ලංකා සංචාරක මණ්ඩලයේ මූලිකත්වයෙන් සකස් කෙරෙන නව සංචාරක පනත සම්බන්ධයෙන් මත භේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙන බව සංචාරක උපදේශක සභාව පසුගිය දා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී සඳහන් වීය. ඇත්ත වශයෙන්ම එම මාධ්‍ය හමුව පැවැත්වීමට පදනම වී තිබුණේ අදාළ පනතට සංචාරක ක්ෂේත්‍රයේ සියලු ප්‍රධාන සංගම්වල විරෝධය ප්‍රකාශ කිරීම සඳහාමය. එසේ තම දැඩි විරෝධය ප්‍රකාශ කළ එම උපදේශක සභාව සඳහන් කරන්නේ සියලු දෙනාගේම සහාය ලබාගෙන සකස් කෙරෙන නව සංචාරක පනතකට තමන් සහයෝගය දක්වන බවය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන තුරු මේ රටේ සංචාරක ව්‍යාපාරය රටට වැඩිම ඩොලර් ආදායමක් උපයා දුන් මාර්ගයක් වී තිබිණි. ප්‍රහාරයෙන් පසුව කෙටි කලකින්ම යළිත් රටේ සංචාරක ව්‍යාපාරය පණ ගසා ඉදිරියටම පැමිණි අතර කොවිඩ් වසංගතය ලොව ගිල ගැනීමට පෙර වසරක දී ඩොලර් බිලියන 5ත් 6ත් අතර ආදායමක් රටට එයින් හිමිවිය. මේ ඩොලර් උල්පත යළිත් සිඳී යා නොදී රැක ගැනීමත් පෝෂණය කිරීමත් රජයේ ප්‍රමුඛතාව විය යුතුය. සංචාරක කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඒ වෙනුවෙන් ලබා ගැනීම ද රජයේ වගකීමකි. ඔවුන් මගහැර සීමිත පිරිසකගේ වුවමනා එපාකම් සපුරාදීම වෙනුවෙන් කිසිදු පනතක් සම්මත කර ගැනීමෙන් වැළකීම අවශ්‍ය වන්නේ එබැවිනි.
සංචාරක උපදේශක සභාවේ චෝදනාව වන්නේ අදාළ පනත සකස් කිරීමේ දී සංචාරක මණ්ඩලයේ සභාපතිනිය කර්මාන්තයේ නියුතු පිරිස මගහරිමින් අත්තනෝමතිකව කටයුතු කරන බවය. මේ තත්ත්වය නිවැරැදි මාවතට යොමුකර ගැනීම සඳහා සංචාරක අමාත්‍යවරයාට මැදිහත් වන්නැයි ඔවුන් ඉල්ලීමක් ද කර තිබිණි. ශ්‍රී ලංකාවට වැඩිම ඩොලර් ආදායමක් උපයා දෙන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මිස කර්මාන්තයේ රැඳී සිටින කර්මාන්තකරුවන් අපහසුතාවට පත් නොකළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.
සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා නව පනතක් අවශ්‍ය යැයි රජය තීන්දු කරන්නේ නම් එය කළ යුත්තේ සංචාරක ව්‍යාපාරයේ මේ වනවිට ඉදිරියෙන්ම සිටින ව්‍යාපාරිකයන්ගේ සහාය ද ලබා ගනිමින් මිස ඔවුන් අපහසුතාවට පත් කරමින් නොවේ. ඔවුන්ගෙන් ලබාගන්නා යෝජනා විසිකර දමා සංචාරක මණ්ඩලයේ සභාපතිනියගේ තනි කැමැත්තට තෝරාගත් පිරිසක් සමඟ සකස් කරන පනතක් ඵලදායී වන්නේ නැත. මොනම කර්මාන්තයකට වුවද මෙය අදාළය. එවැනි පනතකට සංචාරක සේවා සපයන ප්‍රධාන සමාගම් විරුද්ධ වීම බලාපොරොත්තු විය යුතුය.
