IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


සෙබළාගේ වැන්ඳඹු බිරිඳට අලූත් ජීවිතයක්

  55 

ජිනේෂා මට වැඩට යන්න පරක්කු06-Rasa-p5-BB වෙනවා. දරුවන් ඉස්කෝලෙට දාන්න  ඕන නේද? සුරංගගේ හඬ ගේ පුරා පැතිර ගියා. ඒ හඬ වැකුණු ජිනේෂා බත් පාර්සල් දෙක ඉක්මනින් පත්තරයෙන් ඔතන්න පටන්ගත්තා. -චුට්ටක් ඉන්න එනවා.” යැයි පවසමින් ජිනේෂා ඉක්මනින් සුරංග ළඟට පැමිණියා.
තම අතෙහි වූ බත් පාර්සල් දෙකෙන් එකක් තම දරුවා අත තැබුවා. - මෙන්න ඔයාගෙ කෑම එක. අද හොඳටම පරක්කු වුණා නේද? කමක් නෑ...” සුරංග පැවසුවා. සුරංග තම සය හැවිරිදි දරුවාද යතුරුපැදියට නංවාගත්තා. -මම දරුවාව දවල් මඟට එක්කං එන්නං. ඔයා මඟට එන්න අද ගෙදරට ගෙනත් දාන්න හම්බවෙන එකක් නෑ. කට කපලා වැඩ” සුරංග ජිනේෂාට පැවසුවා. ඇය සුරංග අසලට පැමිණියා. සුරංග නිවෙසින් පිටත්ව යාමට පෙර ජිනේෂාගේ නළලත සිපගත්තේ දැඩි ස්නේහයෙන්.

 


මං එන්නෙ හැන්දාවට. ඔයා පරිස්සමින් ගෙදර ඉන්න. යතුරුපැදිය පණගැන්වූ සුරංග නිවෙසින් පිටත්ව ගියේ එසේ කියමින්. සුරංගත් දරුවාත් යන දෙස බලා සිටි ජිනේෂා සුපුරුදු පරිදි තමාගේ එදිනෙදා වැඩකටයුතු කරන්නට පටන් ගත්තා.


ආදරය පුදුමාකාර හැඟීමක්. ජීවිතේ ජීවත් කරවන ඒ ආදරේ වෙනුවෙන් ආදරවන්තයො ආදරවන්තියො අපමන කැපකිරීම් කරනවා. ජිනේෂා සහ සුරංගත් ඒවගේ යුවළක්. ඒත් ජීවිතේ ඉරණම කොයි අතකට පෙරළේවිද කියලා දන්නෙ නැති ඔවුන් දෙදෙනා තමන්ගේ දරුවාද සමගින් අදරයෙන් ජිවත් වුණා.
හිතේ පාළුවත් එක්කම ජිනේෂා ගෙයි මැද සාලයට ගියා. ටී වී ස්ටෑන්ඞ් එකේ දෙවැනි රාක්කයේ තිබුණු පින්තූරයක් දෙසට ඇයගේ නෙත් යොමුවුණේ ඉබේටම. ඒ පින්තූරය ගෙන තිබුණේ ජිනේෂාගේත්. සුරංගගේත් විවාහ උත්සවය දිනයේදී. ඇය පින්තූරය අතට ගෙන අසල තිබූ පුටුසැටියේ වාඩිවුණා. පින්තූරය දෙස බැලූ ඇයට තම අතීතය සිහිවුණා.


සුරංග5, ජිනේෂාට පෙම් කරන්න පටන් ගත්තෙ ඇය උසස්පෙළ කරන කාලෙදි. ඒ කාලෙදි සුරංග ආවෙත් ජිනේෂා ආ පන්තිවලට. ජිනේෂාගේ ගමට අල්ලපු ගමේ තමයි සුරංග ජීවත්වුණේ. සුරංගත් ජිනේෂාත් පන්තිවලට ගියේ එකම බස් රථයේ. එසේ යන ඇතැම් දවස්වලට සුරංග තම මිතුරන් සමඟ එක්වී ජිනේෂාට විහිළු තහළු කරනවා. ජිනේෂාත් වටපිට බලා කවුරුන් හෝ නොපෙනෙන වෙලාවට සුරංග සමඟ සිනාසෙනවා.


