IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


සමෘද්ධි චෝදනාවෙන් මතුවන යථාර්ථය

සමෘද්ධි සහනාධාර ලබාදීම ආරම්භවී වසර 15ක් ගතවී ඇතත් සමෘද්ධි සහනාධාර ලබාගෙන හොඳ ආර්ථික මට්ටමකට පැමිණ සමෘද්ධිය අතහැර දැමූ පිරිස කොපමණදැයි ගණන් බලා නැතැයි ද එය එසේවී ඇත්තේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුතු පසෙක තබා දේශපාලනය කිරීම නිසා යැයි ද ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළ බව සඳහන් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 

රටේ සංවර්ධන ක්‍රියාදාමයේ විද්‍යාත්මක ස්වරූපය සම්බන්ධයෙන් හා එහි ප්‍රායෝගික බව සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් අනාවරණය වේ. 

ඉකුත් සතියේ දිනක නව සමෘද්ධිලාභීන් ලක්ෂ පහකට සමෘද්ධි සහනාධාරය ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවයක් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහෙත් සමෘද්ධි වැඩසටහන විද්‍යාත්මක හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් වූයේ නම් ජාතික මහෝත්සවය පැවැත්විය යුතුව තිබුණේ සමෘද්ධිලාභීන් ලක්ෂ පහකින් අඩුවීම සම්බන්ධයෙනි. එහෙත් අප රට තුළ එවැන්නක් සිදු නොවන අතර ඒ වෙනුවට සිදුවන්නේ සමෘද්ධිලාභීන් ගණන ලක්ෂ ගණනින් ඉහළ යාමය. 

සමෘද්ධි දීමනාවේ අරමුණ විය යුත්තේ නැති බැරි ජනයාට මාසයක් ජීවත්වීමට කිසියම් දීමනාවක් දීම නොවේ. එම ජනයාට තමන්ට අදාළ ආර්ථික මාර්ගයක් සකස් කර ගැනීමට රුකුල් දීමය. සමෘද්ධිලාභී ජනයා ඒ වෙනුවෙන් දිරිමත් කළ යුතුය. ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්විය යුතුය. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් යනුවෙන් විශේෂිත නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන්නේ ද ඒ වෙනුවෙනි. එහෙත් දයා ගමගේ ඇමැතිවරයා පවසන්නේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම රාජකාරිය ඉටු නොකර දේශපාලනය කරන බව ය. 

සමෘද්ධි ව්‍යාපාරය වත්මනෙහි බාර ඇමැතිවරයා සමෘද්ධි ව්‍යාපාරයෙහි ඇති තතු ඇති ආකාරයෙන් තේරුම් ගැනීම වැදගත් ය. එසේ තේරුම් ගත් බව ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ වත්මන් පාලනාධිකාරිය තුළ පෙර වැරැදි සිදු නොවනු ඇති බවය. එය එසේ වන්නේ නම් ඉතා වැදගත් ය. එහෙත් අප රටේ දේශපාලනය ‘කතාව දෝලාවෙන් ගමන පයින්’ ලෙස ය. රටට හිමිවිය යුතු ජයග්‍රහණ අහිමි වන්නේ එහෙයිනි. 

දයා ගමගේ ඇමැතිවරයා තවත් වැදගත් ප්‍රකාශයක් කර තිබිණි. එම ප්‍රකාශය නම් ඡන්දය නොදුන්නොත් සමෘද්ධිය කපාහරින බවට සමෘද්ධි නිලධාරීන් තර්ජනය කළ අවස්ථා ඇතැයි යන්න ය. මෙරට ඇතැම් දේශපාලනඥයන්ට ‘ඡන්ද මැෂිම’ ආදී නම් පටබැඳුණේ ද මෙම සමෘද්ධි ව්‍යාපාරය නිසා බව සිහිකටයුතු ය. ඡන්දය දී හෝ සමෘද්ධි සහනාධාරය ලබාගත යුතු යැයි දිළිඳුකම නිසා ම අභිමානය අහිමි කරගත් ඇතැම් ජනයාට සිතෙන්නට ඉඩ තිබේ. 

මෙම පරාධීනත්වයේ අඝාත අඳුරට සමෘද්ධිලාභියා පත් කළෝ කවරහු ද? දයා ගමගේ ඇමැතිවරයා නම් ප්‍රකාශ කරනුයේ ඒ සමෘද්ධි නිලධාරීන් ම බව ය. දේශපාලන අධිකාරියේ බලයට යටත් වී එම නිලධාරීන් එසේ කටයුතු කර ඇත. එය එක් අතකින් රාජ්‍ය සේවයේ ව්‍යස්ථාපිත නීති උල්ලංඝනය කිරීමකි. 

