IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සටන පාවාදුන්නේ මා නොවෙයි:

17_SLTK_P6_Back

 

(පසුගිය සතිය හා සම්බන්ධයි)
කොළඹ ඩී - 4 කලාපය බාරව සිටි  “හේමන්ත” කොස්ගමට ගියේ චන්දරේ අයියා හමුවීමටය. ඒ ගමනට පක්ෂයේ සගයකු වූ “ලී” ද එක්ව සිටියේය. එදා හදිසියේම යුද හමුදාව හා පොලිසිය එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකි.


චන්දරේ හමු වී එමින් සිටි හේමන්ත සහ ලී සැක කටයුතු අය ලෙස අත්අඩංගුවට පත් වූහ.


“තොපි ජේ.වී.පී. කාරයො නේද? මොකටද මෙහෙ ආවේ...” කොස්ගම පොලිසියේ නිලධාරිහු ගුගුරමින් අසන්නට වූහ.“නෑ.. සර්... අපි පාතාලේ. අපි ආවේ අසවලා හමුවෙන්න”


හේමන්ත කීවේ හමුදාවෙන් පැනවිත් පාතාලයට සම්බන්ධ අයකු ලෙස නමක් දිනූ කොස්ගම අයෙක් ගැනය. පාතාලයේ කියමින් පොලිසිය නොමග හරිමින් සිටි හේමන්තගේ සහ ලී ගේ පරම බලාපොරොත්තුව වූයේ ඉක්මනින් ලිස්සා යාමය.


වැඩි වේලා ගියේ නැත. කොස්ගම ඕ.අයි.සී නියෝගයෙන් හේමන්ත හා ලී වෙනම කූඩු දෙකකට දැමිණි. දැන් කිසිම බොරුවක් කල් වේලා ඇතිව හදා ගත නොහැකිය.


මේ අතරේ පොලිසියට පැමිණි අයකුට හේමන්ත කතා කළේය. 


“මල්ලි ඔයා කොහෙද?”


“මම කොස්ගම”


“අනේ මල්ලි... චන්දරේ අයියාට කියන්න හේමන්තයි ලීයි පොලිසියෙන් අල්ලලා කියලා.” පණිවුඩය හේමන්ත එළියට දී ගත්තේය. තවත් දින කීයක් කොස්ගම පොලිස් කූඩුවේ ලගින්න වේ දැයි සිතුණු වාර අනන්තය.


ඒ නිසා හේමන්ත වැඩක් පටන් ගත්තේය. පොලිස් කූඩුවේ එක පැත්තක බිත්තියක් සෑහෙන්න දිරා ගොස් තිබිණි. හේමන්ත පරණ පිඟන් කැබැල්ලක් ගෙන බිත්තිය යට හාරන්නට පටන් ගත්තේය. පැය ගාණක් හාරද්දී ක්‍රමයෙන් පරණ මැටි බිත්තියේ කොටස් ගැලවී ආවේය. පස් අතින්ම ගෙන ගොස් කූඩුවේ වැසිකිළි කටට දමමින් වතුර ගැසුවේය.


මේ අතරේ හේමන්තට ඕ.අයි.සී.  ගෙන් කැඳවීමක් ලැබුණි. මට තව පැය හතරක් පහක්වත් එක දිගට බිත්තිය හාර ගන්න තිබුණා නම් කොස්ගම පොලිසියට මගෙ මයිලක්වත් හොයන්න හම්බ වෙන්නෙ නෑ. පනින එක පනිනවාමයි. එතැනින් පස්සෙ මාව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියට ගෙනිච්ච. මා එතනට යද්දී එහි හිටිය රැඳවුම් නියෝග මත තබා ගත්ත ජ.වි.පෙට සම්බන්ධ හාමුදුරු නමක්. මම ඒ හාමුදුරුවන්ට කිව්වා,
හාමුදුරුවනේ තව ටික වේලාවකින් මට ගහන්න පටන් ගන්නවා. මේ නම් ටික මෙතනට ඊළඟට ගේන ලීට දෙන්න. එයාට කියන්න මම ගහද්දි කියන්නෙ මේ නම් ටික බව. එයාටත් මේ නම් ටිකම කියන්න කියලා.”


හේමන්ත, පැන්සලකින් ලියූ පාල-සනා-සේන-රාජා ආදී පාතාල කල්ලියක නම් කොටසක් හාමුදුරුවන් අතට පත් කළේය.


