IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සත්‍ය සෙවීමේ කොමිසමකින් දකුණු අපි‍්‍රකාව අපරාධවල ඇත්ත සෙවූයේ මෙහෙමයි

  03_PAGE_22_M

 

පසුගිය යුද සමයේ සිදුවීම් ගැන සත්‍ය සොයන්නට ආණ්ඩුව කිසියම් යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන්නට සූදානම්ය. එහි අංග පිළිබඳව විදේශ ඇමැති මංගල සමරවීර මහතා මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අදහස් ප‍්‍රකාශ කොට ඇත. තවමත් නිශ්චිත නැති මෙම යාන්ත‍්‍රණයට යම් පමණකට ආදර්ශයට ගන්නේ දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක වූ සත්‍ය සෙවීමේ කොමිසම බවද ප‍්‍රකාශ වී තිබේ. අප රටේ තත්ත්වයන්ට වෙනස් තත්ත්වයක් යටතේ කි‍්‍රයාත්මක වුවද එම යාන්ත‍්‍රණය තේරුම් ගැනීම අපගේ උත්සාහයටද වැදගත් විය හැකිය.

 


ශ්‍රී ලංකාවේ තත්ත්වයන්ට සම්පූර්ණයෙන්ම සමාන නැතත් දකුණු අපි‍්‍රකාවේ සත්‍ය සෙවීමේ හා ප‍්‍රතිශෝධන කොමිසම කි‍්‍රයාත්මක වූයේ ප‍්‍රධාන ජනවර්ග දෙකක් අතර දිගුකාලීන ගැටුමකදී සිදුවූ මානව හිමිකම් කඩවීම් හා අපරාධ සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කරගැනීම සඳහාය. එමගින් අසාධාරණයට ලක්වූවන්ට කිසියම් ආකාරයක යුක්තියක් ඉටුකිරීමටය. එහි කි‍්‍රයාකාරිත්වය හා ප‍්‍රතිඵල ගැන බොහෝ විවේචන ඇතත් දකුණු අපි‍්‍රකානු ආදර්ශය පොදුවේ ලොවේ සලකන්නේ සාර්ථක කි‍්‍රයාවලියක් වශයෙනි. එමගින් එරට සියලූ දෙනාට  යුක්තිය ඉටු කළේ නැති අතර අපරාධකරුවන්ට දඬුවම් දීමද සිදු නොවීය. එසේ වුවද ජනවර්ග අතර ප‍්‍රතිශෝධනයට එමගින් මග පෑදුණු නිසා එය සාර්ථක කි‍්‍රයාමාර්ගයක්ය යන්න පිළිගැනී ඇත.


ප‍්‍රතිසන්ධානය ගැන කතා කරන විට දකුණු අපි‍්‍රකාවේ තිබූ ගැටුම් ගැනද අවබෝධයක් තිබීම වැදගත්ය. එරටෙහි තිබූ වර්ගභේද වාදය ගැන බොහෝ දෙනා අසා තිබෙනවා විය හැකි නමුත් එහි අමානුෂිකත්වය හා අසාධාරණයේ  තරම පිළිබඳව දන්නේ සුළු පිරිසක් විය හැකිය.


දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක වූ වර්ණභේද වාදය හඳුන්වන ලද්දේ අපාර්තයිඞ් (Apartheid) වශයෙනි. එරට සුදු ජාතිකයන්ගේ භාෂාව වන      ”අපි‍්‍රකානා” අනුව එහි තේරුම නම් වෙන්කොට තැබීමයි. එනම් සුදු ජාතික සුපිරි ප‍්‍රජාවෙන් කළු ජාතිකයන්, ඉන්දියානුවන් හා  වර්ණ ජාතීන් වෙන්කර තැබීමයි. කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකාවෙන් බිහිවූ මෙම වචනය දැන් ලෝක භාෂාවට එක්ව ඇත්තේ වාර්ගික වෙනස්කම් කිරීම් හඳුන්වන පොදු වචනයක් වශයෙනි. එය දකුණු අපි‍්‍රකානු වර්ණ භේද වාදය ලොවට දුන් දායාදයයි.


