IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හෙටට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

‘‘ඕනෑම සමාජයක දුප්පත්කම ඉවසීම අපරාධයක් ලෙස මම සලකමි.’’

රණසිංහ ප්‍රේමදාසයන්ගේ මේ වදන් තුළින් එළි දකින්නේ ඔහුගේ දැක්මයි. ඔහු දේශපාලන බලය හඹා ගියේ ඒ දැක්ම ක්‍රියාවට නගන්නටය. ඔහුගේ දේශපාලනයට අරමුණක් තිබිණ. අප සමාජයේ නැති බැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණ. ඒ සඳහා වූ ගමනේ දී හමුවන තහංචි, අභියෝග, බාධා පරදවා ඉදිරියට යන්නට නිර්භීතකම ඔහුට තිබිණ.

සාන්ත බස්තියම වැනි එදා මුඩුක්කු නිවාස බහුලව තිබූ පසුබිමක හැදුණු වැඩුණු ඔහුට, ඒ ජීවිතවලට අභිමානයෙන් ජීවත්විය හැකි හෙට දවසක් ලබාදීමේ සිහිනය සහ අධිෂ්ඨානය තිබිණ. ඔහු වෙතින් අප එදා දුටුවේ, සාම්ප්‍රදායක දේශපාලනයේ රඟපෑම් නොවේ. අප දුටුවේ ඒ ජීවිතවලට අභිමානයක් ලබා දෙන්නට ඔහු තුළ තිබූ සිහිනය සහ අධිෂ්ඨානයයි.

ධනය, බලය ඉදිරියේ කොන්ද නොනමා, නිර්භීත ලෙසින් තීන්දු තීරණ ගන්නට ඔහුට ශක්තිය තිබුණේ, පැහැදිලි දැක්මක පිහිටා කටයුතු කරන නායකයකු වූ හෙයිනි.

රණසිංහ ප්‍රේමදාසයන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය උදෙසා තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ සිහියට නැගෙනුයේ, අමෙරිකානු සමාජය තුළ නිදහස, සමානාත්මතාව සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිං ගේ ‘‘මට සිහිනයක් ඇත.’’ (I have Dream) යන සුප්‍රසිද්ධ කතාවයි.

සැබැවින්ම මාටින් ලූතර් කිංගේ සිහිනයේත්, රණසිංහ ප්‍රේමදාසයන්ගේ සිහිනයේත් පදනම සහ මූලධර්ම දෙකක් නොව එකක්ම විය. ඔහුගේ ජනපතිවරණ ව්‍යාපාරයේ සියලු රැස්වීම්වල දී මාටින් ලූතර් කිංගේ ‘‘සිහිනය’’ මම උපුටා දැක් වූයෙමි. රණසිංහ ප්‍රේමදාසයන් ජනපති ධුරයට පත්කර ගැනීම තුළින්, අපේ සමාජය පිළිබඳව අප තුළ තිබූ එබඳුම වූ සිහිනයන් සැබෑකර ගැනීම අපේ අරමුණ විය.

පොල් අතු පැළක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක වැස්සට නිසි ආවරණයක් අහිමිව, හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදී නායකයෙක් විය.

පුංචි නවාතැනක ඉඩක නොමැති වූ නිසා මවුපියන්, දරුවන් සහ පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට, වේලාව බෙදා හදා ගනිමින් නිදාගන්නා වූ දරු පවුල්වල ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමුකළ නායකයා විය.

පූට්ටු ගෙවල්, අත්කම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය, ජාත්‍යන්තර නිවාස වසර ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.

‘‘ජන සවිය’’ මේ පොළවේ ජනිත වූ සංකල්පයකි. එය ක්‍රියාවට නැගුණේ තුන්වේල කන්නට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙන් වූ අතර ‘‘සෙවණ මාපිය කැපකරු ක්‍රමය’’ ක්‍රියාවට නැගුණේ මව්පියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය.

උදයට හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙන් පාසල් දිවා  ආහාර වැඩ පිළිවෙළ ඇරඹෙද්දී ‘‘පාසල් නිල ඇඳුම් වැඩ පිළිවෙළ’’ ක්‍රියාවට නැගුණේ දහස් ගණනින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන දරුවන්ට පිහිට වන්නටය.

‘‘මාවතේ අපි’’ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගුණේ, මහමඟ සිඟමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබාදෙමින් ඔවුන් නගා සිටුවන්නටය.

‘‘ උණබම්බු ගේට්ටු වැඩ පිළිවෙළ දුම්රිය හරස් මාර්ගවල දිනපතා රට පුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට රැකවරණය ලබා දෙන්නට ඇරඹි අතර ‘‘ජනපති ජංගම සේවා’’ රට පුරා ගෙන ගියේ, දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්, එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙන යාම පිණිසය.

 ‘‘කැපකරු ගම්මාන’’ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ රජයේ ප්‍රතිපාදනවලට අමතරව දානපතීන්ගේ සහාය ද දිළිඳු ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළට ලබා ගැනීම සඳහාය.

