IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සම්පන්දන් මෝදි ට කී කතාව

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳව ඉකුත් සතියේ දේශපාලන කරළියේ බොහෝ කතාබස් ඇතිවිය. මහින්ද රාජපක්ෂට ඉන්දීය දේශපාලනඥයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය හා එහිදී හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේද දේශපාලනික වශයෙන් විශේෂ අවධානයක් යොමුවීය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉන්දීය රජය නිල ආරාධනාවක් කර තිබුණේ නැත. පෞද්ගලික මට්ටමින් සිදු කෙරුණ ආරධනාවක් මත ඔහු ඉන්දීය සංචාරයේ නිරත විය. එහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විපක්ෂ නායක රාහුල් ගාන්ධි ද හමුවී සාකච්ඡා කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විනාඩි හතළිස් පහක කාලයක් වෙන්කර තිබූ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලනික කරුණු කාරණා පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුවී තිබුණු බවද ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හමුවී සාකච්ඡා කිරීමටද මහින්ද රාජපක්ෂට අවස්ථාව සැලසී තිබිණ. එහිදී රාහුල් ගාන්ධි ඉන්දියාව හා ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ කරුණු කාරණා ප්‍රකාශ කර තිබිණ. 

“ඉන්දියාවේත් ලංකාවේත් ගැටලු සමානයි. අපේ රටවල් දෙකටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. ගොවි ප්‍රශ්න තිබෙනවා. දෙරටේම ධීවර ගැටලුවල සමානතාවයක් තිබෙනවා” යැයි රාහුල් ගාන්ධි මහින්දට කියා තිබේ. “ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වන්නේ ආර්ථික ප්‍රශ්න. මම හිතන්නෙත් ලංකාවෙත් ඒක වෙන්න පුළුවන්” යැයි රාහුල් ගාන්ධි කියූ කතාවට මහින්ද රාජපක්ෂද එකඟතාවය පළ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් ශිව සංකර් මෙනන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය. ශිව සංකර් මෙනන් ඉන්දියාවේ අග්‍රගණ්‍ය රාජතාන්ත්‍රික නිලධාරියෙක් වන අතර ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති සමයේදී ඔහු ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගැටලුවට විශාල මැදිහත් වීමක්ද කළේය. යුද්ධය උච්චස්ථානයට පැමිණ තිබූ සමයේ ශිවසංකර් මෙනන් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ තවත් නිලධාරියකු සමඟ කොළඹට පැමිණ වැදගත් තීන්දු තීරණ ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ලලිත් වීරතුංග සමඟ එක්වී එම තීන්දු ගත් බවද ශිව සංකර් මෙනන් පසුව අනාවරණය කළේය. ඔහු විසින් රචිත ‘චොයිසස්’ ග්‍රන්ථයේ ඒ බව සඳහන්වේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ශිව සංකර් මෙනන් හා මහින්ද රාජපක්ෂ අතර හමුවද ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙරටටම වැදගත් පියවරක් වනු ඇති බවය. 
මේ අතර ඉන්දියාවේ කාන්තා හා ළමා කටයුතු ඇමැතිනියක හා පරිසරවේදිනියකද වන මනේකා ගාන්ධි ද මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණ සිටියාය. මනේකා ගාන්ධි මහින්දට කියා ඇත්තේ පින්නවල අලි අනාථාගාරයේ බැඳ තබා සිටින බන්දුල ඇතා නිදහස් කළ යුතු බවය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවමින් ඉල්ලීමක් කළ බවද ඇමැතිනිය මහින්දට කීවාය. මනේකා ගාන්ධි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ සොහොයුරාවන සංජය ගාන්ධිගේ බිරිඳවන අතර ඇය කලක් තිස්සේ කොංග්‍රස් පක්ෂය සමඟ විරසකයකින් සිටී. 
කැබිනට් මණ්ඩල රැස්වීම ඉකුත් අඟහරුවාදා පැවතියේ සුපුරුදු පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේය. එහිදී සජිත් ප්‍රේමදාස රටේ පවතින බඩු මිල ගැන අදහස් දක්වන්නට විය. සජිත් ප්‍රේමදාස කීවේ බඩුමිලෙන් ජනතාව පීඩා විඳින බවය. “මහපාරේ දහ දෙනෙක් ගෙන් ඇහුවොත් නම දෙනෙක්ම කියන්නේ අද ජීවත් වෙන්න අමාරුයි කියලයි. ජනතාවට සහනයක් අවශ්‍යයි” සජිත් කීිවේය. එහෙත් සජිත්ගේ තර්කය පිළිගන්නට ආණ්ඩුවේ එජාප කැබිනට් ඇමැතිවරු කිහිපදෙනෙක් සූදානම් නොවූහ. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සජිත්ට එරෙහිව අදහස් දක්වන්නට පටන් ගත්තෝය. “මේ දවස්වල හාල් පොල් මිල ස්ථාවරත්වයකට ඇවිත් තියෙනවා. හැබැයි මේ ගැන මාධ්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. එතනයි ප්‍රශ්නය තියෙන්නේ” මලික් හා කබීර් කීහ. අනෙක් ඇමැතිවරුද විටින් විට යම් යම් අදහස් පළ කරන්නට වූහ. අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත්තේ සජිත්ගේ අදහසය. ජනාධිපතිවරයාද කීවේ බඩුමිල ඉහළ ගොස් තිබෙන බවය.