වර්ණ භේද වාදය කලකට ඉහත යුරෝපයේත්, උතුරු ඇමෙරිකාවේත් ප‍්‍රබලව තිබිණි. එසේ වුවද දහනවවැනි හා විසිවැනි සියවසේ මුල් කාලයේ එය දුර්වලව පසුව පිටුදකිනු ලැබුවේ මිනිස්කමට නිගාදෙන ක‍්‍රමයක් වශයෙනි. එසේ වුවද එය වැඩිම කලක් හා ඉතාමත් ව්‍යුහගතව හා නීතිගතව කි‍්‍රයාත්මක කරන ලද්දේ දකුණු අපි‍්‍රකාවෙහිය.

2

 


 යුරෝපීයයන් දකුණු අපි‍්‍රකාවට පැමිණ පදිංචිවන්නේ සියවස් ගණනාවකට පෙර සිටය. එරටෙහි  ඕලන්ද පාලන සමයේදී එය වඩාත් වේගවත් විය. පසුව බි‍්‍රතාන්‍ය පාලන සමයේදී බි‍්‍රතාන්‍යයෝද එහි පදිංචි වූහ. අපි‍්‍රකානා ලෙස හඳුන්වන උතුරු අපි‍්‍රකානු සුදු ප‍්‍රජාව බිහිවන්නේ එලෙස ශතවර්ෂ ගණනකට පෙර සිට එරටට පැමිණෙන යුරෝපීයන්ගෙනි.


දකුණු අපි‍්‍රකාව යුරෝපීයන්ට ධන ආකරයක් විය. ඒ ප‍්‍රධාන වශයෙන්ම එහි පැවැති රන් ආකර නිසාය. වෙනත් ඛනිජ සම්පත්වලින්ද එරට පොහොසත්ව තිබිණි. සුද්දන් එම සම්පත් අල්ලාගෙන පාලනය කළ අතර කළුජාතීන් සිටියේ දෙවැනි හා තෙවැනි මට්ටම්වල සේවා සපයන්නටය. විශේෂයෙන්ම පහළ මට්ටමේ කම්කරුවන් වශයෙනි. සුද්දන් හා කල්ලන් අතර පන්ති භේදයක් ගොඩ නැගී තිබුණේ ඒ ආකාරයෙනි.


මෙය විධිමත් ක‍්‍රමයක් බවට පත්කරන ලද්දේ 1948 දී දකුණු අපි‍්‍රකාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමත් සමගය. එවිට බලය ලැබෙන්නේ සුදු ජාතිකයන්ගේ පක්ෂය වන ජාතික පක්ෂයටයි. එම පක්ෂය කළේ සුද්දන්ගේ දේශපාලන බලයත් වරප‍්‍රසාදත් සහතික වෙන වර්ණභේදවාදී ක‍්‍රමයක් නීත්‍යානුකූලවම ස්ථාපිත කිරීමය. ඒ සඳහා පනත් ගණනාවක් 1950-52 කාලයේදී හඳුන්වා දෙනු ලැබීය.


ජාතික පක්ෂය හඳුන්වා දුන් නීතිවලට අනුව දකුණු අපි‍්‍රකානුවෝ වර්ග හතරකට බෙදනු ලැබීය. සුදු, වර්ණ, ඉන්දියානු හා කළු වශයෙනි. ඒ ඒ වාර්ගිකයන්ට වෙන්වූ පහසුකම් හා පදිංචි ප‍්‍රදේශද හඳුන්වා දෙනු ලැබීය. එහි තේරුම නම් රටේ හොඳම සම්පත් හා පහසුකම් සුද්දන්ටත්, කල්ලන්ට වහල් භාවය හා දුගී භාවයත් නීතියෙන්ම උරුමකර දීමයි. අනෙක් කොටස්වලටද අත්වූයේ කොන් කරනු ලැබූ තත්ත්වයකි.


