IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සප්තකන්‍යා වන රක්ෂිතයේ අතරමං වූවන් සොයා ගිය ගමන

     17-Page-14-M-07

සප්ත කන්‍යා කඳුවැටිය 

 

දිවයිනේ මෙතෙක් සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර වූ සප්තකන්‍යා කඳුවැටිය සහ රක්‍ෂිතය පිළිබඳව යළිත් සියලු දෙනාගේ අවධානයට පසුගිය සතිය තුළ යොමුවූයේ එම රක්‍ෂිතයේ වෙසෙන කුරු අලි රංචුවක් නැරඹීමට ගොස් රක්‍ෂිතය තුළ අතරමං වූ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සොයා ආරක්‍ෂක අංශ සිදුකළ මෙහෙයුමත් සමගය. ශ්‍රී පාද කඳුවැටියට ඊසාන දිශාවෙන් පිහිටි සප්තකන්‍ය කඳු රක්‍ෂිතය ලක්‍ෂපාන ජල විදුලි බලාගාරය හා කැනියොන් ජල විදුලි බලාගාරයට ලක්‍ෂපාන ජලාශයට ඉහළින් පිහිටි අධි පාරිසරික සංවේදී රක්‍ෂිතයකි. ස්වභාවිකව වැඩුණු හා පක්‍ෂීන්  ගෙනැවිත් දැමීම නිසා වැඩුණු හිඹුටු, පේර, කොස්, අඹ වැනි පලතුරු හා බිම්මල්, කොකුන්පොතු, කළු සහ සුදු දුම්මල, වල්ලාපට්ටා වැනි ශාක වර්ගවලින් සමන්විත මෙම රක්‍ෂිතය වනජීවී සංරක්‍ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 


මෙම රක්‍ෂිතය හරහා සුන්දර දුනුතුඩු දියඇල්ල ඇතුළු තවත් දියඇලි ගණනාවක් ඊට පහළින් වූ කෙසෙල්ගමු ඔයට ගලා බසී. මෙම රක්‍ෂිතය තුළ කුරු අලින් පහළොස්දෙනෙකුගෙන් සමන්විත අලි රෑනක් සහ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ වඳවීමේ තර්ජනයකට ලක්වී ඇති දිවියන් ගණනාවක් වෙසෙන අතර ඒ අතර ගෝන්නු, මුවෝ, වල්ඌරෝ, ඉත්තෑවන් මෙන්ම පක්‍ෂීහු ගණනාවක්ද වෙසෙති.


මෙම ප්‍රදේශයට යන බොහෝ සංචාරකයන් කුරු අලි බලන්නට කැමැත්තක් දක්වන්නේ වෙනත් ප්‍රදේශයකදී එම අත්දැකීමට මුහුණදීමට නොලැබෙන නිසාය. විදේශීය සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් මේ සඳහා ඇති අතර ඒ නිසා සංචාරක මඟ පෙන්වන්නෝ පිරිසක්ද බිහිව සිටිති. 

 

5

 


නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්‍ෂපාන වතුයායේ වතු අධිකාරි අසංක තිසේරා මහතාගේ පුත් කාවිංග තිසේරා සහ ඔහුගේ නැන්දනිය වන සමිතා වික්‍රමසිංහ, ඔහුගේ ඥාතීන් වන මිගාර වික්‍රමසිංහ සහ පියුමි කල්‍යාණවංශ සහ මඟපෙන්වන්නෙකු වශයෙන් මාරියප්පන් ක්‍රිෂ්ණසාමි යන පිරිස ඉකුත් දොළොස් වැනිදා දහවල් 12.00ට පමණ ඔවුන් පදිංචිව සිටින ලක්‍ෂපාන වතුයායේ වතු බංගලාවේ සිට එම වතුයායේ හැමිල්ටන් රක්‍ෂිතය තුළින් ඇතුළු වූයේ කාවිංග තිසේරාගේ නැන්දනියට සප්තකන්‍ය රක්‍ෂිතයේ සැරිසරන කුරු අලින් පෙන්වීමටය. එදිනම නැවත වතුයායට පැමිණෙන අදහසින් ඔවුහු එම ගමන ආරම්භ කළහ. සිදුවූයේ අභාග්‍යයකි.  රක්‍ෂිතයේ විශාල දුරක් ගමන් කිරීමෙන් පසු රෑ බෝ වූ නිසා ඔවුන්ට මාර්ගය යළි සොයා ගැනීමට නොහැකි විය. තමන් අතරමං වූ බවට කාවිංග තිසේරා විසින් ඔහුගේ මවට දුරකථනයෙන් කතා කර දැනුම් දී තිබේ. පසුව ඒ බැව් කාවිංගගේ මව  එම වතුයායේ සහකාර වතු අධිකාරිවරුන් දෙදෙනා මාර්ගයෙන් නල්ලතන්නියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනිල් ජයසිංහ මහතා වෙත දැනුම් දීමත් සමඟම ඒ පිළිබඳව 119 පොලිස් හදිසි ඒකකය මගින්ද නල්ලතන්නිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත. 


නල්ලතන්නිය පොලිසිය, යුදහමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂකාර්ය බළකාය සහ ගම්වාසීන් දින තුනක් තිස්සේ වරින් වර සිදුකළ මෙහෙයුම් ගණනාවකින් අනතුරුව එම රක්‍ෂිතයේ අතරමං වූ පිරිස නිරුපද්‍රිතව සොයා ගැනීමට ඉකුත් (14) වැනි දින මෙහෙයුම් කණ්ඩායම්වලට හැකි විය. 


මෙම පිරිසෙන් වතු අධිකාරිවරයාගේ පුත්‍රයාට ප්‍රදේශය පිළිබඳ මනා දැනුමක් තිබිණි. ඔහු බොහෝ අවස්ථාවල මෙම ප්‍රදේශයේ ගැවැසී ඇත. එහෙත් එදා නොසිතූ දෙයක්ම වූයෙන් වතු අධිකාරිවරයාගේ පුත්‍රයා වූ කාවිංග තම මවට දුරකථන ඇමතුමක්දී තවත් අපූර්ව දෙයක් කළේය. එනම් තමන් සිටි ප්‍රදේශයේදී දක්නට ලැබුණු යෝධ නළ දෙකක ඡායාරූප එවීමය. මෙම නළ ලක්ෂපානයෙන් මාවුස්සා කැලේ විදුලි බලාගාරයට ජලය ගෙන එන යෝධ නළ බවට ඔහු සැකකර තිබිණි. එම ඡායාරූපද ඔවුන් සිටින තැන සොයා ගැනීමට මහත් රුකුලක් විය. 

 

17-Page-14-M-01

මෙහෙයුමට එක්වූ ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර යානයේ සිට...

 

 

ඉන්පසු ඔහු තමන් සිටි ප්‍රදේශයේ ගින්නක් අවුළුවා එහි දුමද අහසට මුසුවීමට සැලැසුවේ බේරා ගැනීමේ කණ්ඩායමකට එය හොඳ මාර්ගෝපදේශකයකු වන නිසාය. 


මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනිල් ජයසිංහ මහතා මෙම මෙහෙයුම පිළිබඳව මෙසේ ඉරිදා ලංකාදීපයට අදහස් දැක්වීය.


 ඉකුත් 13 වැනිදා ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමා නල්ලතන්නිය දක්වා 12 වැනිදා වැඩම කරන දිනය. එදා මම හරිම කාර්ය බහුලතාවයෙන් හිටියේ. ලක්‍ෂපාන වතුයායේ සහකාර වතු අධිකාරීන් දෙදෙනා පොලිසියට ඇවිදින් තම වතු අධිකාරිවරයාගේ පුතා ඇතුලු කණ්ඩායමක් රක්‍ෂිතය ඇතුළට ගිහිල්ලා අතරමං වෙලා කියලා මට කිව්වා. ඉන් පස්සේ මම ඒ පිළිබඳව ලක්‍ෂපාන යුදහමුදා කඳවුරටත් දැනුම් දීලා අපේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒ ගොල්ලෝ රක්‍ෂිතයට ඇතුළු වූ ස්ථානයෙන් යැව්වා. 


