සමාජයේ තැනුම් ඒකකය පවුල. ඉතිං සමාජයේ පුංචිම පුංචි ඒකකය වුණ මේ පවුල ගැන මේ පවුලට බලපා තිබෙන අර්බුදයන් ගැන අපිට කතා නොකර ඉන්න පුලූවන්කමක් නැහැ. මොකද දැන් මේවා සමාජ අර්බුද වන තරමට ඔඩු දුවා තිබෙනවා. මේ ඕනෑම අර්බුදයකට හේතුවක් තියෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය අනුව ගත්තත් හේතුවක් නැතිව ඵලයක් හට ගන්නේ නැහැ. ඒ නිසා පවුලක ඇතිවන අර්බුද වලටත් හේතුවක් තිබිය යුතුමයි.
අපි දකිනවා මේ ප‍්‍රශ්නවලට ප‍්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ආර්ථිකය කියලා. අද සමාජයේ පවතින ආර්ථික අර්බුදය වඩාත් තදින්ම බලපාන්නේ පවුලටයි. මොකද රටක් ලෙස මේ අර්බුදයෙන් ගොඩ එන්න පාලකයින් ගන්නා තීන්දු තීරණ ක‍්‍රියාවට නැගීමේදී එයට මුහුණ දෙන්න සිදුවෙන්නේ පවුලකටයි. ඒත් අපි කතාකරන අනියම් සබඳතා සමග මේ ආර්ථික අර්බුද කොහොමද බලපාන්නේ කියලා කෙනෙකුට නොහිතෙන්න පුළුවන්. ඒ
වගේම මාත් එක්ක ඒකට එකඟ නොවෙන අයත් ඉඳිවී. ආදරය කරලා විවාහ වන පවුල්වලත් මෙවැනි අනියම් සබඳතා ඇතිවීම උදාහරණ ලෙස ගෙන එමින් ඔවුන් තර්ක කරාවි. නමුත් අද සමාජයේ ලූණුයි බතුයි හරි කාලා ඉමුකෝ රත්තරන් කියලා ආදර සම්බන්ධතා පවත්වා විවාහ වන අය සිටින්නේ අඩුවෙන්. එහෙම විවාහ වෙන අයගේ වුණත් පවුල් ජීවිතය පටන් අරන් ටික කලක් යනකොටම ඇති වන ආර්ථික අගහිඟකම් නිසා පවුල් ජීවිතය අවුල් වෙනවා. ඊට පස්සේ මුදල් තියෙන කෙනෙක් හමුවුණාම සැමියා හෝ බිරිඳ එවැනි අයෙක් සමග අනියම් සම්බන්ධතාවක් ඇතිවීම නොහිතාම වුණත් සිදුවෙන්න පුළුවන්. පහුගිය වතාවේ අපි කතා කළ සුරංජිට වුණෙත් එහෙම දෙයක්.
අද අපි හැම පුවත්පතකම පළවෙන මංගල දැන්වීම් දිහා සැළකිල්ලෙන් බැලූවොත් මේ දැන්වීම්වල මොනවද තියෙන්නේ? කාන්තා පිරිමි භේදයකින් තොරව හැම කෙනෙක්ගෙම වෘත්තීය මට්ටම සමාජයේ පිළිගන්නා ඉහළ එකක් නම් එය සඳහන් කරනවා. මාසික ආදායම් තත්ත්වය, දේපළවල මට්ටම සඳහන් කරනවා. පවුලේ තරාතිරම, කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම දෑවැද්ද ලෙස සඳහන් නොකළත් ඇය සමග පිරිමියාට හිමිවන දේපළවල ප‍්‍රමාණය සඳහන් කරනවා. මේක දිහා බැලූවාම විවාහය කියන්නේ එක්තරා ආකාරයක ගනුදෙනුවක් කියලා හිතෙන්නේ නැද්ද? අපි පිළිගන්න අකමැති වුණත් ඒක තමයි ඇත්ත. අද අවබෝධයෙන් පේ‍්‍රම සම්බන්ධතා ඇති කර ගන්න අය වුණත් තමන්ට කෙනෙක් ගැන කැමැත්තක් ඇති වුණාටම යෝජනාවක් ගේන්නේ නැහැ. තමන්ට ඒ අය ගැලපෙන ප‍්‍රමාණය ගැන හිතනවා. ඒ නිසා ආදරයට ආර්ථිකය බලපානවා කියන එක අපිට පිළිගන්න වෙනවා. එහෙම නොවෙන මේ තරම් වස්තු සම්භාර නැතිව පවුල් ජීවිත ආරම්භ කරපු සමහර අය මුදල් හොයාගෙන විදෙස් රැකියාවලට යනවා. දෙන්නම හෝ දෙන්නගෙන් එක්කෙනෙක් විදේශ රැුකියාවකට යාම අද සමාජයේ බහුලව දකින්න ලැබෙන තත්ත්වයක්.
