IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සජිත්ට වැරදුණේ කොතැනද

ගෙවුණු සතියේ ශ්‍රී ලංකා වාසීන්ට ලැබුණු පණිවිඩය තරමක් අමුතු පන්නයේ විය.

ජනතාව අතර රජයේ ජනප්‍රියත්වය සැළකිල්ලට ගෙන බැලුවහොත්, රටේ ආර්ථිකය කඩා වැටෙන්නට ඔන්න මෙන්න තත්ත්වයක තිබේ. කෝවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ජාතික මට්ටමේ සෞඛ්‍ය අර්බුදයක් ද ඇතිව තිබියදී රසායනික පොහොර ආනයනය කිරීම තහනම් කර තිබේ. එනිසා මෙවර අස්වනු පහළ යනු ඇතැයි බිය පළව තිබේ.

කෙසේ වෙතත් රජයට, තම ශක්තිය හා හැකියාව ගැන තිර විශ්වාසයක් ඇත. රටේ පවත්නා තත්ත්වය කෙතරම් අදුරු වුවද ඔව්හු නොසැළී, නොවැටී, ඉදිරියටම යමින් සිටිති.

මේ සම්බන්ධයෙන් රටේ බහුතරයක් සිවිල් සමාජ සංවිධානවලට ඇත්තේ විරෝධයකි. රජය ඒකාධිපති පාලනයක ලකුණු පෙන්වමින් සිටිතැයි ඔව්හු කියති. යම් යම් කාරණා අනුව ගත්විට එහි ඇත්තක් නැත්තේද නැත. නමුත් එය වටහාගත යුතුව තිබෙන්නේ වෙනත් වැදගත් කාරණයක් මුල්කොට ගෙනය.

ජනතාව මුහුණදෙමින් සිටින ගැටලු මත පිහිටා බලයේ සිටිනා රජයට විරෝධය දැක්වීම විපක්ෂයේ පරම රාජකාරිය වන අතර එය පිළිවෙතක් සේම, ඊටත් වඩා ආගමක් සේම, අනුගමනය කැරෙන දෙයකි. රාජ්‍ය පාලනය සමබරව ගෙනයා හැක්කේ එවිටය. එයින් වාසිය ලැබෙන්නේ ජනතාවටය. මෙහිදී, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙක් වන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ගේ කියමනක් සිහිපත් වේ.

“තමන් අනුගමනය කරන ප්‍රතිපත්ති නිසා ඇතැම් මිනිස්සු සිය පක්ෂය වෙනස් කරති. ඒ අතර තවත් අය, පක්ෂය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති වෙනස් කරගනිති.”

රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයට මේ දෙකෙන් එකක් හෝ අදාළ කිරීමට හැකියාවක් නොමැත.

සමගි ජනබලවේගය යනු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අරබයා ඇතිවූ අර්බුදයක් හමුවේ උපන් පක්ෂයක් වේ. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැතිවරයෙක් ද, වන රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට එකඟව සිටියද අවසාන මොහොතේ දී ඔහු තීරණය වෙනස් කරගත්තේ ය. වර්තමානයේ ඔහු එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හිමිව තිබෙන එකම බෝනස් ආසනය දරමින් සිටී. 2020 අගෝස්තු මස 5 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 2%කි.

ගෙවුණු මස 11 වැනිදා රජය හිටිහැටියේම ඉන්ධන මිල ඉතා ඉහළ අගයකින් ඉහළට දැමීමට කටයුතු කිරීමත් සමඟ සමගි ජනබලවේගය ඉදිරියේ එම පක්ෂයේ පළමු දේශපාලන අභියෝගය නිර්මාණය විය. රජය එසේ ඉන්ධන මිල ඉහළ දැමූයේ රට අගුලුලා තිබූ වාතාවරණයක වූ අතර, එසේ කළේ ඇයිදැයි යන්න අද ආපසු හැරී බලන විට පැහැදිලිය.