ප්‍රශ්නයකට ‘නැහැ, බැහැ’ කියන්නට ඔහුගේ දිව නැමුණේ නැත. පුංචි මිනිසුන්ගේ වේදනාවන්ට සෑම විටම සංවේ දී වූ ඔහු ‘‘සෙවණ අරමුදල’’ ඇරඹුවේ, රජයේ ප්‍රතිපාදනවලින් ඉටුකරගත නොහැකි ජනතා සේවාවන්ට මූලාශ්‍රයක් ලෙසිනි.

දිස්ත්‍රික්කයක් ආවරණය වන ‘‘මහා ගම් උදාව’’ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන ‘‘ප්‍රාදේශීය ගම් උදාව’’ මෙන්ම විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කරගත්  ‘‘සති වැඩ පිළිවෙළ’’ රටපුරා ගෙන යනු ලැබුවේ, ඒකාබද්ධ සංවර්ධනයක අරමුණු ඉටු කරගන්නටය.

සංවර්ධනයේ ප්‍රතිලාභ වේගයෙන් ග්‍රාමීය දිළිඳු ජනතාව වෙත ගෙන යනු උදෙසා නිලධාරීන් ජනතාවට කිට්ටු කරමින්, දිසාපති ක්‍රමය වෙනුවට ‘‘ප්‍රාදේශීය ලේකම් කාර්යාල’’ ක්‍රමය  ඇරඹුණේ, සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේදය විප්ලවීය වෙනසකට ගෙන යමිනි.

පළාත් පාලන මැතිවරණවලදී ‘‘තරුණ නියෝජනත්වය සඳහා සියයට හතළිහක ප්‍රතිශතය’’ අනිවාර්ය කෙරෙන නීති පැන වුණේද, තරුණ ප්‍රජාවට නිසි පිළිගැන්ම සහ පාලනයට ඔවුන්ගේ සහභාගීත්වය ලබාගැන්මේ අරමුණෙනි. රණසිංහ ප්‍රේමදාසයන් ජනාධිපති ධුරයට පත්වුණේ උතුරේ සහ දකුණේ එක ලෙසින් ගිනිදැල් ඇවිළෙමින් තිබූ පසුබිමකය.

තුණ්ඩු කෑල්ලකින් පාසල්, රජයේ කාර්යාල වැසී යයි. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුණහොත් ඔවුන් ඝාතනයට ලක්වීමය. රජකාරියට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනයට ලක් වෙද්දී ආරක්ෂක හමුදා පවුල් ද තර්ජනයට මුහුණ දෙන්නට විය. සවස 6න් පසු විදුලිය තහනම් වෙයි. වටිනා රජයේ ගොඩනැගිලි දේපළ ගිනිබත් වෙයි. ඡන්දය පාවිච්චි කරන්නට ගිය අය ඝාතනයට ලක්වූ. සමහරුන්ගේ අත් කැපිණ. තවත් සමහර කාන්තාවන්ගේ හිස් මුඩු කෙරිණ. ඝාතනයට ලක්වූ අයගේ මෘත දේහයන් දණ හිසට ඉහළින් ඔසවාගෙන යාම තහනම් කෙරිණ.

මේ පසුබිම තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳීගොස් තිබිණ. ප්‍රේමදාස ජනාධිපතිවරයා රට භාර ගත්තේ මෙවන් භීෂණයකින් රට වෙලා තිබූ යුගයකය.

‘‘ජීවිතවලට හානි කරන්නට එපා, මම ලැහැස්තියි, ඔබලා සමග සාකච්ඡා කරන්නට. ඒ සඳහා ඇස් දෙක වසාගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්න මම සූදානම්.’’

මෙය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීම විය. හෘදයාංගම ආයාචනය විය. ජීවිත හානි වළක්වාගන්නට ඔහු බැගෑපත් විය. එහෙත් ඒ ආයාචනාවලට ප්‍රතිචාර  නොලැබිණි. ජනාධිපති ධුරයට පත්ව පළමු මාස පහ පුරාම සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සාමය උදා කරගන්නට ඔහු කොතෙකුත් උත්සාහයන් දැරීය. ඒ සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථවීම තුළ, ප්‍රචණ්ඩත්වය අවසානයේ දී හමුදාව විසින් මැඩලනු ලැබිණි. ජීවිත  හානිවලින් තොරව. සාකච්ඡාවෙන් සාමකාමීව විසඳුමක් ලබාගන්නට අවසන් මොහොත දක්වා ඔහු ගත් උත්සාහයන් නිෂ්ඵලවීම ඔහුගේ වේදනාවට හේතු විය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන් යටත්විජිතවාදයට මෙන්ම වර්ගවාදයටද විරුද්ධව පැහැදිලි ස්ථාවරයක සිටියේය. නොබැඳි ප්‍රතිපත්තියේ පිහිටා සිටිමින්, ජාත්‍යන්තර ප්‍රශ්නවල දී මනා අවබෝධයෙන් සහ ක්‍රියාශීලීව කටයුතු කළේය. දකුණු අප්‍රිකානු නිදහස් අරගලය පිළිබඳව මෙන්ම පලස්තීන නිදහස් අරගලය ඇතුළුව, යටත් විජිත ප්‍රතිපත්තියට සහ වර්ගවාදී වෙනස්කම්වලට එරෙහිව ඒ ඒ රටවල මර්දනයට සහ පීඩනයට ගොදුරුව සිටින ජනතාව කරන සාධාරණ අරගල සඳහා ද ඔහු ක්‍රියාශීලීව සහයෝගය ලබා දුන්නේය. එයින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය මධ්‍යස්ථව බලා සිටීම නොව, නොබැඳිව නිවැරදි දෙය වෙනුවෙන්  ක්‍රියාශීලීවීම බව පෙන්වා දුන්නේය. ජනපති රණසිංහ ප්‍රේමදාසයන් වෙනුවෙන් ලියැවුණු මේ සටහන, මා ප්‍රිය කරන ඔහුගේම ප්‍රකාශයකින් සමාප්ත කරනු කැමැත්තෙමි.

