“මට වයස අවුරුදු පහළොව විස්ස වනවිට මගේ තරුණ කාලේ විතරක් නෙවී මුළු ජීවිතේම විනාශ වුණා. පාරට වැටුණු මාව මාළිඟාවකට ගෙන ගිහින් රජකුමාරියකට වගේ ආදරෙන් ගෞරවයෙන් මට සැලකුවේ මේ සුද්දා.. ස්මිත් කියන මහත්තයා. උපදින හැම ආත්මයකම ප්‍රාර්ථනා කරන්නේ ඒ රත්තරං මහත්තයා.. මගේම.. වෙන්න කියලා..”යි ශ්‍රීමතී කීවේ කඩා හැළෙන කඳුළු කැට රෝස පැහැති ලේන්සුවෙන් පිසඳාගනිමිනි.
හික්කඩුව නාරිගම වැල්ලට මම ගියේ ඉර ගිලෙන්නට හෝරාවක් දෙකක් පමණ තිබියදීය. හික්කඩුව ගැන කථා කරනවිට නාරිගම ගැනද අනිවාර්යයෙන්ම කථා කළ යුතුමය. හික්කඩු වැල්ලට වඩා නාරිගම ඇත්තේ අමුතුම සංස්කෘතියකි. ඒ ගැන ඔබට කීමට බොහෝ දේ තිබේ.
කුලියට ගෑණුන් මෙන්ම පිරිමින්ද සංචාරකයන්ට සපයන කල්ලි කණ්ඩායම්ද නාරිගමට අරක්ගෙන තිබේ. රටේ මොන නීතියක් තිබුණද මෙහේ ඇත්තේ මෙම කල්ලි කණ්ඩායම් හදාගත් නීතියකි.
නාරිගම වෙනම රටක්දැයි විටෙක මට සිතේ. ශ්‍රීමතී පැමිණි ලොවි පැහැති අධි සුඛෝපභෝගී මෝටර් රිය වෙරළ පිවිසුම් මාර්ගයේ පසෙක නතර කර තිබේ. ශ්‍රීමතී මා මුණගැසීමට ආවේ ඇයගේ එකම පුතු රොජර් ස්මිත් සමඟය. 27 හැවිරිදි ඔහු මෝටර් රථය තුළ රියදුරු අසුනට බරදී අඩනින්දකට වැටී සිටියේ අපගේ කථා බහට ඉඩදෙමිනි.
“කොහෙන්ද පටන් ගන්නේ..” ශ්‍රීමතී මා දෙස බලමින් ඇසුවේ අසල තිබූ හාන්සි පුටුවක් ඇද එහි වාඩිවෙමිනි.
ශ්‍රීමතීගේ තරුණ බව වියැකී ගොස් නැති බව පෙනේ. සුදු සාරියකින් සැරසී සිටි ඇය දිගු හුස්මක් ගෙන සිය අමිහිරි, කටුක, අතීතය මෙනෙහි කළාය.
“මම පවුලේ පස්වැනියා. තාත්තා ගමේ වැදගත් පවුලක. අම්මා අඩු කුලේක කියලා තාත්තලාගේ පවුලෙන් අයින් කරලා තිබුණේ. කොටින්ම මරණයකට මඟුලකටවත් අපේ පවුලේ අය වද්දාගත්තේ නැහැ. තාත්තා ආණ්ඩුවේ රස්සාවක් කරලා තිබුණේ. මම ඉපදිලා මාස හතක් යද්දී තාත්තා කෝච්චියට හැප්පිලා මැරිලා.. අම්මා රස්සාවක් කළේ නැහැ. තාත්තාගේ මරණයෙන් පස්සේ ගමේ ගෙවල්වල වැඩට ගිහින් කීයක් හරි හොයාගෙන අම්මා අපිව ජීවත් කළේ. ඒ ගෙවල්වල වැඩකාරකමට ගිහිල්ලා හවස එනකොට අම්මා කෑම ඔතාගෙන ඇවිත් අපිව වටේට තියාගෙන කන්න දෙනවා.. අපේ අම්මා අපිට කවලා තේ කහට ටිකක් බීලා නිදාගන්නවා.. දැන් මතක් වෙනකොටත් හිතට පුදුම දුකක් දැනෙනවා”යි කී ශ්‍රීමති යළිත් කඳුළු සලන්නට වූවාය.
