IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සමාජ ප්‍රශ්නයට විසඳුම්

කොරෝනා වසංගතයත් සමඟ ලෝකයේ අනෙක් රටවල් මෙන්ම ලංකාවේ අපි ද අර්බුදයකට මුහුණ දී සිටින්නෙමු. එය හුදෙකලා අර්බුදයක් නොවේ. පුළුල් ලෙස සමාජයේ ව්‍යාප්තව ඇති මෙම අර්බුදයට ක්ෂණික විසඳුම් නැත. ඒ වගේම ඒ වෙනුවෙන් කළ හැකි එක් නිශ්චිත කාර්යයක් නැත. පවත්නා අර්බුදයට යම් විසඳුමක් සොයා ගැනීමට පුළුල් පරාසයකට විහිදුනු ප්‍රතිපත්ති රාශියක අවශ්‍යතාව එමගින් මතුව තිබේ. මේ ක්‍රියාවලිය බොහොම සැහැල්ලුවෙන් ගෙන කටයුතු කිරීමට හැකියාවක්ද නැත. අද හෝ හෙට කොරෝනා වසංගතය තුරන් වේයැයි යන උපකල්පනයේ පිහිටා කටයුතු කිරීමේ හැකියාවක්ද නැත. එනිසා මේ අර්බුදය විසඳා ගැනීමට සිදුවන්නේ පුළුල් වපසරියකය.

පවත්නා අර්බුදය හමුවේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රාශියකි. ආහාර සම්බන්ධ ප්‍රශ්නය ඒ අතර ප්‍රමුඛය. මේ ප්‍රශ්නය ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නාගරික ප්‍රදේශවලදී බරපතළ ස්වරූපයක් ගෙන තිබේ. ආහාර සුරක්‍ෂිතතාව තහවුරු නොකර ජනතාව අද දවසේ මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීමට නොහැකිය. තම ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකිව විශාල පිරිසක් සිටින බව සමාජය හොඳින් අධ්‍යයනය කළහොත් අවබෝධ කරගත හැකිය. දෛනික ආදායම් උපයා දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගත් ජන කොටස් විවිධ ප්‍රදේශවලට සීමා වී සිටින්නට පුළුවන. මේ පිරිස මුහුණ දෙන බරපතළ අර්බුදයට පිළියම් වශයෙන් හුදෙක් යම් මුදලක් ලබාදීම තාවකාලික විය හැකිය. එමෙන්ම එවැනි පියවරක් දිගුකාලීනව ක්‍රියාත්මක කිරීමේ ආර්ථික ශක්තියක් මෙරට තිබේ යැයි සිතිය නොහැක. උද්ගතව තිබෙන තත්ත්වය යටතේ තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ජනතාව සීමාවකින් තොරව සංචරණයට යොමු වූවොත් එය ඔවුන්ටම ප්‍රශ්නයක් වීමද වැළැක්විය නොහැක. ඒ වගේම රටේ අනෙක් ප්‍රදේශවල අයටත් එහි ඍජු බලපෑම දැඩිව ඇති වන්නට පුළුවන. පසුගිය කාලයේ ඒ තත්ත්වය අපි හොඳින්ම අත්දුටුවෙමු. වයිරස ව්‍යාප්තිය වැඩි වූවොත් එය මුළු රටම අනතුරක් කරා මෙහෙයවීමකි. එනිසා සමාජයක් වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින අතරම පැවරී ඇති වගකීමද බැහැර නොකිරීමට අමතක නොකළ යුතුය.

කුමන ක්‍රියාවලියක් ආරම්භ කළද ඒ සෞඛ්‍ය අංශවල නිර්දේශය, මගපෙන්වීම, මාර්ගෝපදේශය යටතේ විය යුතුය. පවතින සෞඛ්‍ය ප්‍රශ්නයට සෞඛ්‍යමය දෘෂ්ටියකින් බලා පුළුල් ප්‍රතිචාරයක් දැක්වීමට පියවර ගෙන තිබෙන්නේ දැයි ප්‍රශ්නයකි. පවත්නා ප්‍රශ්නය සෞඛ්‍යමය වශයෙන් විසඳීමට සියලුම වෘත්තිකයන් බලගැන්වීම අත්‍යාවශ්‍යය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු සියලු වෘත්තිකයන් මේ වැඩපිළිවෙළට සම්බන්ධ වී සිටින්නේ දැයි අපි නොදනිමු. එවන් සාමූහික සම්බන්ධතාවක් පැහැදිලිව පෙනෙන්නට නැත. එවන් පසුබිමක ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සරල අර්ථයෙන් ගන්නට හැකියාවක් නැත. හුදු සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් ආහාර ප්‍රශ්නය පවතිද්දී කොරෝනා වසංගතය හේතුවෙන් නිර්මාණය වී ඇති අනෙකුත් සමාජ, ආර්ථික සහ මානසික ප්‍රශ්න තවත් පසෙක ගොඩගැසී තිබේ. මේවාට යම් ආකාරයක ප්‍රතිචාරයක් දැක්වීම අත්‍යවශ්‍ය වූවකි.

රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීමට විවිධ ආයතන පිහිටුවා තිබේ. මේ ආයතනවල මෙහෙයවීම යටතේ පුළුල් වැඩපිළිවෙළක් සෑම මට්ටමකින්ම ක්‍රියාත්මක විය යුතුය. ජාතික මට්ටමේ මෙහෙයවීම යටතේ ප්‍රජාව අතරට විහිදී යන ආකාරයෙන් සෑම ස්ථරයක්ම ආවරණය කෙරෙන ක්‍රියාදාමයක් ස්ථාපිත කළ යුතුය. ආහාර ප්‍රශ්නය ගත් විට එයට ඇත්තේ එක් විසඳුමක් නොවේ. අද වනවිට කතා කරන්නේ යම් සහනයක් සැලසීම සම්බන්ධයෙන් පමණි. මූල්‍ය සහනයක් ලැබුණු පමණින් ආහාර ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීමට හැකිවන්නේ නැත. ආහාරවලට පමණක් වියදම් දැරිය නොහැක. තවත් බොහෝ අවශ්‍යතා වෙනුවෙන් වියදම් දැරීමට පීඩිත ජනතාවට සිදුව තිබේ. එනිසා ආහාර ගැනීමට යම් මුදලක් හෝ ආහාර ද්‍රව්‍ය සැපයීමෙන් පමණක් ආහාර සුරක්‍ෂිතතාව ඇති වන්නේ නැත. ආහාර නිෂ්පාදනයට ජනතාව යොමු කරන බව පසුගිය මාර්තු මාසයේ පටන් ප්‍රකාශ වූවකි. අර්බුදවලට මුහුණදුන් රටවල මේ හා සම්බන්ධ අත්දැකීම් තිබේ. දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේ සහ ඉන් පසුව පැවැති තත්ත්වය යටතේ නාගරික, අර්ධ නාගරික ප්‍රදේශවල කුඩා ඉඩම් පවා ආහාර නිෂ්පාදනයට විවෘත කර තිබුණි. ඒ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් යටතේය. බොහෝ රටවල ප්‍රජා ආහාර නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ආහාර සම්බන්ධ පීඩනය අවම කරන්නට පියවර ගත්තේය. මෙයින් පෙනෙන්නේ යම් ආධාරයකට වඩා විවිධ පැතිකඩ ඔස්සේ ආහාර සුරක්‍ෂිතතාව ඇති කිරීමට අවධානය යොමු කළ යුතු වකවානුවකට රටක්, සමාජයක් වශයෙන් පැමිණ සිටින බවය. විවිධ ආයතන එකතු වී විවිධාකාර වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතු බව මේ හරහා තහවුරු වී තිබේ.