පොලිස් නිලධාරිහු තුන් දෙනෙක් හේමන්ත වට කරගෙන වේලන ලද හරක් ලිංගයෙන් පහර දෙන්නට වූහ. ඒ සෑම විටම හම පුපුරා ලේ ගලන්නට විය. පහරින් පහර හේමන්ත දිග හරින්නේ පාතාලේ නම් ටිකකි.


පහර දීම් අවසන් වෙද්දී පාතාල සිදුවීම් කීපයක් පමණක් හේමන්ත වමාරා තිබිණි. මේ සිදුවීම් හේමන්ත ඉතා හොඳින් දැන සිටි ඒවාය. කොස්ගම හා අවිස්සාවේල්ල පොලිසි දෙකම පාතාලකාරයකු ලෙස පෙනී සිටිමින් නොමග යවන්නට හේමන්තට හැකියාව ලැබුණි. ඉන් පසු හේමන්ත බොරැල්ල පොලිසියට රැගෙන ආවේය. බොරැල්ල පොලිස් කූඩුවේ එක පසෙක නිහාල් ගලප්පත්ති සහෝදරයා රඳවා උන්නේය. පොලිසියේ නිහාල් ඇල්ලු බව හේමන්ත දැන උන්නත් ඔහු කොහි සිටිනවා දැයි හරියට තොරතුරක් තිබුණේ නැත. කූඩුවේ ඉදිමින්ම ගලප්පත්ති,
“කොම්පැණියෙ බව පිළිගත්තා දැයි” ඇසුවේය.     “නෑ” යි කෙටි පිළිතුරක් දුන් හේමන්ත තමා ජ.වි.පෙ. බව පිළිනොගත් බව සපථ කළේය. එදා බොරැල්ල සහකාර පොලිස් අධිකාරි ලෙස හිටියේ ගෆූර් මහතාය.


හේමන්ත ෘ-4 කොළඹ කලාපය භාරව හිටියත් ජ’පුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යභාවය අහෝසි වී තිබුණේ නැත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු පොලිස් අත්අඩංගුවට පත් වුණොත් ඒ පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දෙන්නැයි එකල රජය නියෝග කර තිබිණි. එදා උසස් අධ්‍යාපන ඇමතිව සිටියේ එම්.එච්. මොහොමඞ් මහතාය. බොරැල්ලේ පොලිස් කූඩුවේ සිටින ගමන් හේමන්ත ලේ වලින් සටහනක් කඩදාසියක ලීවේය.


“මම පර්සි... මම බොරැල්ල පොලිසියෙ ඉන්නවා” ඒ සටහන පොලිසියට පැමිණි කෙනකුට දී එය ජ’පුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට තැපැල් කරන්නැයි හේමන්ත ආයාචනයක් කළේය.


එය එසේම සිදුව තිබිණි. ලියුම ලැබුණු සැණින් ජ’පුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම්වලින් එක දිගට බොරැල්ල පොලිසියට ඇමතුම් ගලා එන්නට විය. කොටින්ම දුරකතනයට නිවනක් නැති විය.


“මේ කූඩුවක ඉන්න පර්සි කියන එකා කවුද?”


පොලිසියේ නිලධාරිහු කෑමොර දුන්හ. එහෙත් හේමන්ත නමින් පෙනී සිටි පර්සි නිහඬවම සිටියේය. ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ විශ්වවිද්‍යාල භාවය උසස් නිලධාරියකු වෙත ප්‍රකාශ කිරීමටය.


එදා උසස් නිලධාරියෙක් කූඩුව ළඟින් ගියා. මම කූඩුවේ ඉඳන් සර් සර් කියලා කෑ ගැහුවා. එයා ආපසු හැරිලා “ඇයි” කියලා ඇහුවා.


“සර් මම පර්සි, ජ’පුර කැම්පස් එකේ... එහෙම කිවුව ගමන් ඒ සර්ට කේන්ති ගියා. මාව එළියට අරන් අත පුරවල කම්මුල් පාරවල් දෙකකින් සංග්‍රහ කළා.
“මූව මෙහාට ගෙනාවේ කවුද? මේකව නිදහස් කරන්න “කිව්වා.” ඒ අනුව මාව අවිස්සාවේල්ල උසාවියට යොමු කරලා එතැනින් නිදහස් වුණා. මම ඊට පසුව ජ.වි.පෙ. විසින් ඩී-2 කලාපයේ සංවිධායක ධූරයට පත් කළා. එය බම්බලපිටිය-ගල්කිස්ස දක්වා විහිද ගිහින් තිබුණා.