ඊට පස්සේ මම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ සමග ශ්‍රී පාද උඩමළුවට ගිහිල්ලා ඊට පහුවදා එනම් 13 වැනිදා සවස 4.00 ට පමණ නල්ලතන්නිය පොලිසියට ඇවිල්ලා මේ පිළිබඳව සොයා බැලීමේදී තාමත් ඒම රක්‍ෂිතයේ අතරමංවූ අය සොයා ගැනීමට නොහැකි වූ බව මට නිලධාරීන් පැවැසුවා. 


පසුව මම මේ පිළිබඳව ගුවන් හමුදා මූලස්ථානයටත් නල්ලතන්නියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ටත් දැනුම්දීලා නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් නල්ලතන්නිය පොලිසියට කැඳවලා මේ පිළිබඳව සාකච්ජා කරමින් සිටින අවස්ථාවේ එදින පස්වරු 5.30ට පමණ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක් ලක්‍ෂපාන වතුයායේ ක්‍රිඩාංගණයේ ගොඩබස්සවා තිබුණා. 

 

17-Page-14-M-02

හෙළිකොප්ටරයට රක්‍ෂිතයේ අතරමංව සිටි අය පෙනුණු අයුරු.

 


එම හෙලිකොප්ටර් යානයේ නියමුවා  මෙම රක්‍ෂිතය තුළ අතුරුදන්ව සිටි පිරිස තමන්ට නිරීක්‍ෂණය වූ බව කියා සිටියහ. ඔවුන් සිටින ස්ථානයට ජී.පී.එස්. සංකේත කිහිපයක් ලබා දී තිබුණා. මේ අනුව නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකුත් එම රක්‍ෂිතයේ සංචාරකයන්ට එම රක්‍ෂිතය තුළ සැරිසරන කුරු අලින් සහ සුන්දර දියඇලි නැරඹීමට මඟ පෙන්වන්නන් වශයෙන් යන කිහිපදෙනෙක් පොලිසියට කැඳවලා ඔවුන්ට ගුවන් හමුදාවෙන් ලබාදුන් තොරතුරු පිළිබඳව කියා සිටියා. 


එහිදී එම මඟපෙන්වන්නන් වශයෙන් කටයුතු කරන ධර්ම ශ්‍රී ලියනගේ ගෙන් විමසීමේදී ධර්ම ශ්‍රී මට කිව්වේ මෙම අය අතරමං වෙලා සිටින ස්ථානයේ ගල්තලාව මම හොඳින් දන්නවා කියලා. පස්සේ මම ඔහුගෙන් ඇහුවා මෙම එස්.ටී.එෆ්. නිලධාරීන්ට ඔවුන් සිටින ස්ථානය පෙන්වන්න පුළුවන්ද කියලා. ධර්ම ශ්‍රී එක සැණින්ම කැමැති වූ නිසා පස්සේ මම මෙහි ගිය අය කුසගින්නේ ඇති කියලා හිතලා ඔවුන්ට ලබා දෙන්න ආහාර පානත් ලබාදීලා මෙම සියලුම දෙනාම කැනියොන් ජල විදුලි බලාගාරයට ඉහළින් වූ ලකඹේ ප්‍රදේශයෙන් 13 වැනිදා රාත්‍රි 7.30 රක්‍ෂිතයට ඇතුළු කළා. ඊට පස්සේ 14 වැනිදා හවස 2.00 ට විතර මෙම රක්‍ෂිතයේ අතරමං වූ පස්දෙනා එම රක්‍ෂිතයට ඇතුළු වූ ස්ථානයට මඳක් ඉහළින් සිටියදී ආරක්‍ෂක අංශ  නිරුපද්‍රිතව රැගෙන ආවා. මෙම වතු අධිකාරිවරයාගේ පුතා මීට ඉහත අවස්ථා කිහිපයකදීම තම පියා සහ පවුලේ උදවිය සමග රක්‍ෂිතයේ සැරිසරන කුරු අලි නැරඹීමට ගිහිල්ලා තියන කෙනෙක් ඒ නිසා මෙයාට පාර වැරදුණා කියන එකත් පුදුමයි” පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.