“අපේ තාත්තා අකාලයේ මැරුනේ මගේ පවුකාරකමට.. අවාසනාවට.. කියලා නැන්දා කෙනෙක් අපේ ගේ ඉස්සරහට ඇවිත් හොඳටම බැන්නා. එතකොට මම ඕලෙවල්වලට ඉගෙන ගන්නවා.. මං එච්චර අවාසනාවන්ත කෙනෙක්ද..? මූසලකෙනෙක්ද..? කියලා හිතලා රෑට නිදාගන්න ගිහින් මතක් වෙලා කොච්චර අඬලා තියනවාද..?
අපිත් එක්ක නෑදෑකම් අත්ඇරලාදාපු තාත්තාගේ පවුලේ නැන්ද කෙනෙක් මට එහෙම එදා බැන්නෙ ඒ නැන්දගේ පුතෙක් එක්ක මම යාළුයි කියලා ඉස්කෝලෙයි ගමේ තිබුණ ආරංචියකට.”
“ඒ අයගේ තාරක අයියා මගේ පස්සෙන් ආවට මම කවදාවත්ම එයා ආශ්‍රය කරන්න හිතවත්කම් තියාගන්න නොගියේ අපේ පවුල් අතර තියෙන විරසකය නිසා.
ඉස්කෝලේ යනකොට දහම්පාසලට යනකොට ගමේ කොල්ලෝ පස්සෙන් වැටිලා හිටියේ මගේ ආදරය දිනාගන්න. කොල්ලො වහවැටිලා හිටියේ. කොටින්ම ගමනක් ගියේ හරිම අමාරුවෙන්.
අම්මට මේ ගැන ආරංචි වුණ හැම දවසකම මට කිව්වේ උඹ මේ ගෙදරට ආපසු හෙණයක් පාත්කරන්නද හදන්නේ කියලා හොඳටම බනිනවා.. හැමදාම ඒ දවස්වල මම බැනුම් ඇහැව්වේ නොකළ වැරද්දකට.. මම කොච්චර අපහාස ඇහැව්වද..?”
“අම්මා උදේම ගෙදරින් පිටවෙලා යන්නේ කීයක් හරි හොයාගන්න. අනුන්ගේ කුරුඳු වතු උදලු ගාන්න අම්මා යන්නේ වතුර බෝතලේ අරගෙන. අපේ අම්මා අපිට කන්න දෙන්න ඉස්කෝලේ යවන්න අප්‍රමාණ දුක්වින්දා. කාපු වේල් ගාණට වඩා නොකාපු වේල් ගාණ වැඩියි. ඒ තරම්ම අපි බඩගින්නේ හිටියා.. ඉස්කෝලේ යද්දී අඳින්න තිබුණු ගවුම් දෙක තැනින් තැන කහපාට වෙලා. මොන තරම් දුකක් වින්දද අපි ජීවත් වෙන්න.
“අපේ අම්මා ගැන තාත්තාගේ පවුල්වල නෑදෑයෝ හිටියේ කේන්තියෙන්.. වෛරයෙන්.. තාත්තා මැරුණට පස්සේ ඒක වැඩිවුණා.”
“ඒ අය අම්මට බැන්නේ අවජාතක එකී කියලා..” ඒත්.. මගේ අම්මා කොච්චර ඉවසුවාද..
“උඹල හොඳට ඉගෙන ගනිල්ලා මේ දුක කවදාහරි සැපක් කරගන්න පුළුවන් කියලා” අම්මා නිතරම කිව්වා.
