IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සුදු කොඩි පෙනි පෙනී රට පනින අයියලා

මේ ගෙවී යන්නේ පාතාලයේ සෙනසුරු මහ දශාවයි. සෑම දෙසින්ම අසන්නට ලැබෙන්නේ පාතාල “අයියලාගේ කෙරුවාව” ගැනය. අවි ආයුධ සමග කියැවෙන හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමත් අංක එකේ ව්‍යාපාර ලෙසින් කරගෙන ගොස් ඇති මොවුන්ගේ පැටිකිරිය දැන් දැන් එළියට විත් තිබේ.

ගැහැනු ගැටයකට හසුවී ඉන්දියාවේදී මියගිය බවට කියැවෙන ‘අංගොඩ ලොක්කා’ගේ තවත් කෙරුමකු ඉකුත් 11 වැනිදා සදහටම දෙනෙත් පියා ගත්තේ පොලිසියට වෙට්ටු දමන්නට ගිය නිසාය. ඔහු, මුණිවරගේ අසිත ප්‍රේමතිලක නොහොත් “සොල්ටා” ය. මුල්ලේරියාව බාරොන් ජයතිලක මාවතේ පදිංචිව සිටි සොල්ටා, අංගොඩ ලොක්කාගේ “වෙඩික්කරුව” ව සිටියේය. තම ගුරුන්නාන්සේ වූ අංගොඩ ලොක්කා මෙන්ම ත්‍රිරෝද රථ රස්සාවෙන් ජීවිකාව ආරම්භ කළ සොල්ටා, අංගොඩ ලොක්කාගේ හිතෛශීවන්තම ගෝලයා ව සිටියේය.

“උඹ ඇතුළේ ඉන්න අපේ උන්ට කන්න ටික අරගෙන පලයං. අපි උන් බලා ගන්න ඕනෑ.” ලොක්කාගේ පළමු අණ කිරීම සියයට සියයක් ඉටුකළ සොල්ටාට ලොක්කා ත්‍යාගයක් දුන්නේය.

“මේ යකඩේ අරගෙන ගිහින් වෙඩි තියන්න ඉගෙන ගෙන වරෙන්. මට මගේ ළඟම තියාගන්න කොල්ලෙක් ඕනෑ” ලොක්කාගේ අණින් පිස්තෝලය අතට ගත් සොල්ටා නතර වන්නේ අතුරුගිරිය නගරයේ රූපලාවණ්‍ය ශිල්පිණියක වූ ‘සදුනි’ මරා දැමීමෙනි. රණාලේ සමයං ගේ අණින් ලොක්කාගේ හොඳම ගෝලයකු වූ බණ්ඩා මරා දැමීමට සදුනි ඔත්තු බැලූ නිසා ඇයට අවසන් ගමන් යන්නට වූයේ සොල්ටා අතිනි. රණාලේ සමයං කළුතර එතනමඩලදී ඝාතනය කළ අංගොඩ ලොක්කා, ඉන්දියාවට පලා යන්නේ ලඩියා සමගය. ඒ 2017 වර්ෂයේදීය. ලොක්කා ඉන්දියාවට ගියත් මෙහේ වැඩ කිඩ ටික බලා ගන්නට පවරා යන්නේ “සොල්ටාට” ය. විශේෂයෙන්ම තමන්ට එරෙහිව වන සියල්ලන්ම මරා දැමීමට හෝ අතපය කඩා දැමීමට ලොක්කා අණ දෙන්නේ සොල්ටාටය. ඒ අයුරින් මුල්ලේරියාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ රොෂාන් ප්‍රේමලාල් නොහොත් ‘පොලී රොෂාන්”, අංගොඩ ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිදුකරමින් සිටි “පරවි තාරක”, පාදුක්කේ දර්ශන, යන අයවලුන් ඝාතනය කරන්නට සොල්ටාට සිදුවූයේ ඉන්දියාවේ සිට ලොක්කා එවූ පණිවිඩ නිසාය. අවසානයේ ‘සොල්ටා’ අවසන් ගමන් යන්නේ පොලිසියෙන් වෙඩි කාගෙනය.