කුරු අලින් නැරඹීමට ගොස් රක්‍ෂිතයේ අතරමං වූ වතුඅධිකාරිවරයාගේ පුත්  කාවිංග ද තිසේරා 22 හැවිරිදිය.  ඔහු පැවසුවේ මෙවැනි කතාවක්. -අපේ නැන්දට අලි පෙන්වන්න ඕනැ නිසා  අපි  කැලෑවට ගියා. අපිට මඟ පෙන්වන්න හිටපු කෙනා වැරැදි පාරක් කියලා තිබ්බේ. අපි එදා දවස දවල්ට කාලා ගියේ. පස්සේ අද අපිව බේරගන්න ආපු අය  කෑම ගෙනැල්ලා දුන්නා. මම මීට කලිනුත් අලි බලන්න රක්‍ෂිතයට ගිහිල්ලා තියනවා. අපි චොපර් එක දැක්කා. ගින්නත් එතකොට පත්තු කරලා තිබ්බේ. අපි මේ සැරේ ගියේ වතුර පාරක් බලන්න. අපි පවර්ස්ටේෂන් එකේ බට ටික දැක්කා. ඒ මාවුස්සාකැලේ ද ලක්‍ෂපානේ ද කියලා ෂුවර් එකක් තිබ්බේ නැහැ. මං පස්සේ පොටෝ එකක් එව්වා පොලිසියට. 

17-Page-14-M-03

සොයාගත් පිරිස යුදහමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් නිරුපද්‍රිතව රැගෙන එනු ලැබූ අයුරු.

 


ඉස්සෙල්ලාම පොලිස් විශේෂ කාර්ය බළකාය ආවා. පස්සේ ආමි එක ආවා. ගමේ කට්ටියත් ආවා හැමෝම ගොඩාක් උදව් කළා. මගේ නැන්දයි නැන්දගේ පුතයි මගේ තව නැදෑ කෙනෙකුයි තමයි රක්‍ෂිතයට ගියේ. අපිට උදව් කළ හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපි අලි බලන්ට ගියාට මේ සැරේ අලි දකින්න ලැබුණේ නැහැ. මට මේක තරුණයෙක් වශයෙන් හොඳ අත්දැකීිමක් ඔහු අපට පැවසීය. 


මෙම රක්‍ෂිතයේ අතරමං වූ පිරිස අතර සිටි හැටතුන් හැවිරිදි සමිතා වික්‍රමසිංහ මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ මමත් රක්‍ෂිතය ඇතුළට ගියා. නගිනකොට බහිනකොට ගොඩාක් අමාරු වුණා. මගේ වයස අවුරුදු හැටතුනක් වෙනවා. හොඳ අත්දැකීමක් වුණා ඉතිං මේ ගමන” ඇය කීවාය.


