IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


සංචාරක අනතුරු හැඟවීම ලිහිල් කිරීමේ වාසිය නෙළාගනිමු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් කම්පනයෙන් ප්‍රකම්පනයට පත්ව සිටි අපේ සංචාරක ව්‍යාපාරයට යාන්තමින් සැනසුම් සුසුමක් හෙළිය හැකි තොරතුරක් පසුගියදා රටට ලැබුණේය. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට එරෙහිව රතු එළිය දල්වා තිබූ ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් එම අනතුරු ඇඟවීම කහ එළිය දක්වා අඩුකර තිබීම එම තොරතුර විය. කොළ එළිය දැල්වීමට පෙර එනම් අනතුරු ඇඟවීම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙර සූදානමකි. අනතුරු ඇඟවීම ලිහිල් කළ රටවල් අතර චීනය, ඉන්දියාව, ජර්මනිය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය වෙයි. ඊට අලුතින්ම එකතු වූයේ ශ්‍රී ලංකාවට එන සංචාරකයන් අතුරින් තුනෙන් එකකට වගකියන මහා බි්‍රතාන්‍යයයි. එය පණ අදිමින් තිබූ මෙරට සංචාරක ව්‍යාපාරයට යළි ප්‍රාණය ලබාදෙන ප්‍රබල එන්නතක් බවට කතා දෙකක් නැත.

විදෙස් රටවලට සංචාරය සඳහා යන තම වැසියන්ට එරෙහිව පනවා ඇති තහනම බලවත් රටවල් මගින් ලිහිල් කිරීම සෙසු රටවලද අවධානයට යොමුවීම බලාපොරොත්තු විය යුතුය. එය එම රටවල්වලින් ද ශ්‍රී ලංකාවට සංචාරකයන් එවීමට බලවත් උත්තේජනයක් ලබාදීමකි. සියල්ල යහපත් අයුරින් සිදුවුවහොත් මීළඟ සංචාරක වාරය එළඹෙන අවස්ථාව වනවිට අඩුම තරමින් දැනට අපේක්ෂිත මට්ටමට වඩා සියයට 20කින් හෝ ඉහළ යාමක් කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිය. එම බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්කර ගැනීමේ වගකීම මේ රටේ සෑම පුරවැසියකුටම පැවැරෙන බවත් මෙහිදී අමතක නොකළ යුතුය. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම මේ රටේ දරු පවුල් ලක්ෂ ගණනාවකගේ බඩ කට පුරවන කර්මාන්තයක් වීම ඊට හේතුවය. 

මහා බි්‍රතාන්‍යය මුලින්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන තම රටවැසියන්ට කියා තිබුණේ අත්‍යවශ්‍යම කාරණයකට හැර ශ්‍රී ලංකාවට නොයන ලෙසටය. පසුගිය සතියේ එම තහනම ලිහිල් කරමින් ප්‍රකාශ කර තිබුණේ අත්‍යවශ්‍ය නොවන කාරණාවලට වුවද දැන් බි්‍රතාන්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකි බවය. එසේම කිසිදු සංචාරක ගමනාන්තයක් සියයට සියයක්ම ආරක්ෂිත බවට සහතිකයක් දිය නොහැකි බවත් ත්‍රස්ත ප්‍රහාරවලට ඉදිරියේදීත් ඉඩකඩ තිබෙන බව සිහියේ තබාගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතු බවත් බි්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශයේ සඳහන් වී තිබිණි. මේ කාරණා ශ්‍රී ලංකාවේ සියලු_ ජනකොටස් නියෝජනය කර සෑම වැසියකු විසින්ම තදින්ම අවධානයට ගැනීම අවශ්‍යය. ආවේගශීලීව කටයුතු කරමින් මෝඩයන් සේ හැසිරීම රටේ සියලුම ජනතාව අමාරුවේ දැමීමක් බව සියලු_ දෙනා වටහාගත යුතුය.

සංචාරක ව්‍යාපාරයෙන් මේ වසර තුළදී ලැබිය හැකි ආදායම වශයෙන් ගණන් බලා තිබුණේ ඩොලර් බිලියන 3කි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමඟ සසඳන කළ මෙය විශාල ආදායමකි. විදේශ විනිමය උල්පතකි. මේ ආදායම පාස්කු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඩොලර් බිලියන 1.5ක් තරමට හෝ ඊටත් වඩා පහළ බසිනු ඇතැයිද ගණන් බලා තිබිණි. එහෙත් රටේ ආරක්ෂක තත්ත්වය හැකි ඉක්මනින් ආසන්න යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබීමෙන් මේ තත්ත්වය වෙනස් කරගැනීමට අවස්ථාව පෑදෙමින් තිබේ. එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සංචාරක කර්මාන්තයේ සියලු_ පාර්ශ්වවලට හැකියාව ලැබුණොත් එය රටට විශාල යහපතක් වනු ඇත.

