IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සැගවුණු අමුත්තෝ

සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි. මේ දිවිමකුළුවා තමන්ගේ ශරීර වර්ණයට ගැලපෙන ස්ථානයක් සැගැවීම සොයාගෙන තිබේ මැඩගස්කර් දූපත්වල සිටින මේ උරගයන් විශේෂය මුහුදු වෙරළ ආසන්න ගල්පරමත ජීවත් වෙයි. ඔවුන්ගේ ශරීර වර්ණය එහි ගල්පරවල වර්ණයට බොහෝ සෙයින් සමානය වනාන්තරයේ සැරිසරන විට හොඳින් පෙනෙන් ජිරාෆයන් අතරින් මේ ජිරාෆයා සැගැවී සිටින්නේ අපූරු ආකාරයකිනි බස්සන් තම පැටවනු බිහිකිරීම සඳහා තෝරාගන්නේ තම ශරීරවර්ණයට ගැලපෙන කඳන් සහිත ගස් බෙන බව මෙයින් පැහැදිලි වේ. මෙම අත්ත මත හූනකු සිටින බව හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ. මේ කුඩා කෘමියා තම වර්ණයට සුදුසු කඳක්මත වසා සිටින විට හඳුනාගැනීම අපහසුය මේ කටුසු විශේෂය පරිසරයට සුදුසු ලෙස වර්ණය වෙනස් කැරගෙන ඇත. කොළ රොඩු අතර සිටින සර්පයා පහසුවෙන් දර්ශනය වන්නේ නැත. පේර කොල අතර සිටින පේර කොළයා සත්ත්වයකු ද යන්න ගැටළුවක් වන තරමටම අනුවර්තනය වී තිබේ. කොළ රොඩු අතර සිටින සළඹයා හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ මේ දළඹු විශේෂය තමන්ට පෝෂණය සපයන ශාක පත‍්‍රයට ගැලපෙන ආකාරයටම අනුවර්ථනය වී තිබේ ගල් පර අතර සිටින මේ හූණා සහ පාෂාණ මතුපිට වෙන්කැර ගැනීම අපහසු කාර්යයකි තම පරිසරයේ බහුලව හමුවන ශාක පත‍්‍ර විශේෂයක ඇති දම්පැහැය මේ ගෙම්බාගේ ආරක්ෂාවට මහෝපකාරීවෙයි. දිරාගිය කොළයත් මේ සතාත් වෙනකැර හඳුනාගැනීම අපහසු කාර්යයකි. මෙම කඳෙහි ගස්ගෙම්බකු සිටින බව හඳුනාගැනීම අතිශය අසීරුය මේ සත්ත්වයාගේ ශරීරය සැකසී ඇත්තේ දිරාගිය කොළයක හැඩයට බැවින් ඔවුන් දිරාගිය පත‍්‍ර ඇති ගස් වඩාත් පි‍්‍රයකරයි. බිම වැටුණු දිරාගිය ශාකපත‍්‍රයක් නොව වන්දෙකි සර්පයෙක් සැගවී සිටින අයුරු මේ බස්සන් දෙදෙනා තම ශරීරයට ගැලපෙන ගසක් තෝරාගෙන විවේකයෙන් සිටින ආකාරය කුඩා කෘමියෙක් පරිසරයට උචිත ලෙස හැඩගැසී ඇති ආකාරය දිරාගිය කොළ අතර එක් කෘමියෙක් සිටියි මෙම පෘෂ්ඨයේ වසා සිටින සලබයා පරිසරයෙන් මනාව ආරක්ෂාකරීවේ ගසේ කඳේ පැහැයටම සිටින සලබයා මේ කුඩා සත්ත්වයා ද වඩාත් පි‍්‍රය කරන්නේ තම වර්ණයෙන්ම යුතු ශාක කඳන් මත ජීවත්වීමටයි. මේ කුරුළු ජෝඩුව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ශාක අතු දෙකක් මෙනි දිරාගිය පත‍්‍රයක් නොව සතෙකි.



අදහස් (0)

සැගවුණු අමුත්තෝ

අසිත Tuesday, 24 January 2012 06:04 PM

මේ වගේ සොයාගැනීම් ඇත්තටම අගය කරනවා! පරිසරය විනාශ කරන මිනිසුනේ ඇස් ඇර බලන්න අප ජීවත් වෙන පරිසරය තුල තියෙන සුන්දරත්වය.

:       0       0

කපිල Saturday, 28 January 2012 08:59 AM

මනුස්සයෝ අතර ඉන්න තිරිසන්නුත් මේ වගේ තමයි හඳුනාගන්න බෑ

:       0       0

සුරවීර Wednesday, 25 January 2012 09:32 AM

මේ වාගේ දුර්ලභ දසුන් තව තවත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා.

:       0       0

ලක්මාලි Wednesday, 17 April 2013 03:31 PM

ඔබගේ මහන්සිය අගය කොට සලකමි. (නි)

:       0       0

ජයී Wednesday, 25 January 2012 07:55 PM

ලස්සන පිංතූර වලින් පෙන්වන මේ සතුන්ගේ හැකියාවන් පරිනාම වාදය සනාථ කරන වැදගත් කරුණු ලෙසද සඳහන් කළ හැකිය.

:       0       0

සුදත් Wednesday, 25 January 2012 11:15 PM

අති විශිෂ්ඨයි!!!

:       0       0

චමිල සුජාන්ත Thursday, 26 January 2012 09:58 AM

අනර්ඝයි

:       0       0

ලක්මාලි Thursday, 26 January 2012 09:59 AM

ඇත්තටම හරිම ලස්සනයි.

:       0       0

හේමන්ත Tuesday, 24 January 2012 10:54 AM

හරිම ලස්සනයි. හුගක් මහන්සිවෙලා ගත්ත සමීප ඡායාරූප

:       0       0

දමිත් චතුරංග Friday, 27 January 2012 08:03 PM

අගය කළ යුතු විශේෂාංගයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1054 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4547 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 411 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1679 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site