IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සමන් කුමාර ඝාතකයන්ට හිරකාරයන් අතපය කැඩෙන්න පහර දුන්නා

      SLD_20141026_B016

 

සමන් කුමාර සිසුවා ඉගෙනුම ලබමින් සිටියේ මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේය. සිංහල අලූත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩු දෙන දවස වූයේ එදාය. පාසල් ගිය සමන් කුමාර පුතා සවස් වනතෙක් ගෙදර නොපැමිණීම ගැන ඔහුගේ මව සහ පියා මහත්සේ කලබලයට පත්වූහ.

 

1

සමන් කුමාරගේ පියා ජේ. බී. තිලකරත්න මහතා මතුගම නගරයේ තිලකරත්න ස්ටෝර්ස් නමින් වෙළෙඳ සලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි.


පුතා ඉස්කෝලේ ගියා තවම ගෙදර ආවේ නැහැ. හැම තැනකම හොයා බැලූවා. හමුවුණේ නැහැ.
මතුගම මූලස්ථාන පොලිසියට පැමිණි තිලකරත්න මුදලාලි පුතාගේ අතුරුදන්වීම ගැන පැමිණිලි කළේය.
තිලකරත්න මුදලාලි පුතාගේ අතුරුදන්වීම ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මීට අවුරුදු 31කට පමණ කලින්ය.

 

2

 


ඒ 1983 අපේ‍්‍රල් මස 5 වැනිදාය.
මතුගම එවකට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිව සිටි පියල් බරණගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමන් කුමාර සිසුවාගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භකරනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඉන්ද්‍රජිත් අමරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.


උප පොලිස් පරීක්ෂක ජයන්ත වික‍්‍රමසිංහ මහතාද මේ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත්ව සිටි පොලිස් නිලධාරියෙකි.


පොලිස් කණ්ඩායම සමන් කුමාර සිසුවාගේ අබිරහස් අතුරුදන්වීම ගැන පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යමින් සිටි අතර වාරයේ බස් රථයකින් බැස පැමිණි අයෙක් තිලකරත්න මුදලාලිගේ කඩයට කඩිමුඩියේ පැමිණ ලියුමක් දී යන්නට ගියේය. ළමයා ඉන්නේ අපි ළඟ. ළමයා මුදා හරින්න නම් 1,50,000ක කප්පමක්  ඕනෑ කියා ඒ ලියුමේ සඳහන්ව තිබූ අතර ඒ සමගම තවත් ලියුමක්ද තිබිණි.


කප්පම් මුදල නාවලකන්ද පාසල ළඟින් ගෙනවිත් තබා යන ලෙසද එම ලියුමේ සඳහන්කර තිබී ඇත. ලියුම ලියා තිබුණේ සමන් කුමාර සිසුවාය.


”තාත්තේ ඉල්ලන ගානක් දීලා මාව බේරාගන්න. නැත්නම් මාව මරා දමයි.” සමන් කුමාර ලියා තිබූ ලියුමේ සඳහන්ව තිබී ඇත. සමන් කුමාර ඒ ලියුම ලියා තිබුණේ ඔහුගේ පාසල් පොතකින් කොළයක් කඩාගෙනය.


මේ ලියුම ලැබී තවත් දිනකට පසු තවත් ලියුමක් ලැබී තිබුණේ තැපෑලෙනි. එම ලියුම තැපැල් කර තිබුණේ මතුගම නගරයේ පිහිටි තැපැල් කන්තෝරුවෙනි.

 

3

 


කප්පම් මුදල් ඉල්ලීම ගැන පොලිසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් තර්ජනය කර තිබූ අතර කප්පම් මුදල තැබිය යුතු තැනත් පසුව දැනුම් දෙන බවත් මේ ගැන ආයෙත් පොලිසියට කිව්වොත් දරුවා මරා දමන බවටත් එම ලියුම මගින් තර්ජනය කර තිබී ඇත.


