IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සජිත්ගෙන් අලුත් ගමනක්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලුත් දේශපාලන පියවරක් ගත්තේය. නව දේශපාලන පක්ෂයක් පිහිටුවා එහි නායකත්වයට පත්වී මහා මැතිවරණයට මුහුණදීමට සජිත් සහ ඔහුගේ කණ්ඩායම මේ වනවිට ලහි ලහියේ වැඩ කරමින් සිටිති.

මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් ජනවාරි මස 14 වැනිදින නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂය ලැයිස්තුගත කර ඇත්තේ හතරවැනි ස්ථානයටය. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති ආචාර්ය සේනක ද සිල්වාය. ඔහු කලක් සරත් ෆොන්සේකාගේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. පක්ෂයේ ලේකම්වරයා වන්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක වන ඩයනා ගමගේය. මොවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ හිතවාදීහුය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීම සඳහා සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමට ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සිදුවූයේය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එහි නායකයාට අසීමිත බලයක් හිමිවී තිබේ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයට වසරින් වසර සාමාජිකයින් පත් කිරීමේ බලය නායකයාට පවරා තිබේ. නායකත්ව අර්බුදයේදී සජිත් කණ්ඩායම එළියේදී බලවත් වුවද ඔවුන්ගේ හඬ ප්‍රබල වුවද කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම්වලදී ඔවුන්ගේ හඬ සුළුතරය බවට පත්වෙයි. එම නිසා පක්ෂ නායකත්වය නිත්‍යානුකූලව වෙනස් කිරීමේ හැකියාවක් සජිත් කණ්ඩායමට නොමැත.

අවසානයේ ඔවුහු අන්තිම තුරුම්පුව ලෙස වෙනත් පක්ෂයක් හදා ගත්හ. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ නම වෙනස් කිරීම මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට අපේ ජාතික පෙරමුණ නමින් පක්ෂයක් මැතිවරණ කොමිසමේ පක්ෂ නාම ලේඛනයේ නැත. තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නමැති පක්ෂයයි. අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නම වෙනස් කළද එහි පක්ෂ ලාංඡනය වෙනස් කිරීම මැතිවරණ කොමිසම පිළිගත්තේ නැත. ‘ලියාපදිංචි පක්ෂයක ලාංඡනය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා පක්ෂයේ මහා සභා රැස්වීමකදී තීන්දුවක් ගෙන නාමලේඛන ආදිය සමග මැතිවරණ කොමිෂන් සභාවට එවන්න ඕනේ. ඊට පස්සෙ කොමිසම සලකා බලනවා. එහෙත් පක්ෂයක ලාංඡනයක් වෙනස් කරන්නේ ඡන්දයක් ප්‍රකාශයට පත්කළ පසුවයි. ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂය ඉල්ලා සිටින හදවත ලාංඡනය ලබාදීම ගැන සලකා බැලිය යුත්තේ මහා මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසුවයි.’ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව  තිබේ. එජාපය පත්ව ඇත්තේ ‘මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී’ වැනි තත්ත්වයකටය. ‘සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායකයා. ඔහු දැන් තවත් පක්ෂයක සභාපතිවරයා. එජාප ව්‍යවස්ථාවට අනුව සාමාජිකයකුට වෙනත් පක්ෂයකට යන්න බැහැ. එහෙම ගියොත් පක්ෂයෙන් නෙරපන්න පුළුවන්. පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න වුණත් පුළුවන්. පක්ෂ සාමාජිකත්වය තහනම් කළහොත් මන්ත්‍රීධුරයත් අහිමි වෙනවා.’ යැයි එජාපයේ ප්‍රබලයෙක් කියන්නේය.

මේ අතර ඊට පිළිතුරු ලබාදෙමින් සජිත් කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේ වෙනත් කතාවකි. ‘සජිත් විතරක් නෙවෙයි රනිලුත් අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිධුරය අරගෙන තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මස 23 වැනි දින අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණා. ඒකෙදි සභාපති ලෙස රනිල් පත් කර ගත්තා. ලේකම් ධුරය ගත්තේ රාජිත සේනාරත්න. අද සජිත් වරදක් කරලා තියෙනවා නම් ඊට පෙර ඒ වරද රනිල් කළා.’ යැයි එම මන්ත්‍රීවරයා කියයි.’ ඉකුත් ජනාධිපතිවරණ සමයේදී තරග කිරීම පිළිබඳව එජාපයට විවිධ ගැටලු මතු වුණා. පසුව ඒක අර්බුදයක් දක්වා දුරදිග ගියා. ඒ නිසා පෙර සූදානමක් ලෙස අපේ ජාතික පෙරමුණ පක්ෂය සූදානම් කරගෙන තිබුණා’ යැයිද සජිත් කණ්ඩායමේ නායකයෝ ප්‍රකාශ කරති.