රට අගුලුලා තිබූ වාතාවරණයක ඉන්ධන මිල ඉහළ දැමීම හරහා ඒ අරබයා මතුවන්නට තිබූ විරෝධතාවලින් ගැලවී ගැනීමට රජය සමත් විය. එසේ වුවත් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ භාණ්ඩ හා සේවාවල මිල ද අනපේක්ෂිත ලෙස ඉහළ ගියේ සාමාන්‍ය පුරවැසියාගේ බත් පිගානට ද බරක් පටවමිනි. කොටින්ම ඉන්ධන මිල ඉහළ දැමීම සෑම සියලු ශ්‍රී ලංකා පුරවැසියෙක්ටම බලපෑවේ ය.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගය දැක්වූ පළමු ප්‍රතිචාරය, ට්‍රැක්ටර්, එක්ස්කැවේටර් වැනි රථවලින් සමන්විත වූ රිය පෙළපාළියකින් පාර්ලිමේන්තුවට පැමිණීමය. එයින් පසුව, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධතා වැකි සදහන් පුවරු අතින් ගෙන, පාර්ලිමේන්තුව බලා යන මාර්ගය වැටී තිබෙන ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම උඩ හිද විරෝධතාවයක යෙදුණේය. මෙහි වරදක් නැති බව කෙනෙකුට කියන්නට සැබැවින්ම පිළිවන. විපක්ෂය, එයට යුතු ලෙසින් එහි රාජකාරිය කරමින් සිටියේ ය.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව තවදුරටත් කළ හැකි දේ මොනවාදැයි සිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් විමසීමට නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ මේ සියල්ලට පසුවය. එමෙන්ම, සමගි ජනබලවේගය කාලයේ තාලයට ගැලපෙන ආකාරයට කටයුතු නොකරන බව පෙනෙන්නට ගත්තේ ද මෙතැනදීය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුව ඇතැයි යෝජනා කළේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාය. එසේ, විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමෙන්, පාලක සන්ධානයේ සාමාජිකයන් අතර බෙදීමක් නිර්මාණය කළ හැකියැයි ඔහු තර්ක කළේය. ඔහු එවැනි තර්කයකට එළැඹියේ කෙලෙස ද, යන්න පැහැදිලි නැත. නමුත්, එයට ප්‍රේමදාස මහතා කැමැති බව පෙනෙන්නට තිබිණ. එනිසාම අනෙක් අයත් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම අනුමත කළහ.

මරික්කාර් මහතා, කිසිදු සැකයක් නොමැතිව යහපත් අරමුණක් මතම පිහිටා ගෙනා ඔහුගේ තර්කය පැහැදිලිය. එහි ගැටලුවක් නැත. නමුත් සැබැවින්ම, රජයේ බෙදීමක් ඇතිව තිබුණේ නම්, එක් කණ්ඩායමක් ඒ වන විටත් අමාත්‍ය ගම්මන්පිල මහතාව සන්ධාන රජයෙන් ඉවත් කළ යුතුව ඇතැයි හඬ නගන්නට පටන්ගෙන තිබිය යුතු විය. නමුත් එවැන්නක් හෝ එවැන්නකට උත්සාහයක් හෝ නොතිබිණ. කොටින්ම, ඉන්ධන මිල එසේ වැඩි අගයකින් ඉහළ දැමීම සම්බන්ධයෙන් නොමනාපයකින් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනෙක් සාමාජිකයන් හා අත්වැල් බැදගත්තේය.

මෙම තත්ත්වය කල්තියාම අවබෝධ කරගැනීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අලුතින් බුද්ධි තොරතුරු අවශ්‍ය නොවේ. ඕනෑම දේශපාලන පක්ෂයක නායකයකුට තමන්ගේ දේශපාලන මූලෝපායන් සහ උපායන් ගැන අවබෝධයක් පැවතීම අනිවාර්යය අවශ්‍යතාවයකි. එවැනි අවබෝධයක් දේශපාලන පක්ෂයක නායකයෙක්ට ඇති බව පිටත සිට මේ කාරණා දෙස බලන්නෙක් පවා විශ්වාස කරන දෙයකි. එසේ නම්, ප්‍රේමදාස මහතාට වැරදුණේ ඇයි?

අනෙක් අතට, විශේෂයෙන්ම අනෙක් පාර්ශවයේ සාමාජික ශක්තිය තමන්ට වඩා වැඩි නම්, විශ්වාසභංගයක ප්‍රධානම අරමුණ වන්නේ එය ජයග්‍රහණය කරවීම නොව, විපක්ෂය ලෙස සිය පක්ෂයේ විරෝධය සහ බලය ඉතා දැඩිව සනිටුහන් කරවීම සහ ඕනෑම අයෙකුට ඒ බව නැවතත් සිහිපත් කරදීම බව අත්දැකීම් ඇති විපක්ෂ නායකවරයෙක් හොදින්ම දනී. නමුත් කුමන හෝ හේතුවක් නිසා වේවා විශ්වාසභංගයට අනෙක් පක්ෂවල සහාය ලබාගැනීමට සමගි ජනබලවේගයට නොහැකිව තිබිණ. ඔවුන් ද, ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දරමින් සිටියේ සමගි ජනබලවේගයේම ස්ථාවරයය යන්න, රහසක් නොවිණ.

සමගි ජනබලවේගය කළේ දේශපාලනමය වශයෙන් වැරදි වගේම දුරදිග සිතා නොබැලූ දෙයක් බව සන්ඩේ ටයිම්ස් හා අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

“ඔවුන් අපගේවත්, දෙමළ ජාතික සන්ධානයේවත් අදහස් විමසුවේ නැහැ. මේ හරහා දැන් සමගි ජනබලවේගය සිදුකර තිබෙන්නේ රජයේ විවිධ මත දරමින් සිටි අයව එකතු කර තිබෙන එකයි” යයි අනුර කුමාර දිසානායක මහතා කීවේය.