මේ අතර කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෝස්මුරයක් දැමීය. ‘මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට එන්නේ නැහැ. නරක තත්ත්වයක්. රැස්වීම්වලට එන්නේ නැති මන්ත්‍රීවරුන්ට දඩයක් හරි ගහලා මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෑ’ යැයි ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයාගේ එම යෝජනාවට හෝ චෝදනාවට අගුල්පත් තබන්නට හෝ විරුද්ධවීමට කිසිදු ඇමැතිවරයෙක් ඉදිරිපත්වූයේ නැත.

කතානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ඉකුත්දා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූහ. කතානායකවරයාගේ එම සංචාරයට ඩග්ලස් දේවානන්ද, විජිත හේරත්, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායකද එක්ව සිටියහ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කතානායක කරු ජයසූරිය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්විණ. ඩග්ලස් දේවානන්ද ඉන්දීය අගමැතිවරයාගෙන් එහිදී ඉල්ලීම් කිහිපයක්ම කළේය. පලාලි සහ ඉන්දියාවේ නගර අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීම, ඉන්දීය ආධාර ඇතිව උතුරේ ඉදි කෙරෙන නිවාස පනස් දහසේ ව්‍යාපෘති තව දුරටත් වැඩි කිරීම ඩග්ලස්ගේ යෝජනා විය. මේ අතර විපක්ෂ නායක ආර්. සම්පන්දන් කීවේ ශ්‍රී ලංකාවේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීම සඳහා දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කටයුතු කළ යුතු බවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද එහිදී අදහස් පළ කළේය. 

