IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සතුරු දඩයමේ දේශපාලනය

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ගැන රටේ ලොකු අවධානයක් නැත. රටේ ආර්ථිකය පිළිබඳව බරපතළ අලුත් උත්සාහයක් ගත්තේද නැත. මතු වෙමින් තිබෙන්නේ වෙනමම දේශපාලනයකි. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ පිළිබඳවය.

 

සතුරකු සෙවීමේ දේශපාලනය

ඉහතින් සදහන් කළ ‘අලුත් දේශපාලනයේ’ මහා පොදු සාධකය වන්නේ ‘සතුරකු සෙවීමේ’ ආණ්ඩුවේ උත්සාහයයි. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මීට පෙර සිටි සියලුම ආණ්ඩු වැරදි බවට මතු කළ තර්කයක් හරහාය. ‘නිදහසින් පසු වසර 76 ම අහකට’ යන තර්කය මතු වුණේ ඒ අනුවය. ආණ්ඩුවේ අය මතු කළ ඒ කථාව ජනතාව පිළිගත්තේය. පාර්ලිමේන්තුවේ 225 න් 159 ක්ම ඒ පැත්තට ලබා දුන්නේ මේ කථාව තදින් පිළිගත් නිසා විය යුතුය.

දැන් ආණ්ඩුව අවධානය යොමු කළ යුත්තේ පසුගිය වසර 76 ටම වෙනස්, අලුත් සංවර්ධන ආකෘතියක් හඳුන්වා දීමටය. ආර්ථිකය පසුගිය වසර 76 ටම වඩා ශක්තිමත් ආකාරයෙන් මෙහෙයවීමය. රටේ ආර්ථික ක්‍රියාකාරකම් හෙවත් Economic Activities  වැඩි කිරීමය. එහෙත් ඒ වෙනුවට ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ වෙනමම වැඩක්ය. ඒ අය කරන්නේ අලුතින් වැඩ කිරීම නොව අලුත් සතුරෙක් මවා පෙන්නීමය. පසුගිය කාලයේ රටේ ජනප්‍රිය වූ නාට්‍යයක නමක් වූයේ ‘අලුත් හොරෙක් ඕනෑ.’ කියාය. ආණ්ඩුව පෙන්වන්නේ ඒ අයටත් ‘අලුත් සතුරෙක් ඕනෑ.’ කියාය. ඒ සඳහා දිනෙන් දින සතුරන් සොයා යන දේශපාලනයක් දියත් කර ඇත්තේ ඒ නිසාය.

මේ අලුත් උත්සාහයේ ආසන්නම ගොදුර බවට පත්වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය.

 

රනිල්ගේ දේශපාලනය

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවිධ අයට විවිධ ආකාරයේ විවේචන තිබෙනවා විය හැකිය. ඒ අය අතර ඔහු සමග එක පක්ෂයේ දේශපාලනය කළ අයත්, විරුද්ධව දේශපාලනය කළ අයත් සිටිනවා විය හැකිය. එහෙත් වික්‍රමසිංහ මහතා සම්බන්ධ දේශපාලනය මේ මොහොතේ ප්‍රධාන කාරණයක් බවට ඒ කිසිවෙක් පත්කර ගෙන ඇතැයි මා සිතන්නේ නැත. වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මුලදී විරෝධීව සිටි අය පවා 2022 – 24 කාලයේ එතුමාගේ සමහර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැහැදීමෙන් සිටිනවා යැයි කිව හැකි තරමේ තත්වයක් ද ඇත.

 මගේ දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඔහුගේ විරුද්ධ පැත්තේ දේශපාලනයක් හැම විටම සිදුකර ඇත්තෙමි. එහෙත් මෙවර ආණ්ඩුව තමන්ගේ ‘සතුරකු සෙවීමේ දේශපාලනය’ තුළට වික්‍රමසිංහ මහතාව දමා ගෙන ඇති ආකාරය සමග මගේ කිසිදු එකඟතාවක් නැත. මෙතන සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුවේ අයට තමන්ගේ ඡන්ද දායකයන් සතුටු කිරීමේ පලදායක ක්‍රියාමාර්ග නොමැති වීම හේතුවෙන් ඒ වෙනුවට ‘සතුරෙක්’ ඉදිරිපත් කර සාකච්ඡාව වෙනත් පැත්තකට තල්ලු කිරීමයි.

 

අල්ජසීරා සාකච්ඡාව සහ බටලන්ද

මේ අලුත් තත්වය ගොඩ නැගී තිබෙන්නේ අල්ජසීරා රූපවාහිනි නාලිකාව සමග වික්‍රමසිංහ මහතා සිදුකළ සාකච්ඡාව හරහාය. මගේ නිරීක්ෂණය වන්නේ වික්‍රමසිංහ මහතාගේ ඒ රූපවාහිනී සාකච්ඡාව අපේ රට පැත්තෙන් සිදුකළ ඉතාමත් ආරක්ෂණවාදී එකක් බවයි. එවැනි සාකච්ඡාවකට සහභාගි විය හැකි මේ මොහොතේ රටේ දේශපාලනය කරන වෙනත් නායකයෙක් සිටිනවාදැයි කල්පනා කර බලන්නේ නම් මේ ප්‍රශ්නය තවත් පැහැදිලි වනු ඇත.