සංචාරක ව්‍යාපාරයේ තත්ත්වය හරිහැටි නඩත්තු කරගැනීම ද මෙහිදී අවශ්‍යම කාරණාවකි. මෙරටට පැමිණෙන සංචාරකයන් සිනහවෙන් පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන් ආපසු යනවිට සොඳුරු සිහිවටනවලින් පිරි අමරණීය සංචාරයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ගමන සිත්හි රැඳී තිබේ නම් එය අපේ රට ගැන එතෙරට යන හොඳම “ඇඞ්” එක වනු ඇත. එය සිදුවන්නේ සතයකුදු වැය කිරීමකින් තොරව වීම එහි ඇති වැදගත්ම සාධකයයි. මේ වගකීම හරිහැටි ඉටුකිරීම ජනතාවගේ කාර්යභාරයකි. 

ශ්‍රී ලංකාවට පැමිණීමේ තහනම ලිහිල් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා අවශ්‍ය සියලු_ පහසුකම් කිසිදු බාධාවකින් තොරව සපයා දීම ආණ්ඩුවේ වගකීම වෙයි. සංචාරක කටයුතු මෙහෙයවීම සඳහා මණ්ඩල ගණනාවක් පිහිටුවීම හෝ කමිටු පත්කිරීම හෝ වැඩක් නැත. ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමැති කිහිප දෙනකුට මේ කාර්යය ඉටුකිරීමට හැකියාව තිබේ. දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කටයුතු කිරීම සඳහා නිලධාරීන්ට සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ඉඩ සලස්වා දීම මෙහිදී වැදගත් වෙයි. ඩොලර් මිලියන ගණන් වැයවන ප්‍රවර්ධන කාර්ය අවශ්‍ය නැතැයි අපි නොකියමු. එහෙත් සංචාරකයන් තෘප්තිමත් වන ආකාරයට සියලු කටයුතු සිදුවෙයි නම් ඔවුන් තමන්ගේ රටවලට ආපසු ගෙන යන පණිවුඩය මුදල් වැය කෙරෙන මහා විශාල ප්‍රවර්ධන ව්‍යාපාරවලට වඩා වටිනා බව පෙන්වා දීමට කැමැත්තෙමු.

සංචාරක කර්මාන්තයට ආණ්ඩුව මගින් සහන ලබාදීමට ද ක්‍රියාකර තිබේ. එය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින එම කර්මාන්තයට විශාල සහනයක් බව ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. තම සංගමය රජයෙන් ඉල්ලා සිටි සහන සියල්ලම ලැබුණු බවද ඒ මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. රජයෙන් ලබාදී ඇති සහන සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීමට විශාල පිටුබලයක් වනු ඇතැයි අපිද බලාපොරොත්තු වෙමු. එහෙත් අප මීට ප්‍රථමයෙන්ද ප්‍රකාශ කළ පරිදි සහන ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. හැකි හැම පියවරක්ම ගෙන මෙතැනින් ඉදිරියට යා යුතු වෙමු. ඒ සඳහා මහාබි්‍රතාන්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් විසින් සිදුකරන ලද සංචාරක අනතුරු ඇඟවීම් ලිහිල් කිරීම ආශිර්වාදයක් බවට පෙරළා ගැනීමට ක්‍රියාකරමු.

 



අදහස් (3)

සංචාරක අනතුරු හැඟවීම ලිහිල් කිරීමේ වාසිය නෙළාගනිමු

de silva Wednesday, 12 June 2019 10:09 PM

සංචාරක ඇමතිතුමා දැනට මාස තුනකට විතර පෙර ප්‍රකාශ කලා, යුරෝපයෙන් එන සංචාරකයන්ට පෙර පැවතී ක්‍රමයටම ගුවන්තොටුපලේදී නොමිලේ වීසා නිකුත් කරනවා කියලා, කෝ තවම ඒක සිදු වෙලා නැහැනේ? සංචාරක ව්‍යාපාරේ වැටිලා තිබෙන වෙලාවේ කරුණාකර රජය බොරු පොරොන්දු දෙමින් ඉන්නේ නැතිව මොකක් හරි කරන්න

:       1       19

kujitha Saturday, 15 June 2019 09:43 AM

ගුවන් තොටුපළෙන් එනකොට ඉන්න කාක්කන් ටික අයින් කරලා ඉන්න ඔක්කොටම ඉස්සෙල්ලා...

:       0       28

de silva Monday, 17 June 2019 08:54 AM

ගුවන්තොටුපලේ ඉන්න කාක්කන්ගෙන් වැඩි හරියක් මෙයාට කඩේ යන මෙයාගේ ගෝලයෝ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 94 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 68 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 504 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 250 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 140 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 183 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 427 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 921 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site