රාජ්‍ය සේවය යනු තම බත් බැලයන්ට රස්සා දීමට ඇති තැනකැයි ඇතැම් බඩගෝස්තරවාදී ඇමැතිවරු සිතති. එසේ සිතා කටයුතු කරති. එසේ රජයේ සේවයට බඳවා ගන්නා බත්බැලයෝ  රාජකාරියෙන් ඉවත් කර තමන්ගේ ආවතේව කටයුතු  සඳහා යොදා ගනිති. තම නිවෙස්වල මෙහෙකාර සේවයේ යොදවති. නැතහොත් තමන්ගේ දේශපාලන ව්‍යාපාරවල යොදවති. පක්ෂ කාර්යාලයේ කටයුතු සඳහා එක්කර ගනිති. එහෙත් ඔවුන් වැටුප් ලබන්නේ රජයෙනි. 

රාජපක්ෂ පාලනයේ බොහෝ මැති ඇමැතිවරුන්ට මෙම චෝදනාව බහුලව නැඟුණි. ඇතැම් චෝදනා සාක්ෂි සාධක සහිතව ද ඉදිරිපත් කෙරිණි. මෙය රාජ්‍ය මුදල් අවභාවිත කිරීමකි. යහපාලනය යන්නෙන්  අර්ථ දැක්වුණේ ද මෙබඳු අවකල් ක්‍රියාවලින් තොර පිරිසිදු රාජ්‍ය පාලනයකි. සැබැවින්ම අවශ්‍ය වන්නේ ද එබඳු යහපත් රාජ්‍ය පාලනයකි. 

ඇතැම් ව්‍යාපෘති දේශපාලන අරමුණු වෙනුවෙන්ම හඳුන්වා දෙන බව ද නොරහසකි. එම ව්‍යාපෘතිය මෙහෙයවන්නන් මෙන්ම එහි ප්‍රතිලාභීන් ද එම දේශපාලන අරමුණේ පංගුකාරයන් බවට පත්කර ගැනීම එහි එක් ලක්ෂණයකි. සමෘද්ධි ව්‍යාපාරය හැඳින්වෙන්නේ ද එවැනි ව්‍යාපාරයක් ලෙස ය. සමෘද්ධි නිලධාරීන් බඳවා ගනු ලබන්නේ ද දේශපාලන පදනමින් බවට චෝදනාවකි. එවිට ඔහුගේ කාර්යභාරය වනුයේ තම දේශපාලන හාම්පුතාගේ සිතැඟි අනුව එම කටයුතු මෙහෙයවීමයි. අසරණ දිළිඳු ජනයාට එහි පහසු ගොදුරු බවට පත්වීමට සිදුවේ. 

සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂිත අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අසමත්වී තිබෙන්නේ එහෙයිනි. දිළිඳු ජනයා නඟා සිටුවීම වෙනුවට ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමේ මෙහෙයුම් යාන්ත්‍රණයක් බවට සමෘද්ධි ව්‍යාපාරය පත්ව තිබේ. එම සැහැසි ග්‍රහණයෙන් සමෘද්ධි ව්‍යාපාරය මුදා ගැනීමේ අනගිතම අවස්ථාවක් දැන් උදාවී තිබේ. එය සිදුවන්නේදැයි ජනතාව අවදියෙන් පසු විය යුතු ය.  

 



අදහස් (1)

සමෘද්ධි චෝදනාවෙන් මතුවන යථාර්ථය

shan Wednesday, 12 June 2019 07:04 AM

ශ්‍රී ලංකාව යනු කෘෂිකර්මාන්තය මත පදනම් වූ හා බෝග වගාවන් හා ධීවර කර්මාන්තය , රටේ ආවේනික හස්ත කර්මාන්ත වැනි දේ තුලින් ජීවිත ගමන සරු කරගත් ජන කොට්ටාශයක් ජීවත් වූ රටකි. නමුත් 1977 පෙර රටේ නිර්මාණය වෙමින් තිබු කෘෂි ආර්ථිකය මෙන්ම සිවිල් වැසියන් තමන්ගේ අවශ්‍යතා සදහා කරගන ආ අදායම් මාර්ග සියල්ල උඩු යටිකුරු කරමින් 1978 නව ආණ්ඩුක්‍රම ගොඩ නැගීම තුලින් රටේ තිබු ආර්ථික පිළිවෙත් වෙනස් කරමින් විවුර්ත ආර්ථික ප්‍රතිපත්තියක් හදුන්වා දීම සිදුවිය එමගින් රටේ නිෂ්පාදන නතරවී ආනයනික භාණ්ඩ වෙළදපොල අරක් ගැනීම සිදු විය එනිසා එදා ගොඩනැගුනු කෘෂි කර්මාන්තය සහ මුලින්ම කඩා වැටී පිටරටින් ආනයනය කරන අහාර වේලට ජනතාව පෙලබ්වීය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 83 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 61 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 491 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 247 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 133 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 177 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 399 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site