කාලයක් තිස්සේ යටගැසී තිබූ සීනි බදු සිද්ධිය යළි එළියට ඇදෙන බව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක දී සඳහන් විය. ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් මේ වංචාව හේතුවෙන් අහිමි වී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දී වාර්තා කර තිබුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ය. ඒ අනුව ඉදිරි කටයුතු අඛණ්ඩව සිදුවුණොත් මේ වංචාවේ සුලමුල හෙළිකර ගැනීම අපහසු නොවනු ඇත.
අදාළ වංචාව සිදුකර තිබුණේ සීනි ආනයනයේ දී කිලෝවකට පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙනි. සීනිවලට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මේ ආකාරයට අවප්‍රමාණ කෙරුණේ 2020 වසරේ ඔක්තෝබර් 13 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ. ඒ අනුව මෙය මහා පරිමාණයේ වංචාවක් බවත් එය සිදු කිරීමට දේශපාලන බලවතුන්ගේ සහාය ද ලැබී ඇති බවත් තේරුම් ගැනීම අමාරු නැත. එවැනි දේශපාලන තල්ලුවක් නොතිබුණා නම් මේ තරම් කාලයක් මේ ආකාරයේ මහා පරිමාණ වංචාවක් යට ගසා තැබෙන්නේ ද නැත. රජයට පාඩු වූ කෝටි 1600න් කොටසක් වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයන් අතට ද තවත් කොටසක් එම වංචාව කිරීමට අත-හිත දුන් දේශපාලන බලවතුන් අතට ද ලැබුණු බවට ද කතා දෙකක් ද නැත.
මේ රට පාරාදීසයක් වී තිබෙන්නේ සංචාරකයන්ට පමණක් නොවේ. රටේ ජාතික ධනය සූරාකන ව්‍යාපාරිකයන් වශයෙන් පෙනී සිටින කම්බා හොරුන්ට ද මේ රට පාරාදීසයකි. එයට අතීතයේ සිට උදාහරණ දැක්විය හැක. පීරිසි කුට්ටම් 06ක් අල්ලස් වශයෙන් ලබාගත් රජයේ සේවකයකු අල්ලස් ගැනීමේ වරදට හසුවෙද්දී කෝටි සිය ගණනින් වංචාකරන පුද්ගලයන් දේශපාලනඥයන්ගේ කරට අත දමාගෙන කිසිදු දඬුවමක් නොලබා බේරී සිටීමෙන් පෙනී යන්නේ මේ රටේ ක්‍රියාත්මක වංචනිකයන්ගේ පරාදීසයේ තරමය. මේ වංචනික පාරාදීසයේ තෝරුන් මෝරුන්ට දඬුවම් ලැබෙන්නේ නැත. අසු වන්නේත් දඬුවම් ලබන්නේත් හාල්මැස්සන් පමණි.
මේ රටේ ආර්ථිකය මහා අර්බුදයක ගිලී යාමට තුඩු දී ඇති එක් හේතුවක් වන්නේ මෙවැනි මහා පරිමාණ වංචා සිදුවීමය. වංචනිකයන් අල්ලා කොටුකර අධිකරණය ඉදිරියට පැමිණවීමට කොතරම් තද නීති රීති දැමුවද වංචනික පුද්ගලයන්ගේ බල පුළුවන්කාරකම් හමුවේ ඒ නීති රීතිද නිහඬ වන්නේ නම් එයින් පැවසෙන්නේ මේ වංචා කිරීමට දේශපාලන උදව් ද තිබෙන බව ය. එය නීතියේ ආධිපත්‍යයට ද කෙරෙන අභියෝගයකි.