‘‘ලොකු අය වඩාත් ලොකු වන්නේ, කුඩා අයට ලොකුවට උදව් කළ පමණටය. ලොකු අය කුඩා අය පාගා දැමීමට වෙර දැරුවොත් සිදුවන්නේ ලොකුකමේ කුඩා බව ඉස්මතු වීමයි.’’

 

(*** ඉම්තියාස් බාකීර් මාකාර්)



අදහස් (9)

සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා

Nalith Karunaratne Wednesday, 01 May 2024 01:11 AM

හැට නව දාහක් මරා දැමූ ප්‍රේමදාස යුගය වර්ණනා කරන ඉම්තියාස්, ඔබ රටටම කරන්නේ නිග්‍රහයක්.

:       9       30

සිරිසේන Wednesday, 01 May 2024 08:26 AM

රටේ තරුණයන් 60,000 ඝාතණය කරපු මල් වට්ටි මාරයා

:       16       33

SamanWednesday, 01 May 2024 07:38 PM

සම්පූර්ණ ඇත්ත, මේ වනතුරු ජීවත් වෙලා හිටියා නම් තරුණ ජීවිතවලට දෙයියන්ගේම පිහිට තමයි...!

:       9       30

Aravinda Thursday, 02 May 2024 12:30 PM

ඇත්තටම අපි ඒ දවස් වල ඉස්කෝලේ ගියේ හරිම ආසාවෙන්..... උදේට ඇහෙනවා දේශාභිමානි සිංදු.... පුංචි කාලේ මතක් වෙනවා ... උදේට බඩගින්නේ ඉස්කෝලෙ ගියේ දවල්ට කඩල එක කාල නංගිට බිස්කට් පැකට් එකත් අරගෙන ගෙදර එන්නේ... වේලක් පිරිමහ ගන්න අම්මා අපිව ඉස්කෝලෙට තල්ලු කලේ... අනේ ඒ නිසා අපි ඉගෙන ගෙන අපි අද වැදගත් ලෙස ජීවත් වෙනවා...මා වැනි තවත් දුප්පත් හදවත් දහස් ගණනක් ආමන්ත්‍රණය කරන්නට හැකි වුන ඔබට මාගේ උත්තමාචාරය දිවංගත පේමදාස ජනාධිපති තුමනි...

:       13       11

වීර Thursday, 02 May 2024 08:14 PM

ඉම්තියාස් බාකීර් මාකාර් පොලිසියේ 600ක් නිරායුධ කරලා ත්‍රස්තවාදීන්ට යටත් වෙන්න කියලා ත්‍රස්තවාදීන්ට ආයුධ දීලා පොලිසියේ පියවරු දරුවො 600 මැරුවට ඔයා එදා රතිඤ්ඤා දාලා අහස් වෙඩි දාලා ඔයාගෙ ආගමේ දෙය්යාගෙ නම කිය කිය සන්තෝසෙන් කෑගන්න ඇතිනේද.

:       3       8

chandima Friday, 03 May 2024 07:15 PM

ඒකනේ කිරිකඩේ නෝනට වුණත් සාධාරණයක් කරන්න සිදුවුණේ...!

:       2       4

bandara Sunday, 05 May 2024 10:14 PM

මේ වගේ අයටත් සාධාරණය කරන මිනිස්සු ඉන්නවානේ...!

:       1       4

Lakmal Thursday, 09 May 2024 02:08 PM

තමන්ගේ දේශපාලන වාසිතකා බොහෝ දෙනෙක්ගේ ජීවිත අහිමිකළ කාලකණ්නියෙක්. අනුන්ට වින කරන්න ගොස් නොදැනීම තමාටද කෙලවුන වගකීම් කිව යුතුය. රටට කර ඇති හොඳවලට වඩා හානි බොහෝමයක් සිදුකළ නායකයෙක්.

:       0       3

pradeep Friday, 10 May 2024 06:54 AM

තරුණ ජවිත 60000ක් මරපු කෙනා අද හිටියා නම් තව කිදෙනෙක් සරලාද දන්නේ නැගගග රට කාපු කෙනා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 74 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 249 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 85 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 85 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 248 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 479 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site