සුරංගත් ජිනේෂාත් අතර තිබුණු හිතවත්කම ආදරයක් බවට පෙරළෙන්නට ගතවුණේ ටික කාලයක් පමණයි. ඒ ආදර කතාව ගෙතුණේ හරියට සීරුවට ඇමිණෙන දම්වැලක් වගේ.


ඔවුන් සති අන්තයේ පන්තිවල හමුවී නිතර කතාබහ කළා. කාලය ටිකින් ටික ගතවුණේ ඔවුන්ටත් නොදැනීම. උසස්පෙළ විභාගයත් අවසන්ව නිවෙසට වී කල්ගත කළ ඔවුන් ඉන් අනතුරුව පරිගණක ඩිප්ලෝමාවක්ද හැදෑරුවා. ඒ ඔවුන් දෙදෙනාටම හමුවීමට අවශ්‍ය නිසා.


එසේ දින සති මාස ගෙවී ගොස් උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වුණා. සුරංගත්, ජිනේෂාත් උසස්පෙළ සමත්ව තිබුණත් සරසවිවරම් ලබා තිබුණෙ නැහැ.
ජිනේෂා දෙවැනිවරටත් විභාගය සඳහා උත්සාහ කළත් සුරංග නැවත විභාගයට පෙනී සිටියේ නැහැ. ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායෙ සේවය සඳහා ඇතුළත් වුණා.


දෙවැනිවරටත් උසස් පෙළ විභාගයට මුහුණදුන් ජිනේෂාට, ඉහළ ලකුණු ලැබුණෙ නෑ. ඇගේ සරසවි සිහිනය සුනුවිසුනු වී ගියා. බලාපොරොත්තු සියල්ල අපේක්‍ෂාභංග වුණා.

Rasavitha-05.qxd


ජිනේෂාත්, සුරංගත්, අතර තිබුණු යාළුකම ගෙවල් දෙකෙහිම මවුපියන්ට ආරංචි වුණා. ජිනේෂාගේ තාත්තා සුරංගට මුලදී අකමැති වුවත් පසුව කැමැත්ත ප‍්‍රකාශ කළා.


ඔවුන්ගේ පාසල් පේ‍්‍රමය අවසානයේදී කෙළවර වුණේ විවාහයෙන්.


මතක මාවතේ බොහෝ දුරක් ගමන් කළ ජිනේෂා පියවි ලෝකයට පැමිණියේ පැය භාගයකට පමණ පසුව. තම අතේ තිබුණු පින්තූර ටී.වී. ස්ටෑන්ඞ් එක මත තැබූ ඇය ඉතිරි වැඩ කටයුතුවල නිරත වුණා. නිවසේ වැඩ සියල්ල නිමවූ විට දහවල් දොළහත් පසුවී තිබුණා.


ඉක්මනින් ඇඟ සෝදාගෙන ලකලැහැස්ති වී දරුවා රැුගෙන ඒමට යාම සඳහා ජිනේෂා නිවෙසින් පිටත් වුණා. එළියට බහිනවාත් සමඟම සුරංග දරුවාත් සමඟ ගෙදරට පැමිණියා. මිදුලේ යතුරුපැදිය නැවැත්වූ සුරංග ගේ තුළට ගොඩවුණා.


පුදුමු රස්නයක්. පාරෙ ඉන්න බෑ පිච්චෙනවා. එසේ කියමින් සාලයේ හිඳගත් සුරංග විදුලිපංකාව පණගැන්වූවා.


