IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සූදුපොළේ කතාව දුරදිය ගිය හැටි

 

 

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් පළමු වැනි දා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනපති නියමයෙන් විසිරුවා හැරි බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා පැවසීයැයි පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. ඒ සමගම එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ තනතුරද අහෝසි වනු ඇතැයි ද වාර්තා විය.

යුද්ධයෙන් පසු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ගැන වැඩි කතා බහක් ඇති වූයේ කොළඹ සුපිරි සූදුපොළ වැටලූ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 23 දෙනා ස්ථාන මාරු කිරීමත් සමගය.

වැටලීම් කළ නිලධාරීන්ගේ ස්ථාන මාරුව පිටුපස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයට සම්බන්ධ නිලධාරියකු සිටින බවට චෝදනා එල්ල විය. බූරුපොළ වැටලූ නිලධාරීන් මාරු කිරීම පිටුපස සිටින ප‍්‍රබල හස්තය -හුලා” නම් පුද්ගලයකුගේ බව මාධ්‍ය වාර්තා කළේය.

බූරු පොළ වැටලූ කොළඹ සංවිධානාත්ම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසි හතර පැයක් ඇතුළත හතර අතේ මාරු කිරීමට කිසිවකුගේ බලපෑමක් උඩ සිදු නොවූවක් බවත්, ඊට විවිධ හේතු මුල් වූ බවත් කියමින් එම ස්ථාන මාරු සාධාරණීය කරණය කිරීමට ද පිරිසක් උත්සාහ ගත්හ. එම උත්සාහ ව්‍යර්ථ කරමින් නිලධාරීන් මාරු කළේ බූරු පොළ වැටලූ නිසාම බවට සමාජයේ විවිධ තරාතිරම්වල උදවිය තවම සපථ කරමින් සිටිති.  සාර්ථක වැටලීමකින් පසු වැටලීම කළ සියලූ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කළැයි පොලිස් දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය විය හැකිය.

ආන්දෝලනාත්මක වැටලීමෙන් පසු එම කතා බහ සමාජයෙන් මැකී යන්නටත් මත්තෙන් නොවැම්බර් 18 වැනි දා යළි එය වැටලීය. කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ එම වැටලීමෙන් දස දෙනෙක් අත්අඩංගුවට ගත්හ. ඒ සමගම පිරිසක් චෝදනා කළේ කලින් වැටලීම කළ නිලධාරීන් ස්ථාන මාරු කිරීම ගැන පොලිසියට එල්ල වූ චෝදනා වසා ගන්නට මේ වැටලීම කළ බවයි.

රටේ මහත් ආන්දෝලනයකට තුඩු තුන් නොවැම්බර් 04 වැනි දා වැටලීමෙන් පසු නැවත බියක් සැකක් නැතිව සූදුපොළ ආරම්භ කිරීම පිටුපස සිටින හස්තය කුමක්දැයි පොලිසියට සොයා ගැනීමට නොහැකි විය.

සූදුපොළ පවත්වාගෙන යන ස්ථානය ආසන්නයේ පැය 24 පුරාම පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන ලෙස පොලිස්පති බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පසුගිය 20 වැනි දා නිවේදනය කළේය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ මීට පෙර පස් වතාවක් සූදුපොළ වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අවස්ථා පහකදී වැටලීම් කළත් සූදු පොළ නැවත්වීමට පොලිසියට නොහැකිවී ඇති බව එයින් පෙනී යයි. සූදුපොළ කරවන්නන් පොලිසිය සෙල්ලමකට ගෙන ඇති බවක් ගම්‍ය වන්නේ  පොලිසිය කියන ආකාරයකට 2010 වසරේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී සූදුපොළ වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තත් සූදු පොළ දිගින් දිගටම ක‍්‍රියාත්මක කරන බැවිනි.

සූදුපොළ වැටලූ සංවිධාන්තමක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ස්ථාන මාරු කිරීම හා සූදු පොළ වැටලීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි පොලිසිය කියයි. අපරාධ විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊට පෙර කරන ලද ඉල්ලීමක් මත එහි නිලධාරීන් ස්ථාන මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ දෙදෙනකු වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සහ  එහි නිලධාරීන් දීර්ග කාලයක් එකම ස්ථානයේ කටයුතු කිරීම නිසා ස්ථාන මාරු කළ බව ද පොලිසිය කියයි.

එය සම්පූර්ණයෙන්ම සාවාද්‍ය බව සිද්ධිය අග සිට මුලට දත් පොලිස් නිලධාරීහු කියති. පොලිසිය පවසන නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට පත් වූයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරද්දී නොව තාවකාලික ස්ථාන මාරුවක් ලැබ වෙනත් ස්ථානයකට අනුයුක්තව රාජකාරි කරද්දීය. දීර්ඝ කාලයක් එකම ස්ථානයේ කටයුතු කිරීම නිසා ස්ථාන මාරු කළා යැයි කීම මුසාවක් බව තතු දත්තෝ කියනුයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට පැමිණ වසරක්වත් සම්පූර්ණ නොවූ උපපොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනකු ද ස්ථාන මාරු  ලැබූවන් අතර සිටින බැවිනි.
මීට කාලයකට පෙර අපරාධ විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිගේ නිර්දේශයක් අනුව කළ බව කියන ස්ථානමාරු සූදු පොළ වැටලීමත් සමගම ක‍්‍රියාත්මක වූයේ කෙසේද යන්න ඊළඟට නැගෙන ප‍්‍රශ්නයකි.  විවිධ වැරදි සඳහා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් අවස්ථා රැසක් පසුගිය කාලයේ වාර්තා වුවත් ඔවුන් අනුයුක්ත පොලිසිවල සියලූ නිලධාරීන් ස්ථාන මාරු කිරීමක් නොවිණි. එසේ නම් කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන හා දුෂණ මර්දන අංශයට සිදුවූයේ කුමක්දැයි තවමත් ගැටලූවකි.