දැනට රට පවතින්නේ පනතක් සම්බන්ධයෙන් කඹ ඇදිය හැකි තත්ත්වයක නොවන බව සියලුදෙනා අවබෝධ කර ගැනීම අවශ්‍යය. රටට ඩොලර් උපයන ප්‍රධානම ආදායම් මාර්ගයක් සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකිරීමට කාලයක් නැත. රටට වැඩියෙන්ම අවශ්‍ය ඩොලර් රට තුළට ගලා ඒම වඩාත් පහසුකරන වැඩපිළිවෙළක් අවශ්‍යව තිබිය දී ඒ සඳහා අවධානය යොමු නොකර, එයට ප්‍රමුඛත්වය ලබා නොදී කුමන පියවරක් ගත්තත් පලක් නැති බව පෙන්වා දිය යුතුය.
මේ රටේ සංචාරක ක්ෂේත්‍රය මුළුමනින්ම රැඳී ඇත්තේ පෞද්ගලික අංශය තුළය. රජයෙන් සිදුවන්නේ නියාමන කාර්යයකි. සංචාරකයන් සඳහා යටිතල පහසුකම් සැපයීමේ දී රාජ්‍ය මට්ටමෙන් සිදුවිය යුතු කාර්යභාරයක් ද තිබේ. එසේ වුවද කර්මාන්තය සම්පූර්ණයෙන් පාලනය කෙරෙන්නේ පෞද්ගලික අංශය මගිනි. එහෙත් සංචාරකයන් සඳහා අවශ්‍ය ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම ඔවුන්ට පමණක් කළ නොහැක. මේ දිනවල පවතින විදුලිය කප්පාදුව හේතුවෙන් පැය කිහිපයක් බලශක්තිය සපයාගත යුත්තේ ජෙනරේටර්වලිනි. මහා පරිමාණ හෝටල්වලට ජෙනරේටර් භාවිතය ගැටලුවක් විය නොහැකි වුවද සුළු පරිමාණ සංචාරක හෝටල්වලට එය බරපතළ ගැටලුවකි. සංචාරක අමාත්‍යාංශයේත් සංචාරක මණ්ඩලයේත් ප්‍රමුඛතාව මේ අවස්ථාවේ දී ලැබිය යුත්තේ එම ගැටලු විසඳා ගැනීම සඳහා මිස පනතක් හරස් කර ගනිමින් සංචාරක කර්මාන්තකරුවන් අධෛර්යයට පත් කිරීම සඳහා නොවේ. ඔවුන් ඉවත්කර කර්මාන්තය රැකගන්නට කතා කිරීමේ පාඩුව රටටමය.
සංචාරක කර්මාන්තය තවමත් පවතින්නේ සතුටුදායක මට්ටමකින් නොවේ. කොවිඩ් වසංගතයෙන් පසුව යළිත් සංචාරකයන්ගේ ඇස ශ්‍රී ලංකාව දෙසට යොමුවීමට වැඩි කලක් ගියේ නැත. එහෙත් කොවිඩ් හේතුවෙන් ඒ ඒ රටවල කොටු වී සිටි සංචාරකයන් ශ්‍රී ලංකාව තමන්ගේ ගමනාන්තයක් ලෙස තෝරා ගත්තත් එහි වාසිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව තුළ නිසි සැලැස්මක් නොවූ බව නව පනතකට කුඩ මිටි හරස් කර ගැනීමෙන් පෙනී යයි. දැන් රටට පැමිණෙන සංචාරකයන් දකින්නේ පෝලිම්ය. ඔවුන්ට නිදහසේ ගමන් බිමන් යාමට ඉන්ධන නැත. රාත්‍රී කාලයේ පැය කිහිපයක් රට අඳුරේය. මේ කිසිවක් සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට හේතුවන්නේ නැත.
එවැනි තත්ත්වයක් පවතිද්දී නව පනතක් වෙනුවෙන් සංචාරක මණ්ඩලයත් කර්මාන්තකරුවනුත් අතර මතගැටුම් හට ගැනීම තත්ත්වය තවත් නරක අතට හරවන බවත් පෙන්වා දිය යුතුය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරක ව්‍යාපාරය නංවනු: බාල්දි පෙරළන වැඩ එපා