මඟට එන්නයි හිටියෙ පස්සෙ හිතුණා. මඟට ආපු එක ගෙදරටම ගොඩවෙලා යන එක හොඳයි කියලා. ජිනේෂා සුරංගගේ මුහුණ දෙස බැලූවා. ඔහුගේ මුහුණපුරා ඩාදිය බිඳු වැගිරී තිබුණා. අව්කාස්ටකේ සිටීම නිසා ඔහුගේ දෙනෙත් රත්පැහැ වෙලා. සුරංග ගැන ඇයට පුංචි දුකකුත් ආදරයකුත් ඇතිවුණා.
කාලය කෙමෙන් ගතවී ගියා. ඒ කාලයේදී උතුරේ සටන් ඉතා තදින්ම ඇවිළිලයි තිබුණෙ. සුරංගට පැවරී තිබුණෙ උතුරේ වළදමා තිබූ බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජකාරිය. ඒ සඳහා සුරංග ඇතුළු කිහිපදෙනෙක් යන්ත‍්‍ර උපයෝගී කරගෙන බිම් බෝම්බ වළලා ඇති තැන් සොයා ඒවා නිෂ්ක‍්‍රීය කිරීමට යොදවලා තිබුණා. ඊට අදාළ ඇඳුම් කට්ටල සහ අවශ්‍ය උපකරණ ඔවුන්ට ලැබුණා. මේ කාලය තුළ සුරංග කිහිපවරක් ගෙදර ආවා. ඔහුට හැකි සැමවිටම ගෙදර තතු විමසා බැලූවා. සුරංග ඇතුළු පිරිස ්9 මාර්ගයේ සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක කළා.


මේ යුද්ධය දිගින්දිගටම පැවතුණා. මෙහි කෙළවර කවරදානම් සිදුවෙයිද කියලා ඔහු සිතන්න වුණා. දවසින් දවසම බෝම්බවලින්, මියයන පිරිස වැඩියි. සෑම නිවෙසකම පාහේ මරණයේ දෝංකාරය.


මේ ගැන  සිතමින් තම දරුවාත් බිරිඳත් ගැන සිහි කරමින් සිටි සුරංග ඉදිරියට අඩිය තියනවාත් සමඟම මහා ශබ්දයක් නඟමින් බිම්බෝම්බයක් පිපිරී ගියා. ඒ හඬට බියවුණු කුරුල්ලන්ද ඒ මේ අත පියඹා ගියේ මරණ බිය ඔවුන්ටද දැනුණු නිසා. බෝම්බයට හසුව මියගිය සුරංගගේ සිරුර නිවෙසට ගෙන ආවේ මුද්‍රා තබලා අවසන් වතාවටත් ඔහුගේ මුහුණ බැලීමට ජිනේෂාට අවස්ථාව ලැබුණේ නැහැ.


පොලිස් උපහාර මැද සියලූ ගෞරව සහිතව සුරංගගේ අවමඟුල සිදුවුණා. සුරංගගේ වියෝව ඉවසාගත නොහැකිවූ ජිනේෂා හැසිරුණේ පිස්සියක මෙන්, අවසානයේ කළ යුත්තේ කුමක්ද? ඉදිරි ජීවිතය කුමක් වෙයිද? සිදුවුණේ කුමක්ද යන්නවත් ඇයට හරි අවබෝධයක් තිබුණේ නැහැ.


ජිනේෂා දැන් ජීවත්වෙන්නෙ සුරංගගෙ මතකයත් එක්ක. ඇය දැන් ගොඩක් තනිවෙලා. සුරංගගෙ වියෝවත් එක්ක ගමේ අය ජීනේෂාගේ සුවදුක් සොයා බැලූවත් සුරංගගේ වියෝවීමේ දුක පුරවන්න ඒ කාටවත් පුළුවන් වුණේ නැහැ.


