථා අවම කිරීමට උත්සාහ ගන්නා කිසිදු කෙනෙකු අප නොදුටුවෙමු. සීගිරිය භාරව ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලටයි. සීගිරි බිතු සිතුවම් හා කැටපත් පවුර භාරව ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. එහෙත් මෙහි කුමක් බැලූවත් මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් ගෙවිය යුතුය. එක් විදේශිකයකු සීගිරියට ඇතුළුවීම සඳහා රුපියල් 4000 ක මුදලක් ගෙවිය යුතුය. දේශීය සංචාරකයකු රුපියල් 50 ක මුදලක් ගෙවිය යුතුය. දිනක සීගිරියේ සාමාන්‍ය ආදායම රුපියල් ලක්ෂ 30 ක් පමණ වන බව එහි සේවකයෙකු අප සමග කීවේ ආපනශාලාවේදී ඔවුන් සමග තේ පානය කරන අතරතුරදීය.
”මහත්තයෝ මෙතන තියෙන දේවල් කිව්වොත් පත්තරයක් පිරෙන්න ලියන්න පුළුවන්. සල්ලි විතරයි අවශ්‍ය. බලයයි සල්ලියි තිබුණොත් ඕනෑ දෙයක් කරන්න පුළුවන්.” පසුගිය දවසක ඇමැති කෙනෙකුගේ පෞද්ගලික වැඩකට දර්ශන රූපගත කරන්න පාන්දර හතරටත් සීගිරි සිංහ පාදය ළඟට යන්න අවසර දුන්නා. මේකට ඇතුළුවීම උදේ හතට, වසා දැමීම හවස පහට. ඊට අමතරව කාටවත් යන්න බෑ. සමහර මිනිස්සුන්ට ?ට සීගිරි ගල උඩ රැුඳී ඉන්න ඕනෑ කියලා දොළදුක ඇතිවෙනවා. පසුගිය කාලේ ඒ දොළදුක් පවා මුදලට සංසිඳෙව්වා. ඕවා කියන්න ගියොත් වෙන්නේ අපේ රස්සා නැතිවෙලා ගෙදර ඉන්න වෙනඑකයි. එතකොට අපේ කටේ පස්, උන්ගේ කටේ බත්. ඕකයි වෙන්නේ..” එහි සිටි අයකු අප සමඟ දුක්බරව කීවේය.
පසුව අප ගියේ සීගිරි අභයභූමිය දෙසටය. ලද තොරතුරු අනුව අප අභයභූමියේ ස්ථාන කීපයකට ගිය විටදී දැකගැනීමට හැකිවූයේ වනජීවී කලාපයක් වුවත් ගස් කොළන් කපා දමා ඉඩම් ඇල්ලීමේ ජාවාරමයි. ඒ සඳහා රජයේ නිලධාරීන්ගේ උපරිම සහාය ලැබෙන බව කිවයුතුව ඇත. පසුගිය දිනක සීගිරි අභය භූමියේ නිධානයක් ලබාගැනීමට පැමිණි කණ්ඩායමක් දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නිලධාරියකුගේ සහයෝගය ඇතිව එය සිදුවන බවයි.
සංචාරක හෝටල් ව්‍යාපාරය ප‍්‍රදේශයේ වැඩිවශයෙන් දැකගත හැකිවී ඇති අතර අභයභූමි හෝ පුරාවිද්‍යාභූමි ගැන ඒ බොහෝදෙනෙකුට කිසිදු හැඟීමක් නැත. එහෙත් සීගිරියේ ජනතාවට වැසිකිළි වළක් හෝ හෑරීමට තහනම්ය. මීට පෙර සංචාරක හෝටලයක අලංකරණය සඳහා සීගිරි පව්වට මඳක් දුරින් පිහිටි ස්ථානයක පොළව යට තිබූ ගල්කණු ගල් පියන් රැුගෙනගොස් තිබිණි. ඒවාද මාධ්‍ය මගින් හෙළිකිරීමත් සමඟ පුරාවිද්‍යා නිලධාරීන් ඒවා හෝටල් ඉදිකිරීම් ස්ථානයටම ගොස් නැවත රැුගෙන ආහ. එහෙත් ඒවා ප‍්‍රවාහනය කළ අයට හා හෝටල් හිමියාට නීතිය ක‍්‍රියාත්මක නොකළ අතර ඉඩමේ අයිතිකරුට විරුද්ධව පියවර ගනු ලැබීය. ඉඩම් අයිතිකරුට සියලූ රැුකවරණය හෝටල් හිමියාගෙන් ලැබිණි.