“සමහරවිට වෙන පවුලක අයට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණානම් ඔක්කොම එකට එකතුවෙලා දිවිනහ ගන්නවා..”යි මතක පිටු පෙරළමින් ශ්‍රීමතී කීවේ දැඩි ශෝකයෙනි.
මම මුලින්ම යාළු වුණේ කැකුළු අයියා එක්ක. ඒක පවුලේ අය එයාට හුරතලේට කියපු නම. කැකුළු අයියාට පුදුම විසයක් තිබුණේ. ඒ ඇස්වලට දඟකාරකමට හිනහවට මම අදටත් ගොඩාක් ආදරෙයි. ඒ මුල්ම ආදරේ මට හොඳට මතකයි. මට අපේ පවුලේ අය කථා කළේ සුද්දි කියලා. මගේ යාළුවෝ ගමේ අය මට කථාකරෙත් සුද්දි කියලා.
කැකුළු අයියා මට කථා කළේ මගේ සුද්දි කියලා. මම කේන්තිගස්සන්නද කොහේද අයියා මට කළු සුද්දි කියලා හිනහවෙනවා. ඉතිං ඇත්තනේ.. ඔයා කළුයි නේ.. ඔයා කළු වුණාට දැකුම්කළුයි.. කියලා. කැකුළු අයියා මාව හමුවුණේ කුරුන්දේ වෙලේ ළිඳ ළඟදී. “එදා තමයි මගේ ජීවිතේ වැරදුණු මුල්ම දවස..” ඒ දවස මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. වෙලේ ළිඳ ළඟ ටොංකිඤ්ඤමල් යායට පිපිලා.. බලන්න ලස්සනයි දම්පාට බෝවිටියා මල් පඳුරු.
“හරිම ලස්සනයි.. වෙලේ ළිඳ නිල්පාට වතුර පුරවපු මාළු ටැංකියක් වගේ. වෙල්යාය අයිනේ කුඹුක් ගහයට වෙලේ ළිඳට තමයි හැමෝම නාන්න යන්නේ. මට හොඳට මතකයි හරමානිස් සීයා නෑවේ කලයකට වතුර පුරවාගෙන බලන්න ආසාවේ බැහැ. එදා හරමානිස් සීයා මම දිහා බලලා කිව්වේ උඹේ තාත්තා වැදගත් විදිහට ජීවත් වුණ මිනිහා.. උඹලත් ඒක රැකපල්ලා කියලා. සීය එහෙම කියන්න ඇත්තේ කැකුළු අයියා ළිඳ පැත්තට එන්න කන්ද පල්ලම බහිනවා දැකලා වෙන්නැති.
කැකුළු අයියාගේ රුවට මෙන්ම මේ කටහඬටද සුද්දී දැඩිසේ ආසා කළාය. “සුද්දියේ.. මේ බලන්නකෝ” කියූ ඇගේ සිහින් ඇඟිලි අතර තම අතැඟිලි යවා තදකර ළංකරගත්තේ දැඩි සෙනෙහසිනි.
“කීර්ති කෝවිලේ දෙයියන්පල්ලා.. මම කවදාවත් ඔයාව අමතක කරන්නේ නැහැ මගේ සුද්දියේ..” කැකුළු කීවේ ඔවුන්ගේ ප්‍රේමකථාවේ අමතක නොවන දිනයක් සටහන් කරමිනි. “මටත් නොදැනිම ඒ උණුසුමට මම ලංවුණා.. ඒ හැඟීම්වලට මම වහල් වුණා”
“එදා හවස ගෙදර ගියේ කොහොමද කියලා හිතාගන්න බැහැ. රෑටත් නොකා මම නිදාගන්න ගිහින් එළිවෙනකම් හොඳටම ඇඬුවා..” එළිවෙන පාන්දර මම ඉකිගගහ අඬනවා ඇහිලා අම්මා බයවෙලා මගේ ළඟට දුවගෙන ආවා. ඇයි මගේ රත්තරනේ.. කියලා, අම්මා මගේ ඔළුව අතගගා මාව ළංකර ගත්තා. මම අම්මට ඔක්කොම කථාව කිවුවා. අම්මා පපුවට අත්දෙක ගගහා විලාප දුන්නා. අම්මගේ කෑගැහිල්ලට ගෙදර නිදාගෙන ඉඳපු ඔක්කොම නැඟිටලා දුවගෙන ආවා.