එතනදී හොඳ කතාවක් තියෙනවා. පර්සි කොළඹආරච්චි නව ආරම්භයකට සැරසෙයි. ඒ කාලෙ අපේ සගයො නිතරම මරන්න ගේන තැනක් බෙල්ලන්විල පන්සල පහු කරලා යද්දි වැව පැත්තෙ පාලු තැනක තිබුණා. මරපු අයත් ගෙනත් පුච්චනවා. සමහර සගයො එතැනට ගෙනත් මරනවා. දවාලට ගියත් ඒ වැව ළඟ මිනී ගඳයි. ඒ තරමට අමු මිනී පිට්ටනියක් වගේ තැනක්. මේකට මොනවා හෝ කරන්න ඕනෙ කියලා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කල්පනා කළා. ඒ තරමට මේ වැව ළඟ ස්ථානය පක්ෂයට හිසරදයක් වුණා.


ඔය වැඬේ නවත්වන්න දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ නායකයො දෙන්නෙක් වගකීම කරට ගත්තා. මාල් සහෝදරයා සහ කැමී සහෝදරයා තමයි ඒ. දේශප්‍රේමී සන්නද්ධ සාමාජිකයන් පිරිසක් එකතු වෙලා වැවට නුදුරු ගෙයක් බලෙන් යටත් කර ගත්තා.


“එකෙක් වත් හෙල්ලෙන්න එපා අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන්. අපි ආවේ තමුන්ට කරදර කරන්න නොවෙයි. වෙනත් රාජකාරියකට. ඒකට ඉඩ දීලා තමුන්ලට ඉන්න පුළුවන්. මේ විදිහට ඒ ගෙදර අයව යටත් කරන් දවස් දෙකක් වැව ළඟ හමුදාව කරන කාර්යය ගහකට නැගලා නිරීක්ෂණය කළා. රාත්‍රී ජාමයේ හමුදාවේ හය හත් දෙනා එනවා. අපේ සගයො ගෙනත් අත් බැඳලා වෙඩි තියනවා. පුච්චනවා. මේකට ගැලපෙන සැලසුමක් අපි හැදුවා. ගහක උස අත්තක “කාල තුවක්කුවක් වගේ එකක් හැදුවා. මේ     “කාලතුවක්කුව” හදන්න මාල් සහෝදරයා සහ කැමී යොදා ගත්තෙ ට්‍රැක්ටරයක ටේලරය උස්සන විශාල යකඩ බම්බු. ඒවා උඩට ගන්න. ඒ ගෙදර නැවතුණු සගයො බැහැලම උදව් කළා. හමුදාවෙන් උදුර ගත්ත කාල තුවක්කු නොවෙයි. දේශප්‍රේමී සන්නද්ධ නායකයො ඔය අවි ආයුධ පුහුණුව හොඳට තිබුණු අය” පර්සි කියායි.


තුවක්කුව සාදා අවසන් දින රාත්‍රිය උදා විය. එදා රාත්‍රිය ගසේ නැගී වැව දෙස විටින් විට නිරීක්ෂණය කෙරිණ. මධ්‍යම රැය පසුවනවාත් සමගම වෑන් රථයක් පැමිණ වැව අසල නතර කෙරිණි. අඳුර අතරින් පිරිස වෑන් රථයෙන් බැස ගන්නා අයුරු පෙනේ.


ඒ ආවේ හමුදාවෙ පිරිසක්. මාල් සහෝදරයා ගසේ සිට නිරීක්ෂණය කරලා තීන්දු කළා. විධානය ලැබුණා. ඒ ගමන් දැවැන්ත කාල තුවක්කු ප්‍රහාරයක් ඒ දෙසට එල්ල කළා. පළාතම දෙදරා ගියා. නමුත් ප්‍රහාරය සාර්ථකයි. ඒ සාර්ථක බව පසුව අපට ආරංචි වුණා. එදා අපේ සඟයො දෙන්නෙක් උණුසුමේම මරල එතනට අරන් ඇවිත් තිබුණා. ඒ හමුදාවේ නිලධාරින් හය දෙනෙක් විසින්. හැබැයි කාලතුවක්කු ප්‍රහාරය දවස තමයි හමුදාව අවසාන වරට ඔය වැව ළඟ රඟ දක්වපු රැය. එදායින් පසු හමුදාව අපේ සගයො මරන්න තියා, මරපු අය පුච්චන්නවත් මේ වැව ළඟට ගෙනාවේ නෑ.”


