IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සුදුස්සන්ට පමණක් සමෘද්ධිය දෙන්න

අප රටට නිදහස ලැබුණු වර්ෂ 1948 සිට 1977 විවෘත ආර්ථිකය හඳුන්වාදෙන අවස්ථාව දක්වා පුළුල් සුබසාධන ප්‍රතිපත්තියක් අනුගමනය කරන සුබසාධන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විණ. ඒ සමඟම ශ්‍රී ලංකාවට ඈඳුණු නාමය වූයේ ඌණ සංවර්ධිත රටක් යන්නයි.

දෙවැනි ලෝක මහා යුද සමයේ ආරම්භ වූ සහල් සලාක ක්‍රමය ජේ.ආර්. ජයවර්ධන රජය හාල්පොත අවලංගු කරන තෙක්ම ක්‍රියාත්මක විය. එහෙත් සමාජයේ දිළිඳුම ජනකොටස් වෙත සහනාධාර පිරිනැමීමේ ක්‍රමය දැනට ක්‍රියාත්මක වන සමෘද්ධි ව්‍යාපෘතිය දක්වාම සක්‍රීයව පවතී.

සහල් සලාකය, ජනසවිය හෝ සමෘද්ධි යන කවර නාමයෙන් හැඳින්වුණද මෙකී සියලු‍ වැඩසටහන්වලින් ඉලක්කගත වූයේ දිළිඳුකමේ රේඛාවෙන් පහළ සිටින ප්‍රජාවයි. මේ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ආදී ලෝක මුල්‍ය ආයතන ද නිරන්තර අනුග්‍රහය දැක්වීය.

එහෙත් මෙම අනුග්‍රාහක ආධාර ආයතන පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙනත් සමීක්ෂණ සංවිධාන මගින් ද අවධාරණය කරන කරුණක් වන්නේ දිළිඳු ජනතාව වෙනුවෙන් වෙන්කරන සමාජ ප්‍රතිලාභ අවශ්‍ය කරන ජනකොටස් වෙත ලැබේද යන්න සැකසහිත බවය. එයට විසඳුමක් ලෙස ආධාරලාභියාගේ ගිණුමට ඍජුවම අදාළ ආධාර මුදල ලබාදීම සුදුසු යැයි මෑතකදී ජාත්‍යන්තර සහනාධාර සැපයුම් ආයතන ගණනාවක් ශ්‍රී ලංකාවට යෝජනා කර තිබූ බව වාර්තා විය.

ඉදිරි මාස කිහිපය තුළ මෙරට බරපතළ ආහාර අර්බුදයක් හටගනු ඇති බවට ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා තිබේ. එසේම භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය (උද්ධමනය) ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ අගයකට නැග තිබෙන බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායම් නොමැතිකමද බලවත් ගැටලු‍වක් වී ඇත. පසුගිය සතියේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සංඛ්‍යා දත්ත අනුව හතර දෙනකුගෙන් යුත් පවුලකට අවම ආහාරපාන සහ සෙසු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මසකට රුපියල් 52,000ක මුදලක් අවශ්‍ය වන බව වාර්තා කර තිබුණි. දිළිඳු ජනතාවට මෙය පහසු ඉලක්කයක් නොවේ.

මෙම පසුබිමේ ආණ්ඩුව පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනය මගින් දිළිඳු ජනතාවට ලබාදෙන සමෘද්ධි ආධාරය ඉහළ නැංවීය. ඒ සඳහා සුදුස්සන් තෝරාගැනීම මෑතකදී ස්ථාපිත කරන ලද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් සිදු කිරීමට නියමිතය. සමෘද්ධි ආධාර ලැබීමට සුදුසුකම් ලබන අයට අමතරව ආබාධිත සහ විවිධ රෝගාබාධවලට ලක්වූවන්ද ප්‍රතිලාභ ලැබීමට සුදුස්සන් බව රජය ප්‍රකාශ කර තිබේ.

සමෘද්ධි ප්‍රතිලාභ ඉහළ නැංවීම අනුව ඉදිරි සමෘද්ධි දීමනා සඳහා රුපියල් මිලියන 55,000ක්ද, වැඩිහිටි මුල්‍යාධාර සඳහා රුපියල් මිලියන 13,583ක්ද, අඩු ආදායම්ලාභීන්ගේ සෙසු සහන සඳහා රුපියල් මිලියන 4860ක්ද, වකුගඩු රෝගීන් සඳහා රුපියල් මිලියන 2642ක්ද වශයෙන් රුපියල් මිලියන 76,085ක් හෙවත් රුපියල් කෝටි 7600ක් වෙන්කර තිබේ.