කොරෝනා වසංගතයට සෘජුවම නිරාවරණය විය හැකි සෞඛ්‍ය අංශ සේවකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට සැවොම වගබලා ගත යුතුය. එසේ නොවුණහොත් සෞඛ්‍ය අංශයේ සේවකයන්ට වයිරසය ආසාදනය වීම හරහා  අප නොසිතන ආකාරයේ ගැටලුවක් නිර්මාණය වීමට පුළුවන. එයට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය. එමෙන්ම මහජන ආරක්ෂාවද තහවුරුවන ආකාරයෙන් කටයුතු කිරීම සැමගේ වගකීමකි. මේ වනවිට මහත් කැපවීමෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීතිබේ. එය සැහැල්ලුවෙන් ගත යුත්තක් නොවේ. එනිසා මහජන ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කෙරෙන ආකාරයට කටයුතු කළ යුතුය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය දෙවැනි තෙවැනි රැලි වශයෙන් උත්සන්න වන බව මේ වනවිට ප්‍රත්‍යක්‍ෂ කොට අවසන්ය. එය කුමන සංඛ්‍යාවකින් නවතින්නේදැයි කිසිවකුට අනාවැකි කීමට නොහැක. එනිසා වැදගත්ම කාරණය වන්නේ ජනතාව මෙම වයිරසයට නිරාවරණය වීම අවම කිරීමය. එන්නතක් හෝ වෙනත් ඖෂධයක් සොයාගෙන එය ජනතාවට ලබාදෙන තෙක් කොරෝනාව පරාජය කිරීමට ඇති එකම මාර්ගය වන්නේ එයයි. ගමන් බිමන් යාම හෝ රාජකාරී ඉටු නොකර සිටීමේ හැකියාවක් නැත. ආයතන සක්‍රීයව පවත්වා නොගෙන රටක් පවත්වාගෙන යාමට හෝ දියුණුව කරා ගෙනයාමට නොහැක. විශේෂයෙන්ම ආර්ථික ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන අඩපණ වූවොත් එය ලංකාව වැනි රටකට දරාගැනීම අපහසුය. මේ නිසා වයිරසයට නිරාවරණය නොවන ආකාරයට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන පවත්වාගෙන යාමට ඉඩකඩ තිබේ. බොහෝ රාජ්‍ය ආයතනවලට නවීන තාක්‍ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් තම සේවා සැපයීමේ හැකියාව තිබේ. එහෙත් බොහෝ රාජ්‍ය ආයතන එවන් තාක්‍ෂණික ක්‍රමවේදවලට අනුගතව තිබෙන්නේ දැයි ප්‍රශ්නයකි. සාම්ප්‍රදායික ක්‍රමවේදයේම සිර වී සිටිමින් අනාගතයට පියමැනිය නොහැකි බව මේ වසංගත තත්ත්වය අපට පසක් කර තිබේ. එනිසා එකී අවබෝධය සහිතව කටයුතු කිරීමේ වුවමනාව අද දවසේ මතුව තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් රාජ්‍ය සේවා ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කරන්නට පුළුවන. රට පුරා එවන් පුළුල් වැඩපිළිවෙළක් සක්‍රීය වනවිට විවිධ ආයතවලට ජනතාව පැමිණීම අවම කරන්නට පුළුවන. නවීන තාක්‍ෂණික ක්‍රමවේදවලට ආයතන අනුගත කරන්නා සේම සාමාන්‍ය ජනතාව තාක්‍ෂණය සමග ගනුදෙනු කරන, තාක්‍ෂණය පරිහරණය කරන පරිසරයද නිර්මාණය කළ යුතුය. ආයතන කොතරම් තාක්‍ෂණයට අනුගත වූවත් ජනතාව තාක්‍ෂණයෙන් බැහැරව කටයුතු කරන්නේ නම් ප්‍රයෝජනයක් නැත. එනිසා මේ අංශ දෙකම සමපාත වන ආකාරයට කටයුතු සම්පාදනය කරගත යුතුය. සෑම විටම ප්‍රජා මට්ටමෙන් මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වූවකි. මේ සියල්ලේ අරමුණ විය යුත්තේ අනවශ්‍ය සංචරණය සීමා කිරීමය. වයිරසය පාලනය කර අභියෝගය ජය ගැනීමය.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වී සමාජ, ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබියදීත් නොයෙක් ආකාරයේ ගැටුම්, හැලහැප්පීම්, මතබේද මේ රටේ ජන කොටස් අතර ඇති වී තිබේ. විවිධ ජාති හා ආගමික කණ්ඩායම් අතර නොයෙක් ගැටුම්කාරී බීජ පැළ කිරීමට යත්න දරන පිරිසක් සිටිති. ජන කණ්ඩායම් අතර පවත්නා සමූහිකත්වය, සමගිය අඩුවීම කෙරෙහි මේ කාරණා බලපා තිබේ. හිත් නොහොඳකම් ඇතිවීමට ඒවා හේතු වී තිබේ. කොරෝනා රෝගී මෘතදේහ ආදාහනය සම්බන්ධ කාරණාව එවැන්නකි. ඒ වගේම කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද විවිධ අදහස් සමාජගත වී තිබුණි. උපද්‍රව අවස්ථාවක රටක ජන කොටස් අතර මත ගැටුම් ඇතිකර ගැනීම නුවණට හුරු නැත. නැති ප්‍රශ්න නිර්මාණය වීමේ අවකාශයක් තිබීම එයට හේතුවය. එනිසා ජනතාව අතර ඇති විය හැකි මත ගැටුම්, මතබේද, අසමගිකම් යනාදිය නිරාකරණයට පැහැදිලි, නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍යය. ජනමාධ්‍යයටද මෙහිදී විශාල වගකීමක් ඉටු කළ හැකිය. රට තුළ සාමකාමී වාතාවරණය දිගින් දිගටම පවත්වාගෙන යාමට යම් හෙයකින් අපොහොසත් වුවහොත් එය දිගුකාලීනව කොරෝනාවට වඩා බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට හේතු වනු නියතය. එනිසා මේ සියලු කාරණා අප මතුපිටින් දකින කොරෝනා වසංගතය සමඟ ගැටගැසී තිබෙන බව අමතක නොකළ යුතුය. කොරෝනාව පරාජය කරන්නට දරනා ප්‍රයත්නය හා සමාන ප්‍රයත්නයක් මේ අනෙක් ප්‍රශ්න විසඳා ගැනීමටත් දැරිය යුතුය.