මේ අතර සමගි ජන බලවේගය නමැති දේශපාලන පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වැඩිබලතල ඇත්තේ මධ්‍යම කාරක සභාවටය. මධ්‍යම කාරක සභාවට අවසන් තීන්දු තීරණ ගත හැකිය. ඊට අමතරව එම පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ වෙනත් පක්ෂයක සාමාජිකයකුට සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ගත නොහැකි බවය. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සජිත් පිලේ නායකයින්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් ලෙස තවමත් සිටියදී නව පක්ෂයේ තනතුරු දරන්නේ කෙසේද කියාය. එවිට එම පක්ෂයේ ක්‍රියාකාරීන් කරුණු පැහැදිලි කර ඇත්තේ ‘අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට අවසන් තීන්දු තීරණ ගන්න පුළුවන්. ඒ අනුව මධ්‍යම කාරක සභාව පසුව තීන්දුවක් දෙනතුරු සජිත් සහ මද්දුම බණ්ඩාර එම තනතුරුවල තැබීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බවය. ඒ අනුව එම තර්කය හා පැහැදිලි කිරීමද මැතිවරණ කොමිෂන් සභාව පිළිගත්තේය.

මේ අතර සමගි ජන බලවේගය පක්ෂය ඉංග්‍රීසි භාෂාවෙන් ලියූවිට ‘යුනයිටඩ් නැෂනල් පවර්’ ලෙස කියවෙන බවද එය කෙටිකර ලියූ පසුව ‘යූඑන්පී’ ලෙස කියවෙන බවත් එම නිසා සමගි ජන බලවේගය පක්ෂය ලියාපදිංචි කිරීම අත්හිටුවන ලෙසත් එජාපය මැතිවරණ කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. එහෙත් එම ඉල්ලීම ලැබෙන විට කොමිසම අවසන් තීරණයක් ගෙන තිබිණ. එහෙත් දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ අලුත් පක්ෂයේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන විට එය ඉංග්‍රීසියට පරිවර්තනය නොකොට ඉංග්‍රීසි අකුරින්  ‘සමගි ජන බලවේගය’ යනුවෙන්ම සඳහන් කළහොත් ගැටලුව නිමාවට පත්වන බවය.

මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70 කි. ඒ අතරින් දේශපාලන පක්ෂ 64ක් සක්‍රීයව කටයුතු කරන අතර තවත් දේශපාලන පක්ෂ හයක් අර්බුදවල පැටලවී සිටියි. අංගිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලිබරල් පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ යන දේශපාලන පක්ෂ අර්බුදවල පැටලී ඇති අතර ඒවායේ ලේකම්වරුන් පිළිබඳව ගැටලු තිබෙන බවත් ඇතැම් කණ්ඩායම් පක්ෂයෙන් ඉවත්ව එම නාමයම භාවිත කරමින් ස්වාධීනව කටයුතු කරන බවටත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව එම පක්ෂ හය ගැන තීන්දුවක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා වියත්මඟ සංවිධානය අතර පැවැති නාමයෝජනා ගැටලුව තව තවත් දුරදිග ගොස් තිබේ. වියත්මඟ සංවිධානය මුල සිටම එහි සාමාජිකයින් සිය දෙනෙකුට නාමයෝජනා ඉල්ලූ අතර බැසිල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ නායකයින් එය ප්‍රතික්ෂේප කර තිබේ. බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ සෑම දිස්ත්‍රික්කයකටම එක් අයෙකුට වන සේ වියත්මඟ සාමාජිකයින්ට නාම යෝජනා ලබාදිය හැකි බවය. එහෙත් එම තීන්දුවට වියත්මඟ සංවිධායකයෝ නොසතුට පළ කරති. මේ අතර වියත්මඟ සංවිධානයට සහාය දැක්වූ උගතුන් පිරිසක් එක්වී නව වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. ඔවුහු දේශපාලන පක්ෂයකින් මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් වෙති. පක්ෂයේ නම සිංහලදීප ජාතික පෙරමුණය.

එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරන්නේ ආචාර්ය බුද්ධික අදිකාරිය. ඔහු සඳහන් කරන්නේ ‘අවුරුදු 43කට පෙර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට හයෙන් පහක බලයක් ලැබුණා. ඒ වගේම මේ පාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද හැට නව ලක්ෂයක් ලැබුණා. එහෙත් ඒ මත සියලු පක්ෂවලට නාමයෝජනා දීමේ ගැටලු මතු වෙලා. ඇත්තටම උගත් බුද්ධිමතුන් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. අපට පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලැබෙන්නෙ නැත්නම් අපි සිංහලදීප ජාතික පෙරමුණ යටතේ තරග කරනවා. මම හිතන්නේ අපට ඡන්ද ලක්ෂ 10ක් තිබෙනවා. කොළඹින් අපට මන්ත්‍රී ආසන කීපයක් ගන්න බාධාවක් නැහැ. මීට අමතරව අපි කොළඹින් පිටත දිස්ත්‍රික්ක කීපයකටත් තරග කරනවා. රටට ආදරය කරන උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ කියලා හිතන පතන මිනිස්සු කොටසක් ඉන්නවා. අපි ඉලක්ක කරන්නේ අන්න ඒ ඡන්ද දායකයින් පිරිස’ යැයිද බුද්ධික අදිකාරී කියයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඉකුත් සඳුදා සිරිකොතදී පැවැත්විණ. එහිදී බොහෝ වාද විවාද මත ගැටුම් පැවැති අතර මහඡන්දයට තරග කළ යුතු ලාංඡනය සම්බන්ධයෙන් වන ගැටලුව දුරදිග ගියේය. කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සුනිල් සිල්වා නැගිට යෝජනාවක් කළේය. ‘මහ මැතිවරණයට අපි තරග කරන්න ඕනේ අලියා ලකුණින්. මේ රටේ මිනිස්සු දන්නේ අලියා. ඒක වැදගත් ලකුණක්’ යැයි සුනිල් සිල්වා යෝජනා කරද්දී ඊට සජිත් හිතවාදීහු විරෝධය පළ කළහ. එහිදී ජෝන් අමරතුංග සඳහන් කළේ ‘රනිල් වික්‍රමසිංහ මැතිතුමයි මමයි සමකාලීනයෝ. අපි දෙන්නම එකම කාලයේ තමයි පාර්ලිමේන්තුවට ආවේ. අලියා ලකුණ තමයි ගමේ ගොඩේ කවුරුත් දන්නේ’ යැයි ජෝන් කී කතාවට රංගෙ බණ්ඩාර ඇතුළු කීප දෙනෙක්ම අගුල්පත් තැබූහ. එහෙත් සජිත් පාර්ශ්වයේ හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ඊට විරෝධය දැක්වූහ. ‘අපි අලියගෙන් ඉල්ලනවා නම් මොකටද සන්ධානයක් හැදුවේ.’ හරීන් ප්‍රශ්න කළේය.

‘හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක පරාදයි කියමින් ෆේස්බුක්වල මඩ ගහනවා. එක්සත් ජාතික පක්ෂයට අමාරුම දිස්ත්‍රික්ක තමයි හම්බන්තොට සහ මොනරාගල කියන්නේ. ඔය කයිවාරු ගහන අයට පුළුවන්ද ඔය කියන දිස්ත්‍රික්ක දෙක බාරගෙන දිනවලා පෙන්වන්න’ යැයි හරීන් නෝක්කාඩුවක් කීවේය.

ඉන් අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නාමයෝජනා මණ්ඩලයට ඇතුළත් වන්නන්ගේ නාමලේඛනය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කළේය. රනිල් කියූ නම් අතරේ රවි කරුණානායකගේ නමද විය. නාමයෝජනා මණ්ඩලයේ නම් ඇසූ සැණින් සජිත්ට තරමක් කේන්ති ගියේය. ‘මම සන්ධානයේ නායකයා. මම අගමැති අපේක්ෂකයා. මට ඕන විදියට නාමයෝජනා මණ්ඩලය පත්කරගන්න බැරිනම් ඒකෙ තේරුමක් නැහැ.’ යැයි කියමින් සජිත් ප්‍රේමදාස සභාවෙන් නැගිට ගියේය. සජිත් සමඟ තවත් මන්ත්‍රීවරුන් හත් දෙනෙක්ද සභාවෙන් නැගිට ගියහ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමවූයේ ඒ ආකාරයෙනි.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූයේය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමින් ඉන්දියාවේ සංචාරය කළ අගමැතිවරයා එහි බෞද්ධ සිද්ධස්ථානද වැඳපුදා ගත්තේය. අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී අගමැතිවරයා නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කළේය. ඒ ඉන්දියානු ණය ගෙවීම සඳහා සහන කාලයක් ලංකාවට ලබාදෙන ලෙසය. ඊට මෝදිගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේය. මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉන්දියාවට ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් මිලියන 900ක් පමණ වන බවය. එහෙත් චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් මිලියන පන්දහස ඉක්මවන බවය. ඇතැම් විට ඉන්දියාව ණය සඳහා සහන කාලයක් ලබාදුනහොත් ඒ මඟ ගනිමින් චීනයද සහන කාලයක් ලබාදෙන ඇති බවද දේශපාලන විචාරකයෝ පවසති.

පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ආණ්ඩුවෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් දීර්ඝ පිළිතුරක් සභාගත කරන ලදී. ඒ පසුගිය ආණ්ඩුව සමයේදී ඇමැතිවරුන් සඳහා ගෙන්වන ලද ලක්ෂ 28000කට අධික සුඛෝපභෝගී වාහන ලයිස්තුවක් පිළිබඳවය. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා පිළිතුර සභාගත කිරීමට සැරසෙන අවස්ථාවේදී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කියා සිටියේ “ඇමැතිතුමා ඔබතුමා වාහන ලැයිස්තුව කියවන එක හොඳයි මොකද රට දැනගන්න ඕනෑ ජනතා මුදල් භාවිත කරන ආකාරය ගැන” යනුවෙනි. එයට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා විසින් විනාඩි 20කට ආසන්න කාලයක් වාහන ලැයිස්තුව ප්‍රකාශයට පත්කළේය.

එහි විශේෂත්වය වූයේ පසුගිය ආණ්ඩුව සමයේ එම සුඛෝපභෝගී වාහන ගෙන්වන ලද ඇතැම් ඇමැතිවරුන් වත්මන් ආණ්ඩුවේද ඇමැතිවරුන් වීමය. “ගරු කතානායකතුමනි, පුදුම සහගත කාරණය වන්නේ මේ වාහන ගෙන්වපු පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරු දැන් මේ ආණ්ඩුවේත් ඇමැතිවරුවීමයි” ජවිපෙ නායක අනුර දිසානායක කියා සිටියේය.

“කතානායකතුමනි, මේ වාහන ලැයිස්තුව දැක්කාම මට හිතෙන්නේ වාහන සේල් එකකට ගෙන්වපු වාහන තොගයක් වගේ.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීය.

මේ සමගම වාහන සම්බන්ධව මාධ්‍ය තුළ ප්‍රවෘත්ති නිර්මාණය වීමට පටන් ගත්තේය. එයින් බරපතළ අපහසුතාවට පත්වූයේ යහපාලන ආණ්ඩුවේද ඇමැති ධුර දැරූ වත්මන් ආණ්ඩුවේ සිටින මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා, නිමල් ලන්සා වැනි ඇමැතිවරුන්ය. පසුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේ ගෙන්වූවා යැයි කියන වාහන තමන් විසින් භාවිතයට නොගන්නා ලද බවයි.

මෙය මහත් උභතෝකෝටිකයක් විය. මේ පිළිබඳව ප්‍රශ්නය විමසන ලද වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන්ද ඇතැම් මාධ්‍ය විමසා සිටියේ ගෙන්වූ වාහනවලට සිදුවූයේ කුමක්ද යන්නය.

“පහුගිය ආණ්ඩුව ලක්ෂ 28000කට අධික මුදලක් වියදම් කරලා වාහන ගෙන්වලා. නමුත් දැන් ඒ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරු කියනවා අපි වාහන පාවිච්චි කළේ නැහැ කියලා. ඒක බරපතළ කාරණයක්. ගෙන්වපු වාහනවලට මොකද වුණේ කියලා හොයන්න වෙනවා.” වෛද්‍ය නලින්ද ජයතිස්ස පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙසක් ලබා ගැනීමටය. “දෙපැත්තෙන්ම කන ඇමතිලා ටික තමයි මේ කලබල වෙලා ඉන්නේ. කොහොම වුණත් මේවා ජනතාවගේ බදු මුදල්. ලක්ෂ 28000ක්. අපි සීඅයිඩීයට පැමිණිල්ලක් දාමු වාහනවලට මොකද වුණේ කියලා හොයන්න කියලා. වටගල සහෝදරයා එක්ක නීතිමය තත්ත්වය කතාබහ කරගමු.” විජිත හේරත් කියා සිටියේය. ඒ අනුව වාහන සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කිරීම  13 වෙනිදා පස්වරුවේදී සිදුකිරීමට කටයුතු සංවිධානය විය.‬