අපිත් එක්ක කතා බහ කරපු හෝමාගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක රණබාහු මහතා පවසන පරිදි ලැබෙන පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලිවලින් බහුතරය අනියම් සබඳතා මත ඇතිවූ ආරවුල් වනවා වගේම ඒ බහුතරයක් අයගේ පවුල්වල සැමියා හෝ බිරිඳ විදෙස් රැුකියාවකට ගිහින් තිබෙන තත්ත්වයක් තියෙනවා.
අද අපි කතා කරන පවුලත් ඒ වගේ එකක්. මේ කතාව අපිට කිව්වේ හෝමාගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂිකා තනූජා අබේසිංහ මහත්මියයි.
මේ දෙන්නා අපි හඳුන්වමු කමලයි නිමලූයි කියලා. කමලා ඇඟලූම් කම්හලක සේවය කළා. ඒ කාලේ තමයි ඇයට නිමල් හමුවුණේ. නිමල් පෞද්ගලික ආයතනයක පොඩි රස්සාවක් තමයි කළේ. ආදර සම්බන්ධතාවයක ප‍්‍රතිඵලයක් හැටියට මේ දෙන්නා විවාහ වුණා. විවාහයෙන් පස්සේ මේ දෙන්නාම ජීවත් වූණේ වෙනම නිවසක වුණත් ඒ නිවස තිබුණේ නිමල්ගේ මහ ගෙවල් කිට්ටුවමයි. මේ දෙන්නාට ටික කාලයක් යද්දී දියණියක් ලැබුණා. දැන් පවුල සම්පූර්ණයි වගේ. ඒ නිසා දෙන්නාම හිටියේ සතුටෙන්. දරුවා ලැබුණාට පස්සේ කමලා රස්සාවට ගියේ නැහැ. අඟ හිඟකම් මැද වුවත් දරුවා හදාගෙන දෙන්නා හොඳින් පවුල් ජීවිතය ගෙන ගියා. නිමල්ට මහ ගෙදරිනුත් සහයෝගය ලැබුණා.
දැන් නිමල්ගෙයි කමලාගෙයි දියණියට අවුරුදු තුන සම්පූර්ණයි. අකුරු කියවලා එයාව පෙර පාසලකට දාන වයසත් ළං වුණා. ඒ අතරේ කමලා දෙවැනි දරුවා බිහි කිරීමට සූදානම්ව සිටියා. දැන් නිමල් හොයන මුදල පවුල ගෙනියන්න ප‍්‍රමාණවත් නැහැ. ඒත් නිමල් ජීවන සටන අත්ඇරියේ නැහැ. දෙවැනි දියණියත් ලැබුණා. කාලය ගත වුණා. ලොකු දුව පාසැල් යන වයසත් ආරම්භ වුණා.
දැන් ගෙදර නිතර අඩුපාඩුකම් නිසා රණ්ඩු සරුවල් ඇති වෙන්න පටන් අරන්. කමලා ආයෙම රස්සාවකට යන්න හැදුවත් දෙවැනි දුව පොඩි නිසා වගේම ලොකු දුවත් පාසල් යන නිසා ඇගේ වැඩකටයුතු හොයා බලන්න ඕන නිසා රස්සාවකට යන අදහස අත්අරින්න වුණා. ඒ වෙනුවට නිමල් වැඩිපුර මහන්සි වෙලා වැඩ හොයාගෙන කෙරුවා. කාලය ගලා යන්නේ හරිම වේගයෙන්. ඉතිං දෙවැනි දුවත් පාසල් යන වයස එළැඹුනා. දැන් නම් කොහෙත්ම මේ ආර්ථික අමාරුකම දරාගන්න නිමල්ටත් කමලාටත් පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා නිතර නිතර පවුලේ ආරවුල් ඇති වෙන්න ගත්තා. බැරිම තැන නිමල් කල්පනා කළා විදේශ රැුකියාවකට යන්න.