ආණ්ඩුවේ ඇමැතිවරයකු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් කිරීමේ අපූරු පුවතක් ඉකුත් බදාදා අසන්නට ලැබිණ. ආණ්ඩුවේ ඇමැතිවරයා දුනේෂ් ගන්කන්දය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා ජානක වක්කුඹුර සහ රංජිත් ද සොයිසාය. රත්නපුර සාන්ත ඇලවීසියස් විද්‍යාලයේ සැමරුම් උත්සවයක් පසුගියදා පැවැති අතර ඉකුත් බදාදා මේ තිදෙනා උත්සව භූමියේදී මුණ ගැසුන අතර පැයක පමණ කාලයක් එහි ගත කළහ. පාර්ලිමේන්තුවේදී සහ දේශපාලන පොරපිටියේදී නොයෙකුත් ඇණුම් බැණුම් සිදුකර ගත්තද දේශපාලනඥයන් තිදෙනා ආගිය කතා කියමින් උත්සව භූමියේ සතුටු සාමීචියේ යෙදෙනු දක්නට ලැබිණ. මේ අතර ඇලවීසියස් විදුහලේ ආදි සිසුවකු වන ජානක වක්කුඹුර මන්ත්‍රීවරයා අතීත කතාවක් සිහිපත් කළේය. ඔහු කීවේ පංති කාමරයේ විදුලි බුබුලක් ගැලවූ මිතුරෙකු පාවා නොදී ඒ වෙනුවෙන් තමා දඬුවමක් විඳි බවය. “මම 2010 පාර්ලිමේන්තුවට යනතුරු කවදාවත් පාර්ලිමේන්තුව දැකලවත් තිබුණේ නැහැ. මට අධිෂ්ඨානයක් තිබුණා. කවද හරි පාර්ලිමේන්තුවට යනවා නම් යන්නේ මන්ත්‍රීවරයෙක් වෙලාම තමයි” යැයි ජානක වක්කුඹුර මන්ත්‍රීවරයා දුනේෂ් ගන්කන්ද නියෝජ්‍ය ඇමැතිවරයාට කීවේය. ඊට අගුල් තබමින් රංජිත් සොයිසාද යමක් කීවේය. “මිතුරන් පවා නොදීමේ ගුණය වක්කුඹුර මන්ත්‍රීතුමා ළඟ තවම තියෙනවා. හැබැයි එදා පංති කාමරයේදි විදුලි බුබුළක් ගැලවීම වගේ දේවල් ඉගෙන ගත්ත නිසා අද දියවන්නාවේ ශබ්ද විකාශන අක්‍රීය කරන්නත් මෙයාට පුළුවන්” යැයි රංජිත් කී විට සියලු දෙනා සිනා සෙන්නට වූහ. මේ අතර දේශපාලනඥයන් තිදෙනාට එදින පාර්ලිමේන්තුවට යෑමටද තිබුණු හෙයින් උත්සව භූමියෙන් පිටව යාමට සැරැසෙද්දී සංවිධායකවරු ඉල්ලීමක් කළේ “ඔබතුමාලා සමරු සටහන් තියලා යන්න” කියාය. “එහෙනම් අපි දෙන්නත් කාලවේලා ඉතිරි කර ගන්න දුනේෂ් ගන්කන්ද නියෝජ්‍ය ඇමැතිතුමා එක්ක එකතුවෙලා එකම සමරු සටහනක් තබමු” යැයි ජානක වක්කුඹුර කීවේය. ඒ අනුව දුනේෂ් ගන්කන්ද තැබූ සමරු සටහනට ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් දෙදෙනාද අත්සන් තැබූහ.

ශ්‍රීි ලංකන් ගුවන් යානාවල මගීන්ට ලබාදෙන කජු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්ද ඉකුත් සතියේදී ආන්දෝලනාත්මක පුවතක් වූයේය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඇතැම් සමාජ ජාලා මාධ්‍යවල දැඩි විවේචනයට ලක් කෙරුණු අතර දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළවිය. ඉකුත්දා පාර්ලිමේන්තුවේදී අනුර කුමාර ද ජනාධිපතිගේ කජු කතාව විවේචනය කළේය. රටේ ජනාධිපතිවරයා රටේ ජාතික ගුවන් සේවය විවේචනය කිරීම බරපතළ බව ද ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කීර්ති නාමයට බරපතළ හානියක් වූ බව ද අනුර දිසානායක කීවේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ට කජු ලබාදීම ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව නතර කර ඇතැයිද දැන ගන්නට ලැබිණ. මේ අතර ඉකුත්දා ඉන්දියාවේ සංචාරය නිමවී කොළඹ බලා එද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුවන් යානයේදී ගුවන් සේවිකාවකට විහිළුවක් කළේය. 

“කෝ අපට කජු දෙන්නෙ නැද්ද? අර කියපු ජාතියේ කජු” යැයි මහින්ද කී විට ගුවන් සේවිකාවන් හා මගීහුද සිනා සෙන්නට වූහ.

පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන්ද ඉකුත් දිනවල විවිධ ආරංචි පැතිර ගියේය. පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිස්පතිවරයා දැඩිව විවේචනය කළහ. මේ අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ඇමැතිවරුන් පිරිසක්ද පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවය. 

මේ අතර පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙසද එම ඇමැතිවරුන් පිරිස ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයිද දැන ගන්නට තිබේ.

“දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා ඉවත් කරන්න රටේ ජනාධිපතිටවත් අගමැතිවරයාටවත් නොහැක. ඔහුට ඉල්ලා අස්වෙන්න පුළුවන්. පොලිස් කොමිසමටවත් පොලිස්පතිවරයා ඉවත් කරන්න බලයක් නැහැ.” යැයි නීතිඥයෝ පිරිසක් ඉකුත්දා කරුණු විග්‍රහ කළෝය.

තවත් අදහසකින් කියැවුණේ ව්‍යවස්ථාදායක සභාවට අවශ්‍ය නම් තීන්දුවක් ගන්න පුළුවන්. දහනවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාවට තියෙනවා. ඉවත් කරන්න පුළුවන්ද කියලා ප්‍රතිපාදනයක් නැහැ.” කියායි. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අලුත් පූර්වාදර්ශයක් ලබාදෙමින් පොලිස්පතිවරයා පිළිබඳව තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාවට හැකියාවක් තිබෙන බවය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඉකුත් බදාදා මල්වතු මහනාහිමියන් බැහැ දැකීමට ගියේය. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුම්වත් කිරීමට එහිදී අනුර දිසානායක කටයුතු කළේය. ජවිපෙ නායකයා විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බලපෑ දේශපාලන තත්ත්වය ද මල්වතු මහනාහිමියන්ට පැහැදිලි කළේය. වර්තමාන ජනාධිපතිවරයා මෙන්ම මීට පෙර සිටි ජනාධිපතිවරුන්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පොරොන්දු දුන් නමුත් එය ඉටු නොකළ බව ද අනුර දිසානායක එහිදී පැහැදිලි කළේය. “පොලිස් බලතල ඉඩම් බලතළ ක්‍රියාත්මක කරන්න විධායක ක්‍රමය අවශ්‍යයි කියලා නේද කියන්නේ” මල්වතු මහනාහිමියෝ විමසා සිටියහ. “අපි දහතුන් වැනි සංශෝධනයෙන් ජනාධිපතිතුමාට පැවැරී තිබෙන බලතල වෙනස් කරන්න යෝජනා කරන්නේ නැහැ. විසිවැනි සංශෝධනය සම්මත වුණත් ජනාධිපතිතුමා තමයි පළාත් සභාවලට ආණ්ඩුකාරවරුන් පත් කරන්නේ ඒ නිසා එතන ගැටලුවක් නැහැ” යැයි අනුර දිසානායක කීවේය.

මල්වතු මාහිමියන් බැහැ දැකීමෙන් පසුව අනුර දිසානායක තවත් රහසක් මාධ්‍යයට හෙළි කළේය. “අපි විස්ස දිනවලා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ප්‍රමුඛතාවය දෙනවා. එය අසාර්ථක වුණොත් ජවිපෙ ප්‍රමුඛ ජනතා බලවේග සමඟ විකල්ප අපේක්ෂකයෙක් ගැන අවධානය යොමු කරලයි තියෙන්නේ. මොකද තවදුරටත් පොදු අපේක්ෂක සංකල්පය වලංගු නැහැ යැයි ජවිපෙ නායකයා කීවද විකල්ප අපේක්ෂකයා කවුදැයි හෙළි කරන්නට ඔහු ඉදිරිපත්වූයේ නැත.



අදහස් (0)

සම්පන්දන් මෝදි ට කී කතාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 123 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 149 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 126 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 167 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1698 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 775 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38718 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25438 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site