ඒ අභිමානවත් නිදහස අපට උරුම වී 2021 දී සමරනු ලබන්නේ 73 වන නිදහස් දිනයයි. නිදහසේ ආරම්භය පිළිබඳ සලකා බැලීමේදී 1917 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පළමු ප්‍රතිසංස්කරණය ලෙස අපට හැඳින්විය හැකිය. 1945 ජුනි මාසයේදී ලංකාවට නිදහස ලබා නොදිය යුතු බවට සෝල්බරි සාමිවරයා බ්‍රිතාන්‍යයට නිර්දේශ නිකුත් කර තිබුණි. ඒ අනුව ඔහු නිර්දේශ කර තිබුණේ ලංකාවට එකවර නිදහස ලබා නොදී ක්‍රම ක්‍රමයෙන් නිදහස ලබා දිය යුතු බවය. ලංකාවේ එවකට සිටි සමහර නායකයෝ නිදහස එකවර ලබා ගැනීමට අකමැති තත්ත්වයක් පෙන්නුම් කළහ. ඒ කෙසේ වෙතත් 1948 පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය කිරීටයේ ආඥාවක් මගින් ලංකාවට නිදහස හිමිවිය. එසේ නිදහස හිමි වුවත් 1947 නොවැම්බර් 11 වැනිදා ආරක්ෂක හා විදේශ කටයුතු සම්බන්ධව ගිවිසුම් කීපයක් බ්‍රිතාන්‍ය සමඟ අත්සන් කිරීම සිදුවිය.
එවන් බැඳීම් සමඟ හිමිවූ නිදහස ඩොමීනියන් නිදහසක් ලෙස අපි අර්ථ දක්වන්නෙමු. වෙනත් රටක ආධිපත්‍යයෙන් සහ එම සීමා බැඳීම්වලින් නිදහස් වීමක් මෙතනදී සිදුවිය. සරලවම පවසනවා නම් ව්‍යවස්ථාමය හා දේශපාලනික වශයෙන් තිබුණු බැඳීම් ඉවත් වීමෙන් ලැබූ නිදහසක් ලෙස අර්ථ දැක්විය හැකිය. පෙර සඳහන් කළ ආරක්ෂක හා විදේශ කටයුතු ගිවිසුම් මගින් තව දුරටත් අපේ රට මහා බ්‍රිතාන්‍ය සමඟ තිබූ සම්බන්ධතාව දිගටම පවත්වාගෙන පැමිණියේය. 1972 දී පළමු ජන රජ ව්‍යවස්ථාව මගින් සෝල්බරි ව්‍යවස්ථාවේ බැඳීම් ඉවත් කොට ජනතා ආධිපත්‍ය මුල් කරගත් ව්‍යවස්ථාවක් නිර්මාණය විය. ඒ අනුව රාජ්‍ය බලයේ උපත ජනතාව ලෙස සැලකීම 72 ව්‍යවස්ථාවෙන් ආරම්භ විය. මෙහිදී සඳහන් කළේ අපේ රටට නිදහස ලැබීමේ ව්‍යවස්ථාමය පසුබිම පිළිබඳවය. සැබෑ නිදහස යනු ව්‍යවස්ථාමය නෛතිකමය වශයෙන් ලැබෙන නිදහසක් යන්න ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතුය. එය අප ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ. අප නිදහස අර්ථ දක්වාගෙන තිබෙන්නේ පටු කෝණයකින් බව මාගේ හැඟීමයි. එසේ සඳහන් කරන්නේ නිදහස යනු පුළුල් සංකල්පයක් ලෙස විශ්වාස කළ යුතු බැවිනි.