තැපැල් කළ ලියුමක් ලිපිනයේ සඳහන් පුද්ගලයාට හැරෙන්නට වෙනත් අයකු අතට පත්කිරීම නීති විරෝධි වුවත් අහිංසක ළමයකුගේ ජීවිතය ගැන කල්පනාකර එම ලියුම ලබාදීමට තැපැල් ස්ථානාධිපතිවරයා කැමැත්ත පළකර ඇත.


පොලිසිය තුළ ඇතිවූ සැකය හරියටම හරිය. ධර්මසේන නමැත්තා ලියුම තැපැල්කර තිබුණේ තිලකරත්න මුදලාලිගේ නමටය.
තිලකරත්න මුදලාලිගේ නමට තැපැල්කර තිබූ ලියුම කඩා බලද්දී එහි සඳහන් කර තිබී ඇත්තේ කප්පම් මුදල රැුගෙනවිත් තැබිය යුතු ස්ථානය ගැනය.


පොලිස් පරීක්ෂක පියල් බරණගේ, උපපොලිස් පරීක්ෂක අමරසිංහ සහ උප පොලිස් පරීක්ෂක ජයන්ත වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා ගොස් මතුගම පාන්තිය ප‍්‍රදේශයේ පදිංචි බී. ඒ. ධර්මසිරි පීරිස් (24) නමැත්තා අත්අඩංගුවට ගනු ලැබීය.පොලිසිය ඊළඟට අත්අඩංගුවට ගත්තේ කලවාන නාවලකන්ද ප‍්‍රදේශයේ පදිංචි පිටිගලගේ පේ‍්‍රමරත්න (23) නමැත්තාය.
පේ‍්‍රමරත්න හිටපු උප සේවා පොලිස් කොස්තාපල්වරයෙකි.


මොවුන් දෙදෙනා ගජ මිතුරෝ වෙති.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී සමන් කුමාර සිසුවා ඝාතනය කර ඇති බව පමණක් නොව ඔහුගේ සිරුර සඟවා ඇති ස්ථානය ගැන පවා පොලිසියට පාපොච්චාරණය කරනු ලැබූහ. පාසල ඇරී නිවස බලා එමින් සිටි සමන් කුමාර පා පැදියේ නංවාගෙන ඇති අතර ධර්මසේනව හොඳින් දන්නා නිසා කිසිම සැකයකින් බියකින් තොර ඔහු පාපැදියට ගොඩවී ඇත.


ඝාතනය කිරීමට පෙර සමන් කුමාරට කියා ඔහුගේ පාසල් පොතකින් කඩාගත් කොළ තුනකින් ලියුම් තුනක්ද ලියාගෙන ඇත. කප්පම්කරුවන් එවූ ලියුම් සමග වරින්වර එවා ඇත්තේ එසේ සිසුවාට කියා ලියාගත් ලියුම් කරදාසිය.

 

4

 


ලියුම් ලියාගත් පසු සමන් කුමාර ඝාතනය කර සිරුර වළකට දමා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවිය.
සමන් කුමාරගේ සිරුර දමා ඇත්තේ රබර් ගසක් ඉදිරී වැටීමෙන් ඇතිව තිබූ වළකටය. යටදොළ, පාන්තිය ප‍්‍රදේශයේ කන්දක බෑවුමක සිරුර මෙසේ වළදමා ඇති බවත් පොලිසිය හෙළිකරගෙන තිබේ.


පුතා මුදාහැරීමට නම් රුපියල් 1,50,000ක කප්පම් මුදලක් සැකකරුවන් දෙදෙනා තිලකරත්න මුදලාලිගෙන් ඉල්ලා ඇත්තේ ඔහු (සමන් කුමාර) මරා දැමීමෙන් පසුවය. සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී පොලිසිය විසින් මේ සියලූ තොරතුරු හෙළි කරගනු ලැබූහ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ මඟපෙන්වීම යටතේ ගොස් පොලිසිය සිරුර සොයා ගන්නා විටත් බෙහෙවින් නරක්වී තිබිණ.