අංගොඩ ලොක්කාගේ තවත් ගෝලයකු වූ චමින්ද එදිරිසූරිය නොහොත් ‘චමියා’ ද ඉකුත් 22 වැනිදා රාත්‍රීයේ පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය. ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුව සිටි ‘චමියා’ මිනීමැරුම් ඇතුළු අපරාධ 20කට අධික සංඛ්‍යාවකට දායක වී සිටි අයෙකි. බන්ධනාගාරය භාරයේ සිටි රණාලේ සමයං නැමැත්තා කඩුවෙල උසාවි භූමියේදී වෙඩි තබා ඝාතනය කරන්නට යන්නේ “චමියා” ය. හමුදාවෙන් පලාවිත් සිටි චමියාගේ අත රැදි පිස්තෝලය ක්‍රියා විරහිත වීමෙන් එදා රණාලේ සමයං බේරුණත් කළුතර එතනමඩල ප්‍රදේශයේදී ලොක්කා සමග ගේමක් දෙන්නට යන්නේ ද චමියාය. පොලිසියට කට්ටි පැන පැන සිටි චමියා පොලිසියට කොටු වන්නේ අංගොඩ කැළණිමුල්ල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදීය. අවි ගත්තෝ අවියෙන්ම නැසෙත් යන කියමන යළි යළිත් සිහිපත් කරමින් මේ කෙරුමන් ද අවසන් ගමන් යන්නේ අවියකින් නිකුත් වූ උණ්ඩයකිනි.

පාතාලයේ කෙරුමන්ට මේ ලබා ඇති අයහපත් කාලය හේතුවෙන් දැන් දැන් බොහෝ අයියලා ‘රත්’ වී ඇති හැඩකි.
“පොලිසියට මාට්ටු වුණොත් කන්න වෙන්නේ”
“එහෙනම් රටින් පනිමු.”

සෙල්ලම් ලෙල්ලම් වන බව ඉවෙන් මෙන් දැන, විකල්පයක් සොයමින් සිටි තවත් අයියලා සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට කොටු වන්නේ මෙරටින් පැන යාමට පැය භාගයකටත් වඩා අඩු කාලයක් තිබියදී කටුනායක ගුවන් තොටුපොළේදීය.
“කවුද ඒ සෙට් එක?”

ඩුබායි රාජ්‍යයට හොර රහසින් පැන යාමට තැත් කළ මේ හොර මුලේ නායකයා වන්නේ සාරංග ප්‍රදීප් නොහොත් කවුරුත් දන්නා “වැල්ලේ සාරංගය”. සාරංගත් සමග රටින් පනින්නට යන්නෝ අංගොඩ ලොක්කාගේ ගෝලබාලයන් තිදෙනකු වන වැල්ලම්පිටිය  කොටුවල පදිංචි බුද්ධික  සංජීව, වැල්ලම්පිටිය වෙන්නවත්තේ පදිංචි තබීන් මොහොමඩ් සුබීර් සහ වැල්ලම්පිටිය සේදවත්තේ පදිංචි ඉෂාර ලක්මාල් යන තිදෙනාය.

කොළඹ අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබෙන්නේ අපරාධ රැසකට සම්බන්ධ තබීන් මොහොමඩ් සුබීර් නැමැත්තා ඩුබායි රාජ්‍යයට පලා යෑමට සූදානම් ව කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන බවටය. පොලිසිය එන්නේ සුබීර් අල්ලා ගැනීමටය. එහෙත් එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු අල්ලා ගන්නට කොළඹ අපරාධ කොට්ඨාසයට හැකිවන්නේ සුබීර්, ඩුබායි යන්නට සිටියේ තනිවම නොවන නිසාය.
“ඇයි මේ උඹලා ඔක්කෝම රටින් පනින්න හදන්නේ?” පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

“දැන් ඉතින් සර්ලයි හමුදාවේ මහත්තුරුයි ඔක්කෝම අපට ගේම දෙන්න හදන්නේ. ජීවිතේ ආරක්ෂා කරගන්න ඕනෑ සර් අපි. ඒකයි පැනලා යන්න හැදුවේ.”