එදා හවසම මම ගිහින් කැකුළු අයියා මුණගැසුණා. මාසයක් ඇතුලත මාව බඳින බවට පොරොන්දු වුණා. මම හිත හදාගෙන ගෙදර ආවා. මාසයක් ගතවුණා, මට ආරංචි වුණා කැකුළු අයියා රටගිහින් කියලා.
“ඊට පස්සේ මම දන්න හඳුනන කෙනෙකුගේ මාර්ගයෙන් හික්කඩුවට ආවා. ඇවිත් නෑදෑ ගෙදරක නතර වුණා. ඒ ගෙදරට බරක් වෙන්න බැරි නිසා හෝටලේක කුස්සියේ වැඩට ගියා. මට මුළු ජීවිතේම එපාවෙලා ගමෙන් ආවේ ආපසු ගමට යන්න හිතාගෙන නෙමෙයි. මම වැඩකරන හෝටලේට හැම අවුරුද්දකම එන සුදුමහත්තයෙක් හිටියා. එයා හමුවන කොට එයාට අවුරුදු පනහක් විතර ඇති. මට වැඩියෙන් අවුරුදු තිහක් වැඩිමහල්. මට තේරුණා මෙයා මගේ ගැන ඇහැගහගෙන ඉන්නේ කියලා. ඇත්තටම තාත්තා කෙනෙක් වගේ මම දිහා බැලුවේ. ස්මිත් මහත්තයා මට තෑගිබෝග සල්ලි දුන්නා. මම ඒවා ගෙදර යැව්වා. කොහොමහරි එක දවසක් එයා මට කථා කළා. ඇත්තටම එයා කියපුදේ මට තේරුණේ නැහැ. හෝටලයේ වැඩ කරපු මහත්තයෙක් මට කීවා ස්මිත් මහත්තයා මාව බඳින්න කැමතියි කියනවා කියලා.
ස්මිත් මහත්තයා මට කිව්වේ ඔයා කැමති නම් විතරක් මැරි කරන්න කැමතියි කියලා. ඒ මහත්තයාගේ කථාවට මට ඇත්තටම දුක හිතුණා. මම හිතාගෙන හිටියේ කවදාවත්ම බඳින්නේ නැහැ කියලා. ඒත් මගේ දෛවයේ හැටිද දන්නේ නැහැ මම ස්මිත් මහත්තයාව කසාද බදින්න පොරොන්දු වුණා.
එයා සතියකට පස්සේ රට ගියා. ඒ අතරේ මට සල්ලි, ලියුම් එව්වා, තෑගිබෝග එව්වා. අපේ අම්මත් කැමති වුණා. ගෙදර අය කැමති වුණා. ඊළඟ අවුරුද්දේ එයා ලංකාවට ආවා.
අපිට හීනෙකින්වත් ගන්න බැරි ලොකු හෝටලේක සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුව වෙඩින් එක ගත්තා. කසාද බැඳලා මාසයක් විතර ලංකාවේ හැමතැනම ගියා. පස්සේ අපි එයාගේ උපන් රටට ගියා.
“අපේ මිනිහෙක් කසාද බැන්ඳනම් අද මම පැල්පතකට වෙලා අපාදුක් විඳිනවා. මැරි මැරී ජීවත්වෙනවා’යි ශ්‍රීමතී කීවේ සතුටු කඳුළු පිරි දෙනෙතිනි.