සමනළයෙක් බඳු සමන් කුමාරගේ සිරුර සොයාගත් පසු ඔහුගේ මව හා පියා ඇතුළු පවුලේ අය පමණක් නොව ගම්වාසින්ද නැගූ විලාප හඬින් මුළු ප‍්‍රදේශයම ශෝකයෙන් ඇළලී ගියේය.


ඒ විලාප හඬ යටදොල වත්ත පාන්තිය වත්තේ පිහිටි කන්ද පවා උසුලාගෙන සිටියේ මහත් ආයාසයක් දරාය.
සමන් කුමාරගේ පාසල් පොත් බෑගය ධර්මසේනගේ ගෙවත්තේ වළ දමා ඇති බවට ඔහු හෙළිකිරීමෙන් පසු පොලිසිය ගොස් එම ස්ථානයේ කැණීම්කර එයද සොයා ගත්තේය. සමන් කුමාරගේ සිරුර සොයා ගත්තේ ඔහු පැහැරගෙන ගොස් දින හතරකට පසුවය.
ඝාතනයට ලක්වනවිට ඔහුගේ වයස අවුරුදු 14ක් පමණ විය.


වෙනදාට සිංහල අලූත් අවුරුද්දට රබන් සුරල් හඬින්, ඔංචිලි වාරම් හඬින් හා කොවුල් හඬ අතරින් වෙනදා ගමට ආ අවුරුදු කුමරා මෙදා ගමට පැමිණියේ නැත.


සිංහල අලූත් අවුරුද්ද සැමරීමට මුළු මතුගම ප‍්‍රදේශයම ලක ලැහැස්ති වෙමින් සිටියදී අලූත් අවුරුදු කුමරා ගමට පැමිණීමට දින තුනක පමණ කාලයක් තිබියදී සමන් කුමාරගේ ප‍්‍රාණය නිරුද්ධව නරක්වී ගිය සිරුර හමුවිය. මතුගම ප‍්‍රදේශයම මළගෙයක් වීමට ගතවී ඇත්තේ නිමේෂයකිි.  සමන් කුමාර සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ එවකට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාව සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. එම්. සල්ගාදු මහතාය.


ගෙල මිරිකීම නිසා හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. එම්. සල්ගාදු මහතාගේ නිගමනය වී ඇත.


මොහු මෙරට සිටි දක්ෂම අධිකරණ වෛද්‍ය විශේෂඥයෙක්ද විය.
මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා ඇත්තේ මතුගම එවකට මහේස්ත‍්‍රාත්වරයාව සිටි අයිවන් කුලතුංග මහතාය. කප්පම් ලබා ගැනීම සඳහා දරුවකු පැහැර ගෙනගොස් ඝාතනය කිරීමක් පළමු වරට මෙරට වාර්තාවූයේ සමන් කුමාර ඝාතන සිද්ධියයි.  විත්තිකරුවන් කර තිබූ ඉල්ලීමක් මත මෙහි වැඩිදුර නඩු විභාගය පවත්වා ඇත්තේ ගාල්ල මහාධිකරණය හමුවේය.


ගාල්ල මහාධිකරණ විනිසුරුවරයාව සිටි එදිස්සූරිය මහතා විසින් මේ සම්බන්ධව නඩු විභාගයක් පවත්වනු ලැබ විත්තිකරුවන් දෙදෙනාටම මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

 

5

 


විත්තිකරුවන් දෙදෙනාට මරණීය දණ්ඩනය නියමකර ඇත්තේ 1987 වසරේදීය. සමන් කුමාර සිසුවාගේ ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අපමණ කැප කිරීම් කළ මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පියල් බරණගේ මහතා සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවය කරමින් සිටියදී විශ‍්‍රාම ගිය අතර ඉන්ද්‍රජිත් අමරසිංහ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවය කරමින් සිටියදී විශ‍්‍රාම ලබා ඇත. ජයන්ත වික‍්‍රමසිංහ මහතා නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් ලෙස තවමත් පොලිස් සේවයේ නිරතව සිටී.