පොලිස්  අත්අඩංගුවට පත් මෙම සැකකරුවෝ සියලු දෙනාම හෙරොයින් සහ කේරළ ගංජා වෙළෙඳාමෙන් අත මිට සරු කරගත්තෝ වූහ. ප්‍රංශයේ සිටින “රූබන්” මෙරට කේරළ ගංජා ව්‍යාපාරයේ ඉහළින්ම වැජඹෙන අයකු බවට කවුරුත් දන්නා කරුණකි. ප්‍රංශ රූබන් එරට සිට සෙල්ලම් දමන්නේ කලක් මෙරට ගෝඩ් ෆාදර්ව සිට රටින් පැනගොස් සිටින “කුඩු ලාල්”ගේ බල පරාක්‍රමයෙනි. දැන් දැන් තම ගෝලබාලයන්ට මෙරට තුළ රැදී සිටීමෙන් මරණ වරෙන්තු ලැබෙනු නියත බව දැන සිටි මේ පාතාල ලොක්කන් රෑට රෑට හීනෙන් සුදු කොඩි බලමින් සිටි අයියලා ටික තමන් ළඟට ගෙන්වා ගැනීමට මේ අයුරින් උත්සාහ ගෙන තිබිණි.

“කවුද මේ වැල්ලේ සාරංග”
මෝදර වැල්ලේ සාරංග ගැන කියද්දි වැල්ලේ සුරංග ගැන කතා නොකරම බැරිය. සාරංගට කලින් කරළියට එන්නේ සුරංගය. රටේ පවතින නීතියට පිටින් යමින් තමාටම ආවේණික වූ නීතියකින් පාතාල ලෝකය නව මගකට ගන්නට වෙර දැරි පුද්ගලයකු ලෙසට මෝදර වැල්ලේ සුරංග ප්‍රසිද්ධව සිටියේය. ඔහුගේ උසාවියේ ‘විනිසුරු’ ඔහුය. පොලිසියද ඔහුය. ඒ තරමටම සුරංග බලවත්ව සිටියේය. මෝදර වැල්ලේ අහිංසක ජනතාව ඔහුට බියේ සිටියේ ඔහු වටා එක්කාසු වී සිටි මැර පිරිස නිසාය. එදවස මේ අයියා, මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් උපයා ගත් කෝටි ගණන් දේපළවලින් වැල්ලේ ජනතාවට අත දිග හැර වියදම් කර තිබිණි. යම් හෙයකින් පොලිස් ජීප් රථයක් වැල්ලට ගියහොත් ජීප් රථය වට කරගන්නේ වැල්ලේ ජනතාවය. ඒ සුරංගට ඇති බිය නිසා ද නැතහොත් කුමක්ද යන්න ආරක්ෂක අංශවලට ගැටලුවක්ව තිබිණී. කලක් මාලිගාවත්ත මුස්ලිම් පාතාලයේ ලොක්කකු ලෙස සිටි මාමස්මි ද මාලිගාවත්ත ඇපල්වත්තේ මෙවැනිම පාතාල උසාවියක් පවත්වාගෙන ගොස් තිබිණි. එහි නඩු අසා තිබුණේ මාමාස්මිගේ අම්මාය. ඒ ශරියා නීතියට අනුවය. එවැනිම පාතාල උසාවියක් වැල්ලේ සුරංග ද පවත්වාගෙන ගොස් තිබුණේ සුරංගටම ආවේණික වූ නීතියකට අනුවය. මාමස්මීට මෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සුරංගගේ බළකොටුවද එසැනින් බිමට සමතලා කර දැම්මේය. මාමස්මී නම් වෙඩි කෑවේය. එහෙත් සුරංග නම් මේ වන විට රටින් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

වැල්ලේ සුරංගගේ දකුණු අත වූ බිල්ඩර් හෙවත් රූකාන්ත පොලිසියට කොටුවීමත් සමගම සුරංගගේ බලපරාක්‍රමය බිදී ගියේය. සුරංගගේ පසුබෑම හමුවේ නැගී සිටින්නේ සාරංගය.

“කොහොමත් අයියලා දෙන්නෙක් මේ වැල්ලේ ඉන්න ඕන නැහැ.” වැල්ලේ සාරංග ප්‍රමුඛ “අයියලා සෙට් එක” සුරංගගේ බල බිදීමෙන් මුසපත්ව නැගී සිටින්නේ ඒ අයුරිනි.