නිමල් විදේශ ගත වූ පසු කමලා දරුවෝ දෙන්නාත් සමග නිවසේ තනිවුණා. දරුවන්ගේ වැඩ සේරම දැන් ඇගේ කරපිටයි පැටවී තියෙන්නේ. දරු දෙන්නෙක්ගේ මවක් වුණත් තවමත් තරුණ වයස නොඉක්මවා සිටි කමලාට සැමියා නොමැති පාළුවත් දරා ගන්න සිදුවුණා. සැමියා විදේශගතව ටික කාලයක් යද්දී ඇයට දියණියගේ වැඩකට පාසැලට ගොස් එන අතරමගදී ක‍්‍රීඩකයෙක් හමුවෙනවා. ජාතික තලයේ කණ්ඩායමක් නියෝජනය කළ ක‍්‍රීඩකයෙක්. නමුත් කමලාට හමුවන විට ඔහු එම කණ්ඩායමෙන් ඉවත්වෙලයි හිටියේ. ඒ වුණත් ඔහු ක‍්‍රීඩකයෙක් වීම නිසාම කමලාගේ හිත ඔහු වෙත ඇදී ගියා. කතාබහ කරන්න ආසාවක් ඇති වුණා. ඔහුගේ පෙනුමත් සිත්ගන්නාසුළුයි.
ඉතිං කමලාටත් නොදැනීම ඇගේ හිත මේ ක‍්‍රීඩකයා වෙත බැඳුනා. ඉතිං මේ සම්බන්ධය කාලයක් පවතිද්දී ලොකු දුවට ඒ බව දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අම්මලා දූලා අතර ප‍්‍රශ්න ඇති වෙන්න වුණාම කමලා මේ සම්බන්ධය නැවැත්තුවා. ඊට පස්සේ ඇයට හමුවන්නේ විවාහකයෙක්. ඔහු ද බසයේදී හමුවී කතාබහ කිරීමෙන් හඳුනාගන්නා සුළු ව්‍යාපාරිකයෙක්. සැමියා තමන් ළඟ නැති පාලූව මකා දැමූ ක‍්‍රීඩකයාගේ සම්බන්ධය ද අතහැර දමා තිබූ අවස්ථාවක ඇයට හමුවූ මේ පුද්ගලයා සමග කමලා දැඩි හිතවත්කමක් ගොඩනගා ගත්තා.
ඒක පේ‍්‍රම සම්බන්ධයක් බවට පත්ව ඔවුන් නිතර නිතර නිවසෙන් බැහැර කුලී කාමරවල හමුවන තත්ත්වයක් ඇති වුණා. මේක ටිකක් දුරදිග ගිය සම්බන්ධයක් වුණා. කමලාගේ ඕනෑ එපාකම් පවා මේ අලූත් පෙම්වතා සොයා බැලූවා. ඉතිං කමලාගේ හිත ගත්ත මේ ආදරය නවතින්නේ ඔහුගේ බිරිඳට මේක හෙළිවීම නිසා ඇති වුණ ගැටුමේ ප‍්‍රතිඵලයක් හැටියටයි.
ඊට පස්සේ ඇයට තවත් පෙම්වතෙක් හමුවුණා. විවාහකයෙක් වූ ඔහුත් දරුවන් නැති අවස්ථාවල කමලාගේ ගෙදරටම එන්න යන්න පටන් ගත්තා. මේ සම්බන්ධකම් ඇති වුණාම නිමල්ගේ මහ ගෙදර උදවිය විශේෂයෙන්ම නිමල්ගේ අම්මා නැත්නම් කමලාගේ නැන්දම්මා දැන ගන්න එක වළක්වගන්න ඕන නිසා කමලා බොරු හේතු හදාගෙන ඒ අයත් එක්ක රණ්ඩු වුණා. ඊට පස්සේ තමන්ගේ හිතු මනාපයට එහේ මෙහේ ගියා. දැන් යන්නේ කොහේද කියලා අහන්න කවුරුවත් නැහැ.
මේ අතර දිනක් කමලාගේ තෙවැනි අනියම් සැමියා හා පළමු අනියම් සැමියා වූ ක‍්‍රීඩකයා අතර දබරයක් ඇති වෙනවා. ඒක ඇති වුණේ නගර මධ්‍යයයේ. ඒකට හේතුව වුණේ කමලාවමයි. ඉතිං මේ දබරය දුර ගිහින් දෙන්නා ගහ ගත්තාට පස්සේ ඔවුන්ව පොලිසියට ගෙනාවා. ඊට පස්සේ දබරයට මුල් වුණ කමලාවත් ගෙන්නලා ප‍්‍රශ්න කළා. ඇය මේ සම්බන්ධකම් අත් අරින්න කැමති වුණා. ඒත් රට ගිය සැමියා නිමල් ලංකාවට ආපසු ආවේ කමලා භාරගන්න සූදානමින් නෙවෙයි. පොලිසිය මොන තරම් අවවාද කළත් නිමල් කමලාව භාර ගන්න කැමති වුණේ නැහැ. ආර්ථික අමාරුකම් පිරිමසා ගන්න රට ගිය නිමල්ගේ පවුල අන්තිමට දෙකඩ වුණේ ඔය විදිහටයි.