අදහස් (7)

සජිත්ගෙන් අලුත් ගමනක්

විනිවිද Sunday, 16 February 2020 12:45 AM

එක්සත් ජාතික පක්ෂය යනු ලංකාවේ නිදහස ලැබීමටත් පෙර ආරම්භ කරන ලද පක්ෂයයි. එහි සලකුණ අලියයි. පාට කොළ පාටයි. පක්ෂයට පිටින් එක්වූ සහ පක්ෂයේම අවස්ථාවාදීන් විසින් මෑතක සිට අපේ එක්සත් ජාතික පක්ෂය අවතක්සේරුවට පත් කරමින් සිටි. අද සහ එදා පක්ෂය කඩාගෙන යාමට උත්සහ කරන පුද්ගලයන් සහඔවුන්ගේ පියවරුන් දේශපාලන අකුරු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වන අලියාගේ පක්ෂයෙන්ය. එක්සත් ජාතික පක්ෂය අලියා සහ පාට කෙසේවත් වෙනස් නොවිය යුතුය. පිහිටුවන්නාවූ ඕනෑම පෙරමුණක් අරටුව අලියාය. පිය උරුමයන් දේශපාලනයට පැමිණි පුතාලා පක්ෂයේ නායකයා ආරක්ෂා කර ගන්නවා වෙනුවට අවස්ථාවන් ගණනාවකදී වර්තමාන නායකත්වය විවේචනයට ලක් කොට ඇත. ඔවුන් එසේ කරනා විට ඔවුන් වටා පක්ෂයේ සිටින අනෙක් පිරිසද එම දේම කරමින් තිබේ. කෙසේ වෙතත් හෙට අනිද්දා බිහිවන පෙරමුණ ඉදිරියට කරගෙන යාමේදී නායකයන් විවේචනය මුළුමනින්ම නවතා දැමිය යුතුවේ. නායකයා කිසිදිනෙක ඔවුන්ව විවේචනය කළේ නැත.වචනයක් ඔවුනට කිවේ නැත. ඉවසීමේ සිමාවන් පවා ඔබ්බට ගොස් රනිල් නිහඩව සිටියේ පක්ෂ සහ පාක්ෂිකය වෙනුවෙන්ය. අපේ පක්ෂයට විනයක් තිබිය යුතුය. අවසාන වශයෙන් බොළද විවේචකයන්ට කීමට ඇත්තේ නිහඩව සිටින සිංහයා අවදි නොකර ගන්නා ලෙස පමණි.

:       350       3

විනිවිද Thursday, 20 February 2020 12:00 AM

පැවැත්වීමට නියමිත මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය අලියාගේ සලකුණින් මැතිවරණයට මුහුණ දීම සිදුකල යුතුය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක සන්ධානය සජිත් නායකත්වය දීමට නොහැකිබව පෙනේනම් හෝ ඔහු වෙනත් යෝජනා ඉදිරිපත් කරන්නේනම් කරු ජයසුරිය වර්තමාන කතානායකවරයා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්දානයේ නායකත්වයට පත්කොට ඔහුගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත්විය යුතු වේ.

:       8       0

BamunuarachchiThursday, 20 February 2020 05:25 PM

සජිත්, කරුගේ අවස්ථාව බලෙන් ලබාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ නිසා මෙවර මහා මැතිවරණයේ නායකත්වය කරුට ලබා දිය යුතු නොවේද.?