සාරංග යනු, ඉහතින් සඳහන් කළ කලක් පාතලයේ ගෝඞ් ෆාදර් වූ “කුඩු ලාල්” යටතේ ක්‍රියාත්මක ප්‍රංශ රූබන්ගේ මත්කුඩු සහ කේරළ ගංජා ඡාවාරමේ මෙරට මෙහෙයවන්නාය. මෙරට බුද්ධි අංශ සදහන් කරන ආකාරයට ප්‍රංශ රූබන් මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නේ මැලේසියාවේ සිටි තරුණ යුවළක් හරහාය. වැල්ලේ සුරංගගේ ගෝලයකු ලෙස සිටි සාරංග මත්කුඩු සිද්ධියක් හේතුවෙන් සුරංගගෙන් වෙන්ව යයි.

“මාව වැල්ලේ  දණ ගස්සලා සුරංග කරගත්තේ ඌටම තුවක්කුව එල්ල කරගත්තා වගේ වැඩක්. දැන් මට තියෙන්නේ කොකා ගස්සන්න විතරයි” වරෙක වැල්ලේ සාරංග කියා තිබිණි.

මේ සිද්ධීන් එසේ වෙද්දී මෝදර වැල්ලට ආයුබෝවන් කියූ සාරංග, කොටි ගාමිණීගේ ආධාරයෙන් ගමෙන් පැන යන්නේ කොට කුමාර සහ රිම්සාන් සමගය. සාරංගත් සුරංගත් යන දෙදෙනා සමගම ඇයි හොදයි කම් පෑ වැල්ලේ ප්‍රදීප්ට යන එන මං නැති වන්නේ මේ දෙදෙනාම ඔහුට එරෙහිව අවි ගත් නිසාය. ප්‍රදීප් සිටියේ සුරංගට ගේමක් දෙන්නටය. ප්‍රදීප්ගෙන් සැඟවෙන්නට සුරංග මාතර සිට කැදවන්නේ “මාතර ලොක්කාය”. මාතර ලොක්කා යනු මාකදුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයෙකි. වැල්ලේ සුරංගත් මාකදුරේ මදූෂ් යන අයත් එක්කාසු කරන්නේ “අංගොඩ ලොක්කාය”. මේ සමීපතම සම්බන්ධය කෙසේද යත් කළුතර එතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ල කර රණාලේ සමයං මරා දැමීමට මේ කියන මාතර ලොක්කාද අංගොඩ ලොක්කා සමග එකතු වීම මේ පාලමේ පුරුක් පිළිබදව මොනවට පැහැදිලි වෙයි. වැල්ලේ සුරංගට අංගොඩ ලොක්කා හමු වන්නේ “සෆාරි සමන්ත” හරහාය. සෆාරි සමන්ත යනු ප්‍රින්ස් කොලම් නමැති පාතාල ප්‍රබලයාගේ රත්තරන් සංචිතය බාරව සිටි කොලම්ගේ හිතෛෂීවන්තයෙකි. ඒ අයුරින් අංගොඩ ලොක්කා හරහා සුරංග මාකදුරේ මදූෂ්ගේ  හිතවතකු බවට පත්වෙයි.

දැන් සුරංග රටින් පැන ගොස් ඇත. වැල්ලේ සාරංග නම් රටින් පැන යන්නට ගොස් හසුවී දැන් සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේය. සුරංග කොහේ සිටිනවා දැයි වගකිව යුත්තෝ නොදනිති. සුරංගගේ නිහඬවීම මත සාරංග නම් නිහඬ වූයේ නැත. දැහැමින් සෙමින් තම ඡාවාරම් කරගෙන යමින් සිටි ඔහුට මර බය තිබුණේ සුරංග ගෙන් පමණක් නොවේ. “දැන් පොලිසිය පන්නනවා.” ජීවිත දහස් ගණනක් මත්උවදුර බිලිදුන් මොවුන් තම ජිවිතය බේරාගන්නට මේ දරන උත්සාහය ගැන නම් කෙසේ විග්‍රහ කරමුද?

පාතාලය, හෙරොයින් මත්ද්‍රව්‍ය මෙන්ම අවි ආයුධ සම්බන්ධයෙන් කතා කිරීමේදී ඒවා නශ්‍ය කිරීමට සිටින අංශ ද ඒවා නශ්‍ය නොකර ප්‍රවර්ධනය කර තිබීම ගැන නම් කතා කරන්නට දෙයක් ම නැත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් හෙරොයින් ජාවාරම් කර තිබුණේ ද පාතාලයේ අයියලා වෙතය. ඒවා මෙහෙයවා ඇත්තේ ද මහා පරිමාණ ඡාවාරම්කරුවන් ලෙස ඩුබායි රාජ්‍යයේ වැජඹෙන අයවලුන් වීම මෙහි විශේෂත්වයකි.