මරණ දඬුවම නියමවූ ධර්මසිරි හා පේ‍්‍රමරත්න නමැත්තන් ගාල්ල මහාධිකරණයේ සිට ගෙන ආවේ වැලිකඩ බන්ධනාගාරය වෙතය.
වැලිකඩ බන්ධනාගාරයේ එවකට ජේලර්වරයෙක් ලෙස රාජකාරි කළ පසුව බන්ධනාගාර අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලබා දැන් විශ‍්‍රාම සුවයෙන් පසුවන ලාල් ආනන්ද වික‍්‍රමසිංහ මහතා සමන් කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී හිර ගෙදරට පැමිණි ධර්මසිරි හා පේ‍්‍රමරත්න ගැන මතකය අවදි කරමින් පැවැසූ කතාව මෙසේ පෙළ ගස්වන්නෙමු.


මතුගම සමන් කුමාර ඝාතන නඩුවෙන් මරණ දඬුවම නියමවී වැලිකඩ හිරගෙදරට ධර්මසේනයි පේ‍්‍රමරත්නයි ගෙනාපු වෙලාවේම අනෙක් හිරකාරයෝ ඒ දෙන්නට අතපය කැඩෙන්නට ගැහැව්වා. බොහොම අමාරුවෙන් බේරාගත්තේ. හිරකාරයෝ ගහලා අතපය කඩා තිබුණ නිසා කොළඹ ජාතික රෝහලට දෙන්නවම ඇතුළත් කළා. බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ මේ දෙන්නා සති ගණනාවක් ප‍්‍රතිකාර ගත්තා. කැඩුණු අතපයවලට ප්ලාස්ටර් දමා තිබුණ. කොළඹ ජාතික රෝහලෙන් ටිකට් කැපුවට පස්සේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළා. බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ගන්න හිරකාර ලෙඞ්ඩුත් මොවුන් දෙන්නට ගැහැව්වා. ඒ නිසා බන්ධනාගාර රෝහලේ තියාගන්නත් බැරිව ගියා. ප්ලාස්ටර් පිටින්ම මරණීය දණ්ඩනය නියමවූවන් දමන කන්ඩම් සෙල්වලට ගෙනවිත් දැම්මා. පසු කාලයකදී දෙන්නාම සුවය ලැබුවා.


මරණ දඬුවම නියමවී කන්ඩම් සෙල්වලට දැම්මාම කිසිම වැඩක් පලක් පවරන්නේ නැහැ. උදේම පැය භාගයයි සවසට පැය භාගයයි වශයෙන් ව්‍යායාම් කරන්න එළියට ගන්නවා. ටික කාලයක් යද්දි මේ දෙන්නා අසීමිත විදිහට මහත් වෙන්න පටන් ගත්තා. ඒ කකා බිබී නිකන්ම ඉන්න නිසා.


මරණීය දණ්ඩණය නියමවී සිටි මොවුන් දෙන්නාට පසු කාලයක ඒ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කර තිබුණා. ඊට පස්සේ ඔවුන් දෙන්නාට කන්ඩම් සෙල්වලින් පිටතට ගෙන මැහුම් අංශයේ වැඩ පුහුණු වෙන්න දැම්මා. දෙන්නම බොහොම හොඳට මැහුම් වැඩ පුහුණු වුණා. මැහුම් අංශයට දාන්න කලින් දෙන්නාම වසරක කාලයක් හිර ගෙදර බර වැඩ කළා.


වැලිකඩ හිරගෙදර පිරිත් කණ්ඩායමේ නායකයා වශයෙන් ධර්මසිරි හිරෙන් නිදහස් වෙලා යනකම්ම කටයුතු කළා. පේ‍්‍රමරත්නත් හිර ගෙදර පිරිත් කණ්ඩායමේ හිටියා. දෙන්නටම බොහොම හොඳට ලස්සනට පිරිත් කීමේ හැකියාව තිබුණා. ඒ දෙන්නා පිරිත් කියනකොට කාටත් අහන් ඉන්නත් ආශා හිතෙන බව වසර ගණනාවකට එහා අතීතය මෙනෙහි කරමින් විශ‍්‍රාමික බන්ධනාගාර අධිකාරි වික‍්‍රමසිංහ මහතා පැවැසීය.