කෙසේ වෙතත් වැටලීම කළ පොලිස් නිලධාරීන් හතර අතේ ස්ථාන මාරු කිරීම පිටුපස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මස්ථානයට සම්බන්ධ පුද්ගලයකු සිටින බවට චෝදනා එල්ල විය. එම චෝදනා නිසාවෙන් හෝ වෙනත් හේතුවක් නිසාවෙන් හෝ එම මධ්‍යස්ථානය විසිරුවා හමාරය.
සීසීකඩ ස්ථාන මාරු කළ කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන හා දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ගේ ස්ථාන මාරු අවලංගු කර නැවත ඔවුන් සිටි ස්ථානයටම අනුයුක්ත කරනු ඇත්ද? සාධාරණය පතන විශාල පිරිසක් ඒ දෙස විපරමෙන් සිටිති.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ නිවේදනයේ මෙසේ සඳහන් විය.

කොළඹ පුරහල ආසන්නයේ සූදු පොළ මීට පෙර අවස්ථා හයකදී වටලා ඇත. 2010 ජූලි 6 වැනි දා කොම්පඤ්ඤ වීදිය පොලිසියෙන් ද, 2012 ජනවාරි 08, 2012 පෙබරවාරි 02 සහ 2012 මැයි 28 කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද, 2013.07.02 සහ 2013.11.04 වැනි දා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයෙන් ද වැටලීම් කර තිබේ. නමුත් ඉහත කිසිදු අවස්ථාවක නිලධාරීන් මාරු කිරීමක් කර නැත.

එමෙන්ම මේ සූදුපොළ පවත්වාගෙන යන ස්ථානය ආසන්නයේ නිරන්තරයෙන් පැය 24 පුරාම පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත පොලිස්පති විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ස්ථානයේ සූදු ක‍්‍රීඩාවේ යෙදුනහොත් වැටලීම් කරන ලෙස තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

 

 

 



අදහස් (0)

සූදුපොළේ කතාව දුරදිය ගිය හැටි

ද සිල්වා Tuesday, 10 December 2013 07:54 PM

රණවිරුවෝ දිවිපුදා ආරක්ෂා කළ රට මෙවැනි නිලධාරීන්ට විනාශ කිරීමට ඉඩදෙන්න එපා (නි)

:       0       0

කුමාරිහාමි Friday, 13 December 2013 02:34 PM

ඔහු මව්බිමට යුතුකම ඉටු කළේය කියන පොත පිටවෙලා දවස් කීයද ගියේ? (නදී)

:       0       0

වාද්දුව ප්‍රනාන්දු Thursday, 12 December 2013 07:32 AM

වැරදි කරන මිනිස්සුන්ට නිසි දඩුවම් දෙන්න පසුබට වෙන හොද නැහැ. අදාළ බලධාරින් වහා ක්‍රියාත්මක විය යුතුයි (නි)

:       0       0

දර්ශන් Tuesday, 10 December 2013 08:50 AM

මෙවැනි සිද්ධීන් රජයේ කීර්තිනාමය වනසනවා. (නි)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 06:30 PM

අපේ රට සහ ජනතාව හැමදාම දුප්පත්ව තියාගන්න මේ ව‍ගේ නිලධාරීන් අත්‍යවශ්‍යයි (නි)

:       0       0

ලාල් ජකර්තා Sunday, 08 December 2013 06:38 PM

දේශපාලු හස්තයක් ක්‍රියාත්මක වන බව පැහැදිලියි. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 10 December 2013 05:19 PM

රජයේ කිර්ති නාමය වනසන්නේ මෙවැනි සිද්ධින් නොව මෙවැනි නිලධාරීන් සහ ඔවුන්ව ආරක්ෂා කරන දෙශපාලකයන් මගිනි , අර කුඩු කන්ටේනරය නිදහස් කරන්න කියල ලියුම දීපු අය තවම නිදහසේ , තව කන්ටේනර කියක් ඒවිදියට නිදහස් කරගතද කියල දෙවියෝ තමයි දන්නේ . (ස)

:       0       0

රුවී Monday, 09 December 2013 07:57 AM

කෞතුකාගාර හොරකම ගැන කිව්වෙත් ඔය වගේම කතාවක් තමා. (නි)

:       0       0

සෙනරත් Monday, 09 December 2013 08:59 AM

අයියෝ හිසරදයට කොට්ට මාරු කරලා විතරයි. මෙවැනි දේ ට විනිවිද බාවයෙන් තීරණ ලබා දෙන්න.(නදී)

:       0       0

වෙළුම් Thursday, 12 December 2013 07:47 PM

අකිල වගේ කියන අය නිසා තමයි අපරාධ කරන නිලධාරීන් හොඳින් වැජඹෙන්නේ. මේවට දැන්මම විරුද්ධ වෙන්න ඕනෑ. (නි)

:       0       0

අකිල Thursday, 12 December 2013 03:52 AM

ඕවා ඉතින් ඔහොම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 424 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 59 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 136 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 317 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 235 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 945 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 537 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site