සුරංගගේ වන්දි මුදල් සහ මාසික වැටුප් ජිනේෂාට සෑම මසකම ලැබුණා. ඒ නිසා ඇයට මුදල්වලින් අඩුපාඩුවක් තිබුණේ නැහැ. දරුවාගේ පාසල් ගමනට අවශ්‍ය දේවල් මෙන්ම ඈට අවශ්‍ය දේවල් මිලදී ගැනීමට ද එම මුදල් ප‍්‍රමාණවත් වුණා. ගෙදර වත්තේ තිබුණු පොල්, කොස්, දෙල් ආදිය ද කඩවලට විකුණා දමා අමතර ආදායමක්ද ලබාගන්නට ඇයට හැකිවුණා.


සුරංගගේ වියෝවෙන් පසුව සෑම දිනකම දරුවා පාසලට ගෙනයාමට සිදුවුණේ ජිනේෂාට. ඒ සෑම දිනකම පාහේ තනිකම පාළුව ඇයගේ හිතට තදින්ම දැනෙන්න වුණා. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 28 යි. තරුණවියේ සිටි ඇය වැන්දඹුවක් වුව ද රූපයෙන් අගතැන්පත් තරුණියක්.


අවසානයේ ඇය වරදෙහි පැටලූණා. පිරිමි කිහිපදෙනෙකු සමඟ සබඳතා පැවැත්වූවා. දරුවා පාසලේ සිටින කාලයේදී ඔවුන් ජිනේෂාගේ නිවෙසට යන්න එන්න පටන් ගත්තා.


ජිනේෂාගේ නිවෙසට පිටස්තර පිරිමි එන බව මුළු ගමේම ලැව් ගින්නක්සේ පැතිරුණා. ඒ හැමදේම ගමේ මිනිසුන්්ගෙන් වසන් කිරීමට සිතූ ඇය නිවෙස වටාම ලොකු තාප්පයක් ඉදි කළා. ඇය එසේ සිදුකළේ ගම්මුන්ගේ දෑස් වසාලීමට මෙන්.


නිවෙසට හිරවී ජීවත්වුණු ජිනේෂා ගම්මුන්ගෙන් ඈත්වුණා. නමුත් දැන් ඇයට පාළුවක් තනිකමක්, දැනෙන්නේ නැහැ. ඒ ඇගේ අස්වැසීමට කිහිපදෙනෙකු තාමත් ඇගේ නිවෙසට පැමිණෙන නිසා.


ජිනේෂාගේ ජීවිතය මේ විදියට ගත වුණා. සුරංගගේ මියයාම ජිනේෂාගේ ජීවිතේ විශාල වෙනසක් ඇතිකරන්න හේතුවුණා. ජීවිතයේ හැමදෙයක්ම පසුපස අපි අපි වෙනුවෙන් ගත යුතු බුද්ධිමය තීරණ බොහොමයක් තියෙනවා. ඒ තීරණ බුද්ධිමත් තීරණයක් විදියට ගන්න අපි උත්සාහ කළ යුතුයි.

n

 



අදහස් (0)

සෙබළාගේ වැන්ඳඹු බිරිඳට අලූත් ජීවිතයක්

කුමාරි Tuesday, 09 June 2015 05:42 PM

ඔය ඔක්කොම නවත්තල එක්කෝ එක්කෙනෙක් බැද ගන්න.ඔය හැම දෙයින්ම අන්තිමට අසරණ වෙන්නේ අහිංසක දරු පැටිය.(කේ)

:       0       0

දිමුත් Monday, 15 June 2015 09:17 AM

මේ පත්තර කතන්දර මවලා ලියනවද මන්දා.(ම)

:       0       0

ජොහාන් Monday, 15 June 2015 03:26 AM

අනේ මන්දා! ඇය වැරදිද කියලා මටත් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 17 June 2015 02:15 PM

වැඩේ වැරදි වුනත් ඒ මනුස්සයා එහෙම කරන්නේ ජීවත් වෙන්න විදියක් නැති නිසා නම්? (ර)

:       0       0

නිමල් ජයසිංහ Wednesday, 10 June 2015 04:26 AM

අතේ රෝල් ලියලා පත්තර පිටු පිරවීම මාධ්‍ය මූලධර්ම වලට එකඟද? කීයක් හරි ලැබුණට බඩකට චුට්ටක් පුරවගත්තට මේවායෙන් සමාජයට යහපතක් වෙන්නෙ නැහැ.(ම)