විවාහයෙන් පසු ස්මිත් මහතාගේ උපන් රටේ වසර කීපයක් ජීවත් වූ ශ්‍රීමතී යළි මව්බිමට පැමිණියේ මැරෙන තුරුම මෙහි ජීවත්වීමේ අරමුණින් යුතුවයි.
“මහත්තයාත් මාත් එක්ක ලංකාවට ආවා. මහත්තයා එරටේ ලොකු පොහොසතෙක්, ව්‍යාපාරිකයෙක්. එයා වැල්ල අයිනේ ඉඩමක් අරගෙන හෝටලයක් හැදුවා. ඒ ළඟම අපි ගෙයක් හදා පදිංචියට ගියා. පුතා ලැබුණේ විවාහවෙලා අවුරුදු තුනකට විතර පස්සේ. එයාට උපරිම සැප ලැබුණා. පොඩිකාලේ කන්න අඳින්න නැතිව හිටපු මට චිත්‍රපටියක් වගේ ජීවිත කථාවම මතක් වුණා. මම දුක්වින්දත් මගේ ලෙයින් උපන් එකම දරුවා මෙහෙම සැපවිඳිනකොට මට හරිම සතුටුයි. මගේ මහත්තයාත් මාත් එක්ක පන්සල් ගියා. දන් දුන්නා. පිං අතේ වැඩ කළා. එයා හොඳ බෞද්ධයෙක් වුණා. මට ආදරණීය ස්වාමිපුරුෂයෙක් වුණා. මට මාළිඟාවක් වගේ ගෙයක්, අතට පයට වැඩකාරයෝ, යානවාහන මේ ඔක්කොම සැපසම්පත් දුන්නා..”
ඇය යළි ඉකිබිඳින්නට වූවාය.. “මට රජකුමාරියකට වගේ සලකපු මහත්තයා මේ ළඟදී අපෙන් වෙන්වෙලා ගියා. මම සුදු අඳින්නේ ඒ මහත්තයාට ගෞරව කරන්න. පිංකම් කරනවා, දන් දෙනවා, නැති බැරි අයට උදව් කරනවා. මේ ඔක්කොම එයාගේ සල්ලිවලින් කරන්නේ. උපදින හැම ආත්මෙකම එයා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා” කී ශ්‍රීමතී මගෙන් සමුගත්තේ ස්මිත් මහතාගේ සොහොනේ කොත අසළ පහනක් දැල්වීමට යාමට අවශ්‍ය බව කියමිනි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්මිත් මහත්තයාට පෙම්බැන්ඳ ශ්‍රීමතී
රුවන් Sunday, 20 March 2016 04:22 AM
දුක හිතෙන කතාවක් කොහෙත් අහම්බෙන් හරි දෙවිවරු වගේ මනුස්සයොත් ඉන්නවා ජාති අගම් කුමක් වුවත් (බ)
ජයන්ත දසනායක Tuesday, 22 March 2016 08:28 AM
ශ්‍රීමති මහත්තය වෙනුවෙන් හැමදාමත් පින් දහම් කරන්න. දරුවා හොඳට හදාගන්න. ඔබට ජීවිතයේ සියල්ලම ලැබී තිබේ. දයාබර සැමියාට ගරු කරන්න. (ර)
අමිල Tuesday, 12 April 2016 08:12 PM
හොඳ ලිපියක්. හැමෝටම ප්‍රයෝජනවත් වේවි (නි)
අජිත් Monday, 21 March 2016 11:54 AM
අනේ හැබැටම ලොකු පිනක් ඒ මහත්තයට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.(ම)
නිම්මි Sunday, 20 March 2016 03:54 PM
අනේ හරි ලස්සන කතාවක්. අපේ රටේ දුප්පත් ළමයින්ට යමක් කරලා ස්මිත් මහත්තයට පින් දෙන්න. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (නි)