මෙම ගමනට මඟ පෙන්වන්නා වශයෙන් ගිය මාරියප්පන් ක්‍රිෂ්ණසාමි මෙසේ කීවේය. -මම වත්තේ මහත්තයාගේ පුතයි ඥාතීන් එක්කගෙන අපි හැමිල්ටන් කැලේ ඇතුළට ගියා. මේ ගොල්ලෝ සප්තකන්‍ය කන්ද පැත්තට තියන හපුගස්තැන්න ප්‍රදේශයට යන්න ඕනැ කිව්වා. අපි ගියේ අලි බලන්න. අපි මහත්තයාගේ පුතා කියපු තැනට යනකොට රෑ වුණා. ඊට පස්සේ අපිට පාර හොයා ගන්න බැරි වුණා. අපි එක්කගෙන ගිය මැඩම්ට අමාරු වුණා. ඒ නිසා ලක්‍ෂපාන වත්තේ ලොකු මහත්තයාගේ පුතා කිව්වා අපි උදේ වෙනකම් මෙතනට වෙලා ඉමු කියලා. අපි එතනට වෙලා හිටියා. අපි ගෙනිච්ච කෑමත් ඉවර වුණා. අපි ගල් තලාවක් මත තමයි හිටියේ. ඒ  පාර අපි ආයේ එන්න බලද්දී අපිට අපු පාර හොයා ගන්න බැරි වුණා. 

17-Page-14-M-04

කාවිංග තිසේරාගේ මව විසින් කාවිංග තිසේරා ඇතුළු පිරිස සිප වැලඳගන්නා අවස්ථාව.

 


අපේ මැඩම්ට අමාරුයි කියලා  අපේ ලොකු මහත්තයාගේ පුතා ඉන්න තැන හොයා ගන්න බැහැ කියලා පොලිසියට කිව්වා. ඊට පස්සේ හෙළිකොප්ටරයකින් ඇවිත් අපිව ගෙනියයි කියලා  මහත්තයාගේ පුතා කිව්වා. 13 වැනිදා හවස 6.00 ට හෙළිකොප්ටර් එකක් ඇවිත් අපි ඉන්න තැනම කැරකි කැරකී බැලුව. අපි ගිනි මැලයක් ගහලා තිබ්බේ. ඒ දුම දැකලා තමයි එතනට පහත් කළේ. පස්සේ අද උදේ අපි ඉන්න තැනට අපිව හොයාගෙන කට්ටියක් ආවා. එතකොට අපි එහෙමම ඒ ගල් තලාව ළඟමයි හිටියේ. ඊට පස්සේ ඒගොල්ලොත් එක්ක පාරවල් හදාගෙන අපි පැය හතක් පමණ යනකොට වත්තට ආවා. 


මෙම අතරමංවී සිටි අය සොයා ගැනීමට නල්ලතන්නියේ පොලිස් විශේෂ කාර්ය බළකායට විශාල සහයක් වූ මස්කෙළිය ලකඹේ වතුයායේ පදිංචි සංචාරකයන්ට මඟ පෙන්වන්නෙකු වශයෙන් කටයුතු කරන ධර්ම ශ්‍රී ලියනගේ මහතා අප සමග මෙසේ සිය අත්දැකීම විස්තර කළේය.

dh
 සප්තකන්‍ය රක්‍ෂිතය පිළිබඳව මම හොඳටම දන්නවා. මම වන රක්‍ෂණ කාර්යාලයෙන් හා වනජීවි කාර්යාලයෙන් අවසර අරගෙන සංචාරකයන්ට අලි පෙන්වන්න, දිවියන් පෙන්වන්න ගිහින් තියෙනවා. රක්‍ෂිය ඇතුළේ මිනිස් ඇසට ලක් නොවූ විශාල ගස් පෙන්වන්නත් දිය ඇලි පෙන්වන්නත් අවස්ථා ගණනාවකදී ගිහිල්ලා තියනවා. හරිම ලස්සන රක්‍ෂිතයක්. එම රක්‍ෂිතයේ කුරු අලින් පහළොස්දෙනෙකු පමණ රංචුවක් ඉන්නවා. නල්ලතන්නිය ඕ.අයි.සී. මහත්තයාගේ ඉල්ලීමක් අනුව මම එස්.ටී.එෆ්. එකත් එක්ක රෑ 7.30 ට විතර ලකඹේ පැත්තෙන් රක්‍ෂිතයට ඇතුළු වුණා. හොඳටම රෑ වුණ නිසා අපි කැලෑව ඇතුළේ නිදාගත්තා. පහුවදා උදේ ආපහු අපි ගමන පිටත් වෙලා නල්ලතන්නිය පොලිසියට ගුවන් හමුදාවෙන් කියපු ගල්තලාව තියන පැත්තට හූ හඬ කිහිපයක් තැබුවා.


