IMG-LOGO

2024 අගෝස්තු මස 31 වන සෙනසුරාදා


සමුපකාරයේ පියා සඳලංකාවේ වින්සන්ට් සුබසිංහ

සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ රාලහාමිගේ 115 වැනි ජන්ම දිනය අදට (29) යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

‘‘සඳලංකාවේ ගාන්ධි’’, ‘ලංකාවේ සමුපකාර රජා’ යන කීර්තිමත් නම්වලින් හඳුන්වනු ලබන සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ  රාලහාමි වර්ෂ 1906 මාර්තු මස 29 වැනිදා සඳලංකාවේ සුබසිංහ වලව්වේ දී උපත ලැබීය. සඳලංකාවේ ශාස්ත්‍රෝදය පරිවේනාස්ථ ගමේ පන්සලේ වරාදල ප්‍රවචන කීර්ති ශ්‍රී වරාදල රතනපාලාභිධාන වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වෙතින් අකුරු කියවූ වින්සන්ට් සුබසිංහ කුමරු සඳලංකාවේ හෙණ්ඩියගල ගමේ පාසලෙන් ද මීගමුවේ සෙන්ට් මේරිස් විදුහල සහ ඉක්බිති කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීය.

උප්පැන්න සහතිකයේ ‘විමලධර්ම’ නම් වූ සුබසිංහයන් මීගමුවේ සෙන්ට් මේරිස් විදුහලේ ඉංග්‍රීසි ජාතික විදුහල්පති බිටන් පියතුමා විසින් සිය ඇතුළත්වීමේ ලේඛනයට ගනු ලැබුවේ ‘වින්සන්ට්’ යන නමිනි. ඉක්බිති සමුපකාර ක්ෂේත්‍රයේත් මහජන බැංකු ව්‍යාපාරය ඇතුළු සෙසු සමාජ සේවා කටයුතු පිළිබඳ ඉතිහාසයේත් වින්සන්ට් සුබසිංහ නම් වූ මානව හිතවාදියා බිහිවෙයි.

වින්සන්ට් සුබසිංහ යනු 1940 ගණන්වල සිටම සිය ප්‍රබල සමාජ සේවා කටයුතු නිසා සඳලංකාව ගම්මානය ජාත්‍යන්තර කීර්තියට පත් කළ අසම සම සුධාරකයාය.

විසිවන සියවස  ආරම්භයත් සමඟ මෙලොව ජනිත වන වින්සන්ට් සුබසිංහයන් සියවසේ කීර්තිමත්ම සමාජ සේවකයකු ලෙස ලබා ඇති කිත් පැසසුම් බොහෝය. සුබසිංහ වලව්වේ කුමාර සැප සම්පත් පසෙකලා සඳලංකාවේ හා තදාසන්න ගම්වල දුප්පත් ගොවියා, කුඩා පොල් ඉඩම් හිමියා 1940 ගණන්වල මුහුණ පෑ ආර්ථික කම්කටොලු පිළිබඳ සංවේදී වෙමින් ඔවුනට උපකාර වන සේවාවක් සැපයීමේ අරමුණින් හෙතෙම ඉතා සුළුවෙන් සඳලංකාවේ පොල් නිපදවන්නන්ගේ සමුපකාරය ආරම්භ කළේය. ආරම්භක සාමාජිකයන් සංඛ්‍යාව 13 දෙනෙකි. සඳලංකාවේ සමුපකාරය ආරම්භ කළේ 1939 වර්ෂයේ දීය.

වින්සන්ට් සුබසිංහ රාලහාමි ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය හරහා එංගලන්තයට ගොස් ඉංජිනේරුවකු වීමේ සිහිනයෙන් මිදුණු ගතින් සහ සිතින් යුතුව තම ප්‍රදේශවාසීන් දෙස ඇස් හැර බැලුවේය. එමතුදු නොව තම ප්‍රදේශවාසී ගැමි ගොවි ජනතාවගේ දුක්බර ඉරණම් කතාව වෙනස්කර ඔවුන් ඉසුරින් පොහොසත්  කරන්නට මං පෙත සාදා- පාදා දී කෙළවර මුළු සත්කෝරළයේම ජනතා ප්‍රසාදය දිනා ගත්තේය.