:       0       0

සංජීව Thursday, 11 June 2015 05:10 AM

හරියටම හරි නිමල්. ගොතපු කතා ලිව්වත් කමක් නෑ සමාජයට යහපත් පණිවිඩයක් දෙනවනම්. මේවගෙන් අපිට ඇති පලේ මොකක්ද? (ම)

:       0       0

සුමුදු Sunday, 14 June 2015 08:34 AM

අර අහිංසක දරුවාගේ ජීවිතය ගැන හිතද්දී දුකයි (බ)

:       0       0

සම්පත් - ඩුබායි Saturday, 13 June 2015 04:32 PM

විකල් වෙච්ච සමාජයේ මේවා නොවෙන්න පුළුවන් කියල කියන්නේ කොහොමද? ගැහැණුන්ගේ මේවගේ අනුවන වැඩ නිසා අසරණ වෙන්නේ අහිංසක දරුවා,,,(අ)

:       0       0

රුවිනි Monday, 15 June 2015 08:27 AM

මේ මොන බහුබූතයක්ද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සැරින් සැරේ තැනින් තැන මතුවන වාහන
2024 ඔක්තෝබර් මස 16 2268 0

ඉකුත් රජය මැති ඇමැතිවරන් ඇතුළු ප්‍රභූවරුන්ට ලබාදී තිබූ මෝටර් වාහන හතු පිපෙන්නාක් මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රථ ගාලේ සහ විවිධ ස්ථානවලින් මතුවීම ආර


ආර්ථිකයට ලෝක බැංකු පණිවිඩය
2024 ඔක්තෝබර් මස 16 810 1

ශ්‍රී ලංකාව සම්බන්ධ ඉතා වැදගත් වාර්තාවක් ලෝක බැංකුව විසින් මේ මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා සංවර්ධනයේ නව තත්වය 2024 අනාගතය දක්වා විවෘත කිර


පවුරු බිඳ දැමූ අගමැති නිල නිවස
2024 ඔක්තෝබර් මස 15 2986 2

2005 වසරේ සිට, වසර 19 ක් තිස්සේ, වසා දමා තිබුණු අරලියගහ මන්දිරයට යාබද කොල්ලු‍පිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වට රවුම දක්වා දිවෙන මාර්ගය, මීට දින කීපයකට


තහනම්ද පෙම් කරන්නට තුම්මුල්ල හන්දියේ
2024 ඔක්තෝබර් මස 15 10783 0

සරසවි ප්‍රේමය පිළිබදව නිර්මාණ රචනයේ යෙදෙන බොහෝ නිර්මාණකරුවන්ට නිතරම මතක්වන්නේ පේරාදෙණියයි. එහි පවත්නා පාරිසරික සෞන්දර්යය ඊට ප්‍රමුඛ හේතුවක් වෙයි. ප


දිළිඳුකම පිටුදැකීමේ ක්‍රමවේදයක්
2024 ඔක්තෝබර් මස 15 720 0

පසුගිය කාලයේදී කතා බහට ලක්වූ මාතෘකා නැවතත් කරළියට පැමිණ ඇත. මැතිවරණ සමයක දක්නට ඇති පාවෙන ඡන්ද මෙන් සහල් සහ බිත්තර මිල සැමට දැනෙන අයුරින් පාවෙන්නට පටන්


රථ වාහන ලොව දිග්විජය කළ මානව හිතවාදියා
2024 ඔක්තෝබර් මස 14 1248 0

රතන් ටාටා මානව ගුණාංගවලින් පරිපූර්ණ අද්විතීය මිනිසෙකි. ඔහු අසීමිත ලෙස ඉන්දියාවට සහ ඉන්දියානුවන්ට ආදරේ කළ අයෙකි. ඉන්දියාව ද ඔහුට පෙරළා ආදරය කළේය. රතන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 622 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site