එදා රාත්‍රියේම කැමී-මාල් සහෝදරයන් සහ අප කතා නායක පර්සි (හේමන්ත) ද ඇතුළු සගයෝ ගෙය නිවැසියන්ට භාර දී අඳුර අතරින් පලා ගියහ. ප්‍රහාරයේ ලකුණු හමුදාව සොයා ගත්තත් ප්‍රහාරකයන්ගේ තොරතුරු හමුදාවට     “වහං” විය. ඒ තරමට ප්‍රහාරයට - ප්‍රති ප්‍රහාරය සූක්ෂම විය. සාර්ථක විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නියෝජනය කළ සමන් පියසිරි ප්‍රනාන්දුට එවැනි වූ විශිෂ්ට සාමාජිකයෝ රැසක් සහාය දුන්හ.
ඒ නිසාම ආණ්ඩුවට ජ.වි.පෙ. මර්දනය හිතන තරම් ලෙහෙසි දෙයක් විනැයි කිව නොහැක. ආණ්ඩුවේ මර්දනයට මනා ප්‍රති මර්දනයක් දීමේ හයිය ජ.වි.පෙ. සතුව තිබිණි.


විශේෂයෙන් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය පසෙකින් තැබුවොත්, එහි සන්නද්ධ අංශය ආණ්ඩුව හා කළ සටන ඓතිහාසික වෙන්නකි.


එහි සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු එකලම අත්අඩංගුවට පත් විය. නමුත් 1987 - 88 - 89 යුගයේ ජ.වි.පෙ. දිස්ත්‍රික් හා විවිධ කලාපවල සංවිධායක ධුර දැරූ, සන්නද්ධ නායකයෝ රැසක් දැන් දේශපාලනයෙන් ඉවත්ව නිහඬව බලා සිටිති.


හේමන්ත - රවි - ඉලුක්කුඹුර නම්වලින් 88 - 89 යුගයේ සිටි කොළඹ D - 4, D - 2 කලාප බාර අය අද ජ.වි.පෙ. නායකයන් දන්නවාද? මේ ඉලුක්කුඹුර රත්නපුර දිස්ත්‍රික්කයම බාරව ගිය සන්නද්ධ නායකයා වූ බව දන්නවාද? බලංගොඩ සමන් මහත්තයා ගැන දන්නවාද? රත්නපුර සන්නද්ධ නායක ගුණරත්න ගැන දන්නවාද? ඒ අය සමග ජ.වි.පෙ. සාකච්ඡා කළාද? ඉදිරියේදී අප තවත් මෙවැනි පක්ෂයේ අක්-මුල් මතු කර පෙන්වමු.


හේමන්තට D-4 කලාපයේදී මාල් සහෝදරයා හමුවීම සුවිශේෂ සිදුවීමක්. මාල් යනු ඕනෑම අවස්ථාවක නොබියව මුහුණ දීමේ ශක්තිය තිබුණු සගයෙකි.
එක්තරා අවස්ථාවක මාල් සහෝදරයා තම පක්ෂ සාමාජිකයන් රැසක් බේරා ගැනීම වෙනුවෙන් ඎත්‍ (ක්ෂණික විහිදුම් බලකායේ) නිලධාරින් කීප දෙනෙක් සමග මුහුණට මුහුණ තුවක්කුවෙන් සටන් කළේය. එය සිදුවූයේ රත්මලානේ වටරප්පල පාරේ ගෙදරකය. ඒ අවස්ථාවේ හේමන්ත ද එහි උන්නේය.

m



අදහස් (0)

සටන පාවාදුන්නේ මා නොවෙයි:

ඒ.එච්.චාමින්ද Tuesday, 19 January 2016 11:39 AM

මේක මෙතෙනින් නතර වියයුතු නැහැ. ඉලුක්කුඹුර දෙවෙනි වතාවේදී අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ සිට උන දේවල් ඔහුගෙන් අසා දැනගන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 319 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 939 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1428 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site