IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සම්මුතියෙන් අභියෝග ජයගැනීම

කොළඹ වරායට සේන්දු වෙමින් තිබුණ භාණ්ඩ ප්‍රවාහන නැව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පැතිවලින් සාකච්ඡා කෙරෙමින් තිබේ. නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් විසි පහක් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය එහි තිබුණි. අනතුරෙන් ඒවා සියල්ල මුහුදු බත් වී තිබේ. සාගරයට සිදුවූ විපත නැවත ගොඩනැගෙන්නට දශක දෙකක් දක්වා කාලයක් ගතවිය හැකි බව විශේෂඥයෝ දක්වති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා උස්වැටකෙයියාව ප්‍රදේශයට ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කර තිබේ. ආදායම් මාර්ග අහිමි වූ ධීවර ජනතාවට සහන සපයන සේ නිලධාරීන්ට දැනුම් දී ඇත. එය පැසසුම් කටයුතු ක්‍රියාවකි. රට තුළ වසංගත තත්ත්වයක් පවතින අතර තුර සහ රසායනික ද්‍රව්‍ය වලින් අනාරක්ෂිත වූ ප්‍රදේශයකට අගමැතිවරයා ගමන් කිරීම ජාතික නායකයකු වශයෙන් කරන ලද බලවත් යුතුකමකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා මෙරට සිටින තානාපතිවරුන් කිහිප දෙනකු හමුවූයේය. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රටට උපකාරී වන සේ හෙතෙම ඉල්ලා සිටි බව මාධ්‍ය අනාවරණය කළේය. කුරුණෑගල දී එන්නත්කරණය සිදුවන අවස්ථාව නිරීක්ෂණයට ගිය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිය කුඩය ඉහළාගෙන සිටින අතර ඔහු වැස්සෙන් තෙමෙන පින්තූරයක් ද පසුගියදා මාධ්‍යවල පළ කර තිබුණි. මනුෂ්‍යයන් වශයෙන් උසස් ගුණාංග පෙන්නුම් කිරීම අගය කළ යුතුය. මෙවැනි නායකත්ව රටක අපේක්ෂාවකි. ජනතාවට ද වගකීමක් තිබේ. ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය ගැන ඉවසිල්ලෙන් නිරීක්ෂණය කර පවතින වාතාවරණයට හුරුවීමය.

ආණ්ඩුවත්, පාලනයත් පොදු ජනතාව වෙනුවෙන්ය

ආණ්ඩුව ගන්නා තීරණවල දී පෞද්ගලිකව යහපත් හෝ අයහපත් දෙපැත්තක් තිබිය හැකිය. ඕනෑම අවකාශයක් තුළ තෘප්තිය හා අතෘප්තිය තිබේ. අපහසුතා ඇති වෙන්නට ඉඩ ඇත. මධ්‍යස්ථව කල්පනා කිරීම වැදගත්ය. මෑත කාලය තුළ රට තුළ ඇති ප්‍රශ්න ගැන නොසලකන ලද සමාජය සහ දේශපාලන අංශ ඉතා කර්කශ විවේචනවලට නැඹුරු වන බව නිරීක්ෂණය කළ හැකි විය. ඇදක් පළුද්දක් හැර අනෙකක් නොපෙනෙන අන්තවාදී පිරිසක් බවට පත් වූහ. සාමාන්‍ය වාතාවරණයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දී විකල්ප මතයකට අවකාශයක් තිබිය යුතුය. අසාමාන්‍ය පරිසරයක් තුළ කරන දරුණු අදහස් වලින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන්, වෘත්තීය සමිති හා විවිධ දේශපාලන පක්ෂ මෙම අවස්ථාවේ දී, ස්වකීය පටු අරමුණු පසෙක තැබීම සුදුසුය.

කොරෝනා මර්දන පියවරවල, අත්‍යවශ්‍ය සේවා සැපයීම, එන්නත්කරණය වැනි අංශවල ප්‍රශ්න ඇත. මේවා ඉතිහාසයෙන් අත්දැකීම් රහිත භාවිතාවක් බව අමතක කළ යුතු නැත. එක කොටසක් රට වහාම ලොක්ඩවුන් කරන ලෙස බලකරන අතර තවත් කොටසක් රට වසා දැමීම නිසා තමන්ට මතු වූ ගැටලු ඉදිරිපත් කරයි. කිසිම දේශපාලන පක්ෂයකට මෙම දෙපැත්තටම එකවර ලබාදිය හැකි විසඳුමක් තිබේ ද? සියලුම පිරිස් එකතු වී උත්තර සොයා ගත යුතු වාතාවරණයක් තුළ අසාර්ථකත්වය පෙන්න පෙන්වා පහර ගැසීම අනුචිතය.