ආණ්ඩුවේ සමහර නායකයන් කතා කරන්නේ ඒ අය ලෝකයේ ජාත්‍යන්තර රූපවාහිනී චැනල සියල්ලම සමතික්ක්‍රමණය කර තිබෙනවා වගේ ආඩම්බර ලීලාවෙන්ය. මගේ අදහස වන්නේ එකී අල්ජසීරා සාකච්ඡාවේ මතු වූ ප්‍රධාන ගැටලු 03 එනම් 1. 2009 යුද්ධය, 2. ප්‍රශ්චාත් යුධ කළමනාකරණය සහ 3. 2022 ආර්ථික කඩා වැටීම යන ප්‍රශ්න තුනට රනිල්ට වඩා හොඳට ජාත්‍යන්තර මාධ්‍යයට පැහැදිලි කළ හැකි අයෙක් මේ ආණ්ඩුවේ නැති බවය. මේ ප්‍රශ්න තුන ජාත්‍යන්තර රූපවාහිනියක ඉංග්‍රීසියෙන්, ශක්තිමත්ව කතා කළ හැකි බුද්ධිමතුන් මේ රටේ සිටින බව සැබෑවක්ය. දයාන් ජයතිලක, රජීව විජේසිංහ වැනි අය ඒ අතර ප්‍රධානය. එහෙත් ක්‍රියාකාරී පාර්ලිමේන්තු දේශපාලනයේ හා ආණ්ඩුවේ මේ මොහොතේ එවැනි එක් අයෙක් වත් නැති බව මගේ අදහසය. එසේ තිබියදී රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව තුළ සැඟවෙන්නට යාම එක් පැත්තකින් විහිලු සහගතය.

 

බටලන්ද වාර්තාව

බටලන්ද කොමිසමේ වාර්තාව යළිත් කරළියට පැමිණ ඇත්තේ මේ අනුවය. වික්‍රමසිංහ මහතාගේ දේශපාලනයේ 1989 කාලයේ තත්වය මේ කොමිසම් වාර්තාවෙන් මතු වූ බව සැබෑවක්ය. ඒ කාලයේ සිදුවූ බරපතළ මානව හිමිකම් විරෝධ අතර මේ කොමිසමෙන් මතුකර ගත් කරුණු ද ඉතාමත් සංකීර්ණ කාරණා රාශියක් එළියට ගැනීමට සමත් බව පැහැදිලිය. එහෙත් 1989 සිදු වූ සමස්ත ක්‍රියාවලිය (ජ.වි.පෙ. දේශපාලනය, ගල්කටස් ත්‍රස්තවාදය, ආණ්ඩුවේ මර්ධනය) සමස්තයක් ලෙසින් ගෙන සොයා බැලීමක් කරන්නේ නැතිව බටලන්ද කොමිසම ගැන පමණක් කතා කිරීමෙන් ඒ පළල් ක්‍රියාදාමය සිදුවන්නේ නැත. මේ කරන්නේ ‘සතුරකු සෙවීමේ දේශපාලනයට’ තවත් කොමිසම් වාර්තාවක් දමා ටිකක් කල් අල්ලා සිටීමට උත්සාහ ගැනීමය.

මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මේ වන විටත් තීරණය කර තිබේ. එහි වැරැද්දක් නැත. එහෙත් සංකීර්ණ ක්‍රියාදාමයක් එනම් 1988 – 89 රටේ පැවැති තත්වය සහ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මෙසේ එක වාර්තාවක් හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීම ඉතාමත් දුර්වල උත්සාහයක් පමණක් බව මගේ අදහසය.

ඇත්තටම මෙය සමාන වන්නේ අල්ජසීරා සාකච්ඡාවේ නිවේදකයාගේ ‘2009 උතුරේ යුද්ධය සම්බන්ධව සිදුකළ ප්‍රකාශය වගේ දුර්වල එකකටය. ඔහුට අනුව 2009 යුද්ධයේ අවසාන සතිවල සිදුවූයේ කුමක්ද කියා හරියටම  තියෙන්නේ දරුස්මාන් වාර්තාව තුළය. ඔහු ඉදිරිපත් කළ දත්ත සියල්ලම මතු වී තිබෙන්නේ ඒ වාර්තාව තුළ පමණය. 2009 යුද්ධයේ අවසානය ගැන සිදුකළ අනෙක් කොමිසම් වාර්තා තුනම ගැන කිසිදු දැනීමක් ඔහුට නැත. එවැනි ඒක පාර්ශ්වීය තේරුම් ගැනීමකින් බරපතළ හා සංකීර්ණ 2009 යුදමය තත්වය වටහා ගත නොහැකිය. එය සමාන වන්නේ වත්මන් ආණ්ඩුව 1988 – 89 ගැටුම්කාරීත්වය බටලන්ද කොමිසමෙන් බලනවා වැනි ක්‍රියාවකටය.