සුද්දන් පදිංචි නගරවලින් කල්ලන් ඉවත් කරනු ලැබීය. එලෙස කෝටි එකහමාරක ජනතාවක් වෙනත් තැන්වල පදිංචි කළ බව වාර්තා වී ඇත. පාසල්, රෝහල්, ප‍්‍රවාහන සේවා ආදී සියල්ල වර්ණ භේද වාදය අනුව තීරණය විය. සුදු දරුවන්ට පහසුකම් සහිත පාසල් හිමිය. කල්ලන්ට ලබා දෙන්නේ යන්තම් අධ්‍යාපනයකි. කළු ජාතික දරුවකුගේ අධ්‍යාපනයට කරන වියදම සුදු දරුවකුගේ වියදමෙන් දහසයෙන් පංගුවකි. රෝහල්ද එසේමය. සුද්දන්ගේ රෝහල්, ආපනශාලා, විනෝද ස්ථාන කල්ලන්ට තහනම්ය. මුහුදු වෙරළද සුද්දන් සඳහා වෙන්කොට තිබිණි. සියයට විස්සක් වූ සුදු ජාතික ප‍්‍රජාවට සුපිරි පහසුකම් ලබාදී තිබූ අතර කල්ලන්ට උරුම කර දුන්නේ නින්දිත ජීවිතයකි.


රටේ දේශපාලන තීන්දු ගැනීමේ අයිතිය කල්ලන්ට අහිමිකොට තිබිණි. ඒ සඳහා ඔවුන්ට ඡුන්ද හිමිකම නැත. කල්ලන්ටම සීමාවූ ප‍්‍රදේශ නියමකොට තිබිණි. සුද්දන් ඒවාට කීවේ කල්ලන්ගේ නිජභූමි බවයි. ඒවාට පාලන බලයක් දී තිබූ අතර සුද්දන් කීවේ ඒවා ස්වාධීන රාජ්‍ය බවයි. එම රටවල් අතර තානාපති සබඳතාද පවත්වන ලද්දේ සුද්දන්ගේ පාලනයෙන් නිදහස් බව පෙන්වීමටය. දකුණු අපි‍්‍රකානු සුද්දෝ තම ආධිපත්‍යය ගෙන ගියේ ඒ ආකාරයෙනි.


 කළු ජාතිකයන් මේ පීඩාකාරී පාලනයට එරෙහිව නැගී සිටින විට සුදු පාලකයන් කළේ දැඩි මර්දනයකින් එයට පිළිතුරු දීමයි. ඇතැම් විට ඒවා වාර්ගික සමූලඝාතන මට්ටමට උත්සන්න විය. මෙම ක‍්‍රමය හෙළා දැකීමේ යෝජනා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී සම්මත වූයේ වරක් දෙවරක් නොවේ. එසේ වුවද දකුණු අපි‍්‍රකානු රජය එම යෝජනා තුට්ටුවකට ගණන් ගත්තේ නැත. එයට හයිය ලැබුණේ එරට සතු රත්රන් හා ඛනිජ සහිත ආර්ථිකයෙන් හා බටහිර ව්‍යාපාරික සබඳතා මගිනි.


දකුණු අපි‍්‍රකානු කළු ජාතිකයන් සුදු පාලනයට එරෙහිව කැරලි ගහන්නට පටන් ගත්තේ එක්දහස් නවසිය පනස් ගණන්වල සිටදීය. පසුව එයට නායකත්වය දෙන ලද්දේ නෙල්සන් මැන්ඩෙලාගේ අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයයි. කළු ජාතිකයන්ගේ මෙම අරගලයට අපි‍්‍රකානු රටවලින් ආධාර ලැබිණි.
මෙය සෝවියට් දේශය ප‍්‍රමුඛ සමාජවාදී කඳවුරත් ඇමෙරිකාව ප‍්‍රමුඛ ධනවාදී කඳවුරත් ලෙස ලෝකය බෙදී සිටි ශීතල යුද්ධ සමයයි. එහි ප‍්‍රතිඵලය වූයේ අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයට අනෙකුත් අපි‍්‍රකානු රටවල හා සෝවියට් කඳවුරේ ආධාර ලැබෙන විට සුදු පාලනය රැුක ගැනීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඉදිරිපත් වීමයි.

 

1

 


කළු ජාතිකයන් සමූල ඝාතනය කිරීමේ සිදුවීමක් නිසා 1960 දී දකුණු අපි‍්‍රකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නෙරපීමට යෝජනාවක් ඉදිරිපත් විය. එයට රටවල් වැඩි ගණනක් එකඟ වෙද්දී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය හා ප‍්‍රංශය ඉදිරිපත් වූයේ සුද්දන්ගේ පාලනය රැකගැනීමටය. බටහිර රටවල් කළේ දකුණු අපි‍්‍රකානු වර්ග භේද වාදය හෙළා දැකීමයි.  එරටට එක්සත් ජාතීන් පැනවූ සම්බාධක කි‍්‍රයාත්මක වූයේද අර්ධ වශයෙනි. ඇමෙරිකානු ව්‍යාපාරිකයන්ගේ ආයෝජන නිසා සුදු රජයේ  පැවැත්ම සහතික වී තිබිණි.