පවතින ආණ්ඩුව බලයෙන් පහ කරන්නට හැකියාව තිබේ. දේශපාලනඥයන්ට උපක්‍රම ඇත. අලුත් ආණ්ඩුවක් පත් වූ පමණින් මැජික් විසඳුම් නිර්මාණය වෙන්නේ නැත. පවතින උග්‍ර පසුබිම ආණ්ඩු පක්ෂයේ පිරිහීමට පමණක් නොව විපක්ෂයක වර්ධනයකට ද සාධකයකි. එහෙත් ජනතාව විපතට පත්ව ඇති අවස්ථාවක, මහජන ඡන්දයෙන් බලයට පත් වූ ආණ්ඩුවක් නොදන්නා අර්බුදයක් හෙයින් ව්‍යාකූල වී ඇති පසුබිමක විපක්ෂ මතධාරීන්ට ද වගකීමක් තිබේ. ආණ්ඩුව වෙනස් නමුත් ශ්‍රී ලංකාව ගලවා ගත යුතුය. තමන් අත ඇති හොඳම ආයුධයෙන් පෙරළා පහරදීම වෙනුවට අවශ්‍ය සාධාරණ මැදිහත්වීම වැදගත්ය.  

ශ්‍රී ලංකාව කතාකරමින් සිටියේ සාධාරණ සමාජ ව්‍යුහයක් ඇතිකරන පිළිවෙළක් ගැනය. යුක්තිය ඉෂ්ට කරන ආකාරය සම්බන්ධවය. මැදි ආදායම් රටක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ උසස් ගුණාංග ක්‍රියාත්මක කරන්නට අපේක්ෂා කළේය. එවැනි පැති අත්හදා බලන්නට සුදුසු පරිසරයක් පවතී. ආණ්ඩුවට සහ විපක්ෂ දේශපාලන පක්ෂ වලට එකඟවිය හැකි තැන් තිබේ. ජන ජීවිතය ආරක්ෂා කරගැනීම නායකයන්ගේ වගකීමකි. එන්නත දෙන තැනකට පැමිණ දෙතුන් පිරිසටම එකතු වී සංවිධානය කරන්නට නොහැකි ඇයි ? පාර්ලිමේන්තුවේ දී දෙපැත්තට බෙදෙන අතර සමාජයේ දී ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමට වගකීමක් තිබේ. නොසන්සුන්ව හැසිරෙන ජනතාව සන්සුන් කර අවශ්‍ය ආහාර සපයන, කෘෂි නිෂ්පාදන අලෙවි කරන වැඩ පිළිවෙළවලට නිලධාරීන් සමග සම්බන්ධවන වැඩපිළිවෙළක් සකස් කළ නොහැකි ද? සෑම දේශපාලනඥයකුම, ආගමික නායකයකුම වගකීමක් ඇතිව ක්‍රීයා කළහොත් නිලධාරීන්ට වැඩ කිරීමේ දී පහසුවක් දැනේ. එය ජන ජීවිතයට වාසියකි. හෙළා දැකීමෙන් හෝ විරෝධතා පළකිරීමෙන් හෝ සාක්ෂාත් වූ පැති සොයාගන්නට නැත. වගකීමක් ඇතිව තීරණ ගත යුතු කාලයක වරද පමණක් දැකීමෙන් රටක් ගැලවෙන්නේ නැත.