 

ප්‍රාදේශීය සභා ඡන්දය හා රිළා සංගණනය

බටලන්ද කොමිසම් වාර්තාව හා රනිල් වික්‍රමසිංහ පිළිබඳව කථා කරන්නට ගොස් එළඹෙන ප්‍රාදේශීය සභා ඡන්දය පිළිබඳව යමක් කතා කිරීමට නොහැකි විය. ප්‍රාදේශීය සභා ඡන්දය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. එය ඉතාමත් හොඳ ප්‍රවණතාවකි. මේ මොහොතේ ඡන්දයක් පවත්වා රටේ ජනතාවගේ මතය විමසීම වැදගත්ය.

 මෙවර පළාත් පාලන ඡන්දයේ ප්‍රධාන මාතෘකාව විය යුත්තේ ‘ජාතික දේශපාලනයේ බොරු ගමට එපා.’ යන්නය. පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තුළ ආණ්ඩුවේ අය ඉදිරිපත් කළ බොහෝ කරුණු බොරු බව මේ වන විටත් ඔප්පු වී ඇති තත්වයක ඒ නැවතත් ගමේ ඡන්දයට ගේන්න එපා කියන එක වැදගත් කාරණයකි. මෙවර පළාත් පාලන මැතිවරණය යොදා ගත යුත්තේ ගමේ දේශපාලනය හා ප්‍රාදේශීය පාලනය සඳහා ශක්තිමත් කණ්ඩායමක් පත්කර ගැනීම සඳහාත් ආණ්ඩුවේ පාලනය සම්බන්ධයෙන් තමන්ගේ විවේචනය ප්‍රකාශ කිරීම සඳහාත්ය. ඒ සඳහා ජනතාවට ලැබෙන අවස්ථාවක් ලෙසින් මේ ඡන්දය භාර ගැනීම සුදුසුය.

පළාත් පාලන ඡන්දයට අමතරව මේ දිනවල සිදුකරෙන තවත් වැඩක් වන්නේ වනසතුන් ගොවිබිම් වලට පැමිණීම සංගණනය කිරීමය. මම මුලින් සිතුවේ මේ වැඩේ කාගේ හරි ‘ජෝක් එකක්’ කියාය. ඒ කියන්නේ මේ සංගණන කතාව කාගේ හරි විහිලුවක් කියාය. එහෙත් එය බරපතළ ආකාරයෙන් ආණ්ඩුව සිදුකරන ක්‍රියාදාමයක් බව පෙනී ගියේ මගේ නිවසටත් එම සංගණනයේ ආකෘති පත්‍රිකාව යම් නිලධාරියෙක් විසින් ගෙනත් දී තිබෙනු දැකීමෙන්ය.

 අපේ ගම්වල මේ ගැටලුව ඉතාමත් බරපතළ එකක් බව මෙහිදී සටහන් කළ යුතුය. දඬුලේනුන් සහ අලුත් වර්ගයක වවුලන් සමූහයක් නිසා පොල් වගාව බරපතළ අර්බුදයකට පත්වී ඇත. ඒ මගේ ඇහේ ප්‍රමාණයට සිදුවන දේය. මේ කාරණය පිළිබඳ බරපතළ පර් යේෂණයක් ගොවියන්ට නම් අවශ්‍ය නැත. අවශ්‍යව ඇත්තේ විසඳුමකි. ඒ විසඳුම දෙන්නට නම් මෙවැනි සංගණනයක් සිදුකළ යුතු යැයි ආණ්ඩුව සිතන්නේ නම් ඒ පිළිබඳව වෙන කරන්නට දෙයක් නැත. එහෙත් බැලූ බැල්මටම පේන්නේ මේ වැඩෙත් මා මුලින් කී ‘සතුරෙකු සොයා ගැනීමේ’ දේශපාලනයටම සම්බන්ධ එකක් බවය. සතුරෙක් හොයන්නට නොහැකි වෙන විට වඳුරෙක් වත් සොයාගත යුතු යැයි ආණ්ඩුව සිතුවේ දැයි මා දන්නේ නැත. එහෙත් මේ වැඩේ රටේම විහිලුවක් බවට පත්වීම නම් අනිවාර්යයි.

 

(***)


මහාචාර්ය - චරිත හේරත්



අදහස් (0)

සතුරු දඩයමේ දේශපාලනය

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියාවේ ඇත්ත නැත්ත
2025 මාර්තු මස 14 852 0

මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 201 0

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


ඉන්දියානු තඹ සමාගමත් ලංකාව හැර යන ලකුණු!
2025 මාර්තු මස 13 1341 1

ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත


දිළින්දන් නොවී ආධ්‍යාත්මික සාර්ථකත්වය ලබමු
2025 මාර්තු මස 13 101 1

දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු


පළාත් පාලන ක්‍රම වෙනසක් අවශ්‍ය ඇයි?
2025 මාර්තු මස 13 65 0

2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද


අයවැය සන්සුන්කමේ අභ්‍යාසය
2025 මාර්තු මස 12 303 0

ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඉන් දින දෙකකට පසු, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ සැ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 242 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 555 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 255 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site