මේ ගැන අදහස් දැක්වූ පොලිස් පරීක්ෂක අශෝක රණබාහු මහතා මේ විදිහට කිව්වා.
අද අපේ පොලිසියට ලැබී තිබෙන අනියම් සම්බන්ධතා නිසා ඇතිවුණ පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලිවලින් බහුතරය රට ගිය පවුල්වල ඇතිවුණු ප‍්‍රශ්න. එක්කෝ සැමියා රට ගිහින්, නැත්නම් බිරිඳ රට ගිහින්. සමහර පවුල්වල අනියම් සම්බන්ධතා ඇති වෙලා නැතත් සැමියා කාන්තාවන් නාන තොටවල හැංගී සිට නැත්නම් ජංගම දුරකථන මගින් විවිධාකාරයෙන් වීඩියෝ කර වෙනත් කාන්තාවන්ගේ රහස් පෙදෙස් දෙස හොරෙන් බලා සතුටු වීම, කාන්තා යට ඇඳුම් ළඟ තබාගෙන ආස්වාදයක් ලැබීම වැනි දේවල්වලට යොමු වී තිබෙනවා.
ඊයේ පෙරේදා දවසකත් එවැනි පුද්ගලයෙක් බසයක ගිය තරුණයින් දෙන්නෙක් අල්ලලා ගස් බැඳලා පොලිසියට බාර දුන්නා. මෙයාගේ වයස අවුරුදු තිස් පහයි. ඔහුගේ බිරිඳ රට ගිහින්. මෙයා බස්එකේදී පාසැල් සිසුවියකගේ දෙපා මුලට ජංගම දුරකථනයක් දමා ඇගේ කලවා පෙදෙස් වීඩියෝ කරලා. ඉතිං මේක තමයි ඔහු පීඩනය මුදාහැරීමට භාවිත කළ ක‍්‍රමය.
ඉතිං මේ ප‍්‍රශ්නවලට උත්තර හොයන්න නම් මේ අයට මේ රටේම ජීවත් වෙන්න පුලූවන් රස්සා ලැබෙන්න ඕන. එහෙම නොවෙන්න තරුණ පවුල්වල දෙන්නා දෙමහල්ලන්ගෙන් එක්කෙනෙක් රට ගියාම ඉතිරිවන අනෙක් කෙනා සිය පාළුව තනිකම මකාගන්න තවත් කෙනෙකුට ළංවීම වළක්වන්න අමාරුයි. එහෙම නොවන අයත් ගොඩක් ඉන්නවා. නමුත් එහෙම දේවල් වෙන්න තියෙන ඉඩ වැඩියි කියලයි අපි කියන්නේ.
ඉතිං අශෝක රණබාහු පොලිස් පරීක්ෂකවරයා කිව් ආකාරයේ අසහනකාරයෝ ඔබටත් හමුවෙලා ඇති. අනන්තවත් පලූයන්න බැනලා ඇති. මේ පවතින වටපිටාව තුළ ඔවුන්ට අනුකම්පා කරන්නත් අපට බැරිවේවි. නමුත් එවැන්නන් බිහිවීමට බලපෑ වට පිටාව එහෙම තිබියදී ඔවුන්ව බන්ධනාගාරයක සිරකර හෝ ගස් බැඳලා හෝ වෙනත් දඬුවමකට යටත් කළාටම වෙනස් කරන්න පුළුවන්කම් තියෙනවාද? කමලා වැන්නන් හෙළා තලා කතා කරන අපි ඔවුන්ගේ ප‍්‍රශ්නයට සැබෑ හේතු වටහා ගෙන තිබෙනවාද? කල්පනා කර බලන්න.
(මේ කතාවේ එන පොලිස් නිලධාරින්ගේ හැර අනෙකුත් සියලූ දෙනාගේ නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැමියා රට: බිරිඳ පවුලම අවුල් කරගෙන
කුමාර Saturday, 17 October 2015 03:11 AM
මේවට වග කියන්නේ කව්ද.? අනේ පව්.! (ර)
ජගත් කුමාර Wednesday, 21 October 2015 10:09 AM
ඔහොම තමයි දෙගොල්ලොම (රේ)
චන්දි Friday, 16 October 2015 04:59 PM
සමාවක් දියනොහැකි වරදක් (නි)
චාරු Friday, 16 October 2015 12:25 PM
පවුල් අවුල් වෙන්න සහකරු නැත්නම් සහකාරිය රට යන්නම ඕනෑද? මේ ළඟදි දෙවන වරට විවාපත්වුණ ගුණයහපත් තරුණ කලාකාරියක් ඉන්නවා. ඒ තැනැත්තියගේ පළමු සැමියා ඇයව අතහැරියේ මායම්කාර රූපවාහිනි නිවේදිකාවක් නිසා. (නි)