රට පෙරට - වචනයකට සීමා විය යුතු නැත
ලංකාව මුහුණ දී ඇති ගැටලු ගැන මූලික අවබෝධය ඉතා වැදගත්ය. නිදහසට පසු උද්ගතවී ඇති අතිශය භයානක වාතාවරණයකි. දශක තුනක් රට පීඩාවට පත් කළ ත්‍රස්තවාදය මර්දනය කරන සටනේ දී ආරක්ෂක අංශවලට සතුරා හඳුනා ගැනීම දුෂ්කර විය. ත්‍රස්තවාදීහු සමාජය තුළ ගැවසෙමින් සිටියෝය. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ එයට නොදෙවෙනි තැනකය. මාරාන්තික වයිරසය ඇසට නොපෙනෙන අතර කෙළින්ම ඉලක්ක කරගත නොහැකි වී තිබේ. නොයෙක් ප්‍රබේද වලට දියුණු වී ඇත. එය තවත් තර්ජනයකි. ලක්ෂ ගණනින් ආසාදිතයන් වාර්තා වී ඇත. ජීවිතක්ෂයට පත් පිරිස එක්දහස් තුන්සියය ඉක්මවා තිබේ. වසරකට කලින් නොහඳුනන, නොදන්නා තැන්වලින් වාර්තා වූ සිද්ධි දැන් අසල්වැසියාගේ මරණය දක්වා සමීප වීම විශේෂිතය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග එකතු වී සිටින ත්‍රිවිධ හමුදාව හා පොලීසිය පසුගිය වසරකට වැඩි කාලය තුළ එක දිගට නොනැවතී වෙහෙසෙමින් සිටී. වැටුප් වර්ධකවලින් හෝ ත්‍යාග ප්‍රදානය කර මෙම කැපවීම අගය කරන්නට හැකියාවක් නැත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන්, ඇතුළු අත්‍යවශ්‍ය සේවාවවල නිරතව සිටින කාර්ය මණ්ඩලය ද අගය කළ යුතු මෙහෙවරකය.

කොරෝනා තර්ජනය පවතින අතරතුර ආර්ථිකය බරපතළ අර්බුදයකය. රජයේ ආදායම දරුණු ලෙස පිරිහී තිබේ. වියදම් ශීඝ්‍රයෙන් ඉහළ නැග ඇත. සහන ඉල්ලන්නේ නැති ජන කොටසක් නැත. කර්මාන්ත හා ව්‍යාපාරවලට එක වටයකින් සහන ප්‍රකාශයට පත්කර අවසන් වූ නමුත් දැන් දෙවැනි රැල්ලේ දී නැවත වටයකින් සහන දෙන්නට සිදුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කර ඇත. ආදායම අහිමිවන පිරිසට රුපියල් පන්දහසක දීමනාවක් නිකුත් කෙරේ. දිනපතා පී.සී.ආර්. පරීක්ෂණ දස දහස් ගණනින් සිදුකරයි. එන්නත් ආනයනය කර අවශ්‍ය පිරිස තෝරා ගෙන නික්ෂේපනය කරන්නට සිදුවී ඇත. රෝහල් වැඩිදියුණු කරන අතර අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම පහසු නැත. සෑම මොහොතකම වියදමකි. විදේශ විනිමය අවශ්‍ය කෙරේ.

අපනයන අංශය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන නමුත් සංචාරක කර්මාන්තය ඇතුළු විවිධ පැතිවලින් රටට ලැබුණ විනිමය අහිමි වී ඇති කාලවකවානුවකි. මැද පෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරන පිරිස පවා ආපසු මෙරටට පැමිණෙමින් සිටිති. කෝරෝනා ප්‍රශ්න හෙයින් වෙනත් රටවල අවස්ථා පවා සීමිත වන අතර එය අනාගතයේ පවා අවස්ථා අවහිර කරනු ඇත.
අනෙක් පැත්තකින් රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නට සිදුවී තිබේ. ඉන්ධන, ගෑස් ආනයන වියදම එයට අමතරවය. කලින් ලබාගත් විදේශ ණය ආපසු ගෙවීම තවත් පීඩනයකි. සංවර්ධන අවශ්‍යතා පැත්තකින් තබා වහා කළ යුතු වගකීම් ඉටුකරන්නට සිදුවී තිබේ. චීනයෙන් හා ඉන්දියාවෙන් වාණිජ වශයෙන් ණය ලබාගත් ශ්‍රී ලංකාව අවසානයේ දී බංගලාදේශයෙන් ද තාවකාලික ණය හුවමාරුවක් ලබාගන්නා තැනට පත්ව සිටී. මෙම ඉරණම හුදෙක් තමන් විසින් ළඟාකරගත් එකක්ම නොවන අතර කොරෝනා වසංගතය මගින් ඇති කරන ලද වටපිටාව තල්ලු කරන ලද ආගාධයක තරම බව පෙන්වා දිය යුතුය. මෙකී වාතාවරණය කිසිසේත් සැහැල්ලවෙන් සැලකිය යුතු තත්ත්වයක් නොවේ.