ඔහුගේ කැපවීම හා අවංක බව ද නොපසුබස්නා උත්සාහය සමඟ බැඳුණු සුවිශේෂී හැකියාව ද නිසා සඳලංකාවේ සමුපකාර ව්‍යායාමය අතු ඉති ලියලා යෝධ වෘක්ෂයක් බවට පත්විය. මෙබඳු පුළුල් සංවර්ධනයක් සඳලංකාව විසින් අත්පත් කර ගැනීමෙහි ප්‍රමුඛ සහ එකම සාධකය වනුයේ ශ්‍රීධර වින්සන්ස් සුබසිංහ කෙරෙන් ප්‍රකට කෙරුණු අවංක පිවිතුරු අනුහසාත්මක ආධිපත්‍ය (Charisimatic Authority) බව නොවළහා කිව යුතුය. ජනතාව ඔහු හා ඔහුගේ සමුපකාර දර්ශනය සමඟ රොද බඳින්නේ එබැවිනි.

ඔහුගේ සමුපකාර සේවාව පිළිබඳ චින්තන බීජය මහා වනස්පතියක් සේ වැඩී යන්නට විය. සඳලංකාවාසී මතු නොව සමස්ත සත්කෝරළවාසී ජනතාවම ඔහු අගය කළේ සමුපකාර සේවාවේ සුබසාධන ප්‍රවේශය දිරිමත් කෙරෙන වින්සන්ට් සුබසිංහයන්ගේ අපූර්ව උසස් ව්‍යවසායකත්ව චරිත ලක්ෂණ සමඟ ක්‍රියාකාරීව බැඳෙමිනි. එහෙයින් සඳලංකාවේ යෝධ මහා සමුපකාරය ජාත්‍යන්තරයේ දී ‘ආසියාවේ විශාලතම සමුපකාරය’ යනුවෙන් අභිධානය සැලකුම් ලැබ, උත්කර්ෂයට පත්විය. සඳලංකාව කේන්ද්‍ර කර ගනිමින් මුළු සත්කෝරළයම එකම ගැමි ආර්ථික දර්ශනයකට කොටුකර ගන්නට වින්සන්ට් රාලහාමිගේ සමුපකාර ව්‍යායාමය සමත් විය. ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ප්‍රබල හැරවුම් ලක්ෂයක් වූයේ එදා ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ රාලහාමිගේ සමුපකාර සේවාවයි.

 සමුපකාරයේ පුරෝගාමි නායක වින්සන්ට් සුබසිංහ සිරිමතුන් සඳලංකාවේ සමුපකාර සමිතියේ සභාපති තනතුරට හිමි වැටුප සහ දීමනා සතයකුදු ලබා ගත්තේ නැත. දවසේ පැය 24න් 18ක්ම ඔහු තම දරුවකු වන් සඳලංකාවේ විවිධ සේවා සමුපකාර ව්‍යාපාරයේ උන්නතිය උදෙසා කැපවී වැඩ කළේ යැයි සත්කෝරළබද වැඩිහිටියන් අප සමග පවසා තිබේ.

වින්සන්ට් සුබසිංහ රාලහාමිගේ සමුපකාර සේවයෙන් ප්‍රභාමත් වූ සඳලංකාව වැනි කුරුණෑගල දිස්ත්‍රික්කයේ හද්දා පිටිසර ගමකට එදා 1940 දී තරම් ඈත කාලයේ දීම විදුලි බලය ලැබුණි. ඒ වනවිට අද ප්‍රධාන නගර බවට රූපාන්තරණය වී ඇති ගම්වලට පවා ජල විදුලි බලය ලැබී තිබුණේ නැති බව සිහිකළ යුතුය.