නිදහස පුළුල් සංකල්පයක් ලෙස හඳුන්වන්නේ ඇයිදැයි විවිධ කාරණා හරහා විමසා බැලිය යුතුය. විශේෂයෙන්ම රටක ආර්ථික නිදහස වැදගත්ම කාරණයකි. ආර්ථික වශයෙන් අප රට කොතරම් නිදහසක් ලබා ඇතිද යන්න විමසීම වැදගත් කාරණාවකි. විශේෂයෙන්ම දේපළ අයිතිය අසාධාරණ හා අසමානව බෙදී යාමේ ස්වාභාවයක් අපට නිරන්තව හඳුනාගත හැකිය. එම අසමානතාව නිදහසට ප්‍රධානම බාධාවකි. එය ඉතාම පැහැදිලිය. එමෙන්ම අපේ රටේ ආදායම හා ධනය බෙදී යාමේ විෂමතාවත් වැඩිවී තිබෙන බව පැහැදිලි කාරණයකි. එමෙන්ම සංවර්ධනය යන පුළුල් කාරණයේදී සිදු කරන දැවැන්ත ව්‍යාපෘති හරහා අවතැන්වූ සහ ජීවන මාර්ග අහිමිවූ සහ සමාජ ආර්ථික ගැටලුවලට මුහුණ පාමින් සිටින පිරිසක් බිහිවීම නිරන්තරයෙන්ම හඳුනාගත හැකි කාරණාවකි. එමෙන්ම බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල හා අර්ධ නාගරික ප්‍රදේශවල ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ණය ලබාදෙන වෙනත් ආයතනවල ව්‍යාප්තිය සිදුවීම අපට ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. මෙමගින් පෙන්වන්නේ දිනෙන් දින පුරවැසියා ණය උගුලක සිරවෙමින් සිටින ආකාරයයි. එය ඉතාම පැහැදිලිය. එසේම වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ තිබෙන තරගකාරිත්වය සමඟ මිනිසාගේ සැබෑ අවශ්‍යතාවලට වඩා කෘතිම අවශ්‍යතාවක් නිර්මාණය කර තිබේ. මේ නිසාත් මේ අර්බුදය දිනෙන් දින උග්‍ර වී ඇත. මේ ආකාරයට බලනවිට ආර්ථිකමය වශයෙන් අප ලබා ඇති නිදහස කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ.
එමෙන්ම ගෝලීයකරණ සංකල්පය තුළ ආර්ථිකමය වශයෙන් අප රටක් ලෙස ගත් කල නිදහසක් භුක්ති විඳීද යන්න විමසා බැලිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ප්‍රධාන මූල්‍ය ආයතනවල නිර්දේශ පිළිගැනීමට අපේ රටවල්වලට සිදුවී තිබේ. ගෝලීයකරණ ක්‍රියාදාමය තුළ බොහෝ විධි විධාන බලවත් රාජ්‍ය තුළ නිර්මාණය වීමෙන් අනතුරුව අපට පැනවීමක් සිදුවේ. විශේෂයෙන්ම ප්‍රමුඛ මූල්‍ය ආයතන විසින් කුඩා රටවල ජාතික ආර්ථික ප්‍රතිපත්ති වෙත බලපෑම් එල්ල කිරීම නිරන්තරයෙන් සිදුවේ. එහිදී කේන්ද්‍රීය රටවල් පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සඳහා අපේ රටවල් වෙළෙඳ පොළක් බවට පත් කරගෙන තිබේ. මෙවැනි පරිසරයක අප සාකච්ඡා කරන නිදහස යන කාරණය කෙතරම් දුරට ප්‍රායෝගිකව භුක්ති විඳිය හැකිද යන්න ප්‍රශ්න සහගත කාරණයකි.
නිදහස යනු සත්‍ය වශයෙන්ම සීමා බැඳීම් මත සිදුවන තත්ත්වයකි. යම් යම් සීමා පැනවීම නිදහසට බාධාවකි. නිදහස භුක්ති විඳීමට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්ම කාරණාවකි. එහිදී දේශපාලන නිදහස සුවිශේෂීව වැදගත් වන කාරණයකි. මහාචාර්ය හැරල්ඩ් ලැස්කිට අනුව දේශපාලන නිදහස රිසි ලෙස භුක්ති විඳීම සඳහා තිබිය යුතු කොන්දේසි කීපයක් නම් කළ හැකිය. ඒවා නම් සමාන අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා සෑම පුරවැසියකුටම ඉඩ ප්‍රස්ථාව හිමිවීම, සමාජය තුළ එක් සමාජ පංතියකට අනෙක් සමාජ පංතිය ඉක්මවා ගිය විශේෂ වරප්‍රසාද හිමි නොවීම, නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍ය සේවයක් පැවතීමයි. මෙහිදී මෙම දේශපාලන නිදහස පුරවැසියන්ට හිමිකරදීමේදී එය සුරක්ෂිත කොට පවත්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සතුව ප්‍රබල වගකීමක් ඇති බව පැවැසිය යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අධිකරණයේ ස්වාධීනත්වය කියන කාරණාවත් ඉතාම වැදගත් වේ. විශේෂයෙන්ම අනෙකුත් ආයතනවල බලපෑම්වලින් තොරව ස්වාධීන අධිකරණයක පැවැත්ම යම් කිසි රටක පුරවැසියන්ගේ නිදහස තහවුරු කිරීමට හේතුවන ප්‍රබල කාරණයක් ලෙස සඳහන් කළ හැකිය.