අතුරු අයවැය මගින් මාසික සමෘද්ධිය ඇතුළු සෙසු දීමනා ද රුපියල් 5000 සිට රු. 7500 දක්වා ඉහළ දැමීය. මෙයින් ප්‍රතිලාභ ලබන සමෘද්ධිලාභී පවුල් ගණන ලක්ෂ 17කි. එසේම සමෘද්ධිය ලබාගැනීමට පොරොත්තු ලේඛනවල සිටින පවුල් ගණන 7,26,000ක් පමණය. ඔවුන්ටද තාවකාලික දීමනාවක් ලෙස සමෘද්ධිය හිමිවන තෙක් මසකට රු. 5,000ක් ගෙවීමට රජය තීරණය කළේය.

මේ ආකාරයට රටේ දිළිඳුම ජනකොටස්වලට සුබසාධක සහනාධාර පිරිනැමීමට රජය තීන්දු කළ ද ඊට සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රමවේදය ගැන අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙන මැසිවිලි හා පැමිණිලි ගණන විශාලය. ගමේ ග්‍රාම නිලධාරී මහතා ප්‍රමුඛව සමෘද්ධි නිලධාරී, සමාජ සේවා නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී යන අයගේ සහතික කිරීම හා නිර්දේශ මත අදාළ ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුවෙතත් සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් ද ප්‍රතිලාභ ලැබීම සඳහා තෝරාගන්නා බවට වන චෝදනා විරල නොවේ. මෙකී නිලධාරීන් බොහොමයක් ඒ ගම්වලම වෙසෙන්නන් වන නිසා ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් හෝ පෞද්ගලික කෝන්තර පිරිමැසීම නිසා ඇතැමුන්ට ප්‍රතිලාභ හිමි නොවන වගට ද චෝදනා නැගෙයි.

සැබැවින්ම මෙබඳු දේ සිදුවන්නේ නම් එය බරපතළ සමාජ අසාධාරණයකි. ඒ නිසා අදාළ බලධරයන් ප්‍රතිලාභීන් තෝරාගත යුත්තේ විනිවිදභාවයෙන් යුතුව යුක්ති සහගත ආකාරයෙනි. කුසගින්න සහ මන්දපෝෂණය ආදිය ව්‍යාධියක් වන තරමට සමාජය පීඩාවට පත් කරද්දී රජය දුප්පතාට දෙන සහනාධාරය ද ඔවුන්ට අහිමි කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැත. මෙවැනි අසාධාරණකම් දේශපාලන හෝ නිල බලයෙන් තාවකාලිකව යටපත් කළ හැකි වුවද කිසියම් මොහොතක මෙකී අසාධාරණය සමාජ අසහනයක් ලෙස පුපුරා ගියහොත් එය කෙළවර වන්නේ ඛේදවාචකයකින් බව සඳහන් කරනු වටී.

(***)



අදහස් (3)

සුදුස්සන්ට පමණක් සමෘද්ධිය දෙන්න

Nimal Sunday, 18 September 2022 02:41 AM

අතුරු අයවැය මගින් මාසික රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා ඉහළ දැමීම කළද මෙම සමෘද්ධිලාභී පවුල් ගණන ලක්ෂ 17කි. මෙම මුදලින් එක පවුලක් ජීවත් වියහැකිද? මෙම සමෘද්ධිලාභී පවුල්වල අති බහුතරයක් රැකියා කරන පිරිස සිටියි. සමෘධිය ලබාදිය යුතුවනුයේ වයස 55ට වැඩි සහ රැකියවක් කළ නොහැකි සහ අසනීප පුද්ගලයින් වෙත සහ ඔවුන් රැක බලාගන්න පිරිස වෙත වේ...!

:       0       0

තිලිනි වාසනා Saturday, 01 October 2022 09:42 PM

අපට සමෘද්ධිය කපලා අවුරුදු 17ක් විතර වෙනවා.. අපට ආදායම් මාර්ග මුකුත් නෑ. හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ.. අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා වයසයි.. මම අම්මලාත් එක්ක ඉන්නේ. මගෙ මහත්තයා කුලී වැඩ කරන්නේ...

:       0       0

ශානිකා නිරොෂනි ඉහළ නාරගල රංදෙණීය මානාන ගොවින්න Tuesday, 04 July 2023 01:35 PM

සමෘද්ධි අපිට නැහැ, පවුලේ හයක් ඉන්නවා. අපි ආදායම්මාර්ග මුකුත් නෑ... අම්මා, තාත්තා වයසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1635 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10192 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 496 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 875 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 919 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 475 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site