තව දුරටත් දොඩමළුවෙමින් විශ‍්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා ධර්මසිරි පේ‍්‍රමරත්න ගැන මතකය අවදි කරමින් පැවැසුවේ මෙවැනි කතාවකි.


වෙසක් කාලයට වැලිකඩ හිරගෙදර කරන වෙසක් සැරසිලිවලට මූලිකත්වය ගෙන මේ දෙන්නා කටයුතු කළා. හිරගෙදර තොරණ හදද්දි වෙහෙස මහන්සිය නොබලා කටයුතු කළ හැටි මට අද වාගේ මතකයි. පසුකාලයකදි ධර්මසිරි තොරණ් හදන්නත් දක්ෂයෙක් වුණා. හිරගෙදර ආගමික කටයුතුවලදී දෙන්නා ලොකු උනන්දුවකින් කි‍්‍රයා කළා.


හිරගෙදර දඬුවම් විඳින හිරකාරයන් අතරින් අතළොස්සක් පමණක් හිරකාරයන්ට ලැබෙන විශේෂ වරප‍්‍රසාදවලටද ධර්මසිරි හා පේ‍්‍රමරත්න හිමිකම් කියා ඇත.


ඒ හා සම්බන්ධව තොරතුරු හෙළිකරමින් විශ‍්‍රාමික බන්ධනාගාර අධිකාරි වික‍්‍රමසිංහ මහතා මෙසේ කීය.


හිරගෙදර යහපත් කල්කි‍්‍රයාවෙන් විනයානුකූලව ඉන්න හිරකාරයන්ට ස්පේෂල් ඩියුටි කිරීමේ වරප‍්‍රසාදය ලැබෙනවා. මේ වරප‍්‍රසාදය ලැබුණු හිරකාරයන්ට බන්ධනාගාරයේ කාර්යාලයේ වැඩවලට යොදා ගන්නවා. සමහර වෙලාවලට හිරගෙදර ඇතුළේ තියෙන මුර කුටිවල රාජකාරියේ යොදවනවා. මෙවැනි අය විනයාරක්ෂක හිරකරුවන් ලෙස හඳුන්වනු ලබනවා. ධර්මසිරි හා පේ‍්‍රමරත්නත් මේ විශේෂ වරප‍්‍රසාදයට හිමිකම් කිව්වා. ඒ ඔවුන් හිරගෙදර යහපත් කල්කි‍්‍රයාවෙන් හිටිය නිසා.


තවත් කාලයක් ගියාට පස්සේ තවත් හොඳට හිටියාම හිරකාරයින් ඇඳගෙන ඉන්න ජම්පරයට උඩින් කළු පාට බාපනයක් පැළඳීමේ වරප‍්‍රසාදය ලැබෙනවා. මේ වගේ කළුපාට බාපනයක් පැළඳීමට ලැබෙන අය කොස්තාපල් කියා අප හඳුන්වනවා. මෙය හිරකාරයකුට බොහොම කලාතුරකින් ලැබෙන තනතුරක්. කළුපාට බාපනයක් ලැබෙන හිරකාරයකුට බන්ධනාගාර නිලධාරියකුගේ අධීක්ෂණයකින් තොරව බන්ධනාගාර මූලස්ථානයෙන් පිටත පිහිටි බන්ධනාගාර කාර්යාලවලට තනියම යාමේ ඒමේ වරප‍්‍රසාදය තියෙනවා. ධර්මසිරි හා පේ‍්‍රමරත්නත් මේ තනතුරට පත්වී සිටියා.