රටේ කොයිකවුරුත් හොදින්ම දන්නා පරිදිම, පාලක සන්ධානයේ බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායමක් සහ ඔවුන්ට විරුද්ධ කණ්ඩායමක් සිටින බව සමගි ජනබලවේගයේ නායකත්වයත් හොදින්ම දන්නා බව පෙන්වාදුන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, “මේ කණ්ඩායම් දෙක එකතු කරන්නට සමගි ජනබලවේගය මෙච්චර වෙහෙස වුනේ කාගේ වුවමනාවකට ද?” යැයි විමසා සිටියේ ය. එය ඔහු හදුන්වාදුන්නේ සමගි ජනබලවේගයට ඡන්දය දුන් ජනතාව පාවා දීමක් ලෙසිනි.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තිරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදයත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඉන්ධන මිල තීරණය කිරීමේ කමිටුවේ අනුමැතියත් ලැබී තිබූ නිසා රජය, ඔවුන්ගේ බලශක්ති අමාත්‍යවරයා බිලි දීමට කටයුතු කරනු ඇතැයි කිසිසේත්ම සිතිය හැකිව නොතිබිණ. එසේ නම්, මෙවැනි අදූරදර්ශී ක්‍රියාමාර්ගයට එළැඹ, සමගි ජනබලවේගය දුර්වල මට්ටමකට ඇද දැමීමට ප්‍රේමදාස මහතා කටයුතු කළේ ඇයි?

රටේ ප්‍රධාන විපක්ෂය ලෙස වඩා වගකීමෙන් සහ අවධානයෙන් යුතුව කටයුතු කළ බවක් ඔවුන් සිතන්නේ නැති ද?

විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට එරෙහිව පෞද්ගලික මට්ටමින් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ම සිටි අතර, ඔවුන් අතරින් එක් අයෙකුගෙන්, එසේ නම් එම විරෝධතා ඉදිරිපත් නොකළේ මන්දැයි විමසා සිටි විට, එසේ කළේ නම් එය පක්ෂ නායකයාට අභියෝග කිරීමක් වන බවත් තමන්ට එවැනි තත්ත්වයකට පත්වීමට වුවමනාවක් නොතිබූ බවත්, ඔහු කියා සිටියේය.

බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවට වන යෝජනාව සිදුකිරීම සදහා ප්‍රේමදාස මහතා තෝරාගෙන තිබුණේ එම අදහස ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්මය. එම යෝජනාව ස්ථීර කිරීම ඔහු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට බාර දී තිබිණි. ඔවුන් දෙපළ එසේ මේ සදහා තෝරාගැනීම අරබයා වෙනත් අදහසක් ගම්‍ය වීමට ඉඩ තිබේය යන්න ඔහු අවබෝධ කරගෙන නොසිටි සෙයකි.

“ඒක ඇත්තටම සංවේදී ගැටලුවක් බවට පත්වුනා. මොකද ගම්මන්පිල කියන්නේ ජාතිකවාදී අදහස් මත පිහිටා කටයුතු කරන කෙනෙක් නිසා” යැයි තවත් මන්ත්‍රීවරයෙක් පැවසුවේ ය.

කොටින්ම, ගෙවුණු සදුදා විශ්වාසභංගය පිළිබදව පාර්ලිමේන්තු විවාදය ආරම්භ වූ අවස්ථාවේ එය යෝජනා කිරීමට මරික්කාර් මහතාට අමතක විය. එහිදී, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එය ස්ථාවර නියෝග උල්ලංඝණය කිරීමක් යැයි පෙන්වා දුන්නද අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, මරික්කාර් මහතාට දිගටම කතාකරගෙන යන්නට අවස්ථාව දෙන්නැයි පැවසුවේය. එසේ නොකළහොත්, රජය මෙම විශ්වාසභංග යෝජනාවට බියවී සිටින බවට වැරදි අදහසක් පළවීමට ඉඩ තිබෙන බව ද අගමැතිවරයා පෙන්වාදුන්නේ ය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි

පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (4)

සජිත්ට වැරදුණේ කොතැනද

Mangala Monday, 26 July 2021 06:56 PM

සන්ඩේ ටයිම්ස්, නොකියා කියනවා රනිල් කියපු දේ එනම් මුලු ආණ්ඩුවටම භංගෙ ගෙනාවනම් හරි කියලා. හරිනම් කරන්න තිබුනේ භංග ගේන එක නෙවෙයි එලියේ උද්ඝෝෂණ කරන එක පමනයි.

:       0       0

පප්ප Tuesday, 27 July 2021 11:42 AM

සජිත්ට විතරක් නෙමෙයි හැම කෙනාටම වැරදිලා තියෙන්නේ... ඔහේලාටත් වැරදිලයි තියෙන්නේ... මොකද මූලික බලාපොරොත්තුව සල්ලි... කොහෙන් හරි ගාන කපා ගන්න එක.

:       0       0

එරා Wednesday, 28 July 2021 06:41 PM

සජිත්ට වැරදුනේ 5 වැනි රාජපක්ෂ සහෝදරයා කලින්ම නොයැවීමයි.

:       1       2

sisiraThursday, 29 July 2021 05:53 AM

තණ්හාව ඔබව අන්ධ කරයි

:       1       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 790 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12690 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 691 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site