නිදහස පිළිබඳව කතා කිරීමේදී අප සමාජයේ අභ්‍යන්තරික වශයෙන් ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමෙන් සැබෑවටම පුරවැසියන් නිදහස භුක්ති විඳීද යන කාරණය අවබෝධ කරගත හැකිය. එහිදී විශේෂයෙන්ම අපේ සමාජ අභ්‍යන්තරයේ ආගමික වශයෙන් වාර්ගික වශයෙන් කුල වශයෙන් ප්‍රාදේශීය වශයෙන් යන විවිධ ආකාරයට බෙදීම් පවතින බව පැහැදිලි කාරණාවකි. මෙම බෙදීම් සමාජ පීඩනයට හේතුවන බව අප වටහා ගත යුතුය. තාක්ෂණය සමඟ ඉදිරියට ගියත් මෙවන් පටු සාධක මත සිදුවන බෙදීම් සමාජයේ මුල්බැසගෙන තිබෙන බව පැහැදිලිය. ඒ බෙදීම් යන සාධකය මත නිරන්තරයෙන් ගැටුම් ඇතිවීමත් වැළැක්විය හැකි කාරණාවක් නොවේ. ගැටුම් ඇතිවීම් වලින් යම්කිසි සමාජයක මොහොතින් මොහොත අහිමි වන්නේ පුරවැසියන්ගේ නිදහසයි. විශේෂයෙන්ම අපේ රටේ දශක තුනකට අධික කාලයක් පැවැති ජනවාර්ගික ගැටුම නිසා සිදුවූ සමාජ අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳ හඳුනා ගැනීමේදී ඒ බව අපට මනාව පැහැදිලිවේ. තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි රටක් ලෙස අපේ රටේ පුරවැසියන්ට ඉතාම වැදගත් කාරණාව වන්නේ සියලු දෙනාගේ එකඟතාව හා අවබෝධයයි.
බෙදීම් පසෙකලා ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සිටිය හැකි මානසික තත්ත්වයක් ගොඩනැගිය යුතුමය. විශේෂයෙන්ම මෙහිදී ජනවර්ග ගණනාවකින් සමන්විත සමාජයක් ලෙස දේශපාලන නිදහස සම්පූර්ණවීමට තමන් බහුතර ආධිපත්‍යයේ බලයට යටත් නැති බව සියලු ජනකොටස් අතර පිළිගැනීමක් සිදුවිය යුතුය. එහෙත් අපේ රටේ මෙම තත්ත්වය ඉතාම සංකීර්ණ ගැටලුකාරී තත්ත්වයක් බව පැහැදිලිය. විශේෂයෙන්ම සංවර්ධන ක්‍රියාදාමය තුළ එහි ප්‍රතිලාභ ගලා යන්නේ සීමිත කොටසකට නම් ඇතැම් කොටස් මෙම ප්‍රවාහයෙන් ඉවතට විසිවී යාම වැළැක්විය නොහැකිය. මේ තත්ත්වය සමාජ අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවීමටත් නිදහස සීමා වීමටත් හේතුවේ. එමෙන්ම ජනවර්ග අතර සුහදත්වය අහිමිවන සිදුවීම් ලෙස බුද්ධිමත්ව ක්‍රියා කිරීම පාලකයා මෙන්ම පුරවැසියන්ගේ වගකීමක් බව සියලු දෙනාම සිහි තබාගත යුතුය. එමෙන්ම නිදහස පිළිබඳ කතා කිරීමේදී මානව හිමිකම්වලට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් සම්බන්ධව පරිච්ඡේදයක් ඇතුළත් නොවීය. එහෙත් 1972 පළමු ජන රජ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අන්තර්ගත කිරීමෙන් පළමු වරට සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් විය. 1978 මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් එම ව්‍යවස්ථාවට අන්තර්ගත විය. එහෙත් ව්‍යවස්ථාවක විධි විධාන මේ ආකාරයට තිබුණත් ඒවා භාවිතයට නොගන්නා විට මානව අයිතිවාසිකම් භුක්ති විඳීමට පුරවැසියන්ට තිබෙන නිදහස කොතරම් පුළුල් වී තිබේද යන්න ඉතාම ප්‍රශ්නකාරී මාතෘකාවක් බවට පත්ව තිබේ.