අනාගතය ගැන ද පහසු බලාපොරොත්තු තිබිය නොහැක
අර්බුදයෙන් ගැලවෙන්නට අනාගතයේ දී ඇති අවස්ථා ගැන අවධානය යොමු කිරීමේ දී අධ්‍යාපනය හා ආයෝජනය වැනි පැති ඉතාම වැදගත්ය. සෑහෙන කාලයක සිට පාසල් අධ්‍යාපන කටයුතු නිසි පිළිවෙළකට නැත. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ 2018 වසරේ සිට ඉදිරියට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ඇන හිට තිබේ. අවසන් ප්‍රතිඵල සහිතව උපාධි සහතිකය ලබා ගන්නට නොහැකි වූ දස දහස් ගණනකගේ අනාගතය වසර තුන හතරකින් ආපස්සට ගොස් ඇත. එය මෙරට මානව සම්පත් අංශය මුහුණ දෙන සියුම් ගැටලුවක් විය හැකිය. ඉදිරි වසර දෙක තුන තුළ රට තුළ අලුත් රැකියා අවස්ථා සීමිත වනු ඇති අතර එයින් ඉනික්බිතව පවා එකවර උසස් අධ්‍යාපනය අවසන් කරන ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසකට වෘත්තීය අවස්ථා සැපයීම කිසිසේත් පහසුවෙන් විසඳිය නොහැකිය.

රැකියා අවස්ථා හැදෙන්නට ආර්ථිකය පුළුල් විය යුතුය. දැනට පවතින පසුබිම අනුව සුළු හා මධ්‍ය පරිමාණ අංශය බරපතළ අවදානමකය. අලුත් ආයෝජන සඳහා අවකාශය සීමා වෙමින් තිබේ. විවෘත ආර්ථිකය සමග ලෝකයේ සකස් වී තිබුණ සැපයුම් චක්‍රය බිඳ වැටී ඇත. කොරෝනා වසංගතය හෙයින් තම අවශ්‍යතා තමන්ගේම නිෂ්පාදනවලින් කරගෙන යන රාමුවක් සකස් වූ අතර ලෝකයේ ආනයන හා අපනයන අංශ සීමා විය. එය පදනම් කරගෙන ජාත්‍යන්තර ආයෝජකයන් හැසිරෙන හා තීරණ ගන්නා ආකාරය සහමුලින්ම වෙනස්වෙන්නට ඉඩ තිබේ. පර් යේෂකයන් පෙන්වා දෙන පරිදි කර්මාන්ත හා ව්‍යාපාරවල ස්වභාවය පරිවර්තනයකය. මිනිසුන්ගේ ශ්‍රමය අඩුවෙන් හෝ නිවසේ සිට රාජකාරි කරන ස්වභාවයකට මාරු වී ඇත. අනෙක් තාක්ෂණය යහමින් භාවිත කරයි. බලශක්ති ප්‍රභව පොසිල ඉන්ධන වලින් පුනර්ජනනීය විදුලිය දක්වා වෙනස් වන කාලවකවානුවකි. අනාගත අවශ්‍යතා පදනම් කරගෙන නිර්මාණ වන සමාජයකට හැර ඒවා නොසලකා හරින සමාජවලට ආයෝජන අවස්ථා ඉතාම සීමිත විය හැකිය.

සමාජ නායකයන්, දේශපාලනඥයන් හා විද්වතුන් එකට එකතු වී පවතින අර්බුදයෙහි දිග පළල සාකච්ඡා කිරීම ඉතාම වැදගත්ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙසිය විසිපස් දෙනකුට හෝ විධායක ජනාධිපතිවරයාට පමණක් වගකීම පවරා සියල්ල සාක්ෂාත්වන තෙක් බලා සිටීම සුදුසු නැත. දැනට පවතින ස්වභාවය අනුව ආණ්ඩුවට පමණක් කරගන්නට ඉඩ දී බලා සිටීම ගැලවීමට හේතුවක් නොවේ. රජයක වගකීම පමණක් නොව විපක්ෂයක හැසිරීම ද මෙම අවස්ථාවේ වැදගත්ය. ඉතිහාසය පාඩම් කියා දී තිබේ. ත්‍රස්තවාදය මර්දනය කරන අවස්ථාවේ දී හා සුනාමි විපත සිදුවූ වහා එකතුවී යම් යම් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ ස්වභාවය පැහැදිලිව පෙනිණ. ජන ජීවිත ආරක්ෂා කරන්නට විවිධ සංවිධාන පෙනී සිටියේය. එවැනි පියවර සහ ආත්ම ශක්තිය ඇති කරන සංකල්ප රටක ඉදිරි ගමන ගැන අවධානය යොමු කරනවිට ඉතාම වැදගත්ය.

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (0)

සම්මුතියෙන් අභියෝග ජයගැනීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 828 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 399 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12709 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 696 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site