කෙසේ වෙතත් එක්සත් ජාතීන් මෙම වර්ග භේද වාදයට එරෙහිව විවිධ සම්බාධක කි‍්‍රයාත්මක කළේය. දකුණු අපි‍්‍රකාව එකල පැවතියේ ලෝක ප‍්‍රජාවගෙන් කොන්වූ රාජ්‍යයක් වශයෙනි.


ටෙස්ට් වරම් ලැබූ ශ්‍රී ලංකාව් කැරලිකාර කි‍්‍රකට් කණ්ඩායමක් දකුණු අපි‍්‍රකාවේ සංචාරය කිරීමේ සිදුවීම බොහෝ දෙනාගේ මතකයේ තිබිය යුතුය. එකල දකුණු අපි‍්‍රකාව කි‍්‍රකට් කණ්ඩායම් ගෙන්වා ගත්තේ එලෙස මුදල් වියදම් කරමිනි. නිල වශයෙන් ලොව වෙනත් රටවල් එරට සමග කී‍්‍රඩා කළේ නැත. ශ්‍රී ලංකාවෙන් ගිය පිරිසට ජිවිතාන්තය දක්වා කි‍්‍රකට් තහනම් විය. එම පියවර ගන්නා ලද්දේ ලෝකය කි‍්‍රයාත්මක කළ තහංචි බලාත්මක කිරීමටය.


 දකුණු අපි‍්‍රකාවේ කළු ජාතිකයන් මෙම පීඩාකාරී ක‍්‍රමයට එරෙහිව ගැසූ කැරැුල්ලට නායකත්වය දුන්නේ අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයයි. ඒ සමග වෙනත් කණ්ඩායම්ද කි‍්‍රයාත්මකව තිබිණි. ඒ සියලූ සටන් මැඩලීමට සුදු ජාතික පොලිසිය හා රහස් ඔත්තු සේවා කටයුතු කළේය. මිනිසුන් පැහැරගෙන මරා දැමීම, සමූල ඝාතන, වධදීම්, ගිනිතැබීම් බියවැද්දීම්, බෝම්බ ප‍්‍රහාර ආදී බොහෝ දේ සිදුවන්නේ එම සටන තුළය. පසුව සත්‍ය සෙවීමේ කොමිසම මගින් හෙළිදරව් කරන්නේ එම තත්ත්වයයි.


වර්ණ භේද වාදීන්ගේ අවසානය තීන්දු වන්නේ එක්දහස් නවසිය අසූ ගණන් වලදීය. ඒ වන විට බටහිර මානව හිමිකම් සංවිධානවල ප‍්‍රබල හඬ නැගීම නිසා ඇමෙරිකාවට හා බි‍්‍රතාන්‍යයටද දකුණු අපි‍්‍රකාව සමග ගනුදෙනු තෝරා ගැනීමට සිදුව තිබිණි. ඇමෙරිකානු ආයෝජන සිඳීගොස් තිබිණි. සියල්ලට වඩා බලවත් කාරණය වූයේ සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග ඇතිවූ තත්ත්වයයි. ඒ තුළ සුදු පාලනයට බටහිරින් තිබූ සහායද අවසන් විය.


තත්ත්වය තේරුම් ගත් සුදු පාලකයන් කළේ දකුණු අපි‍්‍රකාව තුළ දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට එකඟවීමයි. අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රස් නායක නෙල්සන් මැන්ඩෙලා විසිහත් වසරක් සිරගත කිරීමෙන් නිදහස් කරනු ලැබීය. ඔහු සමග ගිවිසුමකට පැමිණි සුදු පාලක එෆ්.ඩබ්ලිව්.ඞී. ක්ලාක් දේශපාලන බලය කළු ජාතිකයන්ට ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයට පියවර ගනු ලැබීය. 1990 සිට කි‍්‍රයාත්මක කළ සංක‍්‍රමණීය වැඩ පිළිවෙළකින් පසුව 1994 දී පැවැති මහ මැතිවරණයෙන් නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති වශයෙන් පත්විය. එය දකුණු අපි‍්‍රකාවේ සුදු වර්ණවාදී පාලනයේ අවසානය විය.