නිදහස පිළිබඳ ප්‍රශ්නය තවමත් විසඳී නැති බව එම කාරණය තුළින් පැහැදිලි වේ. අප බුද්ධිමත්ව සිතිය යුත්තේ මේ සීමිත අවකාශය සම්පූර්ණ කළ යුත්තේ කවර ආකාරයටද යන්න පිළිඳවයි. එමෙන්ම සමාජය තුළ කිසියම් ආකාරයකින් සිදුවන ආගම්වාදී අන්තවාදී හිංසා ක්‍රියා ප්‍රචණ්ඩත්වය තවමත් අප රටෙන් සම්පූර්ණයෙන් තුරන් නොවුණු ත්තත්වයක් තුළ අහිමි වෙන්නේද යම්කිසි පුරවැසි කණ්ඩායමකගේ නිදහසයි.
මෙවන් තත්ත්වයක් තුළ අපට සැබෑ නිදහසක් ඇතිකර ගැනීමට නම් එකිනෙකා සමඟ ජීවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. විවිධ අභියෝග හමුවේ අප උරුම කරගත් නිදහස සැබෑ නිදහසක් බවට පත්කර ගැනීමට පාලකයන් පුරවැසියන් යන දෙකොට්ඨාසයටම සුවිශාල වගකීමක් පැවැරී ඇති බව අමතක නොකළ යුතුය. මෙහිදී පාලකයන්ට පමණක් සියල්ල පවරා අත පිසදාගෙන සිටිය නොහැකිය. සක්‍රීය පුරවැසි සහභාගිත්වයක් හරහා සැබෑ නිදහස භුක්ති විඳීමට අපි අදිටන් කර ගත යුත්තෙමු.
රුහුණු විශ්ව විද්‍යාලයේ
දේශපාලන විද්‍යාව පිළිබද කථිකාචාර්ය
පියුජි රසංජි මෙන්ඩිස්
(*** සටහන-අමිල චින්තක ගමගේ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැබෑ නිදහසක අභියෝග
Raveendra Thursday, 04 February 2021 12:36 PM
පළමුව අපගේ ලක්අම්මා චිරාත් කාලයක් මෙ ලෝ තලයේ වැජඹේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. දෙවනුව අවුරුදු 73ක් වැනි සුළු කාලයක් තුළ මෙන්ම තාමත් අප දියුණු වෙමින් පවතින ඌන සංවර්ධිත රාජ්‍යයක් වීම පිළිබඳව එදා මෙදා තුර රට පාලනය කළ සහ කරන දේශපාලුවන්ගේ අත්තනෝමතික තීන්දු තීරණ නිසා දිනෙන් දින අපගේ රට අගාධයට යාම පිළිබඳව කිසිඳු දේශපාලුවෙක් තම අසීලාචාර කටවල් නම් ඇරියේම නැත. සෑම දේශපාලුවාම වචනයකින් හෝ කලේ සහ කරන්නේද රට විනාශ වෙන ක්‍රියාවක් වීම කණගාටුවකි. අනේකවිද පාට, පක්ෂවලට පිල් බෙදී බලය වෙනුවෙන්ම එකිනෙකා කා මරාගන්නා 225ට මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා..!!! ලංකා මාතාවට යහපතක්ම වේවා ...!!!