ඔහුගේ දැවැන්ත සමුපකාර ව්‍යායාමයට පින්සිදුවන්නට මහා පරිමාණ පොල් මෝලක්, කොප්පරා මැසි සමූහයක්, පොල්වලින් ඩී.සී. නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, පේෂ කර්මාන්ත ශාලාවක්, ලී පට්ටල් වැඩ, මුද්‍රණාලයක්, පරිභෝගික බඩු ජනතාවට සැපයීම සඳහා තොග හා සිල්ලර අංශය, සමුපකාර ප්‍රාදේශික, උසස් තත්ත්වයේ සමුපකාර සිනමා ශාලාවක්, නවීන පහසුකම්වලින් යුතු විධිමත් සමුපකාර ආරෝග්‍ය ශාලාවක් මෙන්ම ප්‍රදේශවාසී දූදරුවන්ට අධ්‍යාපනය සඳහා අංගසම්පූර්ණ මධ්‍ය විද්‍යාලයක් ද බිහි කෙරිණ.

මේ සියලු කටයුතු සිදුකිරීමේ දී එතුමාගේ පෞද්ගලික ඉඩම් සහ ධනය පරිත්‍යාග කෙරුණු බව කෘතවේදීව සිහි කළ යුතුය. ඒ අතර සමුපකාර ගොවිපොළ ක්‍රමය ආරම්භ කිරීමේ දී කාර්යයට ක්‍රියාකාරීව අත ගැසූ ප්‍රථම පුද්ගලයා වශයෙන් වින්සන්ට් සුබසිංහයන් කිත් පැසසුම් ලබයි. සඳලංකාවේ හා තදාසන්න ගම්වල දුප්පත් ගැමි තරුණ පිරිස් එක්රැස් කරවූ සුබසිංහ රාලහාමි නිකවැරටිය, බංගදෙණිය, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවල රජයේ කැලෑ ඉඩම් මිල දී ගෙන එම තරුණ පිරිස සමග එහි ගොස් විශාල කැලෑ හෙළි පෙහෙළි කර වී, පොල් සහ වෙනත් අතුරු බෝග වැවීය. පසුව සශ්‍රීක වූ එම  ඉඩම් වෙහෙස මහන්සි වූ එකී තරුණ පිරිස අතරේ සමසේ බෙදා දෙමින් ඔවුන්ගේ සමෘද්ධිය පිණිස ක්‍රියා කළේ අපූර්ව මානව  භක්තියක් විදහා දක්වමිනි.

 ඒ සියලු කටයුත්තේ වැය පස දැරුවේ සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ රාලහාමිය.

 1956 දී සමුපකාර තොග වෙළඳ ආයතනයේ (ස.තො.ස.) සභාපති පදවියට ඒ මහතාට ආරාධනා කෙරිණි. 1961 දී මහජන බැංකුවේ ආරම්භක සභාපති තනතුරට වින්සන්ට් සුබසිංහයන්ට ආරාධනා කෙරිණි.
එතුමා මේ සේවා කටයුතුවල තනතුරු වෙනුවෙන් ලැබෙන වැටුප සතයකුදු ලබා ගත්තේ නැත. මහජන බැංකුවේ සභාපති තනතුරේ වැටුප නොලබා සේවය කළ වින්සන්ට් රාලහාමි බැංකු පිළිබඳ අධ්‍යයනයක් කිරීමට ඉන්දියාවට ගියේ සිය පෞද්ගලික ධනය වැය කරමිනි.