ඊට පස්සේ අපට ප්‍රතිචාර හැටියට කැලේ ඇතුළෙන් හූ හඬ කිහිපයක් ඇහුණා. අපි ඒ හූ හඬ පැත්තට ගියා. යනකොට ගල්තලාවක් මත අතරමං වෙලා සිටිය පිරිස හමුවුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කුසගින්නේ හිටපු නිසා ඕ.අයි.සී. මහත්තයා මට දීපු ආහාර පාන ලබා දීලා ආපහු කැලේ පාරවල් හදාගෙන පැය හතක් තිස්සේ අපි ලක්‍ෂපාන වත්තට ආවා. හැබැයි මේක සමන් දෙවින්යන්ගේ අඩවිය. මේක මම කියන්නම ඕනෑ. මේ ගිය අය ඌරු මසුයි, සැමනුයි තවත් කෑම ජාති කිහිපයකුයි කැළේ ඇතුළට ගිහිල්ලා කාලා තිබුණා. කාගෙන්වත් අවසර අරගෙන නෙවෙයි මේ අය කැළේ ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. මෙහෙම අවසර ගන්නේ නැතුව හැමෝම කැළේට යන්න ගියාම අවුරුදු ගාණක් රැකිලා තියන මෙම කැලේ විනාශ වෙනවා. නිදහසේ සිටින සතුන්ට හිරිහැර වෙනවා. වටිනා ගහ කොළත් බෙහෙත් පැළෑටි විනාශ වෙන්න පුළුවන්. අපි කැලේ පාරවල් කපාගෙන කිලෝ මීටර් පහළොවක් විතර ලක්‍ෂපානට ආවා. ඒකට පැය හතක් විතර ගියා.

SLD_20161218_A014


මෙම අතරමංව සිටි පිරිස සොයා ගැනීමට විශාල කාර්ය භාරයක් සිදු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412 ගුවන් යානයේ ප්‍රධාන  ගුවන් නියමුවා වශයෙන් කටයුතු කළ බලගණ නායක උදිත ඩී. සිල්වා මහතා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතාගේ සහයෝගය මත සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය. එහිදී ප්‍රධාන ගුවන් නියමුවරයා සිය මෙහෙයුම මෙසේ විස්තර කළේය. -ගුවන් හමුදා පාලක මැදිරියෙන් මට නියෝගයක් ලැබුණා සප්තකන්‍යා කඳු රක්‍ෂිතයේ කට්ටියක් අතරමං වෙලා කියලා. ඒ අනුව ගුවන් හමුදා ජීවිත ආරක්‍ෂක භටයන් හත්දෙනෙකු සමග 13 වැනිදා පස්වරු 4.30ට විතර රත්මලානෙන් ගුවන් ගත වෙලා 5.15 පමණ වෙනකොට ශ්‍රී පාද කන්ද ආසන්නයට ආවා. ඇවිල්ලා අපට දීපු ලොකේෂන් එක දිහාවට පියාසර කරද්දී සප්තකන්‍ය කන්දට ආසන්නයේ විශාල රක්‍ෂිතයක දුමක් ඉහළට නැගෙන දර්ශනයක් මම දැක්කා. ඊට පස්සේ එම ස්ථානයට හෙලිකොප්පටරය පහත් කරලා එම ස්ථානයට ගුවන් හමුදාවේ ජීවිත ආරක්‍ෂක භටයින්  බස්සවන්නයි උත්සාහ කළේ. එහෙත් එතන අඩි සියයට වඩා උස ගස් තිබුණා. අධික මීදුමත්, දැඩි සුළං තත්ත්වයත් තිබුණ නිසා එම ජීවිත ආරක්‍ෂක භටයන් එම ස්ථානයට ගොඩ බැස්සීම අවදානම් නිසා ඔහු සිටින ස්ථානය ඡායාරූප ගත කරන ලෙස හෙලිකොප්ටරයේ සිටි අනෙක් නිලධාරීන්ට දැනුම් දීලා එහි ජී.පී.එස්. සංකේත සටහන් කරගෙන පසුව මම හෙලිකොප්ටර් යානය ලක්‍ෂපාන වාලමලෛයි ක්‍රිඩාංගණයට ගොඩබැස්සුවා. එම තොරතුරු යුදහමුදාවටත්, නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන්ටත් ලබාදීලා ආපසු රත්මලාන ගුවන් තොටුපළට පැමිණියා. 