මේ දෙන්නා ඔවුන් කරන ලද අපරාධය ගැන හරියට පසුතැවුණා. මම ඔවුන් දෙන්නත් එක්ක කතාබහ කර තිබෙනවා. ඒ අවස්ථාවල තමා ඒ බව කිව්වේ. හිරගෙදර පොදු වැඩ කටයුතු වලදී පුදුම කැපවීමකින් හිතට අරන් ඒ දේ හරියට මේ දෙන්නා ඉටුකළා. කොච්චර කාලයක් හිර දඬුවම් වින්දාද කියා මට දැන් මතක නැහැ. නමුත් වසර ගණනාවක් හිරගෙදර හිටියා. ඔවුන් දෙන්නා නිදහස් වෙලා සමාජ ගත වුණේ හොඳ පුරවැසියන් දෙන්නෙක් විදිහට බව මෙහිදී මා විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවායැයි ලාල් ආනන්ද වික‍්‍රමසිංහ මහතා පවසයි.


මරණ දඬුවම නියම වෙලා හිරගෙදරට ආවාට පස්සේ මේ දෙන්නාගේ පවුලේ කිසිම කෙනෙක් බලන්න ආවේ නැහැ. මේ දෙන්නත් එක්ක එකට හිරේ ඉඳලා ඔවුන් දෙන්නට කලින් නිදහස් වෙලා ගිය අය නම් ධර්මසිරියි පේ‍්‍රමරත්නයි ඉඳහිටලා හරි බලලා යන්න ආවා යැයි විශ‍්‍රාමික බන්ධනාගාර අධිකාරිවරයා කතාබහ හමාර කරමින් කීය.


m

 



අදහස් (0)

සමන් කුමාර ඝාතකයන්ට හිරකාරයන් අතපය කැඩෙන්න පහර දුන්නා

මිතුන් Sunday, 07 December 2014 05:14 PM

අපේ රටේ නිතිය ක්‍රියාත්මක වෙනවා මදි. අපරාදය කලාට පස්සේ පසුතැවිලා වැඩක් නැහැ. එ්කට දඩුවම් ලැබෙන්න ඕනා. ඒ අය මරල දාන්න තිබුනේ. එහෙනම් තවත් මනුස්සයෙක් වැරැද්දක් කරන්න පෙර දෙපාරක් හිතනවා නේද. (නදී)

:       2       14

බුද්ධික Friday, 07 November 2014 03:29 PM

අපේ රටේ තව අපරාද කලත් ඔය ටික තමයි... කල් කිරියාව හොදනම් අපරාධය වැඩක් නැහැ... නීතිය අතට ගන්න වෙන වෙලාව ලග ලගම.(හේ)

:       0       2

කුමාර් Monday, 03 November 2014 04:59 PM

පේනවද? හොඳට පිරිත් කියන වෙසක් සැරසිලි කරන සැදැහැවතුන්ගේ වග තුග? (ර)

:       0       6

දනංජය Saturday, 01 November 2014 12:53 PM

අංගුලි මාලවත් කොසොල් රජුට කියල හිස ගසා දමන්න තිබුනේ.(හේ)

:       0       2

සෙනරත් Saturday, 01 November 2014 03:41 AM

ඒ දෙදෙනා නීතියෙන් සහ සිරකරුවන් අතිනුත් දඩුවම් ලබා තියෙනවා. ඒ නිසා යහපත් පුරවැසියන් බවට පරිවර්තනය වී නිදහස් වීම හොදයි කියා සිතනවා. වෙන පළාතකට ගිහින් ජිවත් වුනොත් කරදරයක් වෙන එකක් නෑ.(හේ)

:       2       0

දනුෂ්ක Saturday, 01 November 2014 04:12 AM

අංගුලි මාලටත් සමාව දුන්න එක වැරදි .කොසොල් රජුට එල්ලන්න තිබුනේ.(හේ)

:       0       1

වරුණ Friday, 31 October 2014 03:15 AM

ගයාන්, ඔයා එකඟ නොවුණට කැමති අයත් ඉන්නවා (නි)