මහා බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලිපියක් ලියා ඇති ආර්ථික විද්වතකු බදු ගෙවන්නන්ගේ මුදල් සහ රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වටිනා අදහසක් සඳහන් කර තිබිණි. බදු ගෙවන්නන්ගේ මුදල් රජය මගින් එකතුකර වියදම් කිරීමේ දී සහ කළමනාකරණය කිරීමේ දී විනිවිදභාවයකින් කටයුතු කිරීම වැදගත් බවත් ඒ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම ද සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි ආයතනයක් සමඟ අලුත් ණය පහසුකම් ලබාගැනීමට සිදුකෙරෙන සාකච්ඡාවල දී රටේ බදු මුදල් සහ ණයගැතිභාවය පිළිබඳ ඉහළම මට්ටමේ විනිවිදභාවයක් පවත්වාගෙන යාම ණය ආපසු ගෙවා ගැනීමේදී සිදුවිය හැකි අවදානම අඩු කිරීමක් බවද එම ආර්ථික විශේෂඥයා විසින් පෙන්වා දී තිබිණි. මේ අදහස් ඉතා වැදගත් වශයෙන් අපි සලකමු.
රජයට රුපියල් කෝටි 1600ක අලාභයක් සිදු කිරීමෙන් නොනැවතී එකී වංචාව වසර දෙකක පමණ කාලයක් යට ගසා තිබීමෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය බදු මුදල් සහ ණය සම්බන්ධයෙන් පැවැති ආණ්ඩුව කිසිදු විනිවිදභාවයකින් කටයුතු කර නොමැති බවය. මේ හේතුවෙන් රට මහත් බලාපොරොත්තු තබා සිටින මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමේ අරමුණට බාධා එල්ල විය හැකි බවද පෙන්වා දිය යුතුය.
මහා පරිමාණයේ වංචා සිදුවීම අපේ රටේ පමණක් සිදුවන ක්‍රියාවක් නොවේ. එසේ වුවද එවැනි වංචාවක් සාධක සහිතව හෙළිදරව් වීමේ දී ආණ්ඩුවකට අතපය හකුළුවාගෙන එය නොදැක්කා සේ සිටීමට හැකියාවක් නැත. රජයට කෝටි සිය ගණනින් බදු ආදායම් අහිමි වනවිට එය සිදුකළ පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ පිළිබඳ උපරිම විමර්ශන සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට රජය කටයුතු නොකරන්නේ නම් එම වංචාවේ කළු පැල්ලම රජය මතද තවරා ගැනීමකි. එහි වගකීමෙන් මිදීමට මහජනයාට වගකියන ආණ්ඩුවකට හැකියාවක් නැත.
සීනි වංචාව සිදුවූ අවධියේ ඒවා ගෙන්වූ ව්‍යාපාරිකයන් පිරිසක් කියා තිබුණේ තමන් බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙන බවය. ඒ අර්ථයෙන් ගත් විට වෙළෙඳපොළේ සීනි කිලෝවක මිල රුපියල් 40කින් පමණ අඩුවිය යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ වෙළෙඳපොළේ සීනි මිල තවත් ඉහළ යාමය. මේ වංචාව මහ දවාලේ සිදුකළ මහා සොරකමක් වශයෙන් ඒ දවස්වලම හංවඩු ගැසුණේ මේ හේතුවෙනි. අඩුම තරමින් දැන්වත් මේ වංචාවේ මහ මොළකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.
(***)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීනි වංචාවේ මහමොළ අල්ලනු
fairoos Monday, 15 August 2022 02:52 PM
මහ මොළකරු හොයාගන්න ටිකක් අමාරුවෙයි අපේ පොලීසියට සහ රටේ නීතියට.
nak Tuesday, 16 August 2022 08:17 AM
සීනි විතරක් නොවෙයි ආනයනය කරනා සෑම භාණ්ඩයකින්ම බදු වංචා සිදුවන බව නොදන්නේ පමණයිද? තෙල් ගෑස් ගල් අඟුරු යකඩ වැනි මහා පරිමාණ ආනයන වලදී බදු අඩුකර දුන් උදල් ඇමතිවරු කවුදැයි මුලු රටම දන්නා නමුත් පොලීසියේ බබාලා පමණක් ඒ ගැන නොදනී
Rohan Tuesday, 16 August 2022 03:37 PM
මේ කතාව සම්පුර්ණ ඇත්ත. පොහොට්ටු අයිතිකාරයයි .....පිරමිඩ් අයිතිකරයයි ගේම් එක ලස්සනට ගහනවා. මුන්ට පන පිටින් පනුවෝ දාන්න ඕන. අපිත් චන්දෙ දුන්න ගොටාවත් හදයි කියල.