වර්ග භේද වාදය එලෙස අවසන් වුවද එය පවත්වාගෙන යාමේදිත්, එයට එරෙහිව කළ සටනේදීත් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපරාධ පිළිබඳ ප‍්‍රශ්නය ඉතිරි වී තිබිණි. එම අපරාධවලට ගොදුරු වූවන් කීවේ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු බවයි. එමෙන්ම ගැටුමෙන් පසුව ප‍්‍රතිසන්ධානය ඇතිකිරීම සඳහා ගැටුමේ සිදුවීම් සාකච්ඡුාවට ලක්විය යුතුව තිබිණි. දකුණු අපි‍්‍රකාවේ සත්‍ය සෙවීමේ හා ප‍්‍රතිසන්ධාන කොමිසම කි‍්‍රයාවට නගන්නේ ඒ සඳහාය.


මෙම කොමිෂන් සභාව පිහිටුවනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ විශේෂ පනතක් මගිනි. 1995 ජාතික සමගිය හා ප‍්‍රතිසන්ධානය වර්ධනය කිරීමේ පනත වශයෙන් එය හඳුන්වනු ලැබීය. එය යුද අපරාධ විනිශ්චය සභාවක් හෝ අධිකරණයක් නොවන බව එයින්ම පැහැදිලි විය යුතුයි.


1996 දෙසැම්බර් මාසයේදී කි‍්‍රයාත්මක කළ කොමිසම පත්කරන ලද්දේ වසර තුනක කාලයකටය. එසේ වුවද පසුව එය වසර හතක් දක්වා දිගු කරනු ලැබීය. එයට හේතු වූයේ බලාපොරොත්තු වූවාට වඩා බොහෝ සිදුවීම් හෙළිදරව් වීමට පටන් ගැනීමයි.


සත්‍ය සෙවීමේ කොමිසම විනිශ්චයකාරවරුන් දහහත් දෙනෙකුගෙන් සමන්විත විය. එහි සභාපතිත්වය දරන ලද්දේ ඩෙස්මන්ඞ් ටුටු ආචිබිෂොප්තුමාය. තවත් කීර්තිමත් විනිශ්චයකාරවරුන් ගණනාවක් එහි සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.


මෙම කොමිසමට පවරා තිබූ කාර්යභාරය වූයේ 1960-1994 කාලයේ වර්ණ භේදවාදී පාලනය යටතේ එම රජයෙන් හා විමුක්ති සංවිධානවලින්ද සිදුකරන ලද පැහැරගෙන යාම්, මරා දැමීම්, වධදීම් ආදිය සොයා බැලීමය. එනම් සියලූ පාර්ශවයන්ගෙන් සිදුවූ මානව හිමිකම් කඩවීම් ගැන සොයා බලා පරීක්ෂාකොට හෙළිදරව් කිරීමයි.


කොමිසම ඉදිරියට පැමිණ තමන් කළ වැරදි ගැන නොසඟවා හෙළිකරන වගකිවයුත්තන්ට සමාව දීමේ බලයද මෙම කොමිසමට ලබාදී තිබිණි. එය බොහෝ සාක්කිකරුවන් කැඳවා ගැනීමටත් තොරතුරු හෙළිකර ගැනීමටත් පහසුවීමට හේතු විය.


විනිශ්චයකරුවන් දහහත් දෙනෙකුගෙන් සමන්විත කොමිසමට සහයාදීම සඳහා තුන්සියයකින් පමණ යුත් කාර්ය මණ්ඩලයක් සිටියහ. ඔවුන්ගේ කටයුතු කමිටු තුනකට බෙදා තිබිණි. එනම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කමිටුව, සමාව දීමේ කමිටුව, වන්දි ගෙවීමේ හා පුනරුත්ථාපනය කමිටුව වශයෙනි.


මුලදී සැලසුම් කරන ලද්දේ කොමිසමේ විභාගය රහසිගතව පවත්වාගෙන යාමටය. එසේ වුවද මානව හිමිකම් සංවිධානවල ඉල්ලීම මත පසුව එය ප‍්‍රසිද්ධියේ සිදුවූ අතර රූපවාහිනි හා ගුවන්විදුලි මගින්ද ප‍්‍රචාරය කරනු ලැබීය.


මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූවෝ 21,000 ක් පමණ කොමිසමට සාක්ෂි දුන්හ. ඉන් 2000ක් පමණ විවෘත අධිකරණයේ සාක්කි දුන් අතර අනෙක් පිරිස කොමිසම හමුවේ කරුණු කීමට සීමාවූහ.


තමන් කළ වැරදිවලට සමාව ඉල්ලා ඉල්ලූම්පත් 7112ක් කොමිසමට ඉදිරිපත් විය. ඉන් සමාව ලබා දුන්නේ ඉල්ලූම්පත් 849කට පමණය. 5392ක් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. තවත් කොටසක් ඉවත්කර ගන්නා ලදී. එසේ වුවද අපරාධ සඳහා දඬුවම් දීමද සිදුවූයේ විරල වශයෙනි. ඇතැම් සිදුවීම් අත්හැර දමනු ලැබූ අතර තවත් සිදුවීම්වලදී චෝදනා ලැබූ උදවිය නිදහස් වූහ. සුළු දඬුවම් දුන් අවස්ථා ගණන රාශියකි. එම කටයුතු බොහෝ විට සිදුවූයේ සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ නොව දකුණු අපි‍්‍රකානු අධිකරණයේදීය.


දකුණු අපි‍්‍රකානු සත්‍ය සෙවීමේ කොමිසමේ කි‍්‍රයාකාරිත්වය තේරුම් ගත හැකි සිදුවීම් කිහිපයක් සඳහන් කිරීම වැදගත්ය. ඉන් පළමුවැන්න නම් වර්ණ භේදවාදී රජයේ ජනාධිපති එෆ්.ඩබ්ලිව්.ඞී. ක්ලාක් මහතා කොමිසම හමුවේ කළ පාපෝච්ඡුාරණයයි. එහිදී ඔහු තමන් වර්ණ භේද වාදය පවත්වාගෙන යාම සඳහා කළ අපරාධ හෙළි කළේය. එම සිදුවීම් ඇසීමෙන් කළු ජනයා කෝපයට පත් වුවද  කොමිසම ඔහුට සමාව ලබා දුන්නේය. එය ඇතැමුන්ගේ විවේචනයට ලක්වන විට කොමිසම වෙනුවෙන් පෙනී සිටි මානවවාදින් කීවේ මෙහිදී සත්‍ය හෙළිකර ගැනීමේ යාන්ත‍්‍රණය මගින් සමාව දෙන බවයි. දඬුවම් දීමෙන් එය කළ නොහැකි බව ඔවුන්ගේ තර්කය විය.


නෙල්සන් මැන්ඩලාගේ බිරිය විනී මැන්ඩෙලා දිගු කලක් එහි ප‍්‍රධාන ප‍්‍රකාශිකාව ලෙසත්, නෙල්සන් මැන්ඩලාගේ නියෝජිතවරිය ලෙසත් කටයුතු කළාය. එලෙස ලෝක පිළිගැනීමට ලක්වූ ඇයගේ අපරාධද සත්‍ය කොමිසම ඉදිරියේ හෙළිදරව් විය. එසේ වුවද ඇයට පූර්ණ සමාව හිමි නොවූයේ ඇතැම් කරුණු සැඟවීම නිසාය. අධිකරණයෙන් ඇයට මාස හයක සිර දඬුවමක් නියම විය. අභියාචනය මගින් එය දඩයක් බවට අඩු කරනු ලැබීය. කෙසේ වෙතත් දැන් නැවතත් ඇය දකුණු අපි‍්‍රකානු දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින්නීය. පැහැරගෙන යෑම්, මිනීමැරීම් ගණනාවකට වැරදිකාරිය වූ ඇයටද සමාව හිමිවී තිබේ.


වර්ණ භේදවාදී රජයේ හිටපු ජනාධිපතිවරයකු වූ පී.ඩබ්ලිව්. බෝතො සත්‍ය සෙවීමේ කොමිසම ඉදිරියේ පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කළේය. ඔහුට දඩයක් හා අත්හිටුවූ සිරදඬුවමක් නියම විය. අභියාචනයේදී එයද ඉවත්කරනු ලැබීය.