:       0       1

රවින් පීරිස් Sunday, 02 November 2014 05:16 AM

පස්චත්තාපය මරණ දඬුවමට වඩා බරපතල දඩුවමකි. තමන් කළ දේ පිළිබඳව තමා විසින්ම පසු තැවීම දස දහස් වාරයක් මැරී මැරී ජීවත්වීමකි. මරණ දඬුවමට මෙතරම් ප්‍රබල තත්වයක් තිබේද? නමුත් මෙවැනි වැරදිකරුවන් සමාජ ගත කිරීමෙදී අගතියට පත් පාර්ශවයෙන් විමසීමක් කලයුතුමය.(නදී)

:       0       2

අක්‍රම් Tuesday, 04 November 2014 08:25 AM

අපේ රටෙත් ආරාබි නීතිය තියෙනවානම්.(හේ)

:       0       1

සුමිත් බහරේන් Monday, 03 November 2014 10:04 AM

එ් දවස්වල සමන් කුමාර ගැන විරිදු කැසට් එකකුත් ගහල තිබුනා මතකයි..මේ පාපතරයෝ දෙන්නා නිදහස් වුනා කියල මම දැන් තමයි ..දන්නෙ..!.(හේ)

:       0       1

සිතුම් Tuesday, 04 November 2014 08:25 AM

මොවුන් දෙදෙනා ජීවත් වීම සමන් කුමාරගේ දෙමවුපියන්ට කළ ලොකු අසාධාරනයක්. (හේ)

:       0       1

පීරිස් Sunday, 02 November 2014 10:32 PM

මගේ ජීවිතේට අහපු දුක්බරම කණගාටුදායකම සිදුවීම (නි)

:       0       1

පිටිගල මිලානෝ Friday, 31 October 2014 06:23 PM

මෙවැනි වැරදි වලට රජ කාලේ දඬුවම් දිය යුතුයි. මෙවන් පුද්ගලයන් නිදහස්වී ගියා කියලා ඇහුවාම තවත් අය මෙවැනි සහගහන අපරාධ කරන්න පෙළ‍ඹෙනවා. (නි)

:       0       1

අජිත් Thursday, 30 October 2014 01:47 PM

එහෙත් ඔවූන්ට සමාජයේ නිදහසේ ජීවත් වීමට ඉඩක් ලැබේවිද? (ර)

:       0       1

සඳුනි Thursday, 30 October 2014 03:14 PM

මමනම් හිතන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කලානම් හොදයි කියලා. කොතෙක් හොඳ කිව්වත් මේ කල අපරාධයට මොවුන් ගැන මට නම් කිසිම අනුකම්පාවක් ඇතිවෙන්නේ නැත. (ර)

:       0       1

ගයන් Thursday, 30 October 2014 03:41 PM

අහිංසකයෙක් මරපු අයකුට නිදහස දෙන එක මියගිය අයට කරන විශාල අසාධාරණයක්. ඕක ඇමෙරිකාවේ උනානම් කවදාවත් එලියට එන්න බැහැ. බන්ධනාගාරයේ හැසිරීම හොඳයි කියල මිනී මරුවෝ නිදහස් කරන එකට මම නම් එකඟ නැහැ. (ර)

:       0       1

චන්දන Monday, 03 November 2014 04:32 AM

අපි හරියට දුක් වුණ සිදුවීමක්. අද කාලේනම් ආයුධ පෙන්නන්න එක්කන් යනවා, මරණ දඩුවම දුන්නට දුක නැහැ කරපු අපරාධයට. (අ)

:       0       1

චින්තක Thursday, 11 December 2014 07:52 AM

හරිම අසාධාරණ වැඩක් (නි)

:       0       1

ඉන්දික මනෝජ් Tuesday, 04 November 2014 04:36 AM

කේපීට කරුණාට කිසිම දඬුවමක් නැතිව රජමලිගාවට යන්න පුලුවන්නම් මෙයාල නිදහස් වුණ එකේ වරදක් තියනවද?(හේ)

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4944 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 673 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1247 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39058 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site