ගිහාන් ෆොන්සේකලා, උදාර සම්පත්ලා ඩුබායි සිට මෙරට පාතාලය මෙහෙයවමින් හෙරොයින් ඡාවාරම සිදුකර ඇත්තේ මෙරට අහිංසක අම්මලා තාත්තලාගේ දරුවන්ටය. ඔවුනට කුඩු විකුණා ඇත්තෝ කුඩු අල්ලන්නට ඉන්නා නිලදරුවෝය. ඒවා මෙරට බෙදා හැරියෝ බන්ධනාගාරයේ සිටින පාතාල අයියලා වන  පොඩි ලැසී, පරෙයි සුදා වැන්නෝය.

පොඩි ලැසී තමාගේ මෑණියන් ද මේ ඡාවාරම්වලට හසු කරගෙන සිටියේය. අද ඇය දරුවන් වදා යහමගට නොගෙන හිරබත් කන්නීය.

මුල්ලේරියාව සොල්ටා ගේ දේහය ඉදිරිපිට හඬා වැටෙන අම්මා කෙනකු කියන කතාවක් පිළිබදව වූ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ දකින්නට තිබේ. “ අනේ පුතේ නරක යාළුවන් ආශ්‍රය කරන්න එපා. මේ නරක යාළුකම් නිසා තමයි පුතේ උඹට වෙඩි කන්න වුණේ. මතු උපදින උපදින කිසිම ආත්මෙක නරක යාළුවෝ ආශ්‍රය කරන්න එපා” ඒ අම්මා දෙන අසල වැළපෙමින් එසේ කියන්නීය. එහෙත් පොඩී ලැසීගේ අම්මා...? මේ සියල්ල තීරණය කිරීමට ඔබට බාරදෙමු. පාතාලය, හෙරොයින්, මත්ද්‍රව්‍ය නොමැති සාමකාමී සමාජයක් අගයන බහුතර සමාජය හමුවේ ඒ අකටයුතුකම්වලට විරුද්ධ වීමේ අයිතිය අප සතුය. ඒ අයිතිය සුරකිමින් යහපත් සමාජයක් වෙනුවෙන් ජනාධිපති, ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ඇත්තන් දැන් ගෙන ඇති පියවරන් අගය කරනු වටී.

(*** විමුක්ති කුමාරසිංහ)

 



අදහස් (5)

සුදු කොඩි පෙනි පෙනී රට පනින අයියලා

mahee Friday, 28 August 2020 09:24 AM

හිතාගන්න පුළුවන් පහුගිය යහපාලනය කාලේ පාතාලයින් ඩ්‍රග්ස් කිංලා ලොක්කො වෙලා හිටියද කියලා.

:       4       116

NuwanSaturday, 29 August 2020 06:46 AM

අනේ මේ ආණ්ඩුවෙනුත් මරන්නේ තමන්ගේ පැත්තේ පාතාලෙට විරුද්ධ පාතාලයේ අය විතරයි. නැතිනම් මධූෂ් කියන කෙනා ජොලි කරකර පාටි දදා හිරේ ඉන්නේ කොහොමද? මොලයක් නැද්ද?

:       334       268

විජේ Monday, 31 August 2020 04:24 AM

නුවන්, ඇයි අවුල්ද?

:       0       0

janahitha Tuesday, 01 September 2020 04:02 AM

මධූෂ්, තාරා ඔක්කොම දකුණේ ප්‍රබල දේශපාලකයන්ගේ ආධාරකරුවන්... එක්කෙනෙක් ආණ්ඩුවේ.. අනිකා විපක්ෂයේ පැත්තක් තෝරාගන්න බැරුව ඉන්න වීරයෙක්.. ඔන්න ඕකයි තත්වේ.. පාතාලයට පක්ෂයක් නැහැ.. නමුත් හිරේ ඉන්න කෙනෙක් ඉවත් කරන්න බැහැ.

:       0       0

sam Tuesday, 01 September 2020 03:05 AM

මේ පාතාලයන් අතර නම් ජාතිවාදයක් නැහැ නේද? මේ අයට අපරාධ කරන්න ඕනම ජාතියක් එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 64 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1383 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 641 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4628 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12964 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site