වින්සන්ට් සුබසිංහ මහතාගේ සමාජ සේවය අගය කරනු පිණිස, සඳලංකා සමුපකාර සේවාවේ අග්‍රඵලයක් ලෙස බිහිවූ සඳලංකා මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ‘‘ලංකාදීප’’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ හා විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතාගේ මැදිහත්වීමෙන් කු/හෙණ්ඩියගල විද්‍යාලයේ විදුහල්පතිව සිටි අපගේ ගුරුදේවයකු වූ බී.ඩී. තිලකරත්න විදුහල්පතිතුමා විසින් ලියන ලද ‘‘සඳලංකා සඳ’’ වින්සන්ට් සුබසිංහ චරිතාපදානයේ 2018 මුද්‍රණය සරසවි ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත්විය. එය සතුටට කරුණකි. සමුපකාරය සහ වින්සන්ට් සුබසිංහ පිළිබඳ කියවන විද්‍යාර්ථින්ට උපකාරයකි.

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ සුධීමතුන් මානව භක්තියෙන් පිරුණු-සමාජ සේවාවේ නියැළුනු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. සමාජ සේවයෙන් පෙරළා කිසිවක්ම ඔහු බලාපොරොත්තු වූයේ නැත. එහෙත් ඔහුගේ අත්‍යුදාර සමුපකාර සේවය සමරනු පිණිස මුද්දරයක් නිකුත් කෙරෙන්නේ නම් එය වැදගත්ය. ‘මුද්දරය’ යනු මානව ඉතිහාසයේ සංක්ෂිප්ත ලේඛනයකි. රටක අපේක්ෂා, අවශ්‍යතා, විශ්වාස හා පරමාදර්ශ පිළිබඳ විචාරාත්මක පිළිඹිබුවකි. එය අතීතයේ කැඩපතකි. අනාගතයේ පෙරනිමිත්තකි. අන් අයුරකින් කියතහොත් ලෝකය සහ එහි වසන්නවුන්ගේ බහුවිධ ජයග්‍රහණ පිළිබඳ දිදුලන චිත්‍රයකි. මුද්දර පිළිබඳ ඒ අපූර්ව නිර්වචනය ඉදිරිපත් කරනු ලැබූ ඇමෙරිකානු ජාතික ෆ්‍රැන්සිස් ජෝසප් ස්පෙල්මන් කාදිනල්තුමාගේ එම සඳහනට සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ සිරිමතුන් සමීප අර්ථයක් ලබාදී ඇත. එහෙයින් ඔහු නමින් මුද්දරයක් නිකුත් කිරීම සිදුවිය යුතු දෙයකි.

සමුපකාරයේ පියා සැබෑ සමුපකාරියකු ලෙසම ඔහුගේ පුරෝගාමීත්වයෙන් සාදා නිම කළ සඳලංකාවේ සමුපකාර ආරෝග්‍යශාලාවේ වාට්ටුවක දීම 1985 අගෝස්තු මස 24 වැනිදා අවසන් ගමන් ගියේය. එතුමාට නිවන් සුව පතමු.


(***)
තුසිත් සාගර
පැල්මඩුල්ල



අදහස් (7)

සමුපකාරයේ පියා සඳලංකාවේ වින්සන්ට් සුබසිංහ

Raveendra Monday, 29 March 2021 11:03 AM

වචනවල නියම අර්ථයන් වලින්ම "දේශමාපක, දේශ හිතෛෂී මෙන්ම උතුම් දේශපාලඥයකු" සිහි කිරීම පිළිබඳව අප ලංකාදීප පුවත් පතට පළමුව ස්තුතිවන්ත වෙන්නෙමු. වින්සන්ට් සුබසිංහ මැතිතුමා පිළිබඳ අපද අසා ඇත්තේ තම පුද්ගලික ධනය වියදම් කරමින් මහජනතාවට සේවය කළ දේශපාලඥයකු ලෙසයි. එවන් වූ උතුම් පුරවැසියෙකුට කෘතගුණ සැලකීමක් වශයෙන් එතුමා නමින් මුද්දරයක් නිකුත් කිරීම ප්‍රමාදවී හෝ කල යුතුමයි. මෙතුමන් වැනි දේශපාලඥයකු පිළිබඳව කතා කිරීමේදී "අද අප රටේ දියවන්නාව 225" පිළිබඳව ඇත්තේ අතිමහත් පිළිකුලකි.