පස්සේ මට ආපසු ගුවන් හමුදා මූලස්ථානයෙන් උපදෙස් ලැබුණා ඊට පසු දින 14 වැනි දින උදෑසන  ආහාර පාන බෙහෙත් ද්‍රව්‍ය රැගෙන ගුවන් හමුදාවේ  ජීවිතාරක්‍ෂක  භටයන් රැගෙන එම ස්ථානයට යළිත් පියාසර කරන ලෙස. ඒ සඳහා මම සූදානම් වෙලා සිටියදී මට පණිවිඩයක් ලැබුණා ඒ අය සොයාගත්තා කියලා. මට මේ මෙහෙයුමේදී මගේ සහයට බළපන්ති ලුතිනන් සුමිත් හෝස්ද සහය වුණා. මෙම පිරිස අතරමං වෙලා සිටි ස්ථානයේ සිට ලක්‍ෂපාන වාරමලෛයි ක්‍රිඩාංගණයට කිලෝ මීටර් තුනක් පමණ දුරක් තිබුණා” ගුවන් නියමු උදිත ඩී. සිල්වා මහතා සඳහන් කළේය.

m



අදහස් (0)

සප්තකන්‍යා වන රක්ෂිතයේ අතරමං වූවන් සොයා ගිය ගමන

පිටිගල මිලානෝ Sunday, 25 December 2016 10:55 AM

මේ අය හිතා මතාම ජෝඩු ගැහිලා කැලේ ඇතුලටම ගියේ කුමකටද යන්න සොයා බැලිය යුතුය. තම පුද්ගලික ආශ්වාදයක් සඳහා ගොස් අතරමන් වූවානම් ඔවුන්ගෙන් ගුවන් හමුදාව ගිය වියදම අයකර ගත යුතුය. (බ)

:       0       0

මැටිපහන Monday, 26 December 2016 01:53 PM

පිටිගල මිලානෝ නිල් චිත්‍රපටි බලල ඔලුව නරක වෙච්ච කෙනෙක්ද කොහෙද. නැත්තම් මේ කතාව කියවල ඔය වගේ එකක් ඔලුවට එන්නේ කොහොමද කියල නම් හිතාගන්න බැහැ. (බ)

:       0       0

සුපුන් Thursday, 22 December 2016 10:05 AM

කෝකටත් තෛලය වගේ හැම එකටම හමුදාව....! සදාදරණිය හමුදා සහෝදරයන්ට කොතරම් ණයගැතිද අපි. (නි)

:       0       0

මලික් Friday, 23 December 2016 05:26 PM

හොඳ ප්‍රවෘත්තියක්

:       0       0

දිලිප් Thursday, 22 December 2016 12:36 PM

හමුදාවක් පොලිසියක් තියෙන්නේ ඔයවගේ හදිසි අවස්ථාවකට තමයි ආණ්ඩුව කියන දේ කරන්න ඔය වගේම තමා මිනිස්සුන්ට ගහන්න මරන්නත් කියන්නේ මතකනේ රතුපස්වල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 282 0

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 73 0

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 782 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 70 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 172 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 215 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38855 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site