මෙලෙස අපරාධකරුවන් නිදහස ලැබීම බටහිර ඇතැම් මානව හිමිකම් සංවිධාන දැක්කේ්් යුක්තිය ඉටු නොවීමක් වශයෙනි. වැරදිකරුවන්ට මෙලෙස නිදහස් වීමට ලැබීම අනාගතයේදී තවත් අය වරදට පෙළඹීමේ හේතුවක් බව ඔවුහු කියති.


මෙම සත්‍ය සෙවීමේ කොමිසම ගැන එය කි‍්‍රයාවට නැගූ අපි‍්‍රකානු ජාතික කොන්ග‍්‍රසයේ මතයද වැදගත්ය. නෙල්සන් මැන්ඩෙලා යටතේ උප ජනාධිපතිව සිටි එවකට ජාතික කොංග‍්‍රසයේ සභාපති තාබෝ මබෙකි කීවේ තමන්ට සත්‍ය සෙවීමේ කොමිසමේ වාර්තාව ගැන බරපතළ ප‍්‍රශ්න තිබෙන බවයි.


මෙයින් පෙනී යන්නේ දකුණු අපි‍්‍රකාව කි‍්‍රයාත්මක කළ සත්‍ය සෙවීමේ හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ කි‍්‍රයාකාරීත්වයද සියලූ දෙනා සතුටු කළ කි‍්‍රයාමාර්ගයක් නොවූ බවයි. එයටද බොහෝ විවේචන තිබිණි. එසේ වුවද තේරුම්ගත යුතු වන්නේ එය වැරදිකරුවන් සොයා දඬුවම් කිරීමට ගොඩනැගූ කොමිසමක් නොවන බවයි. එහි අරමුණ එම රට තුළ බිඳවැටී තිබූ ජාතික ප‍්‍රතිසන්ධානය ගොඩනැගීමයි. එම කි‍්‍රයාමාර්ගයේ සාර්ථකත්වය මැන බැලිය යුත්තේ එම අරමුණට අනුවය.


විශාල ගැටුමක විනාශයකින් පසුව රටකට අවශ්‍ය වන්නේ සිදුවූ තුවාල පාරමින් වේඳනා විඳීමට නොවේ. තුවාල සුව කරගෙන වේඳනාවෙන් මිදීමටය. දකුණු අපි‍්‍රකානු ක‍්‍රමවේදය සාර්ථක වී ඇත්තේ එහිදීය.

m



අදහස් (0)

සත්‍ය සෙවීමේ කොමිසමකින් දකුණු අපි‍්‍රකාව අපරාධවල ඇත්ත සෙවූයේ මෙහෙමයි

වින්සන්ට් Thursday, 08 October 2015 05:46 PM

ශ්‍රී ලාංකිකයන්ගේ වැඩි අවධානයට යොමුවියයුතු ලිපියකි. තුවාල සුවකරගෙන වේදනාවෙන් මිදෙනවාට වඩා ජාතිප්‍රේමයෙන් තමන්ගේ පැවැත්ම ගෙනයාමට උත්සාහ කරන පිරිසක් සිංහල සහ දෙමළ දෙපාර්ශවයේම දකින්නට ඇත. මේ නිසා තුවාල සුවකිරීම පහසුවන්නේ නැත. (නි)

:       0       2

ධම්ම Sunday, 11 October 2015 08:39 AM

සත්‍ය සෙවීමේ කොමිසම් ඉරාකයට, ඇෆ්ඝනිස්තානයට, ලිබියාවට අදාළ නැත්තේ මොකද? (බ)

:       0       0

ගමගේ Friday, 09 October 2015 07:00 AM

බලලෝභී දේශපාලනඥයින් ජාතිවාදී හැගීම් පතුරුවා බලයට පැමිණ ආණ්ඩුකරන අතරේ ගොවියන් සහ ව්‍යාපාරිකයින් තම නිෂ්පාදන සහ අලෙවි කාර්යයන්වල නිරතවූ නිසා ශ්‍රී ලංකාවේ ජාතිවාදී ප්‍රශ්නය දකුණු අප්‍රිකාවේ මෙන් ඔඩු දිව්වේ නැති බවයි මගේ අදහස. (බ)

:       0       0

විපුල Sunday, 11 October 2015 03:54 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 552 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 69 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 93 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 320 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 213 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 670 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site