:       2       1

priyantha Thursday, 20 February 2020 01:43 AM

එක්සත් ජාතික පක්ෂයට පිටින් එක්වූ සමහර පුද්ගලයන් කියා සිටින්නේ පක්ෂයේ ඉතිහාසය සහ ප්‍රමුකත්වය වර්තමානයේ වෙනස් විය යුතු බවකි. මෙසේ කියන්නේ අන්තවාදී දේශපාලන පක්ෂවල සිට වරතමනයේ ලිබරල් දේශපාලන පක්ෂවලට එක්වී බඩ වියත රැකගන්න පුද්ගලයන්වේ. පටන් ගත්තේ කොහෙන්ද අද ඉන්නේ කොහෙද කියා ඔවුන්වත් නොදනී. මැතිවරණයකට ගොස් ඔවුන්ගේ පක්ෂවලින් ඡන්ද 200 වත් ගැනීමට නොහැකි ජාතික ඇදුමට මුවාවී සිටින්න වූ දේශපාලන අනාතයෝය. ඔවුන් නොකියා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සලකුණ සහ පාට වෙනස් විය යුතු කියාය. ඔවුන්ගේ වාසියට එක්සත් ජාතික පක්ෂය අලියා සහ පාට වෙනස් කරන්නේ නැත. කල යුතුද නැත.

:       2       0

විනිවිදSunday, 01 March 2020 11:09 PM

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් මුරණ්ඩු ඉවසීමක් නොමැති දුර නොපෙනෙන චරිතයක් බව අදවනවිට පක්ෂයට සහ පාක්ෂිකයින්ට මනා අවබෝධය තිබේ. පළමු අවස්ථාව නම් සිරිකොත මන්දිරයට ගල්ගසා සද්ද දමා නායකයකත්වය පැහැර ගැනීමට උත්සාහ කිරීම සහ පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂයේ එකඟත්වයකින් තොරව ඔහුගේ සහ ඔහුගේ ගෝලබාලයන් කැමැත්ත පරිදි මැතිවරණයට ගොස් පරාදවීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී කරු ඉදිරිපත් වූයේ නම් අදත් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙකි. ඉදිරි මැතිවරණයටද ඔහු පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම ඔහුගේ සහ ඔහුගේ කණ්ඩායමේ මතයට අනුවම ක්‍රියාත්මක වෙමින් තිබේ. ඔහු කරන්නේ මොනවද? කියන්නේ මොනවද? කියා ඔහුටවත් හරිහැටි අවබෝධයක් නොමැති බව පෙනේ. ඔහුගේ දේශපාලන අනාගතය බොඳ නොකර ගැනීම ඔහුගේ කටයුත්තකි. අප ඔහුගේ තීරණයට සුබ පතමු. ඉදිරි මැතිවරණයේදී අලියා සලකුණින් කොළපාටින් එක්සත් ජාතික පක්ෂය කරුගේ නායකත්වයෙන් මෙහෙය වීමට අවස්ථාවක් ලබාදිය යුතුය.

:       0       0

Bamunuarachchci Saturday, 22 February 2020 05:17 PM

ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ නායකයා ලෙස දැන් ඉදිරි පියවරට සජිත් ප්‍රේමදාස යා යුතු බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා කියා සිටි. සජිත් ප්‍රේමදාසගේ බිරිදට නුවර එළියේ දේශපාලන රැස්වීමකදී අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව වශයෙන් හදුන්වා දෙනමෙන් උපදෙස් දුන් පුද්ගලයා අද සජිත්ව පවා මුලා කොට ඇත. වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරාලා සජිත්ව පඹයෙකු කොට හමාරය.

:       33       35

LALANTHA Saturday, 29 February 2020 02:33 AM

සමගි ජන බලවේගය පක්ෂයෙහි දැනට ලියාපදිංචි ලකුණ වන්නේ දුරකථනය ලකුණ නම් එම සළකුණෙන්ම සජිත් මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ මන්ද? මැතිවරණයට ඉදිරිපත් වීමේදී වෙනත් පක්ෂවල නම් සහ සලකුණු ඉල්ලා හිඟමන් යන්නේ මොන මෝඩ ක්‍රියාවක්ද? සජිත් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් මැතිවරණය ඉදිරිපත් නොවීමේ ප්‍රධානතම හේතුව වෙනදෙයක් නොව ඔහුට ඇත්තේ පෙරමුණක හෝ සංධාන නායකයා වීමේ සිහිනයක් මිස වෙනත් දෙයක් නොවේ. සජිත් දුරකථනය ලකුණ යොදා ගත හොත් අලුත් ඡන්ද ඔහුට ලැබෙන්නේ නැත. අලුත් තරුණ පරපුර " LAND PHONE " ගැන කිසිවක් දන්නේ නැත.සමහරුන් දැකලාවත් නැත එමනිසා " LAND PHONE " වෙනුවට CELL PHONE " සලකුණ යොදා ගැනීම පිළිබඳව සොයා බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 497 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1016 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 935 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 172 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 112 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 996 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17738 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site