රට තුළත් ඉන් පරිබාහිරවත් ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් අවිනිශ්චිතතාවක් සැමටම ඇතිව තිබේ. එය ලංකාවට පමණක් පොදු වූවක් නොවේ. සෑම සමාජයකම තිබෙන්නෙකි. හෙට දවසේ කුමක් සිදුවේවිද යන දෙගිඩියාව නිරන්තරයෙන් ජනිත වී තිබේ. ඒ නිසා ඉදිරි ප්‍රශ්න නිරාකරණය කරගන්නා ආකාරය නිසි පරිදි සැලසුම් කළ යුතුය. මෙය යම් එකඟතා මත සකස්විය යුත්තකි. වසංගතය පාලනයේදී වුවද යම් සැලැස්මක් අනුව පියවර ගතයුතුය. ඒමත පිහිටා කටයුතු කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වූවත් සමාජයක් වශයෙන් දැඩි අවිනිශ්චිතතාවකට පත්වූවොත් එය කොතැනකින් නවතීදැයි කීමට නොහැක. සංවිධිත වැඩපිළිවෙළක් අවශ්‍ය වන්නේ ඒ නිසාය.

ආර්ථික පීඩනය, සමාජ පීඩනය අවසානයේ කෙළවර වන්නේ මානසික පීඩනයකිනි. ජනතාවට ඇතිවන මානසික පීඩනය තුරන් කිරීමට ඇති වැඩපිළිවෙළ කුමක්දැයි පැහැදිලි නැත. මෙම වසංගතයත් සමඟ කොටුවන ජනතාව දැඩි මානසික වියවුල්වලට පත්වන බව අනාවරණය වී තිබේ. එනිසා අපේ සමාජය එවන් තැනකට තල්ලු නොකිරීමට වගබලා ගත යුතුය. එය හුදෙක් ආණ්ඩුවකට හෝ වෙනත් ආයතනයකට පමණක් කළ හැක්කක් නොවේ. එතැනදී සමාජයට පැවරෙන වගකීම කිසි ලෙසකින්වත් අඩුවෙන් තක්සේරු කළ නොහැක. මානසික පීඩාකාරී පසුබිමක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වර්ධනය වන්නට පුළුවන. ළමා හිංසනය වැඩි විය හැකිය. තවත් එවන් බොහෝ ප්‍රශ්න ඇතිවීමට පුළුවන. එනිසා මේ පිරිස්වලට යම් සහනයක් ගෙනදීමට උපදේශන වැඩසටහනක් අදාළ ආයතනවල මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කළ යුතුය. මේවා දැන්ම සැලසුම් කළ යුතුය. පවතින ප්‍රශ්න නිවැරැදිව අවබෝධ කරගත යුතුය. කොරෝනාව කොතෙක් දුරට සමාජයේ කිඳාබැස ඇති ප්‍රශ්නයක් දැයි පැහැදිලි අවබෝධයක් ලබාගෙන එයට ප්‍රතිචාර දැක්විය යුතුය. එවන් ක්‍රියාවලියකින් තොරව සමාජය මුහුණ දී ඇති ප්‍රශ්නවලට පිළියම් යෙදිය හැකි යැයි සිතිය නොහැක.

(*** සටහන: චමින්ද මුණසිංහ)



අදහස් (0)

සමාජ ප්‍රශ්නයට විසඳුම්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 148 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 147 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1066 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 471 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1120 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site