:       2       17

Paba Tuesday, 30 March 2021 09:20 PM

වින්සන්ට් සුබසිංහවරු නැවත සිරිලක උපදීවා යැයි ප්‍රාර්ථනා කරමු.

:       0       9

Paba Tuesday, 30 March 2021 09:27 PM

විශිෂ්ඨයි...

:       0       5

තිලකරත්න Friday, 02 April 2021 12:31 AM

මේ ඉදිරිපත් කිරීම ගැන සතුටුවෙමි . එහෙත් කණගාටුවට කරුණක් වන්නේ පොල්ගොල්ල සමුපකාර විදුහලේ තිබු සුබසිංහ ශාලාව පසුව වෙනත් නමකින් නම් කිරීමය. ඒ අයට සුබසිංහ නාමය අපුලද ?

:       0       6

චානිකා කොළඹගේ Saturday, 03 April 2021 05:05 AM

සමාජයට සේවාවක් කළ මෙවන් පුද්ගලයන් ඇගයීම ඉතා වටිනේය. එතුමා කළ සේවය වෙනුවෙන් යම් වටිනාකමක් ලබා දීමට කටයුතු කිරීම උතුම් කාර්යයකි.

:       0       5

කිත්සිරි කොඩිතුවක්කු Saturday, 03 April 2021 12:59 PM

හොද විවරණයක්. අධ්‍යතන සමාජය තව දුරටත් දැනුවත් කිරීමට ඔබ දරන උත්සාහය අගය කරමි.

:       0       2

මේරියන් ඇන්තනී Wednesday, 07 April 2021 06:59 AM

අන්තර්ජාලය ඔස්සේ සැරිසරන සෑමදෙනාට වටිනා සමාජ මෙහෙවරක් කළ පුද්ගලයකු පිළිබඳව දැනුම ලබාදීමට මේ කරන්නා වූ සේවය අගය කරමි...

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රට යායුතු දිශානතියේ ජනතා පැතුම
2024 අගෝස්තු මස 31 107 1

​ශ්‍රී ලංකාවේ 1982 සිට පත්වනු ලැබූ ජනාධිපතිවරණ අට සමග සන්සන්දනය කොට බලන විට ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්‍රධාන වෙනස්කම් ක


මායිම් ගමේ රන්කැකුළ කුමුදුමලී
2024 අගෝස්තු මස 30 1168 2

අත්පොළසන් නද කෙමෙන් තීව්ර විය. කුමුදුමලී ඩබ්ලිව්. යූ එක්වරක් නොව 8 වතාවක්ම ඒ නම පීඨාධිපතිවරයාගේ මුවින් ගුවනත රැව්පිළිරැව් නැගුනේ මහත් ගාමභීර ලෙසිනි.


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 466 4

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 104 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ආර්ථික අර්බුදයට විකල්ප
2024 අගෝස්තු මස 30 125 0

අප සිටින්නේ රටේ අනාගතය තීරණය කෙරෙන තීරණාත්මක මැතිවරණයක් අභියස ය. රටේ අනාගතය කෙසේ තීරණය විය යුත්තේ ද යන කාරණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ජනා


හිසත් පයත් ඇවිළුණු ඊශ්‍රායලය
2024 අගෝස්තු මස 28 2368 0

මැදපෙරදිග ඇවිළෙමින් අඩුවෙමින් පවතින ගින්නට නැවතත් පිදුරු එක්කොට තිබේ. යුද භීතිකාව ගැන දසතින් යළි කතාවෙනු ඇසෙයි. ඊශ්‍රායලය තම උතුරු දෙසින් අලුත් යුද ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 699 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 585 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 787 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

Our Group Site