කාශ්‍යප රජු කරවූ බවට ජනප‍්‍රවාදයේ සඳහන් ශ්‍රී ලංකාවේ නාමය ලොවපුරා ප‍්‍රචලිතවීමට විදෙස් ජනතාව මවිත කරවන්නට තරම් ඉදිකිරීම් තාක්ෂණයකින් සමන්විත සීගිරි රාජධානියේ වර්තමාන තත්්ත්වය මෙසේය. මේ පිළිබඳව අප මධ්‍යම සංස්කෘතික අරමුදල් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළෙමු.
”මේ කතා බොහෝදුරට ඇත්ත. සීගිරිය ආරක්ෂා කිරීම අපි සැමගේ වගකීමක්. අපි එයින් මගහැර යන්නේ නැහැ. ඉදිරියේදී සීගිරි කැටපත් පවුරට කුරුළු වසුරු වැටීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒවගේම නැරඹුම් ස්ථානය අඩි දෙකකින් පස්සට ගන්න තමයි සැළසුම. බිතුසිතුවම් නැරඹුම් ස්ථානයක් මීටර් 30 ක් පමණ පිටුපසට ගන්න අපි දැනට සාකච්ඡුා කරගෙන යනවා. යම් අනතුරක් වෙන්න කළින් මේවා හඳුනාගන්න අපට ක‍්‍රමවේදයක් නැහැ. ඒක බරපතළ ප‍්‍රශ්නයක්. ඒවගේම මෙහි පැමිණෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි ළඟදීම ආරම්භ කරනවා.”
අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා එසේ අප සමඟ කීවේය. ඒ මහතා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වූයේ මෑත කාලයේදීය. මීට පෙරද මෙවැනිම ප‍්‍රකාශ මාධ්‍යවේදීන්වූ අප මැති ඇමැතිවරුන්ගෙන්ද අසා ඇත්තෙමු. එහෙත් එය යථාර්ථයක් නොවීය. නව අධ්‍යක්ෂ ජනරාල්වරයාද විශ්වාස කැර අප ඒ දෙස හෙට උපදින පරපුර වෙනුවෙන් බලා සිටින්නෙමු.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීගිරි අප්සරාවන්ගේ පතුරු ගැලවෙයි
විපුල Friday, 17 July 2015 02:52 AM
අණ පිළිපදින්නේ නැති අයට දඩ ගාස්තුවක් නියම කරලා ඔය දැන්වීම් වලටම ඇතුළත් කරන්න. ඊට පස්සේ විශේෂ ස්ථානවල සීසීටීවී කැමරා දාලා, වැරදි කරන අයට ඒ අවස්ථාවේම දඩගසන්න (නි)
කුමාරි Saturday, 18 July 2015 06:50 AM
අපේ අතීතේ රජවරුන් වගලු දහදිය වලට පින්සිද්ද වෙන්න අප ඒවා රැකගැනීම අපේ යුතුකමකි.අපේ රටත් තාක්ෂනය දියුණු වෙන්න වෙන්න අපේ රටේ සියලු දේම විනාශ වෙන්නය් යන්නේ,සීගිරි යන දෙස් විදෙස් සංචාරකයෝත් ඒවා විනාශ කරලනේ එන්නේ එකය් මේ තත්වෙට සීගිරිය පෙලබිලා තියෙන්නේ. (අ)
හර්ෂ Friday, 17 July 2015 04:58 AM
අපේ රජවරුන්ටයි, බුදුදහමටයි පින්සිද්දවෙන්ට මේ වගේ නටඹුන් සහ පන්සල් ටික ඉතුරුවෙලා තියෙනවා. එ් ටිකවත් රැකගමු. මොකද වෙන රටවල් වගේ තාක්ෂණයෙන් දියුනුයී කියන්ඩද ? ඔක්කොම පිටරටින් (නදී)
අසංක Thursday, 16 July 2015 10:06 AM
ලංකාවේ ඔක්කොටම වැහිලා තියන්නේ ඡන්ද පිස්සුව එක නිසා ඕව පෙනෙන්නේ නැහැ (අ)
බකීත් Monday, 20 July 2015 07:34 AM
සිගිරිය අපේ රටේ කිර්තිය.එය රැකගන්න විශේෂයෙන් අපේ රජයන් ලොකු අවදානයකින් කටයුතු කරන්න ඕනේ.එහි වගකීම සියලු බලධාරින් ගන්න ඕනේ.මේවාගේ තියෙන වටිනාකම මෙම අය දන්නවද කියලත් වෙලාවකට හිතෙනවා වැඩ කරන ආකාරය දුටුවම.(ම)